IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ඔස්ට්‍රේලියාවේදී ඉහළ රසික ප්‍රතිචාර ලැබුණා

20160707Dilini-1මේ දිනවල ටෙලිනාට්‍යය කිහිපයකින්ම ඔබ හමුවන දිලිනි ලක්මාලි, නව පරපුරේ යොවුන් රංගන ශිල්පිනියකි. මෙවර %සාරවිට^ තරු කතාබහට අපි ඇයව සම්බන්ධ කරගත්තෙමු. මේ ඇය අපි සමගින් සිය කලා තොරතුරු බෙදාහදාගත් අයුරුයි.

 

20160707Dilini-4පසුගිය ටිකේ ඔබ ලංකාවේ හිටියේ නැහැ නේද?

අපේ ප්‍රවීණ රංගන ශිල්පි ශ්‍රීනාත් මද්දුම අයියාගේ ආරාධනාවක් ලැබුණා ඔස්ට්‍රේලියාවේ කලා කටයුත්තකට සහභාගී වෙන්න කියලා. මේ කලා ප්‍රසංගය තිබුණේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ. 'දෝන ඉසබෙලා' කියලා තමයි කලා ප්‍රසංගය නම් කරලා තිබුණේ. මා සමගින් මේ වැඩ කටයුත්තට ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් කිහිප දෙනෙකුත් සම්බන්ධ වුණා. මෙහි මා කුවේණි, ගජමන් නෝනා කියන චරිතත්, නර්තන අංග කිහිපයකටත් දායක වුණා.

 

කොහොමද ඔස්ට්‍රේලියාවේදී ඔබට රසික පිළිගැනීම?

ඉතාම ඉහළ මට්ටමක තිබුණා. ලංකාවට සමාන එහිදීත් මට හොඳ රසික පිළිගැනීමක් තිබුණා. ඇත්තටම ඔස්ට්‍රේලියාවේ වෙසෙන රසික රසිකාවියෝ අපිත් එක්ක කතා කළා ඡායාරූප ගත්තා. ඇත්තටම හොඳ රසික අත්දැකීමක් මට එහිදී විඳගන්න පුළුවන් වුණා. ඇතත්ටම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ වැඩකටයුත්ත සංවිධානය කළ ශ්‍රීනාත් අයියා සහ ඔහුගේ බිරිඳව ආදරයෙන් මතක් කරන්න ඕනා.

 

දිලිනිව අපි මේ දවස්වල ටෙලිනාට්‍යය කිහිපයකින්ම දකිනවා?

සෙනසුරාදා රාත්‍රී 8.30ට ජාතික රූපවාහිනි නාළිකාව තුළ විකාශය වෙන 'නැට්ටුකාරියෝ' ටෙලිනාට්‍යය තුළින් මාව දකින්න පුළුවන්. ඊට අමතරව සුදත්ත තිලකසිරි අයියාගේ 'නෙරංජනා' කියන අලුත්ම ටෙලි නාට්‍යය තුළිනුත් මාව දකින්න පුළුවන්. මේ ටෙලිනාට්‍යය ජුනි 30 වැනිදා සිට රාත්‍රි 9.00 ස්වාධීන රූපවාහිනි නාළිකාව ඔස්සෙ විකාශය වෙනවා.

 

ඉදිරියට එන්න තියෙන ටෙලිනාට්‍යය?

මේ දවස්වල ටෙලිනාට්‍යය තුනක රූපගත කිරීම් කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙනවා. මේ දවස්වල 'පහන් කළුවර' කියලා අලුත් ටෙලියක වැඩ කරනවා. දැනට මේ ටෙලිනාට්‍යය 'පහන් කළුවර' කියලා තමයි නම් කරලා තියෙන්නේ. නමුත්, මෙහි නම බොහෝදුරට ඉදිරියේදී වෙනස් වේවි කියලා හිතනවා. ඊට අමතරව සුරංජන් විජේනාමගේ අලුත් ටෙලියකත්, ධම්මික තිසේරාගේ අලුත් ටෙලියකත් වැඩ කරනවා. ඉතින් මේ නිර්මාණ හරහා ඉදිරියේදී මාව මගේ රසිකයන්ට දැකගන්න පුළුවන් වේවි.

 

මේ දිනවල ඔබ තරමක් කාර්යබහුලයි කියන්නේ ඇත්තද?

ටිකක් විතර. මොකද භාරගත්ත ටෙලි නාට්‍යය කිහිපයකම රූපගත කිරීම් මේ දිනවල සිදුවෙනවා. ඒ වගේම මීට සති කිහිපයකට මම කලා කටයුත්තකට ඔස්ට්‍රේලියාවේ ගියා. ඉතින් භාරගත්ත වැඩ ටිකකුත් අතරමග නතර කරලා තමයි ගියේ. ඒ නිසා මේ දවස්වල් ඒ වැඩත් එක්ක තරමක් කාර්යබහුල වෙලා ඉන්නවා.

 

ඒ කියන්නේ ඔබ චරිත තෝරා බේරාගැනීමක් කරනවා?

නැහැ. මම ක්ෂේත්‍රයට ආපු කාලෙ ඉඳලාම මාව නිර්මාණවලට සම්බන්ධ කරගත් අධ්‍යක්ෂවරු මට හැම වෙලාවෙම ලබා දුන්නේ මට ගැළපෙනවා කියන ටෙලි චරිත. ඉතින් මට චරිත තෝරා බේරාගැනීමක් කරන්න අවශ්‍යතාවක් මතු වුණේ නැහැ.

 

රංගන ශිල්පිනියෝ ගොඩ දෙනෙක් දැන් ගීත රූප රචනාවල දකිනවා. දිලිනිවත් අපිට රූප රචනා තුළින් දකින්න පුළුවන්ද?

ඇත්තටම ඒ පැත්තට නම් ලොකුවට මම සම්බන්ධ වෙලා නැහැ. දැනට රූප රචනා 4ක් විතර මම දායක වෙලා ඇති. අන්තිමටම රූප රචනාවක් කළෙ නාමල් උඩුගම මහත්මයාගේ අලුත්ම ගීතයට.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - චානුක කුලසේකර

20160707Dilini-2 20160707Dilini-3



අදහස් (0)

ඔස්ට්‍රේලියාවේදී ඉහළ රසික ප්‍රතිචාර ලැබුණා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1019 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 675 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1834 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 354 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 601 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1575 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25521 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site