IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


’’ඕනෑම මොහොතක සියල්ල අත් හරින්න සූදානම්’’

(අජන්ත කුමාර අගලකඩ)

අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් බතික්, අභ්‍යන්තර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ කාර්යාලයේදී ඉකුත් අඟහරුවාදා (06)රැස්වූ අවස්ථාවේ ඇතිවූ සංවාදයක් අතර තුරදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.

දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කරමින් ඉකුත් දා කළ ප්‍රකාශය සුදුසු නොවන බව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වු රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු ප්‍රකාශ කර ඇත

ආණ්ඩුවේ සිටිමින් එවැනි ප්‍රකාශ කිරීම අනුමත කළ නොහැකි බව ඔවුන් ප්‍රකාශ කර ඇති අතර ,ඊට පිළිතුරු දී ඇති දයාසිරි ජයසේකර මහතා තමා අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව පවසා ඇත .

තමාට රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වි පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ හැකි බව ද ජයසේකර මහතා එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ .

එහෙත් ඔහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි එම සාකච්ඡාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පස්වරුවේ පැවති පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇතැයි වාර්තා වෙි.

 



අදහස් (23)

’’ඕනෑම මොහොතක සියල්ල අත් හරින්න සූදානම්’’

silva Thursday, 08 July 2021 07:39 PM

එහෙම වුණත්, අපිට නම් කිසිම වෙනසක් දැනෙන එකක් නැහැ...

:       124       106

gunarathna Thursday, 08 July 2021 08:39 PM

අවුරුදු 03කින් විතර ඔය ඔක්කොම අත්හරින්න වෙයි..

:       0       162

sena Friday, 09 July 2021 05:21 AM

තණ්හාය ජායති සෝකෝ කියලා බුදුන් දේශනා කර තිබෙනවා. ඉදිරි මැතිවරණයට පෙර ඒ පිළිබඳව හොඳින් අධ්‍යයනය කර ධාරණය කරගන්න..

:       0       7

Nihal Thursday, 08 July 2021 09:03 PM

ඔයාලා දේශපාලනයට ආවේ රට වෙනුවෙන්. අර පැත්තෙන් මේ පැත්තට පැන්නේ රට වෙනුවෙන්... පාර්ලිමේන්තු ආවේ රට වෙනුවෙන්... අමාත්‍යාංශයක් බාර ගත්තේ රට වෙනුවෙන්. ඉතිං ඇයි මේ ආඩපාලි. රට වෙනුවෙන් ඉවසගන්න බැරිද?

:       13       15

chandima Thursday, 08 July 2021 11:36 PM

ඇති වෙන්න පින් කරගෙන වගේ..!!! කොහෙද යන්න හිතන් ඉන්නේ..? තව්තිසාද? නැතිනම් අකනිටා බඹලොවටද?

:       0       2

bandara Thursday, 08 July 2021 11:46 PM

තෙපර බබා ඉන්නේ නැතුව ශ්‍රීලනිප තිස්ගාණම අයින් වෙලා තමන්ගේ අනන්‍යතාවය රැකගත්තා නම් නේද නම්බුව...? දැන් මිනිස්සුන්ට පොහොට්ටුව එපාවෙලා විකල්ප හොයනවා. එකම අවුල ආණ්ඩුවෙන් ගියොත් ලොක්කාට පාස්කු කේස් එක අදිනවා.. කමිටු නිර්දේශ ක්‍රියාත්මක වේවි...!!!

:       5       11

Demuni Uduwara Friday, 09 July 2021 01:28 AM

ජයසේකර මහත්තයෝ... වෙහෙසෙන්න එපා වැඩිය. ඔබට ඉල්ලා අස්වෙන්න නිදහස තියෙනවා..!!! 

:       0       7

විජේ Friday, 09 July 2021 02:20 AM

සෙට්වෙන ගාණකට ආවොත් පවුලම අතාරිනවා ශුවර්...

