IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ඔහායෝ පන්සලේ අවුරුදු උළෙල

(බිමල් ජයසේකර - ඇමෙරිකාවේ සිට ) ඇමෙරිකාවේ ඔහායෝ බෞද්ධ විහාරයේ අවුරුදු උළෙල අප්‍රේල් 20 වන දින සින්සිනාටි නගරයේ එම විහාරස්ථාන භූමියේදී පැවැත්විණි. විහාරාධිපති කෝප්පකන්දේ සුමනජෝති හිමියන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කළ මෙම උළෙල, ශමි හෙට්ටිආරච්චි මහතා ඇතුළු අවට නගරවල වෙසෙන සියලුම ශ්‍රී ලාංකික දායක පිරිසගේ එකමුතුවෙන් පැවැත්විණි.  කිරි ඉතිරවීම, අවුරුදු මේසය, වැඩිහිටියන්ට බුලත් දීම, හිස තෙල් ගෑම වැනි චාරිත්‍ර වලට විශේෂ ස්ථානයක් මෙහිදී ලබාදී තිබුණු අතර රබන් ගැසීම, කොට්ට පොර, කනා මුට්ටිය බිඳීම වැනි ක්‍රීඩා රැසක්ද ඇතුළත් කර තිබිණි.

මේ සියලු දේ එක්වීම නිසා තම මවු රටේදී අවුරුදු චාරිත්‍ර ඉටුකරන හා අවුරුදු ක්‍රීඩා කරන ආකාරයේ හැගීමක් සියලුදෙනාටම ඇතිවූ අතර අමෙරිකාවේ උපන් ලාංකික දරුවන්ට සුවිශේෂී  අත්දැකීමක් විය.  

 



අදහස් (0)

ඔහායෝ පන්සලේ අවුරුදු උළෙල

අජිත් Sunday, 12 May 2013 11:01 PM

සංජය ඒක ඇත්ත. උන්වහන්සේ බොරු නොකියන මිනිස්සු රවටන්නේ නැති කෙනක් කියලා කැලිෆෝර්නියාවේ අය විතරක් නෙමෙයි ලංකාවේ අය පවා දන්නවා .ඔහායෝ අයත් හරියට හොද කියනවා (නි)

:       0       0

කැලුම් Tuesday, 30 April 2013 07:12 AM

අගය කළ යුතු වැඩක් (නි)

:       0       0

දුමින්ද ශ්‍යාමන් Saturday, 04 May 2013 09:32 PM

හිතාගන්න බැහැ බෞද්ධ කියල කිවුවට, කීදෙනෙක් නියම විදියට බුදු මග යනවද, කීදෙනෙක් හරියටම බුදුන් වහන්සේගේ නිර්මල ධර්මය තේරුම් ගන්න උත්සහ කරනවද කියලා. මෙතන අදහස් වලින්ම ඒක තේරෙනවා. වැඩි හරියක් අදහස් වල තියෙන්නේ අඩුපාඩු සහ මීට වඩා හොඳට කොහොමද කරන්නේ කියලා. (නි)

:       0       0

උපුල් Friday, 03 May 2013 09:53 PM

නයනි, චමින්ද අනවශ්‍ය ප්‍රශ්න අපේ පන්සලේ ඇති කරන්න එපා. මෙච්චරකල් බොහොම හොදට හැම දෙයක්ම සංව්ධානය කරලා තිබුන. ඒවා මෙච්චර කල් කරපු අයට බොහොම පින් . පන්සලට එන හැමෝම දන්නවා අපේ පන්සල ගැන කොච්චර ලස්සනට පිළිවෙලට වැඩ කරන තැනක්ද කියල . (නදී)

:       0       0

ගජබාහු Friday, 03 May 2013 10:55 PM

බලාගෙන ශ්‍යාමන්. කෑම මේසය එළියේ සුදානම් කරන්නේ. හදිස්සියේ පාත්තයෙක් එහෙම කෑම මේසයේ ලෑන්ඩ් කලොත් ඔක්කොම ඉවරයි.(නදී)

