IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ඕනෑම පුද්ගලයෙකුට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කොමිසමට ආ හැකියි ඒත්

දේශපාලන පළිගැනීම් විමර්ශන ඒකකයට පැමිණිලි 1842 ක් - Lankadeepa Online

(දසුන් රාජපක්ෂ)

රාජ්‍ය සේවකයන්ට පමණක් නොව ඕනෑම පුද්ගලයෙකුට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට පැමිණිලි කළ හැකි බව එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (27) සඳහන් කළේය.

එහෙත් එම පැමිණිලි ඉදිරිපත් කළ හැක්කේ 2015 වසරේ සිට 2019 දැක්වූ කාලසීමාව අතර සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳව බවද කොමිසමේ සභාපතිවරයා පැවසීය.

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට පැමිණිලි කළ හැක්කේ රාජ්‍ය සේවකයින්ට පමණක් බව අද (27) මෙම කොමිසම හමුවේ වගඋත්තරකරුවකු වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ශානක ද සිල්වා මහතා කළ දැනුම්දීමක් කෙරෙහි අවධානය යොමු කළ කොමිසමේ සභාපතිවරයා එලෙස කියා සිටියේය.

මෙම ජනාධිපති කොමිසම හමුවේ හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයෙකු වූ රෝහිත බෝගොල්ලාගම මහතා ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් අද විභාගයට ගත් අවස්ථාවේ මෙම සිදුවීම විය.

එම පැමිණිල්ල මගින් තමාට එරෙහිව අසත්‍ය තොරතුරු පදනම් කරගෙන අල්ලස් කොමිසම හමුවේ නඩු පැවරීම හරහා දේශපාලනිකව පළිගෙන ඇති බව රෝහිත බෝගොල්ලාගම මහතා සඳහන් කර සිටියි.

එම පැමිණිල්ල අද යළි කැඳවූ අවස්ථාවේ වගඋත්තරකරුවකු ලෙස නම් කොට සිටින අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ශානක ද සිල්වා මහතා පැමිණිලිකරු අමාත්‍යවරයෙකු ලෙස සිට ඇති බවත් අමාත්‍යවරයෙකු රාජ්‍ය සේවකයෙකු නොවන බවත් කොමිසම හමුවේ දැනුම් දුන්නේය.

ඒ හේතුවෙන් මෙම ජනාධිපති කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට රෝහිත බෝගොල්ලාගම මහතාට නෛතික ප්‍රතිපාදන නැති බව පැවසූ ජනාධිපති නීතිඥ ශානක ද සිල්වා මහතා ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ 2006 වර්ෂයේ වූ සිදුවීමකට අදාළව බැවින් එම වර්ෂය කොමිසම පැමිණිලි විමර්ශනය කරන කාලසීමාව පෙර වූ සිදුවීමක් බව දන්වා සිටියේය.

එබැවින් රෝහිත බෝගොල්ලාගම මහතා කළ පැමිණිල්ල 2015 සිට 2019  අතර කාලය තුළ වූ සිදුවීමක්ද යන්න සොයාබලා ඉදිරියේදී දැනුම් දෙන බව කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.



අදහස් (1)

ඕනෑම පුද්ගලයෙකුට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කොමිසමට ආ හැකියි ඒත්

Ana Friday, 28 August 2020 03:31 AM

අපොයි එහෙනම් ලංකාවේ සෑමදෙනාටම කොමිසම හමුවට යන්න පුළුවන්. යූඇන්පී කියලා ගමට ලයිව් දුන් නැති ප්‍රශ්න පෙරමුණේ කියලා පාර නොහදපු එකට, කොන්ත්‍රාත් නොදුන්නාට ජේවීපී කියලා මාරු කරපුවාට, කිසිම දේශපාලනයට නැති අයට උසස්වීම් නොදුන්නාට...

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 6 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 184 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 736 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 659 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 840 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 792 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 672 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site