IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඕනෑනම් යළි එන්න පුළුවන් - චන්ද්‍රිකා

‘සම්පත් සූරාකමින් රට වනසන සෙල්ලම වෙනස් කරන්න ඕනෑ. විපක්ෂය ඊට සූදානම් නැත්නම් මිනිසුන් ඒ වෙනස ඇති කරාවි. ඉක්මනට ඔක්කොම පෙරළා දමා බෙලිත් කපා වෙනස් කරාවි. ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂය ඒ වෙනස නොකළොත් මිනිසුන් ඒ වෙනස කරාවි. ලෝක ඉතිහාසයේ එසේ වී තිබෙනවා. විප්ලව ඇති වන්නේ ඒ විදියටයි.‘ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය උඩවලවේ දී එසේ ප්‍රකාශ කළාය.

‘දේශපාලනය කරන අය තේරුම් ගත යුතුයි ,මැරෙනතුරු, රෝද පුටුවෙන් ගිහින් හරි, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා හෝ, තුන් හතර සැරේ බලයේ නොසිටිය යුතු බව . මම ජනපති වූ ගමන් දරුවන්ට පොරොන්දු වූයේ දෙවරක් පමණක් ජනපති වන බවයි. ඉන් පසු ගෙදර යන බවයි. පක්ෂයෙන් මට කිව්වා කැමැතිනම් ව්‍යවස්ථාව වෙනස් කර තුන් වැනි වරත් බලය ගන්නා ලෙස. එය කීයටවත් නොකරන බව මා ඔවුනට කිව්වා. දැන්නම් කවුදෝ ඒක වෙනස් කරලා. ඒ නිසා ඕන නම් මට දැන් ආයෙ එන්නත් පුළුවන්. (සභාවෙන් අත්පොලසන්)

අත්පොලසන් දෙන්න එපා. මම එහෙම තීන්දුවක් අරගෙන නෑ. මම කියන්නේ දෛවය කැරකිලා එන විදියයි. ‘ කුමාරතුංග මහත්මිය එසේ ද කීවාය.



අදහස් (0)

ඕනෑනම් යළි එන්න පුළුවන් - චන්ද්‍රිකා

ඇසළ Sunday, 06 April 2014 07:11 PM

අපි දන්නවා කාගේ කාගෙත් හැටි (නි)

:       0       0

ලාල් ජකර්තා Sunday, 06 April 2014 07:21 PM

වර්තමාන දේශපාලු ක්‍රමය හොද නැති වුණත්,මෙතුමිය නැවත නොඑන තරමට හොඳයි. (නි)

:       0       0

කුමාරි Sunday, 06 April 2014 07:22 PM

ඉතින් මැතිනිය, ඔබටත් තිබුනනේ යුද්ධය නිමා කරලා ජනතා ප්‍රසාදය අරගෙන එහෙම ඉන්න.දැන් ඉන්න අයට ඊර්ෂ්‍යා කරනවා වගේ මට පෙනෙන්නේ. (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 07 April 2014 11:53 AM

දැන් පිනක් දහමක් කරගෙන දරු මුනුපුරොත් එක්ක කාලය ගෙව්වොත් නරකද.? (ස)

:       0       0

නඩරාජා Monday, 07 April 2014 11:55 AM

අයියෝ දිසා මහත්තයට මොකාවත් තේරෙන්නේ නැහැ. මගේ කමෙන්ට් එක එහෙම ලිව්වා දැන් කාලේ එහෙම වෙන්නේ නැහැ කියලා, (ස)

:       0       0

මලිති Monday, 07 April 2014 02:45 AM

මගේ රටට බුදු සරණයි! (නි)

:       0       0

ඩොර්කාස් Sunday, 06 April 2014 07:43 PM

කවුරු වෙනස් කළත් රටට‍ වැඩදායක නම් අපි එකඟයි. ලංකාවේ ජනතාව අඳුරේ සේම අනාගතය කොයිබටදැයි අපි නොදනිමු. රට ගැන දුකයි (නි)

:       0       0

චන්ද්‍රා Monday, 07 April 2014 02:59 AM

රෑ වැටුණු වළේ දවල්ටත් වැටෙන්න අපිට බැහැ (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 07 April 2014 12:15 PM

