IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘ඕන්න යාළු කොටි බිල්ලන් පෙන්නන්නයි මං ආවේ‘

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පිටුපසින් කොටි බිල්ලකු යතියි හිටපු ඇමැතිවරුන් වන විමල් වීරවංශ, මහාචාර්ය ජී.ඇල්.පීරිස් වැනි අයගේ කථාවලින් පෙනේ. තමිල්නාඩුවේදී සයනයිඩ් කරල්ද තමන් සිටින ස්ථානය සොයා ගැනීමේ ජී.පී.එස් උපකරණද සමග කොටි සැකකරුවකු අත් අඩංගුවට ගැනීමද කොටි නායක ප්‍රභාකරන් පාවිච්චි කළැයි කියන සුදු වෑන් රිය මිරිහානේදී සොයාගැනීමද ප්‍රභාකරන්ගේ සමීප නෑයකු වන එම්.කේ.සිවාජිලිංගම් මහින්ද රාජපක්ෂ තරග කරන කුරුණෑගල දිස්ත්‍රික්කයටම තරග කිරීම ගැනද කොටි පිල්ලියක් මවන කථා කනින් කොණින් ඇසේ.

සිවාජිලිංගම් ප්‍රභාකරන්ගේ මස්සිනා බව කියති. ඔහු නියෝජනය කරන දෙමළ ජනතාවගේ කිසිදු පදනමක් නැති පැත්තකින් ඔහු ඡන්දයට ඉදිරිපත්වීම ප්‍රශ්නයක් බව කියති. කොටි බිල්ලකු මවා පෑමට සන්ධානයේ මුකරි හා කටමැති දොඩන අය යම් දුරකට සමත්වී ඇති බව දේශපාලනය විශ්ලේෂණය කරන මාධ්‍යවේදීහුද කියති.

ඩඩ්ලි සේනානායක මහතා වරක් එජාපයෙන් තරග කරද්දී ඔහු පස්සෙන් චීනකු සැරිසරතියි එදා මහා ප්‍රචාරයක් ඇතිවිය. එදා චීන බිල්ලා මවන්නට උත්සාහ කළේ කොළ කට්ටියයි. අද කොටි බිල්ලා මැවීමේ කොන්ත්‍රාත්තුව නීල පට කට්ටියගේ වීරයකු සේ සැලකෙන පුද්ගලයකුට බාරදී ඇත.

තමිල්නාඩුවේදී සයනයිඩ් සමග අල්ලාගත් කොටියා සිවාජිලිංගම් හා මිරිහානේදී අත් අඩංගුවට ගත් හමුදා සෙබළුන් සමග සම්බන්ධකම් පැවැත්වූයේ දැයි බිල්ලන් නිර්මාණය කිරීම භාර පිරිසගේ ශ්‍රී මුඛයෙන් තවම ප්‍රකාශවී නැත. එහෙම ප්‍රකාශ වුවත් එය පුදුමයට හේතුවක් නොවෙතියි ජ්‍යෙෂ්ඨයෙක් කියයි. නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි ඔහු කීවේ මිරිහාන සුදුවෑන් රියේ කථාවේ නායකයන්ගේ හැසිරීම හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා වගේ කථාවක්ලු.

මිරිහානේදී සුදු වෑන් රිය අත් අඩංගුවට ගැනීම අහම්බයකි. වෙනත් ගමනක් යමින් සිටි පොලිසියේ කිහිප දෙනකුට වෙට්ටුවක් දැමුණු එම රියේ අංකය පිළිබඳ සැකයක් පොලිසියට මුලින්ම ඇති විය. හයිරූෆ් හෙවත් උස වහලක් ඇති වෑන්වලට එවැනි අංකයක් නැති බව පොලිස් නිලධරයෝ දැන සිටියහ. මුල්ම සැකය ඇතිවූයේ එමගිනි. එම රිය ඇතුලේ තිබූ ව්‍යායාම් යන්ත්‍රය බාර දෙන්නට මිනිත්තු ගණනකට කලින් වෑන් රිය පොලිසියට අසුවිය.

එම ව්‍යායාම් යන්ත්‍රය ආරක්ෂක අංශවල සිටි ප්‍රබලයකුගේ මිත්‍රයකුට දීමට ගෙන ගිය බව කොටි බිල්ලා මවන පාර්ශවය කිසි ලෙසකින්වත් ප්‍රකාශ නොකරනු ඇත. එම තොරතුරු හෙළි වුවහොත් කොටි බිල්ලා මැවීමේ කථාව අතේ පත්තුවී යනු ඇත.

