IMG-LOGO

2025 ජනවාරි මස 31 වන සිකුරාදා


ඕන මිලකට වී ගන්න- හාල් මිලේ වෙනසක් කරන්නේ නෑ

 

(අංජුල මහික වීරරත්න)

ඕනෑම කෙනකුට ඕනෑම වැඩි මිලකට වී මිලදී ගන්න හැකියාව තිබෙන නමුත් දැනට රජය ගැසට් කර තිබෙන සහල් පාලන මිල කිසි ලෙසකින් වත් වෙනස් නොකරන බව  කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය.

තෙත වී කිලෝවක් රුපියල්  120 -130ට වුවද ගැනීමට ව්‍යාපාරිකයන්ට අයිතිය තිබෙන නමුත් රජය ගැසට් කර තිබෙන සහල් මිල සම්බන්ධ තත්ත්වය  වෙනස් කරන්නේ නැතැයි අමාත්‍යවරයා කීය.

වී අලෙවි මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.

දැනට පාරිභෝගික අධිකාරියේ තිබෙන යම් යම් දුර්වලතා වෙනස් කර ගනිමින් සහල් පාලන මිල පවත්වා ගැනීමට අවශ්‍ය නීති පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වී මිල සම්බන්ධ දැනට ප්‍රශ්නයක් නැති නිසා රජය ඊට මැදිහත් වන්නේ නැතැයි කී අමාත්‍යවරයා වී මිල සම්බන්ධ ප්‍රශ්නයක් පැමිණි සැණින්  රජය ඊට මැදිහත් වෙන බව සඳහන් කළේය.

පෞද්ගලික අංශය සමඟ තරගයක් දීමට සමත් වී අලෙවි මණ්ඩලයක් ගොඩනැගිය යුතුව තිබෙන බව කී අමාත්‍යවරයා  දිගු කාලයක් තිස්සේ අඩපන කරන ලද ආයතනයක් වසරකින් වත් පණ ගසන තැනට ගැනීමට හැකිවනු ඇතැයි සිතන්නේ නැති බව සඳහන් කළේය.

හාල් මාෆියාවක් ඇති වුනේ වැරදි රාජ්‍ය ප්‍රතිපත්ති නිසා බව කී අමාත්‍යවරයා  ආර්ථිකයේ රාජ්‍ය පංගුව හැම පැත්තකින් හකුලා තිබෙන බව පැවසීය.

වී අලෙවි මණ්ඩලයට වී ඇටයක් වත් දෙන්නේ නැතැයි ඇතැමුන් පවසා තිබෙන බව කී ලාල් කාන්ත මහතා පොහොර සහනාධාරය ගන්නා අය රජය ප්‍රකාශ කරන වී ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලයට දිය යුතුව තිබෙන බව සඳහන් කළේය.

ජනතාවගේ මුදල් වලින් පොහොර සහනාධාර, වාරිමාර්ග සපයාගත් ගොවියාටත් සමාජය වෙනුවෙන් යම් වගකීමක් තිබෙන බවද අමාත්‍යවරයා කීය.

පොහොර සහනාධාර ගත් ගොවීන් විසින් අනිවාර්යයෙන්ම වී අලෙවි මණ්ඩලයට වී ප්‍රමාණයක් ලබාදිය යුතු යැයි තවම තීරණයක් ගෙන නැති වුවත් එය සාකච්ඡා මට්ටමේ පවතින බව අමාත්‍යවරයා පැවසීය.

ගොවීන්ට ගොවිතැන් කරන්නට වාරිමාර්ග , පොහොර සහනාධාර සපයන්නේ ඩඩ්ලිලා, රත්නලා නොවන බවද ලාල්කාන්ත මහතා කීය. 

 



අදහස් (13)

ඕන මිලකට වී ගන්න- හාල් මිලේ වෙනසක් කරන්නේ නෑ

karolis Wednesday, 29 January 2025 06:26 PM

හාල් මිලක් දා ගන්න බැරි මහ ලොකු 2/3 ආණ්ඩුව. මේකටද හලෝ අච්චර කයිවාරු ගැහුවේ?

:       48       55

casmir Wednesday, 29 January 2025 06:44 PM

මේ මිනිස්සුන්ට ඇමැතිකමක් කරන්න මෙලෝ හසරක දැනුමක් නැහැ. මේ මිනිස්සු පාරේ කෑ ගහන්න විතරයි. පාරේ ඉඳලා කරන තරමක් වැඩවර්ජන, උද්ඝෝෂණ කරලා කිසිම රජයක කරපු හොඳක් දැක්කේ නැති මිනිස්සු රනිල් කපපු පාරේ යනවා. එහෙම වුනේ නැත්නම් මේ මිනිස්සුන්ට කිසිම වැඩපිළිවෙලක් නැහැ. දන්න එකම දේ විවේචනය. වගකීමක් ගන්න කොහොමත් බැහැ.