කුහකකම ඊර්ශියාව වෛරය දොරේ ගලා ගිය කතාවක්..මම හිතුවේ අර මහත්තයා විතරයි මෙහෙම බ්රේක් නැති කතා කියන්නේ කියලා.අනේ මේ දෙවතාවක් මේ රටේ නායකකම කරපු ගැහැණියක් නේද? (ස)

:       0       0

නුවන් Monday, 07 April 2014 03:00 AM

දෙයක් කියන්න පෙර හොඳින් සිතා බැලිය යුතුයි (නි)

:       0       0

සුබසිංහ Monday, 07 April 2014 03:02 AM

මාත් මේ රජයට විරුද්ධයි. එහෙත් මට ඔබේ කාලයත් අතීතයත් අමතක නැහැ. නමුත් මෙරටේ ඉන්න අරුම පුදුම මොළ තිබෙන උසස් සංස්කෘතියකට උරුමකම් කියන මානවයෝ ඔබට නැවත කැමති වෙයි.මම එය සක්සුදක් සේ දන්නවා. (නි)

:       0       0

රංජිත් Monday, 07 April 2014 12:21 PM

අනේ මෙතුමිය ගැන අපි නොදන්නවා නෙවෙයි නෙ. මෙයා කරපු දේවල් මොනවද කියල රටේ මිනිසුන් දන්නවා. (ස)

:       0       0

ජයසේකර Monday, 07 April 2014 03:36 AM

වසර 17 ක පාලනයක් අවසන් කළේ මෙතුමියයි. මේ පාලනයත් අවසන් කරන්න නොහැකි වෙන එකක් නැහැ.මම දන්නා තරමින් හමුදාවට පඩියක් කියලා දෙයක් වැඩි කළ එකම ජනපති ඇයයි.මතක තිබෙන අය සළකාවි (නි)

:       0       0

සමන් Sunday, 06 April 2014 08:05 PM

ඔන්න ඔහේ කමක් නැහැ, එන්න. (නි)

:       0       0

සයිමොන් Sunday, 06 April 2014 08:08 PM

අඩුම ගානේ මෙම රජය යුද්ධය අවසන් කළා. (නි)

:       0       0

ජීනා Monday, 07 April 2014 04:59 AM

අපිට ළඟදිම අලුත් අලුත් පුවත් රැසක් දැකගන්න පුලුවන් වේවි (නි)

:       0       0

සජී Sunday, 06 April 2014 08:35 PM

ඔබතුමියට තිබෙන ජනතා ප්‍රසාදය උරගා බලන්න හොඳ අවස්ථාවක්. පුලුවන් නම් නැවතත් ඡන්දෙකට ඉදිරිපත් වෙලා බලන්න. (නි)

:       0       0

සමන්ති Sunday, 06 April 2014 08:38 PM

අසවු!අසවු! මෙන්න නවතම පුවතක් (නි)

:       0       0

විදුර රත්නායක Sunday, 06 April 2014 08:42 PM

මැඩම්, වෙලාවට වැඩ කළා නම් ඔහොම වෙන්නේ නැහැනේ. නේද? (නි)

:       0       0

සමන් Monday, 07 April 2014 05:48 AM

අපි කොන්ඩේ බඳින චීන්නු කියලා හිතන්න නම් එපා නෝනා මහත්තයෝ. මේ රටට ඕනෑ හොඳ සහ ලොකු වෙනසක්. (නි)

:       0       0

සදුනි Sunday, 06 April 2014 09:01 PM

ඔබතුමිය නැවත ඉල්ලලා බලන්නකෝ. ඔබටම වැටහේවි ඇත්ත (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 06 April 2014 09:01 PM

නෑවිත් සිටියොත් හොඳයි මැඩම්. (නි)

:       0       0

සලීම් Sunday, 06 April 2014 09:02 PM

ඔබතුමිය තරඟ කළොත් කලින් රැවටුනු අයටත් තැනක් ලැබේවි (නි)

:       0       0

තිලක් Monday, 07 April 2014 06:00 AM

කවුරු හෝ අද යන ක්‍රමය නම් අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතුමයි. (නි)

