IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඔළුවෙන් හිටගන්නේ බලාගෙනයි

 ‘මම නම් හැමදාම උදේට ඔළුවෙන් හිටගන්නවා. අපේ ඔළුවට ලේ බහින්න ඕනෑ. එතකොට තමයි හොඳින් මොළය ක්‍රියාකරන්නේ‘ යනුවෙන් සමාජගත වැරැදි ආකල්ප නිසා බොහෝ විට ඔබට විශාල හානියක් සිදුකිරීමට පිළිවන. ඔළුවෙන් සිටගැනීමේ ක්‍රියාවලියේදී ශරීරයට සිදුවන හානිය ගැන සලකා බලන්නට පෙර ගෙල පෙදෙසේ ව්‍යුහය පිළිබඳව සරල දැනුමක් ලබාගැනීම වැදගත්ය.

² සිරුරේ ගෙල පෙදෙසේ ව්‍යුහය කෙසේ පිහිටයිද?

මිනිස් සිරුරේ කොඳු ඇට පෙළෙහි අස්ථීන්වල විශාලත්වය සැලකූ විට ගෙල පෙදෙසේ ඇති ග්‍රෙවී ක්ශේරුකාවලට වඩා විශාල කශේරුකාව (කොඳු ඇට පෙළ) උරස් කුහරය ප්‍රදේශයේ ඇති බවත් ඊටතේ වඩා විශාල කොදු ඇට පහළින් ඇති කටී ප්‍රදේශයේ ඇති බවත් තහවුරු වෙයි. මෙසේ කොදු ඇට පෙළෙහි පහළට පැමිණීමේදී කශේරුතාවල විශාලත්වය වැඩිවී ඇතේතේ ස්වාභාවිකවම ඒවාට ක්‍රමයෙන් බර දරාගැනීම හැකිවීම නිසාය.

ගෙල පෙදෙසේ කශේරුකා කුඩාවට පිහිටා ඇත්තේ එම පෙදෙසට දරාගත හැක්කේ හිසෙහි බර පමණක්වීම නිසාය. ඔළුවෙන් සිට ගන්නා අවස්ථාවකදී ස්වාභාවික මනුෂ්‍ය ශරීරය නිර්මාණය වී ඇති ආකාරයට පටහැනිව එසේන් නැතිනම් කකුල්වලින් සිට ගැනීමට පටහැනිවීම නිසා ශරීරයේ මුළු බරම ගෙල පෙදෙසට දරා ගැනීමට සිදුවෙයි. එමගින් ගෙලට දැඩි බලපෑමක් එල්ල වෙයි.

² එමගින් ගෙලට සිදුවන බලපෑම කෙබඳුද?

මෙහිදී ගෙලෙහි ග්‍රෙවී කශේරුකාවමට තෙරපුම් ඇතිවී එම කශේරුකා අතර ඇති අන්තර් කශේරුක බිම්බ මතට සම්ප්‍රේෂණය වෙයි. මෘදු ජෙලී වැනි මෙම අන්තර් කශේරුක බිම්බ මගින් ගෙලට හදිසියේ ඇතිවන තෙරපුම් හා විවිධ දිසාවන්ට තෙරපුම් විභේදනයවීම මගින් සුසුම්නාව සහ ස්නායුවලට හානි පැමිණීම වළක්වා ගත්තද ඔළුවෙන් සිට ගැනීමේදී අන්තර් කශේරුක බිම්බ මතට ඇතිවන දැඩි තෙරපුම් නිසා ඒවායේ ස්වාභාවික උස අඩුවීම හා ඒවා සුසුම්නාව දෙසට නෙරායාම සිදුවේ. මේ හේතුවෙන් සුසුම්නාවට හා එමගින් ආරම්භවන ස්නායු මතට තෙරපුමක් දැනීමෙන් ගෙල පෙදෙසේ ඉහළ කොටස හිරි වැටීම හා වේදනාව ඇතිවේ.

 

² ඔළුවෙන් සිටගැනීම නිසා ඇතිවන අයහපත් ප්‍රථීපල මොනවාද?

මෙමගින් ඇතිවන හානියේ ප්‍රමාණය අනුව සදාකාලික වේදනාව, කැක්කුම හෝ ඉහළ ගාත්‍රා පණ නැතිවීම සිදුවිය හැකිය. එසේම සිරුරේ බර දරා ගැනීමට නොහැකිව ග්‍රෙවී කශේරුකාවක් බිඳී ගියහොත් මරණය හෝ සදාකාලිකව අත් පා පණ නැතිවීය හැකිය. මෙම තත්ත්ව එක්වරම සිදු නොවුනද කාලයක් තිස්සේ කශේරුකා අතර ඇති සන්ධි මතට තෙරපුමක් ඇතිවීමේදී එම සන්ධිවල ස්වාභාවික තත්ත්ව දුර්වලවීමක් අතිවේ.

² ගෙල පෙදෙසේ වේදනාව කැක්කුමට අමතරව සාමාන්‍ය ජීවිතයට සිදුවන බලපෑම කෙබඳුද?