:       49       51

අරවින්ද මොනරවිල Wednesday, 29 January 2025 07:38 PM

දැනුම තියෙන කට්ටිය කරලා තමයි රට බංකොලොත් වුනේ, ඒ නිසා මහත්තයෝ තප්පුලන්න කලබල වෙන්න එපා...

:       2       0

saman Wednesday, 29 January 2025 08:33 PM

පොහොර සහනාදාරය ලබාදුන් ගොවීන් රජයට වී ලබාදිය යුතු බව කීවද ගොවීන්ට වැඩි මුදලක් රජය ලබා දෙන්නේ නම් ඔවුන් රජයට වී ලබාදෙනු ඇත. පොහොර සහනාධාරය ගොවීන්ට ලබාදීමට පෙර සහනාධාරය ලබාගන්න ගොවින්ගේ වී රජයට ලබාදිය යුතු බවට ගොවින් සමග යම් එකඟත්වයකට පැමිණීමට තිබිණි..

:       0       0

යෝගා Wednesday, 29 January 2025 09:23 PM

වී වලට අවම මිලක් නියම කරගන්න බැරි, ඩඩ්ලිගේ දෙපතුල ළඟ දණින් වැටුණු ආණ්ඩුව තව කයිවාරුත් ගහනවා..! මෝල්කාරයින් එක්ක ඩීල් දාලා ගොවියයි, පාරිභෝගිකයයි දෙගොල්ලෝම නන්නත්තාර කරලා තියෙන්නේ.

:       0       0

de silva Wednesday, 29 January 2025 11:30 PM

අර ලක්ෂ 12 ට දෙනවා කිව මරුටියත් නැහැ අන්තිමට සහල් ටිකත් පොල් ගෙඩියත් නැහැ.. පාස්පෝර්ට් එකත් නැහැ. ඔක්කොම අවුල් වගේ..

:       0       0

de silva Thursday, 30 January 2025 05:57 AM

අර ලක්ෂ 20 ට දෙනවා කිව මරුටියත් නැහැ. අන්තිමට සහල් ටිකත් පොල් ගෙඩියත් නැහැ. පාස්පෝර්ට් එකක් ගන්න මාස 6 ක් යනවා. රියැදුරු බලපත්‍ර වෙනුවට කොළ කෑලි සාක්කුවේ දමාගෙන යන එක ජනතාවට සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. නමුත් අත යටින් 40000 දුන්නු ගමන් පාස්පෝර්ට් ලැබෙනවා. රියැදුරු බලපත්රෙත් 10000 කට විතර කරගන්න පුළුවන් ක්ලීන් ශ්‍රී ලන්කත් කොට උඩ වගේ රජයේ නිලධාරියෝ පගාව ගහන එකත් ගජරාමෙට කරගෙන යනවා. ඔක්කෝම අවුල් වගේ...

:       0       0

sarath R.T Thursday, 30 January 2025 06:03 AM

සහල් මිලට පාලන මිලක් දැම්මා නම් වී සඳහාත් පාලන මිලක් දමලා, දැනට මාසෙකට කලින් කිව් විදිහට ගොවියාගේ වී මිලට අරන් වී අලෙවි මණ්ඩලේ මගින් වෙළදපලට නිකුත් කරන්න කටයුතු කරන්න ඕනේ, එහෙම නැතිනම් ඔය පාලන මිලවල මුකුත් නොදමා කැමැති වෙළෙන්ඳෙකුට සහල් පිටරටින් ගෙන්වලා බෙදා හරින්න ඉඩ දෙන්න ඕනේ. එතකොට සහල් මිල බහිනවා... මේ ගොල්ලන් කරන වැඩෙන් මහාපරිමාණ මෝල් හිමියන් 3 දෙනාට ගොවියාත්, පරිභෝගිකයාත් යන දෙදෙනාම ගසාකන්න අවස්ථාව සැලසෙනවා.

:       0       0

Senarath Thursday, 30 January 2025 08:46 AM

ඩඩ්ලි සිරිසේන හාල් පාලන මිලට දෙනවා කියලා පොරොන්දුවක් දීලා තියෙද්දි තමා මෙයාලාගේ ජනාධිපති රුපියල් 10 ක් නිකන්ම වැඩි කලේ එකෙනුත් සෑහෙන්න නැතිව හා හාල් කිලෝව රුපියල් 290 ට යනකල් ගෙනිච්චා... ඒක අඩුකරන්න තිබුණු හොඳම අවස්ථාව තමා රටේ හාල් 180 ට විතර දෙන එක... එතනදීත් කලේ රුපියල් 65 ක බද්දක් ගහලා එකෙනුත් මහ මෝල් කාරයන්ට ඕන විදියට හාල් විකුණන්න ඉඩ දීපු එක... මේවා ඩීල් නෙමෙයිද?