:       0       0

තිලක් Monday, 07 April 2014 06:01 AM

මෙතුමියගේ කාලයේදී අපි තුන් වේල කාලා හොඳට හිටියා. (නි)

:       0       0

තිලක් Monday, 07 April 2014 06:04 AM

හැබැයි මෙතුමිය ඔය සමහරු වගේ හත්මුතු පරම්පරාවක් නිවන් දැක්වූයේ නම් නැහැ. (නි)

:       0       0

රානි Sunday, 06 April 2014 09:13 PM

අපිට අතීතයත් හොඳට මතකයි (නි)

:       0       0

ඩී. Monday, 07 April 2014 06:04 AM

අතීතය අපිට තවම මතකයි (නි)

:       0       0

හනී Sunday, 06 April 2014 09:16 PM

මම නම් කියන්නේ එන්න එපා කියලයි (නි)

:       0       0

කීර්ති Sunday, 06 April 2014 09:19 PM

ගිය දේවල් අමතක කරලා අපි හැමෝම එකතු වෙලා මේ පාලනය පෙරලා දමමු. හැමෝම ඒ සඳහා පෙරට එන්න (නි)

:       0       0

හීමා Sunday, 06 April 2014 09:22 PM

එහෙනම් එන්නකෝ බලන්න (නි)

:       0       0

සුනෙත් Sunday, 06 April 2014 09:55 PM

එතකොට අර තුනෙන් දෙකක් නැතුව ව්‍යවස්ථාව වෙනස් කරන්න හැදුවේ? (නි)

:       0       0

පරාක්‍රම Monday, 07 April 2014 06:43 AM

ඉන්න අයට ඊර්ෂ්‍යා කරන්න නම් එපා (නි)

:       0       0

මිහිර Monday, 07 April 2014 07:10 AM

ලිහලා බලපු මල්ල ඔබලා බලන්න ඕනෑ නැහැ කියනවනේ. (නි)

:       0       0

පිටිගල Sunday, 06 April 2014 10:27 PM

මේ ආණ්ඩුව කොටි පරදවලා රට බේර ගත්තා එක හැබෑව. එත් දැන් වෙනත් පාර්ශවයක් අපේ රට ජාතිය ආගමට වින කරන එක සහ රටට කරන විනාශය පේන්නේ නැතිව වගේ ඉන්නෙත් ඒ ගොල්ලම නේ? ඒකනේ අපට තියෙන පුරස්නේ.(නදී)

:       0       0

සපුන් Monday, 07 April 2014 07:15 AM

මට සුනිල් පෙරේරාගේ සින්දුවක් මතක් වුණා (නි)

:       0       0

රූපා Monday, 07 April 2014 07:19 AM

නටපු තොවිලයකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. දැන් බෙරයක්වත් නැතුව නටන්න එන තොවිලය මොකද්ද? (නි)

:       0       0

නඩරාජා Monday, 07 April 2014 07:29 AM

තිලක්, තුන්වේල කෑවේ චන්ද්‍රිකාගේ සමයේද?දැන් එහෙම නොකා මැරුණු අය ඉන්නවද? (නි)

:       0       0

අල්විස් Monday, 07 April 2014 07:48 AM

බුදු අම්මේ. . වැඳලා කියන්නම්. මැඩම් එන්නනං එපා. (නදී)

:       0       0

ධනුෂ්ක Monday, 07 April 2014 02:30 PM

ඔබ තුමියට ජය. (ස)

:       0       0

කපිල බණ්ඩාර Monday, 07 April 2014 02:31 PM

තාමත් අපි කන්නේ තණකොළ කියල මේ අය සිතන්නේ. (ස)

:       0       0

හේවගේ Sunday, 06 April 2014 10:41 PM

ඔබ තුමිය සදාචාර දේශපාලනයක් කරා. එකාදිපති පාලනයක් ගෙනියන්න තිබුනත් එහෙම කලේ නැහැ. පවුල් දේශපාලනය කලේ නැහැ. (නදී)

:       0       0

අජිත් Monday, 07 April 2014 08:05 AM

ආයෙත් සැරයක් ආර්ථිකේ රින කරගන්න ආසා නම් ආවට කමක් නෑ. නිකන් දිරච්ච ලනු ගිලින්න එපා.(නදී)

