IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘ඕඅයිසීට බීලා වාහන එළවන්න හොඳනම් මට නරකද?‘

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිසියකය. සාදයකට ගිය තරුණයකු යතුරු පැදියෙන් එද්දී පොලිසියෙන් ඇල්ලීය. මධුවිත පානය කර සිටි ඔහු පොලිස් නිලධාරීන් විසින් පොලිසියට ගෙන ආවේ බීමතින් රිය පැදවීමේ වරදට උසාවියට ඉදිරිපත් කිරීම සඳහාය.

වරදේ ස්වභාවය දත් තරුණයා බීමතින් රිය පැදවීමේ වරදට උසාවියට ඉදිරිපත් කරන බව දැන සිටියේය. ‘කොහොමත් ඉතින් දැන් උසාවියටනේ දාන්නේ.‘ යැයි සිතූ ඔහු පොලිසිය සමඟ තිබූ තරහ පිට කළේ හොඳටම බනිමිනි.

‘මුන් අල්ලන්නේ අහිංසක බසියිකල් කාරයන්ව විතරයි. ලොකු ලොකු වාහන වල යන අයව අල්ලන්නේ නෑ. ඇල්ලුවත් සල්ලිවලට බේරනවා.‘ යැයි එක දිගටම දෝෂාරෝපණය කරන්නට විය.

ටික වේලාවකින් ඔහු කූඩුවට දැමීය. කූඩුවේ සිටිමින් ද කියවන්නට විය.

රාත්‍රී 12ට පමණ ළං වෙද්දී පොලිස් ඇප දී ඔහු එළියට ගන්නට මිතුරකු ආවේය. උප සේවයේ සිටි පොලිස් නිලධාරියා ඇප කොළය ලියද්දී පොලිස් ස්ථානාධිපති පොලිසියට ආවේය.

ප්‍රදේශයේ වෙනත් පොලිසි දෙකක ස්ථානාධිපතිවරුන් දෙදෙනකුගේ ස්ථාන මාරු නිමිත්තෙන් පැවැති සාදයකට සහභාගී වී ඔහු ආ බව තරුණයා දැන සිටියේය.

‘තමුසෙලාගේ ලොක්කත් පාටියකට ගිහින් ආවේ. මාත් පාටියකට ගිහින් ආවේ. ලොක්කත් බීලා ආවේ. මාත් බීලා ආවේ. ලොක්ක ආවේ ආණ්ඩුවේ වාහනේක. මං ආවේ මගේ වාහනේ. ලොක්කට බීලා වාහන එළවන්න හොඳ නම් මං බීලා එළවාගෙන ආවහම මොකද වෙන්නේ?‘ යැයි හයියෙන් කෑ ගැසීය.

එය ඇසුණු පොලිස් ස්ථානාධිපති ඔහුට ඇප නොදී උදේ වන තුරු කූඩුවේ තබන්නැයි කීවේය.

උදේ ස්ථානාධිපති පොලිසියට ආ ගමන් ගියේ සිර මැදිරිය ළඟටය.

‘තමුන් ඊයේ කෑ ගැහුවා නේද මං බීලා හිටියේ කියලා?‘

‘නෑ ‘

‘තමුන්ට මඟේ කටින් දුඟදක් වහනය වුණා දැනුනද?‘

‘නෑ‘

‘තමුන් දැක්කද මං වැනි වැනී එනවා‘

‘නෑ‘

‘පාරේ බීපු මිනිස්සු එනවා දැකලා තියෙනවානේ. මං එහෙමද ආවේ?‘

‘නෑ‘

‘එහෙනම් තමුන් කොහොමද ඊයේ කිව්වේ මං බීලා ආවේ කියලා?‘

‘නෑ මහත්තයා. මං ඊයේ බීලනේ හිටියේ‘

එතැනට ආ කාන්තා පොලිස් නිලධාරිනියක් කීවේ මේ තරුණයා රෑ එළි වෙනකම් පොලිස් නිලධාරීන්ට දෝෂාරෝපණය කළ බවයි.

‘තමුන් මොකද පොලිස් නිලධාරීන්ට බැන්නේ‘

‘නෑ. මං බීලනේ හිටියේ.‘ තරුණයාගේ පිළිතුර විය. ටික වේලාවකින් ඔහුට පොලිස් ඇප ලැබිණි.



අදහස් (0)

‘ඕඅයිසීට බීලා වාහන එළවන්න හොඳනම් මට නරකද?‘

නන්දලාල් -ප්‍රංශය Monday, 15 June 2015 08:57 AM

බීල හිටියත් මේ මනුස්සයා, උසාවියේ පෙරකදොරුවෙක් කතා කරනවා වගේ නේ නිදහසට කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ. කොහොම උණත් බීමතින් රිය පැදවීම නම් අනතුරු සහිතයි !!! (ම)

