ලන්ඩන් නුවරදී දැන් පැවැත්වෙන 30 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට චීනයේ ලින් ඩෑන් අද(5) සමත්විය. ලින් ඩෑන්, ලෝක බැඞ්මින්ටන් සම්මේලන ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) පළමු ස්ථානයේ සිටින ක‍්‍රීඩකයාය. ලින් ඩෑන්ගේ දිනාගත් මෙම රන් පදක්කමත් සමග පදක්කම් සටහනේ පෙරමුණේ සිටි ඇමරිකාව සම කිරීමට චීනය සමත්විය. පිරිමි යුගල ඉසව්ව ජයගත් චීනය යළිත් ඇමරිකාව අභිබවමින් රන් පදක්කම් 28 ක් ලබා පෙරමුණ ගත්තේය. ලින් ඩෑන් සහ මැලේසියාවේ ලී චන්ග් වයි අතර පැවැති අවසන් තරගයෙන් ඩෑන් තරග වට 2/1 ක තියුණු ජයක් ලැබීය. මැලේසියානු ක‍්‍රීඩකයා ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටින ප‍්‍රබල ක‍්‍රීඩකයාය. 21/15, 10/21, 21/19 ක් ලෙස තරගයේ ලකුණු සටහන් විය. රන් පදක්කම් ලාභී ඩෑන්, අවසන් වරට 2008 වසරේ පැවැති බීජිං ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනාගත් ක‍්‍රීඩකයා වේ. ඩෑන් හමුවේ එහිදී පරාජය වුයේ ද ලී චන්ග් වයි ය. ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න පරදවා අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් ඉන්දියාවේ කාශ්‍යප් පරුපල්ලි එහිදී ලී චන්ග් වයි හමුවේ පරාජය ලැබීය. කාන්තා කේවළ ඉසව්වේ රන් සහ රිදී පදක්කම් දෙකම චීන ක‍්‍රීඩිකාවෝ දිනාගත් අතර ඉන්දිය ක‍්‍රීඩිකා සානියා නිවාල් ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය. බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් ලොව ඉදිරියෙන්ම සිටින චීනය මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී පැවැති පිරිමි කේවළ, කාන්තා කේවළ, පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ‍්‍ර යුගල යන බැඞ්මින්ටන් ඉසව්ව පහේම රන් පදක්කම් දිනා ගැනීම කැපී පෙනේ.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් ශූරයා ලින් ඩෑන්
සරා Tuesday, 07 August 2012 04:44 AM
මීලග සුරයා ලී චොන්ග් වෙයි මලෙශියාවෙන් (දී)
අමිල කටුනායක Sunday, 05 August 2012 09:05 PM
අපට උදවු කරන රටක්නේ. ඒ නිසා අපිටත් හරිම සතුටුයි. සුභ පැතුම්! (නි)