:       0       0

විද්ව Monday, 07 April 2014 08:09 AM

මාරුනේ විප්ලව ඇතිවෙන්නේ එහෙමලු නේ.? මම වැඩි දුර ඉගෙන ගෙන නැති උනාට අහල තියෙන කතා හැටියට නම් විප්ලව ඇතිවෙන්නේ, රටක සාමාන්‍ය ජනතාවට ජීවත්වෙන්න බැරි තරමටම අමානුෂික ලෙසින් සැම අංශයකින්ම දරාගන්න බැරි තරමට පීඩනයක් ඇතිවනවිට' ජනතාව තුලින්ම මතුවන බුද්ධිමත් නායකත්වයක නිවැරදි මග පෙන්වීම යටතේය. අපේ රටේ තවම එහෙම තත්වයක් නැහැ කියලයි මම නම් දකින්නේ. හැබැයි බලය පමණක් ඉලක්ක කරගත්, ජනතා අභිලාශි කිසිම වැඩපිළිවෙලක් නැති කොට්ටාශ කීපයකට නම් මේ වගේ රජයක් පෙරලන්න උවමනාවෙන් වලිකන බව නම් ජනතාවට පෙනෙනවා. (නදී)

:       0       0

පුන්සරා Monday, 07 April 2014 08:23 AM

අප්පච්චියේ ඔබ තුමිය මක්කා කොරන්නෙයි හදන්නේ.(නදී)

:       0       0

රජීව Sunday, 06 April 2014 10:54 PM

එන්න නම් එපා අායෙත් එහෙම (නි)

:       0       0

කුමාරි Monday, 07 April 2014 02:54 PM

බණ්ඩාර, මට හිතෙන්නෙ දැන් එන්න හදන්නේ තිලකගේ ඉල්ලීමට කියලා. බලන්න කෝ එයාට තරහ ගිහින් තියෙන තරම. (ස)

:       0       0

පද්මසිරි Monday, 07 April 2014 08:36 AM

අදහසනම් හොදයි. ඕනෑම රටක බලගතු විපක්ෂයක් තිබිය යුතුයි පවතින ආණ්ඩුවකට බලපෑමක් කළහැකි. ඒත් ඔබතුමිය ඒකට සුදුසුද කියන එක ජනතාව තමයි තීන්දු කලයුත්තේ.(නදී)

:       0       0

සමන් Monday, 07 April 2014 08:44 AM

අනේ මේ විහිළු කරනවද? (නදී)

:       0       0

ශානිකා Sunday, 06 April 2014 11:11 PM

අපිට අතීතය හොඳින් මතකයි වගේම අපි හොඳින් වර්තමානයේ ජීවත් වෙනවා (නි)

:       0       0

බන්ඩි Sunday, 06 April 2014 11:15 PM

එහෙනම් එමුකො බලන්න

:       0       0

නිමල් ලලිතා Monday, 07 April 2014 08:56 AM

හිටපු ජනාධිපතිනිය වශයෙන් මෙවැනි කතා කියන විට ටිකක් ප්‍රෙව්සම් වන්න.(නදී)

:       0       0

රාජුන් Sunday, 06 April 2014 11:25 PM

දැන් තියෙන්නේ නොයෙක් ප්‍රකාශන නිකුත් කරන එක නවත්වල ඡන්දෙ ඉල්ලන්න. එහෙම කලොත් රටේ ලෝකේ හැමෝටම දැනගන්න පුළුවන් මහජනයා පෙළ ගැසෙන්නේ කා වටාද කියල. (නදී)

:       0       0

කපිල බණ්ඩාර Sunday, 06 April 2014 11:27 PM

එන්න මැඩම් ,ඔබට ජය සිකුරුයි.(නදී)

:       0       0

දිසා Monday, 07 April 2014 09:06 AM

නඩ රාජා, ඔයා, බලාගෙන ඉන්නේ කන්න නැතුව මනුස්සයෙක් මැරිලා වැටෙනකම්ම්ද ? ලැජ්ජයි.(නදී)