උදය ගම්මන්පිල මහතාගේ ඡන්ද රැස්වීමකදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ සුදුවෑන් රිය ගැන කියා ඇත. කොටියා නැති කිරීමේ ගෞරවය ගෝඨාට හා මහින්දට අනිවාර්යයෙන්ම හිමි වන්නේය. එහෙත් ඔවුන්ගේ පාලන සමයේදී කොටියන් සතු වාහන ඇතුළු බඩු බාහිරාදිය ගැන යහපාලන රජයට ඇඟිල්ල දික් කරන විට තවත් ඇඟලි 4ක් තමන් දෙසට හැරී තිබෙන බව වීරවංශලා සුසිල්ලා පමණක් නොව නිවේදන නිකුත් කරන අයද අමතක නොකළ යුතු බව යහපාලකයෝ කියති.



අදහස් (0)

‘ඕන්න යාළු කොටි බිල්ලන් පෙන්නන්නයි මං ආවේ‘

අමිල Friday, 24 July 2015 11:20 AM

සමහරුන්ට අර නීල පච කට්ටිය කරන කියන සේරම ඇත්ත (නදී)

:       0       0

ජයන්ත Saturday, 25 July 2015 04:31 PM

කොහොමත් මහින්ද මේ රටට ඕනෑ. (නි)

:       0       0

රනුක Friday, 24 July 2015 07:38 AM

තනිකර යු එන් පී මතය. කඩේ යන එක ඉවරයක් නෑ. (ස)

:       0       0

ශාන සෞදි Saturday, 25 July 2015 08:12 AM

මෙතන තියෙන්නේ කොටි පස්සෙන් යන එකක් නෙවේ මහින්ද පස්සෙන් හොරු කණ්ඩයක් යන එකයි එය බල තණ්හාවෙන් අන්ද වෙලා නිසා එක පෙන්න නැ එකයි ප්‍රශ්නේ. (ස)

:       0       0

සමන්ත Saturday, 25 July 2015 05:24 PM

බුද්ධිමත්ව හිතුවහම චින්තක මහතා කියන කතාවේ ඇත්තක් තියනවා. හැබැයි උඩ තියන සමහර අදහස් දැක්කහම බුද්ධිමත් එසැණ පාඨකයන් අතරේම අන්ත නුගත් කොටසකුත් ඉන්න බව ඔප්පු වෙනවා. (නි)

:       0       0

සමන් Saturday, 25 July 2015 08:48 AM

කොටියා බලා සිටින්නේ අවස්ථාව එනතුරුය. (නදී)

:       0       0

අමිල් Saturday, 25 July 2015 08:52 AM

ගෝඨාභය රාජපක්ෂට ජය වේවා (නදී)

:       0       0

චින්තක Saturday, 25 July 2015 09:25 AM

පාඨකයෙක් විදියට මට මේ ලිපිය ගැන ඉතාම කණගාටුවක් ඇතිඋනා. ජනතාව විසින් මහින්දව ප්‍රතිෂේප වෙනවනම් ඔහු ගෙදර යා යුතුයි, නමුත් තිස් වසරක ශාපලත් යුද්දය අවසන් කිරීමේ ගෞරවය ඔහුට දීමට ලක් මවගේ සුජාත පුතු ලෙස අපි නොපකිලිය යුතුයි, මධ්‍යස්ත ලෝකයම දන්නා පරිදි යුද්ධය අවසන්වී අවරුදු 06ක් ගතවෙලත් තවම ලෝක මානව හිමිකම් කොමිසමවත්, ලෝක දෙමළ ඩයස්පොරාවවත් මහින්ද, ගෝඨා, ෆොන්සේකා, ශවීන්ද්‍ර ඇතුළු යුද්ධය අවසන් කරපු නියමුවන්ව දඩයම් කිරීමේ අදහස අතැරලා නැහැ. රුසියානු KGB පමණක් නෙවෙයි ඇමෙරිකානු CIA ඔත්තුසේවාත් අනාවරණය කරනවා මේ නියමුවන්ට ජීවිත තර්ජනයක් ඇතිබව. මෙතුමන්ලාව යම්කිසි ප්‍රහාරයකින් මරණයට පත්වූ පසු පත්තර පිටු ගණන් ගුණ වැයුවත් රටට ලැබෙන දෙයක් නැහැ. මෙවැනි මුග්ද ප්‍රකාශ මුදාහැරීමට පෙර බුද්ධිමත්ව විමසා බැලීමෙන් පාඨකයන්ට අදාල පුවත ගැන ඇතිවන අයහපත් ආකල්පය වලක්වා ගත හැකිව තියනවා. (ස)

:       0       0

සමන් Saturday, 25 July 2015 11:32 AM

මට හිතෙන හැටියට ලිපියේ කියන කථාව ඇත්ත. (ස)