:       0       3

Ravi Friday, 09 July 2021 05:08 AM

සිත නිවන කතා...ලංකාවෙ දේශපාලකයො කවද්ද සියල්ල අතහැරියෙ...ටික දවසකින් ජනතා ඉල්ලීම කියල ආයිත් එයි...:)

:       0       0

Bandara Friday, 09 July 2021 05:46 AM

මෙයා මොකකට හරි එන්න යන පාටක් පේනවා. ඇත්ත වහගන්න වගේ යන්නේ.

:       0       2

Puppa Friday, 09 July 2021 05:58 AM

දේශපාලනේට ඇවිල්ලා කෝටිගණන් හම්බ කරපුවා මේ අය ළඟ තියෙනවා. ඉතින් කාටද බය?

:       0       2

දොලේවත්ත Friday, 09 July 2021 06:35 AM

සෑහෙන කාලෙක ඉඳන් ගොරවන්නේ... වහින පාටක් නෑ.

:       0       3

C.K.Lankaputhra. Friday, 09 July 2021 07:00 AM

නරි හූ කිව්වට කමක් නැත්තං යන්න එපා. බාහිර රෙද්ද ගැලවුණාට කමක් නැතිනම් අභ්‍යන්තර රෙද්දයි අමුඩෙයි දෙකම ගැලවෙනකම්ම ඉන්න. නරි එදාට හූ කියන්නේ නැතුව, අපි හූ කිව්ව වෙලාවේ ඔයා ගියා නම් අමුඩේ හරි බේරගන්න තිබුණනේ කියයි.

:       0       4

Asokagunasekara Friday, 09 July 2021 08:13 AM

කාට අවශ්‍ය නම්ද?

:       4       1

Vithana Friday, 09 July 2021 09:06 AM

ඔයා මොනා අත හැරියත් නැතත් අපි ඔයාලා ඔක්කෝම අත අරිනවා තව අවුරුදු 3 කින්.

:       6       3

Cisco Friday, 09 July 2021 09:07 AM

මේගෙල්ලො මේක අතඅරිනවනම් ෂුවර් එකටම තව එකක් අල්ලගන්න බලාගෙන තමයි.

:       17       4

bandula G Friday, 09 July 2021 01:11 PM

ලංකාවේ බිහිකළ අකාර්යක්ෂම ඇමැති මණ්ඩලයක්... ජනතාවට...!

:       0       5

විපරමා Friday, 09 July 2021 02:09 PM

දේශපාලුවන් කවද්ද ඇත්තක් කිව්වේ..? සදහටම බලයේ ඉන්න පුලුවන් නම් වෙන සැපක් කොහෙන්ද?

:       0       11

K.wipula anandasiri Friday, 09 July 2021 02:33 PM

ඉවසීම ඉතා හොඳයි..

:       0       1

Kuma Friday, 09 July 2021 08:52 PM

තව ටික කාලයක් ඉවසන්න. අපි ඔක්කොම අත්හරින තැනට වැඩ සිද්ද කරලා දෙන්නම්. ඔයාලා ඒවා ගැන වදවෙන්න ඕනෑ නෑ.

:       0       107

සෙනෙවිරත්න Saturday, 10 July 2021 06:33 AM

දැන්ම නැව ගිලෙනවද? මීයන්නේ පනින්නේ?

:       0       1

ගමේ එකාලා Saturday, 10 July 2021 03:39 PM

කියන්න ලෙහෙසියි. එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට, තණ්හාවට පැනපු කෙනානේ... අපි නොදන්නවා නෙවෙයි.. දේශපාලුවන්ගේ හැටි.... කයිවාරු විතරයි..

:       0       1

Kumara Saturday, 10 July 2021 08:43 PM

කන්න දෙනවා නම්.. බොන්න දෙනවා නම්... මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 323 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 31 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 200 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 990 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 293 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 279 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 799 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 529 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site