:       0       0

වසන්ත Monday, 07 April 2014 09:08 AM

ඔබ තුමිය කළ යුත්තේ විපක්ෂට සහ යෝගය දීමයි. නැවත ඡන්දයට එන්ඩ එපා. පුලුවන්නම් පුතාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් එවන්ඩ. (නදී)

:       0       0

හේරත් Monday, 07 April 2014 09:09 AM

එදා 94 පාරේ බැහැල යන්න බැරි වෙලාවේ මැඩම් ඇවිත් තමයි අපිට උතුරේ හැර අනෙත් පළාත්වල නිදහසේ යන්න අවස්ථාව ලබල දුන්නේ. මේ ලියල තියන කාටවත් ඒවා මතක නෑ. ඔබ තුමිය සදාචාර දේශපාලනයක් කරා. ඒකාදිපති පාලනයක් ගෙනියන්න තිබුනත් එහෙම කලේ නැහැ. පවුල් දේශපාලනය කලේ නැහැ. මෙතුමියගේ කාලයේදී අපි තුන් වේල කාලා හොඳට හිටියා. හැබැයි මෙතුමිය ඔය සමහරු වගේ හත්මුතු පරම්පරාවක් නිවන් දැක්වූයේ නම් නැහැ. මැඩම් මේ රටේ ඔබතුමියට සලකන මිනිස්සු ඉන්නවා 94 වගේ කලකිල එන්න පුළුවන්. ඔබතුමියට සලකන ඇමතිවරු ඔය පාර්ලිමේන්තුවේ ඉන්නවා බයවෙන්න එපා වෙලාවට ඒ අය පෙලගැසිලි එයි.(නදී)

:       0       0

මාලක සිල්වා Monday, 07 April 2014 09:16 AM

ඇයි ඔබ එතනට යන්නේ? (නදී)

:       0       0

දිනේෂ් Monday, 07 April 2014 09:18 AM

අපෝ ආයිත් ලයිට් නැතුව නම් ඉන්න බෑ. (නදී) .

:       0       0

රසික විතාන Monday, 07 April 2014 09:18 AM

මේ අදහස් වලින්ම පේනවා ඔබට ජනතා ප්‍රසාදයක් නැතිබව.(නදී)

:       0       0

අප්පුහාමි Monday, 07 April 2014 09:28 AM

සභාවෙන් අත්පොලසන් කිව්වට කී දෙනෙක් ද දන්නේ නෑ.(නදී)

:       0       0

නිශාර්ඩ් Monday, 07 April 2014 09:36 AM

ඔවා දෙනු පරහට, තමා සම්මතයේ පිහිටා සිට. (ස)

:       0       0

කුමුදු Monday, 07 April 2014 09:42 AM

අපේ ජනපති නම් මෙයාට වඩා 100-1000 ගුණයක් හොඳයි. (ස)

:       0       0

තමරා Sunday, 06 April 2014 11:52 PM

කොහොමහරි ඇවිල්ලා රට බේරගන්න. අපි හැමදාම ඔබ සමඟයි. (නි)

:       0       0

කරුණාරත්න පෙරේරා Monday, 07 April 2014 10:00 AM

අපි නොදන්නා මෙයාගේ කෙරුවාවල්. (ස)

:       0       0

බන්දුල පෙරේරා Monday, 07 April 2014 10:06 AM

.හරියට මේ රජය මහජන කැමැත්තක් නැතුව ඡන්ද නොතියා බලහත්කාරෙන් බලයේ ඉන්නවා වගේනේ බෙලි කපන්න කතා කරන්නේ.මහජන කැමැත්ත තියෙන රජයක බෙලි කපන්න කාටවත් බැහැ.(නදී)

:       0       0

ජයන්ත Monday, 07 April 2014 10:06 AM

ඔබ තුමිය එන්න! ඒත් හැබැයි වේලාවට වැඩ කරන්න.(නදී)

:       0       0

හේමන්ත Monday, 07 April 2014 05:26 PM

කවුරුහරි උපදේශයක්වත් දුන්නද මේ නෝනට? (නි)

:       0       0

රණසිංහ Monday, 07 April 2014 10:14 AM

අපේ රටේ මහත්මා දේශපාලනයක් ඇති කරන්න. (ස)

