ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ශ්‍රී ලාංකික ආහාර වේලක් පිසින අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් පසුගිය සෙනසුරාදා රාත්රියේදී සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කර තිබිණි.
සිය දියණියන් දෙදෙනා සහ බිරිඳ එම ආහාර වේලට ඉතා කැමැති බවත් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබිණි.
ආහාර පිසින අයුරුත් රම්පේ, කරපිංචා ආදිය දැක්වෙන ඡායාරූපත් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රසිද්ධියට පත් කර තිබිණි.
‘‘සෙනසුරාදා රෑ කියන්නේ මාළු පිනි හදන දවස. ඔක්කොම ශ්‍රී ලංකාවේ කෑම. දියණියන් දෙදෙනාත්, බිරිඳ ජෙනුත් ඊට කැමැතියි. තාමත් මෙල්බර්න් නුවර ඉන්න හැමෝම ගැන හිතනවා. ලොක්ඩවුන් මධ්‍යයේ වුණත් හැමෝම තම තමන්ට පුළුවන් විදියට කෑම වේලාවක් හදාගෙන ඇති කියලා හිතනවා’’ යැයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ෆේස්බුක් හි දැමූ සටහනේ දැක්විණි.
නව කොරෝනා වයිරසය නැවත වරක් වේගයෙන් පැතිර යෑම හේතුවෙන් මෙල්බර්න් නුවරට අගුළු දමා ඇත.
මේ අතර ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික රැඳවුම් භාරයේ පසුවන ශ්‍රී ලාංකික ද්‍රවිඩ පවුලක් සිහිපත් කරමින් සහ අග්‍රාමාත්‍යවරයාගේ ෆේස්බුක් සටහන මුල් කරගනිමින්, අගමැති මොරිසන්ට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් ද එල්ල වී තිබිණි.
ඩේලිමේල් ඇසුරින්
055
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔස්ට්‍රේලියානු අගමැති ලංකාවේ විදිහට කෑම වේලක් උයයි
නුවන් Monday, 24 August 2020 01:21 AM
ඔය කියන සංක්‍රමණික පවුල එයාල හිටපු පලාතෙ ඉන්න මිනිස්සු ලස්සනට අන්දවලා. ඕක පිටිපස්සෙ ඉන්න ඩයස්පෝරාව හදන්නෙ මේ කේස් එක පිටිපස්සෙ දාල තව ඒ හා සමාන විශාල ප්‍රමානයක් රෙෆියුජි කේස් ගොඩ දාන්න. ඕස්ට්‍රේලියාවේ ආන්ඩුව මේක හොදට දන්න නිසා බුරුලක් පෙන්වන්නෙ නෑ.
සමිත සේනක අලුත්ගමගේ. Monday, 24 August 2020 03:02 AM
අපගේ කෑම වේලට ගරු කිරීම ගැන හා එය භාවිතා කරන බව ප්‍රසිද්ධියේ පැවසීම ගැන ඕස්ට්‍රේලියානු අගමැති තුමා වෙත අපගේ ස්තුතිය පිරිනමමු. අපේ කෑම ගැන තැකීමක් නොකොට චීන කෑම ඔස්සේ හඹායන ඇතැම් ශ්‍රී ලාංකිකයන්ට මෙම අගමැති තුමා හොඳ ආදර්ශයක් ලබා දී ඇත.
kamal Monday, 24 August 2020 04:11 AM
අයියෝ වැඩක් නෑනේ අගමැති වෙලත් කොත්තුවක් හදාගන්න කවුරුත් නැතිනම්.
RaveendraMonday, 24 August 2020 08:55 AM
kamal මයා වෙත, කොත්තු ශ්‍රී ලාංකීය ආහාරයක්ද? අමනාප නොවන්න නොදන්න නිසයි විමසීමක් කලේ...
bandulaMonday, 24 August 2020 11:17 PM
මෙය නිල නොවන සමාජවාදී රටකි. අගමැතිවරයාට පවා රජය විසින් සේවයේ යොදවා ඇති බට්ලර්වරුන් හෝ සේවකයෙකු නැත. සෑම කෙනෙකුම තමන්ගේම වැඩක් කළ යුතුය, නැතහොත් සේවයක් කුලියට ගත හැකි නමුත් තමන්ගේම සාක්කුවෙන් ගෙවිය යුතුය. මේ රට දියුණු වූයේ මේ නිසා ය.