:       0       0

දුමින්ද ශ්‍යාමන් Wednesday, 01 May 2013 08:19 PM

ලොකු පොඩි හැමෝටම එකවගේ අවුරුදු ක්‍රීඩා තිබුණා. කොට්ට පොර , කඹ ඇදීම, බනිස් කෑම, හැන්ද මත දෙහි ගෙඩිය, ගෝනි රේස්, කනා මුට්ටිය, මේ හැම ක්‍රීඩාවක්ම ලොකු පොඩි හැමෝටම තිබුණා. ප්‍රධාන අරමුණ වුණේ අපේ දරුවන්ට අපේ දේ ගැන අවබෝදයක් ලබා දීම. ඒ නිසයි ලිප ගිනි මෙලවීම, කිරි ඉතිරවීම, අවුරුදු මේසය, බුලත් දීම, හිසතෙල් ගෑම, රබන් ගැසීම වගේ දේවලුත් ඇතුලත් කරලා තිබුණේ. (නි)

:       0       0

දුමින්ද ශ්‍යාමන් Thursday, 02 May 2013 09:15 AM

කෑම මේසයක් ඇතුලේ තිබුනේ නැහැ. ලලිත්, ඔයා ඔහොම අහන්නේ "ගුරු"ලියලා තියෙන එක නිසාද? මට හිතෙන්නේ "ගුරු" කියන්න අදහස් කරලා තියෙන්නේ "කෑම මේසය තියන්න තිබුනේ ඇතුලේ" කියලා වෙන්න ඕනෑ. මොකද එහෙම කෙනෙක් එදා හිටියේ නැති නිසා. කොහොම වුණත් අවුරුදු කෑම මේසය එළියේ පිළියෙල කළේ හැමෝටම, විශේෂයෙන්ම දරුවන්ට හොඳට බලාගන්න පුළුවන් වෙන්න. පන්සල ඇතුලේ එහෙම ලොකු ඉඩක් නැහැ. (නි)

:       0       0

දුමින්ද ශ්‍යාමන් Saturday, 04 May 2013 12:53 AM

උපුල් එක්ක සියට සීයක් එකඟයි. නයනි, චමින්ද බෙදීම් ඇති කරන්න එපා. හැමදෙනාම එකතු වුණොත් කරන්න බැරි දෙයක් නැහැ. (නි)

:       0       0

නයනි පෙරේරා Thursday, 02 May 2013 06:44 PM

අවරුදු උත්සවය හොදට සංවිධානය කරලා තිබුනා.ශමිට ස්තුතියි.අනිත් පින්කම් ටිකත් සංවිධානය කරන්න ශමිටම දෙනවා නම් හරි හොදයි .එතකොට පිලිවෙලයි . (නි)

:       0       0

කණිෂ්ක Tuesday, 28 May 2013 12:09 PM

හරිම සන්තෝෂයි අපේ අය මොන රටක හිටියත් අවුරුද්ද සමරන එකට (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Monday, 29 April 2013 10:21 PM

හරි ලස්සන කෑම මේසය. ඇමෙරිකාවේ ආර්ථිකය මේතරම් නරක කාලෙක ගොඩක් වියදම් කර මේ විදියේ කෑම මේසයක් සුදානම් කිරීම ගැන හරිම සන්තෝසයි.(නදී)

:       0       0

ලලිත් පෙරේරා Wednesday, 01 May 2013 08:45 PM

කෑම මේසය ඇතුලේ තියෙනවා නම් එළියේ නිකන් මේස ෆොටෝ ගහන්නේ ඇයි? ඇතුලේ කලුවරද? (නි)

:       0       0

ජයසුරිය Sunday, 05 May 2013 04:57 PM

නියම බෞද්ධයා කියන්නේ, හොද වගේම නරක දරාගැනීමෙන් යුක්ත කෙනාටයි. ඉතින් කිසිවෙක් අපේ අඩුපාඩුවක් කී විට එයට ඇහුන්කන් දී අපේ අඩුපාඩු සකසා ගැනීම මම හිතන්නේ නියම බෞද්ධයාගේ විශේෂත්වයයි. (නි)