:       0       0

සිරිල් මාලදිවයින Monday, 07 April 2014 10:20 AM

කුහක දේශපාලනේ හැටි ඔහොම තමයි. එන්නයි කිව්වම ආවෙ නැතිලු දැන් ඕන නම් එන්න පුළුවන්ලු. (නදී)

:       0       0

ප්‍රභා Monday, 07 April 2014 12:26 AM

මේ අදහස් දකිනකොට අර ප්‍රසිද්ධ කතාව ඇත්ත කියලා හිතෙනවා."සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝධයා" කියන කතාව (නි)

:       0       0

සිරියලතා කෙන්යා Monday, 07 April 2014 05:42 PM

අනේ නෝනා,ඔයා නම් සමහරුන්ට වැඩිය හොඳයි තමා. මොනවා වුණත් ලංකාවේ තිබෙන දේශපාලනයෙන් වෙන්නේ කවුරු අාවත් පළිගන්න එක තමයි. සියල්ලටම පෙර මේ පක්ෂ මාරුව මොන ක්‍රමයකින් හරි ලංකාවෙන් අතුගා දැමිය යුතුයි (නි)

:       0       0

බණ්ඩා Monday, 07 April 2014 05:52 PM

ඇවිත් බලන්නකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

ජයවර්ධන Monday, 07 April 2014 10:26 AM

මේකේ අදහස් දක්වල තියෙන සමහර අයට අතීතය මතක නැහැ. එදා 2000 දී අලිමංකඩ ත්‍රස්තවාදීන් අල්ලාගෙන අපේ හමුදා භටයින් විශාල සංඛ්‍යාවක් හිරවෙලා ඉන්නකොට චෙක් ජනරජයෙන් මලිටි බැරල් රොකට් ලෝන්චර් ගෙන්නලා අපේ හමුදාව බේරාගත්තේ මෙතුමියයි. (නදී)

:       0       0

ලක්ෂ්මන් Monday, 07 April 2014 06:10 PM

අනේ අපි දන්නවා කාගෙත් හැටි (නි)

:       0       0

නිමල් Monday, 07 April 2014 12:32 AM

ඔබතුමියට තාම ශ්‍රී.ල.නි.ප අපිව තේරුම් ගන්න බැහැ.මේ නායකත්වයට අභියෝග කරන්න එපා.අපිව තේරුම් අරගෙන අපිත් එක්ක එකතු වෙලා රට හදමු. (නි)

:       0       0

මහේෂ්-දෝහා Monday, 07 April 2014 10:30 AM

අපේ මැතිණියට හදිසියේම ශ්‍රී ලංකාව ගැන ආදරයක් ඇති වෙලා වගේ. (ස)

:       0       0

අනුර Monday, 07 April 2014 12:38 AM

බොහොම ස්තුතියි. මම නම් කියන්නේ නාවාට කමක් නැහැ (නි)

:       0       0

විජේ Monday, 07 April 2014 06:18 PM

එයා ආවොත් අපිට මොනවා වෙයිද? (නි)

:       0       0

දේවිකා Monday, 07 April 2014 12:44 AM

පිරිසිදු චේතනා - ගෙන දේ වාසනා! (නි)

:       0       0

අනුරුද්ධ Monday, 07 April 2014 06:22 PM

දේශපාලනයකින් තොරව කතා කරනවා නම් රටේ නායකත්වය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි. මොකද කියනවා නම් ලංකා ඉතිහාසයේ කවරදාවත් නොතිබූ ආර්ථික ප්‍රශ්නයන්ට අද අප මුහුණ දෙනවා. මෙම ප්‍රශ්නය තව දුරටත් උග්‍ර වෙන්නට පෙර ජනතාව වන අපි යමක් කළ යුතුයි. එහෙම නැත්තම් අපිට විතරක් නෙමෙයි, අපේ ඉදිරි අනාගත පරපුරටත් ණයකාරයෝ ලෙසින් මෙලොව එළිය දකින්න සිදුවේවි. එහෙම වුණොත් උන් අපිට ශාප කරාවි. (නි)