:       0       0

ලංකා Saturday, 25 July 2015 03:30 AM

රනුක, නැත්නම් අධ්‍යාපන ඇමති පළමු ලෝක යුද්දෙයි, නැපෝලියන් බොනපාටුයි පටලාගෙන බයිලාවක් ගැහුවේ. ඒවා ගැන වචනයක් නැහැ. මේවා තමයි නියම වහල් මානසිකත්වය (නදී)

:       0       0

දුමින්ද Saturday, 25 July 2015 11:38 PM

මේ සියලුදේ මහින්දගේ හැකියාව. මහින්ද යුද්ධය දිනලා, නොමඟ ගිය මිනිසුන්ව යහමඟට ගත්තේ නැත්නම් කොහොමද අද යුද්ධය දිනපු මහින්දයි, යුද්ධ කළ ප්‍රභාකරන්ගේ මස්සිනායි, කොටි කොල්ලොයි ඔක්කොම හමුදාවලට වැඩියෙන්ම කොල්ලෝ බැඳුන කුරුණෑගලින් ඡන්දෙට එන්නේ? (නි)

:       0       0

සේන Friday, 24 July 2015 09:52 AM

තනිකරම ඇත්ත (බ)

:       0       0

ලාල් Friday, 24 July 2015 04:13 PM

ඇන්දිල්ලෙත් සීමාවක් තිබිය යුතුයි. ඒත් මෝඩයෝ ටික දෙනෙක් තවම ඉතුරුවෙලා ඉන්න නිසා ඇන්දිල්ලෙ සීමාව අසීමිතවෙලා.(අ)

:       0       0

කිරන් Friday, 24 July 2015 04:32 PM

නියම ලිපියක්! (නි)

:       0       0

ඉන්දික Friday, 24 July 2015 04:50 PM

ප්‍රභාකරන් මියගිය පමණින් එම යාන්ත්‍රණය යටපත්වුණා මිස සම්පුර්ණයෙන් අකර්මණ්‍ය වුණේ නැහැ. ලංකාවේ පාලනය දුර්වල වූ සැණින් එය නැවත දළුලා වැඩෙනු ඇත. මේ පිළිබඳ සත්‍ය දැනගත යුත්තේ බුද්ධි වාර්තා වලින් මිස පක්ෂග්‍රාහී දේශපාලකයන්ගෙන් නොවෙයි. (නි)

:       0       0

මනෝජ් විජේරත්න Sunday, 26 July 2015 11:27 AM

මටනම් පෙන්නේ අතලොස්සකට තාමත් වැඩවසම් යුගයේ පැවතුන වහල් මානසිකත්වයෙන් මිදෙන්න බැරිවෙලා. යුද්දේ තිබුන කාලේ මමත් එම මායිම් ගම්මාන වල සේවය කළ පුද්ගලයෙක් විදිහට ඉතාම වගකීමෙන් කියන්නේ. මහින්ද මහත්තයට යුද්ද කරන්න කිසිම උවමනාවක් තිබුනේ නැහැ. රටේ අනෙකුත් ප්‍රගතිශීලී බලවේග මගින් කරපු බලපෑම් වලින් මිදෙන්න එතුමාට නොහැකි වුණා. එකයි ඇත්ත කතාව. තාමත් අපේ සමහර අය හිතාගෙන ඉන්නේ දුටුගැමුණු රජතුමා සෙසු සංවිදානය කොට යුද්දය සැලසුම් කලා වගේ මහින්ද මහත්තයත් එහෙම කලා කියලා. යුද්දේ කරන්න අවශ්‍ය සියලුම ආයුධ ගෙන්වුයේ චන්ද්‍රිකා මැඩම්ගේ කාලේ. යුද්දේ දිනපු එක මහින්දට ලොතරැයියක් අැදුනා වගේ වුණා. (බ)

:       0       0

තෙපානිස් Friday, 24 July 2015 11:02 AM

රජතුමා 2009 සිට 2014 දක්වාම අපට කීවේ කොටි නැවත නොනැගිටින බව හා කොටි පරසක්වල ගසා ඇති බවයි. එහෙත් පසුගිය ජනාධිපතිවරනයේදී ඔවුන් ඡන්ද ගුණ්ඩුවක් ලෙස මියගිය කොටින්ට නැවත පන දෙන්න උත්සහ කලා. කොටින් පෙන්නා මුවන් මැරීමේ මොවුන්ගේ උත්සාහය ජනවාරි 8 දා පරාජය වූ අතර අගෝස්තු 17 දාද නිසැක වශයෙන් පරාජය වනු ඇත (නදී)

:       0       0

ඇසිලින් Friday, 24 July 2015 09:55 PM

කොටියා හැබැහින්ම ආ දවස ගැන පරණ කතාවකුත් තියෙනවා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 644 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 79 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 484 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 285 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 1019 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 957 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21655 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21330 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site