:       0       0

ගජබාහු Thursday, 02 May 2013 07:32 PM

සමහරු මොකද බොරු කියන්නේ? කෑම මේසය ඇතුලේ නැහැ කියලා දුමින්ද කියන්නේ, නිකන් මෝඩ කතා කියන්න එපා. (නි)

:       0       0

නයනී Saturday, 04 May 2013 05:31 AM

උපුල්, මම අදහස් කලේ නැහැ ඔබ හිතන විදියට . හැම පින්කමකටම, උත්සවයකටම වසර 8ක් තිස්සේ සහභාගී වෙන කෙනෙක් හැටියට මම දැකපු දේ වි‍ශේෂත්වයයි මම සදහන් කළේ. නැතුව ඔබ හිටන විදියට නෙමේ. ඔබ හිතලා බලන්න පසුගිය වසර කීපය තුල ළමයින්ට තරග පවත්වන්න යනකොට තමා දෙහි ගෙඩිය සොයන්න යන්නේ. එහෙම නැත්නම් හැදී සොයාගෙන පන්සල දෙවනත් කරන්නේ, සමී වගේ කෙනකේ මුලීක වුණහම වගකීමක් තියෙනවා. ලස්සනට වැඩෙත් කෙරෙනවා .නැතිව ප්‍රශ්ණ ඇතිකරන්න නෙමෙයි (නි)

:       0       0

පින්සර Sunday, 05 May 2013 02:41 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඇත්තද මේ අපේ කට්ටිය හාමුදුරුවන්ට දානේ දෙන්න ඉස්සෙල්ලා කෑම ටිකට වැඩේ දුන්නා කියන්නේ. (නි)

:       0       0

ලලිත් පෙරේරා Tuesday, 30 April 2013 12:34 AM

කෑම මේසයෙ තවත් කෑම තිබුනා නම් තවත් ලස්සනයි (නි)

:       0       0

සංජය Sunday, 12 May 2013 07:32 PM

කව්රු කෙසේ කීවත් මේ සුමනජෝති හාමුදුරුවෝ කියන්නේ ඉතාම හොඳ කෙනෙක් කියලා මුළු ඇමෙරිකාවේම ඉන්න ලංකාවේ අය දන්නවා. සුමන ජෝති හාමුදුරුවෝ හැමෝටම පිහිට වෙන කෙනෙක්. ඒ වගේම සිල්වත් හිමි නමක්. හාමුදුරුවන්ට පින්.(නදී)

:       0       0

භාෂිත Wednesday, 01 May 2013 01:37 AM

බණ්ඩාර, ලලිත්, අවුරුද්ද කියන්නේ මුදල් වියදම් කරලා ලෝකෙට පෙන්න කරන උත්සවයක් නෙමෙයි. ඔහායෝ පන්සලේ කරලා තියෙන දේ ගොඩක් අගය කළයුතුයි. ලොකු සැරසිලි, වේදිකා නැති වුණාට අවශ්‍ය චාරිත්‍ර වාරිත්‍ර ඔක්කොම කරලා තියෙන පාටයි. බටහිර සමාජයක හැදෙන වැඩෙන ඒ කුඩා දරුවන්ට අපේ දේවල් අගය කරන්න කියල දීම ගොඩක් වැදගත්. ලංකාවේ ඉන්න අපටත් මේක ලොකු ආදර්ශයක්. (නි)

:       0       0

චමින්ද Friday, 03 May 2013 06:01 PM

ඒක නම් ඇත්ත නයනී , මේ පාර උත්සවය ලස්සනට තිබ්බා. ඉස්සර පින්කම් උත්සව කිසිම පිළිවෙලක් නැහැ. කරන්න ඕනෑ නිසා කළා වගේ. එම නිසා සමීට දුනනාම ලස්සනට උත්සව සංව්ධානය කරවී, අපේ සම්පුර්ණ සහයෝගය දෙනවා. (නි)

:       0       0

කුමාර Sunday, 05 May 2013 08:11 AM

උපුල්, කිවුවාට තරහ වෙන්න එපා. ඊලග වෙසක් උත්සවයවත් හොදට සංවිධානය කරන්න බලන්න. වියදම් ගියාට කමක් නැහැ. අපි සහයෝගය දෙන්නම් . (නි)