:       0       0

අමල් Monday, 07 April 2014 12:49 AM

පුදුම වැඩේ කියන්නේ , මේ රටේ ගොඩාක් අය, ජෙනරාල්තුමාට කියන්නේත් ඔබතුමා මේ ජරා දේශපාලනේට එන්න එපා කියලයි. ජරා දේශපාලනේ කිය කියා ඉන්නවා මිසක් වෙනස් කරන්න ඉදිරිපත් වෙන කෙනෙක්ට , ඉස්සරහට එන්න සහයෝගය දෙන්නෙත් නැහැ. පුදුම රටක් (නි)

:       0       0

ධම්ම Monday, 07 April 2014 12:52 AM

මැඩම්, අපට විහිලු සපයන්න එපා (නි)

:       0       0

දම් Monday, 07 April 2014 06:29 PM

ප්‍රමාද වෙලා නම් එන්න එපා. වෙලාවටම ඔයා එන කෙනානේ.... (නි)

:       0       0

නඩරාජා Monday, 07 April 2014 01:02 AM

ඔය එන්නේ කැරකිලා... (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 07 April 2014 10:59 AM

ඔබතුමිය 93 දී කිවුවේ මම ජනාධිපති උන වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. දැන් දෙපාරක් ජනාධිපති වෙලා තුන්වෙනි පාරත් ජනාධිපති වෙන්න ඡන්දය ඉල්ලාන්නද හදන්නේ. ඔබතුමිය ජනතාවට දුන්න මැතිවරණ පොරොන්දු ඉෂ්ට කළා නම් අද අපේ රටේ ජනතාවගේ ජිවන තත්වය මෙයට වඩා උසස්. කරුණාකරලා මේ පාලන ක්‍රමය හොඳ නැත්නම් විපක්ෂයේ පොදු අපේක්ෂකයකුට සහයෝගය දෙන්න.(නදී)

:       0       0

තිලක් Monday, 07 April 2014 01:12 AM

කුමාරි,ඔයා නොදන්නා දේ කතා කරන්න එපා. මෙතුමය යුද්ධය අවසන් කරන්න කැපවීමෙන් කටයුතු කළ උත්තරීතර කාන්තාවක් (නි)

:       0       0

බණ්ඩාර කටාර් Monday, 07 April 2014 11:05 AM

දැන් මේ එන්න හදන්නෙ කාගේ ඉල්ලිමකටද ??? (ස)

:       0       0

ගුණපාල Monday, 07 April 2014 01:28 AM

අනේ එන්න. පාඩමක් ඉගෙනගෙනම යන්න (නි)

:       0       0

සේනානායක Monday, 07 April 2014 01:38 AM

මේ කතා කරන්නේ ඇත්තටමද?ජනතාව මැරිලා ඉපදිලාද? (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 07 April 2014 11:21 AM

අනේ එපා. (නදී)

:       0       0

වින්සන්ට් Monday, 07 April 2014 07:30 PM

දැනට සූරාගෙන කන කට්ටියගේ බඩ පිරී ඇති නිසා අනාගතයේ කන එක අඩුවේවි. එන්න දඟලන කට්ටිය බඩගින්නේ ඉන්න නිසා කාලා තිබෙන එකත් නැත්තටම නැති කරාවි.මේ නිසා ජනතාවට තියෙන්නේ අඩුමපාඩුව තෝරා ගැනීමයි. (නි)

:       0       0

දුලා Monday, 07 April 2014 01:47 AM

ඔහොම කතාකරන්න එපා (නි)

:       0       0

ප්‍රියලාල් Monday, 07 April 2014 11:25 AM

බුදු අම්මෝ ඔබ තුමියට එහෙම අදහසක් ඇති වෙන්න නම් එපා. (ස)

:       0       0

රොෂාන් Monday, 07 April 2014 01:58 AM

නැහැ නැහැ ඕනෑම නැහැ. ඉන්න තැනක හොඳින් ඉන්න (නි)

:       0       0

ලලිත් Monday, 07 April 2014 01:59 AM

රටට වැඩක් කරන, කරන්න පුළුවන්, පැහැදිලි දැක්මක් තිබෙන කෙනෙක් දෙපාරක් නෙමෙයි දහ සැරයක් ආවත් කමක් නැහැ. ඒක මිනිස්සු තීරණය කරාවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 942 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5718 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3264 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 282 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1451 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1570 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28418 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site