Ruhunu Monday, 24 August 2020 04:40 AM
අපේ කෑමවලට කැමති වුනාට අපි එනවට කැමති නැනේ ඉතින්.
Sampath mahatha Monday, 24 August 2020 06:15 AM
ලංකාව වගේ දුප්පත් දිළිඳු රටක ආහාර වේලක් පෙන්නලා මේ දුෂ්කර අවස්ථාවේ තම රටවැසියන්ට දෙන පණිවිඩය තමයි අරපිරිමැස්මෙන් ජීවත් වෙන්න කියන සංකල්පය කියලා තේරෙන්නේ අසරණ මට විතරද විවාදෙට විවෘතයි
melban sayimaMonday, 24 August 2020 06:49 AM
මෙහෙ ලාබම කෑම ලංකාවේ ඒවා නොවේ.
sidathMonday, 24 August 2020 10:03 AM
සමහර විට එයා දෙන්න හදන පණිවිඩය " ලංකාවේ මිනිස්සු මෙච්චරටම කොරෝනා වලට ඔරොත්තු දීලා ඉන්නේ ඔවුන්ගේ කෑම නිසා. ඒ නිසා අපිත් ඒ ක්‍රමය අනුගමනය කරලා මේ වසංගතෙන් බේරෙමු" වගේ එකක් වෙන්නත් පුළුවන්..
SudeeraMonday, 24 August 2020 01:15 PM
සම්පත්, මෙතුමට මේ රටේ ලාංකිකයින්ගේ මනාප ගොඩක් වටිනවා කියලා කියන්න පුළුවන්. මොන රටෙත් ඉන්න ලොක්කො එකයි.
Sampath nathyha.Monday, 24 August 2020 03:44 PM
ඕක ලපයාගෙන් අහලා බැලුවා නම් හරිම උත්තරේ දෙයි. විවාද කරන්න ඕනෑ නැහැ.
බද්රානි Monday, 24 August 2020 08:12 AM
මොන බොරුවක්ද මේ? මේවා හොඳයි ලංකාවේ මිනිස්සුන්ව අන්දන්න. සිංහල කෑම කෙසේ වෙතත්, අගමැතිතුමාගේ කුස්සිය නම් ලංකාවේ කෙනෙකුගේ කියලා පේනවා හොඳට. මොනවා වුණත් ලංකාවේ රෙස්ටුරන්ට් වලට වැඩි ඉල්ලුමක් ඇතිවෙන්න පුළුවන් මේ වැඩෙන්...
Raveendra Monday, 24 August 2020 09:04 AM
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. ඩයස්පෝරාවේ ඉන්න "සටකපට හිවල් නරින්" බොරුවෙන් අනුකම්පාව ලබාගැනීම පිළිබඳව පශ්චාත් උපාධිය ඉහලින්ම සමත් කාලකන්නි රෑනකි.. ඔබ සඳහන් කළපරිදි එම පවුල පිටුපසින් ඇඬූ කඳුලින් සිටින්නේ ඩයස්පෝරාවේ පාදඩයන් බව ප්‍රසිද්ධ රහසකි..
Rohana Monday, 24 August 2020 09:06 AM
කෑම කාලා ඉවරවුණාට පස්සේ ලංකාව වගේ දුප්පත් රටවලට ඇති දැඩි වීසා නීති ලිහිල් කිරීමට සිත් පහළ වේවා කියා ප්‍රාර්ථනා කරමි.
Wca Monday, 24 August 2020 10:02 AM
අපි අකමැති, වෙන අය කැමති, අපේ කෑම...
Keppetipola Monday, 24 August 2020 10:58 AM
අපේ දේශපාලන නායකයින්ට ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් සරලව ජීවත් වන හැටි ඉගෙන ගන්න හොඳ ආදර්ශයක්....