:       0       0

මර්සි ලංකා Monday, 20 May 2013 09:19 PM

ඉතාමත් ඉහලින් අගය කල යුතු ක්‍රියාවක් . මොන හොඳ දෙයක් කලත් වැරදී කියන කොටසක් ඉන්නවා . ඒක තමා ලෝක ස්වබාවය . මම එක වරක් සහබාගි උනා මිචිගන් වල පන්සලක පුජාවකට . මට ඇති වුන සතුට කියා නිම කරන්න බැහැ . ලංකාවෙන් පිටතකදී මේ වගේ දෙයක් දැකල ඇතිවුන පැහැදීම . නොදැකපු අයට විහිළුවක් වෙන්න පුළුවන් (අ)

:       0       0

දර්ශන Sunday, 05 May 2013 09:18 AM

ස්වාමින්වහන්සේලට ඉස්සෙල්ලා දායකයෝ දානේ කාලා ද? දානේ බෙදන්න ඉස්සෙල්ලා කොලේ ඉරාගෙන නේද? මේ අය දයකයෝද රැකූන්ලද අනේ ස්වාමින්වහන්ස මෙයාලව හදාගන්න නැත්නම් පන්සලත් උගස් කරාවී.(නදී)

:       0       0

දර්ශන Sunday, 05 May 2013 09:29 AM

උපුල් අපේ කට්ටිය වදුරන්ගෙන් බන අහලා ජෙතවනාරමයට ගල් ගහපු අය වගේ. නැත්නම් දානය ඉස්සෙල්ලා කනවද බලාගෙන මුන් බුද්ධ පුජාවත් කයි.(නදී)

:       0       0

ගුරු Wednesday, 01 May 2013 04:29 AM

කෑම මේසේ තිබුණේ ඇතුලේ මෝඩයිනේ (නි)

:       0       0

මනමේන්ද්‍ර Wednesday, 01 May 2013 04:08 PM

ලස්සන අවුරුදු උත්සවයක්. වැඩිහිටියන්ටත් තරග කීපයක් තිබුණා නම් වටිනවා. (නි)

:       0       0

දුමින්ද ශ්‍යාමන් Friday, 03 May 2013 06:58 PM

ගජභාහු, ලංකාවේ අවුරුදු කෑම මේසය කියන්නේ චාරිත්‍රානුකූලව නැකතට පොල්තෙල් පහන දල්වලා, පවුලේ හැමෝම නැකතට ආහාර අනුභව කරන මේසයට. ඒ චාරිත්‍රය කොහොමද කෙරෙන්නේ කියලා අපේ දරුවෝ දැනුවත් කරන්නයි මේ විදියට එළියේ කෑම මේසය පිළියෙළ කරලා තිබුනේ. එහෙම නැතුව මේක එදා තිබුන එකම එක කෑම මේසය නෙමෙයි. (නි)

:       0       0

දර්ශන Saturday, 04 May 2013 05:51 PM

පින්කම් උත්සව කරන හැටි ඉගෙනගන්න ඕනෑ නම් ඉන්දියානා පන්සලට යන්න.පසුගිය දවස්වල තිබුනු පින්කමට අපි ගියා. හරිම පිලිවෙළයි.ගොඩක් වියදම් කරලා තිබුනා. (නි)

:       0       0

නිලූක Wednesday, 01 May 2013 06:47 AM

පිටරටක මේ විදියට හරි අපේ සිරිත් විරිත් ඉටුකිරීම අපි අගය කළයුතුයි, අඩු පාඩු හොයන්නේ නැතුව. පොඩි දරුවන්ට අපේ දේ කියල දෙන්න ඇතුලක හරි එළියක හරි කොහේ තිබුනම මොකද? කොහොම හරි කරපු දේ ගොඩක් වටිනවා. (නි)

:       0       0

ඉන්දික Tuesday, 21 May 2013 11:52 AM

ගොඩක් සතුටුයි. ‍හරිම ලස්සනයි.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 62 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 66 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 584 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1351 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 178 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 91 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38402 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site