ගෙලට ඇතිවන බලපෑම ඔළුවෙන් යම් බරක් එසවීමේදී ද ඇතිවේ. මේ හේතුවෙන් ඔළුවෙන් සිට ගැනීම හෝ ඔළුවෙන් බර එසවීම යන ක්‍රියා දෙකම මිනිස් සිරුරට අහිතකරය.  ඔළුවෙන් සිටගැනීමේදී මොළයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වශයෙන් ලේ ගමනා ගමනය සිදුවන විට බොහෝ විට ඇස් රතුවීමක් අපට දක්නට ලැබේ. එමගින් කාලයක් යන විට ඇස් හානියට ලක්වීමක් සිදුවිය හැකිය. ගෙලෙහි වේදනාවත් සමඟ ගෙල සිරුරට සමබර නොවීමෙන් විරූපී ස්වාභාවක් ඇතිවේ. මේ හේතු නිසා එදිනෙදා ක්‍රියාකාරකම් සිදු කිරීමට අපහසුවන අතර අත දිගේ වේදනාවක් දිවෙන තත්ත්වයද ඇතිවීමට පිළිවන. සුසුම්නාවට හානියක් ඇතිවී නම් සමහර විට මියයාම හෝ සදාකලිකව අත්පා පණ නැති තත්ත්වයට පත්විය හැකිය.

² ඔළුවෙන් සිටිගැනීමේදී අයෙකුට ඉක්මනින් වේදනාව, කැක්කුම ඇති වුවද තවත් අයකුට කාලයක් යනතුරු කිසිම වේදනාවක් නොදැනෙන්නේ මන්ද?

එක් එක් පුද්ගලයාගේ ගෙලෙහි මාංශපේශීන් ශක්තිමත්භාවය, අස්ථී හා අනෙකුත් මෘදු පටකවල ශක්තිමත් බවත් ඒක එක් පුද්ගලයාගේ අනන්‍යතාව මත එය තීරණයවේ. විද්‍යාත්මක නොවන නොයෙකුත් ඉගැන්වීම්වලදී මෙලෙස ඔළුවෙන් සිටගැනීම කරන පුද්ගලයන් ඔවුන්ගේ ජීවිතයේ පසුභාගයේදී ඉහතන් සඳහන් කළ වේදනාවන්ට ගොදුරුවී ප්‍රතිකාර ලබා ගන්නා බව නිතර අප අත් දකී.

² මෙවැනි වරැදි ක්‍රියා නවතාලීමට ඔබ ලබා දෙන උපදෙස් මොනවාද?

මොළයට හොඳ රුධිර සම්පාදනයක් ලබාදීම සඳහා ඔළුවෙන් සිට ගැනීම යෝග්‍ය බවට සමාජගතවී ඇති මිත්‍යාමතය ගැන අවධානය යොමු කළ යුතු අතර මිනිසාගේ ශරීරයේ සියලූ ඉන්ද්‍රීයන්ට අවශ්‍ය ඔක්සිජන්, පෝෂන ද්‍රව්‍ය වැනි පරිවහනය සඳහා ස්වාභාවිකව රුධිර සංසරණ පද්ධතිය නිර්මාණය වී ඇත. හෘදය මගින් අවශ්‍ය ප්‍රමාණයට මොළය ඇතුළු සියලූ ඉන්ද්‍රීයන් වෙත රුධිරය පරිවහනය ක්‍රියාවලිය නිසියාකාරව සිදුකෙරේ. අවශ්‍ය වන්නේ මොළයට අවශ්‍ය ප්‍රමාණයට රුධිරය සම්පාදනයවීම බවත් මොළයට ලේ බැසීම යන වචනය රෝග තත්ත්වයක් බවත් අවබෝධ කරගත යුතුය.

(වරලත් භෞත චිකිත්සක සංගමයේ ජාතික සංවිධායක ආචාර්ය සුජීව වීරසිංහ සමග කළ සාකච්ඡාවකි)

Sujeewa-Weerasinhe-(2)

 



අදහස් (0)

ඔළුවෙන් හිටගන්නේ බලාගෙනයි

නන්දන Friday, 22 July 2016 10:57 PM

ඒත් ඔලුවේ තියාගෙන බර අදින අය ලංකාවේ ඕනෑතරම් ඉන්නවා. යෝගී ව්‍යායාම කරන අයත් මේක ඉතා හොඳ ව්‍යායාමයක් විදියට අවරුදු දහස් ගානකට පෙර හඳුන්වා දී තිබෙනවා. මේකට හොඳ පිළිතුරක් යෝගී කරන ආචාර්යවරයෙකුගෙන් අපි බලාපොරොත්තු වෙනවා (නි)

:       0       0

ධම්මි Wednesday, 31 August 2016 08:34 AM

හොඳ පැහැදිලි කිරීමක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 6 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 21 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 170 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 157 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට
2024 සැප්තැම්බර් මස 30 520 0

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායලයෙන් යේමනයට ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 30 706 0

යේමනයේ, හිස්බුල්ලා සහ ඉරාන හිතවාදී, හවුති කැරැලිකරුවන් ඉලක්ක කරමින්, ඊශ්‍රායල හමුදා ප්‍රහාර මාලාවක් එල්ල කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site