:       0       0

ධම්මිකා Wednesday, 17 June 2015 11:50 AM

මිනිස්සු අරක්කු බිල කරන්නේ බොරු. කවුරු හරි බලා ඉන්නවා නම් දාන සෙල්ලම් වැඩියි. පොලිසිය අරක්කු බිල වාහන පදවන අය‍ට නිතිය ක්‍රියාත්මක කිරීම මදි. හැමදාම අරක්කු බිල වාහන පදවන අය ඉන්නවා . අල්ලන්න බැහැ. හිතවත්තු . නිලදාරීන් වෙනත් පොලිසි වලින් ගෙනල්ල වරින් වර අල්ලන්න ඕනා. බිල වාහන එලවන හැමෝටම තදින් පොලිසිය නිතිය ක්‍රියා කරන්න ඕනා.(නදී)

:       0       0

විෂාන්ත Saturday, 20 June 2015 02:02 PM

බීලා ඉන්න කෙනෙක් හොස්පිට්ල් ගෙනියන්න ඕනි තමයි ඒ බීලා කියලා රිපෝට් එකක් ගන්න මිසක් ඇඩ්මිට් කරන්න නෙමෙයි. මාගලීට නීතිය කියලා දෙන්න වෙයි වගේ (බ)

:       0       0

කසුන් Wednesday, 17 June 2015 04:21 AM

ඕ අයි සී මහත්තය රෑම තමුන්ට මඟේ කටින් දුඟදක් වහනය වුණා දැනුනද?‘ තමුන් දැක්කද මං වැනි වැනී එනවා.. කියල ඇහුවේ නැත්තෙ අැයි .. ආආ කොල්ල බීලානේ හිටියේ ....(බ)

:       0       0

සංජය Monday, 15 June 2015 10:16 AM

පොලිසියට බිලා ඉන්න කෙනෙක් ව වෙරි හින්දෙනතුරු පොලිසිය භාරයේ තිය ගෙන නිදහස් කරන්න පුළුවන්. බිලා සාමයට බාධා කලොත් නීති කඩ කළොත් නඩු දාන්නත් පුළුවන් .. නමුත් බොන්න තහනමක් නැහැ (ම)

:       0       0

ආරියසේන Tuesday, 23 June 2015 06:30 AM

යහලුවනේ බීමත්කම බොරුවක් බව පෙන්වීමට අපි මේ හරහා හොද කතිකාවක් ගොඩ නගමු. අපිත් ඉන් වැලකී බොන අය ගණන් නොගන රැවටිමට අහුවුණ අය නිසා ...ඒ අයට අනුකම්පා කර ඉන් මුදවා ගැනීමට එය යහපතක් වේවි.(ම)

:       0       0

කරුණාරත්න Tuesday, 16 June 2015 12:38 AM

මේවා අද කාලේ හැමතැනම සිද්ධවෙනවා (නි)

:       0       0

සජිත් Monday, 15 June 2015 01:04 PM

සංජයගේ අදහස හරි.බේබද්දෙක් එළවපු වාහනයක් බයිසිකලයේ හප්පලා කකුල කැඩිලා මම මාස තුනක් දුක්වින්ඳා.පාඩුව මට.මිනිහා යසට ඉන්නවා. (නි)

:       0       0

සුනිල් Monday, 15 June 2015 01:59 PM

බීමතින් වාහන එළවන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක වියයුතු වේ. (නි)

:       0       0

මාගලී Tuesday, 16 June 2015 12:35 PM

බීලා ඉන්න කෙනෙක් අල්ලලා පොලිසියේ නෙමෙයි තියාගන්නේ රෝහලකට අරගෙන යන්න ඕනෑ. ඒකයි නීතිය.ඊටපස්සේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 17 June 2015 12:34 AM

අත පය කඩානොගෙන ඔය තරමින් බේරුනා ඇති පුතෝ ! (නි)

:       0       0

ආරියසේන Tuesday, 23 June 2015 02:23 AM

බීමත්කම කියන්නේ ඇත්තටම බොරු වැඩක්. බොන මිනිස්සු අතරේ උගත් නූගත් කියලා බේදයක් නැහැ.මේවට අහුවුණ හැම පුද්ගලයක්ම බොනවා.පහුගිය දවසක මම මඟුල් ගෙරක ගියා. අපි නොබොන අය පිරිසක් තමා ගියේ. ඇත්තටම බීලා කරන දෙවල් දැක්කම අපිට හිනා. මම යාලුවන්ට පෙන්නුවා ඇත්තටම බිව්වම සිද්ධවන සත්‍ය දේවල්.හැබැයි මේ වැඩිහිටියෝ දෙන ආදර්ශය තමයි ඉතාම නරක.මඟුල් ගෙවල් වලට අරක්කු ගෙනල්ලා ඒවා බීලා නටනකොට බලාගෙන ඉන්න පොඩි උන්ට දෙන ආදර්ශය මොකක්ද? අන්න එහෙම තමා මේ වැරදි දේවල් අප පවත්වාගෙන යන්නේ. (නි)

:       0       0

මුසේන් Monday, 15 June 2015 08:05 AM

පොලිස් ඇප ලබා දීමෙ හැකියාවක් තියෙද්දි හේතුවක් නැතිව නොදී ඉදීමේ නීතිමය පසුබිම කුමක්ද? දන්න අයෙක් කියන්න (බ)

:       0       0

සමන් Tuesday, 16 June 2015 01:57 PM

මොනවා වුනත් ජොලි කොල්ලෙක්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 400 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1207 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 245 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 483 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 382 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 636 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36781 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24303 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site