:       3       10

fairoos Thursday, 30 January 2025 11:04 AM

නන්දසේන වගේ තීන්දු තීරණ ගන්නෙ නැතුව හරියට හොයලා බලන්න.

:       1       0

Sarath Wijekon Thursday, 30 January 2025 01:56 PM

අනුන්ගෙ ඇදකුද හොයන්න අති දක්ෂයින් වුණාට වැඩක් පලක් කරල පුරුද්දක් නැහැ. දැන් ඔය වීමෝල් හිමියන්ට තර්ජනය කලාම මෝල් වැහිල යාවි එහෙම වුනොත් මුලින්ම රජයට ලැබෙන ආදායම් බදු මුදල් අහිමිවෙනවා දෙවනුව ගොවීන්ට සාධාරණ මුදලක් නොලැබී යනවා. තෙවනුව එම ආයතනවල රැකියා කරන දහස් ගණනකට රැකියා අහිමිවුනාම ඒ අයට රැකියා දෙන්න ලාල් ට පුලුවන්ද ඊළගට රැකියා කරන පවුල්වල යැපෙන්නන්ට ආණ්ඩුවෙන් කන්න බොන්න දෙන්න පුලුවන්ද උපමාවකින් කිව්වොත් හිටපු ජනාධිපතිලාගේ ඇමතිලාගේ වරප්‍රසාද කපන්න බැලෙව්වාම වාර්ථාව ලැබුනේ අතීතයට බලපාන්න නීතී හදන්නම බැහැ කියල නේද. එනිසා නැවතත් රට අවුලෙන් අවුලට නොදා බැරිනම් පුලුවන් කෙනෙකුට දීලා යන්න.

:       0       3

Kazi Shajahan Thursday, 30 January 2025 02:07 PM

ලාල්ගෙත් කයිය විතරයි. වැඩ නැහැ. ගොවි බිමකට යන්නෙවත් නැහැ. ආය ගොවීන්ගේ ඡන්ද ටික මෙයාලට නැහැ.

:       0       2

ලසා Thursday, 30 January 2025 03:47 PM

වී ගොවියෝ විතරද ලංකාවේ ගොයියෝ? ඔක්කෝම සහනාධාර දෙනවා. වගා හානි කියලා වන්දිත් දෙනවා. වගා කරන්න වාරි ජලය නොමිලේ පොහොර සහන මිලට තෙල් බෙහෙත් මදිවාට සේවයට අමාත්‍යාංශ දෙකක්. ඒ ඔක්කෝම දීලා අන්තිමට අපිට කන්න හාල් නෑ. මේ දෙන ඔක්කෝම සහන අනෙකුත් වගාවලට දුන්නා නම් රටට විදේශ විනිමය උපයලා ඒකෙන් ලාබෙට හාල් ගේන්නත් තිබ්බා. මේ කාලේ පොල් තේ අවාරේ ඒක ස්වභාවික හානි ඒ වුණාට වන්දි නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

කන්ටේනර් සිද්ධියට බස්නාහිර ආණ්ඩුකාර සී.අයි.ඩී යයි
2025 ජනවාරි මස 30 503 0

ශ්‍රී ලංකා රේගුව විසින් නිදහස් කරන ලදැයි කියන කන්ටේනර් 323ක් සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස තමන්ව ඉලක්ක කර හිටපු මහජන නියෝජිතයින් කිහිපදෙනෙක්


ජෙරොම් විදෙස් තහනම ලිහිල් නොවේ
2025 ජනවාරි මස 30 323 0

ඇමෙරිකාව ඇතුළු රටවල් කීපයක වීසා කල්ඉකුත් වී ඇති බැවින් එම රටවල වීසා අලුත් කර ගැනීම සඳහා විදේශ ගතවීමට දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට පනවා ඇති විදේශ ගමන් තහ



රනිල් කැඳවූ සාකච්ඡාවට සජබ නියෝජිතයොත් ගිහින්
2025 ජනවාරි මස 30 750 0

රට අඳුරෙන් අඳුරට යන මොහොතේ අතීත කෝන්තර අදාලම නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවෙන් අනතුරුව කොළඹදී අද (30) ප


පොල් වගාවට සහන මිලට එම්.ඕ.පී. පොහොර
2025 ජනවාරි මස 30 436 0

රුසියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ එම්.ඕ.පී. පොහොර මෙට්‍රික් ටොන් 55,000 න් අඩක් පොල් වගාවට වෙන්කිරීමට තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය


බහාලුම් සියයට 60 ක් පරීක්‍ෂවෙන් තොරව නිදහස් කරනවා
2025 ජනවාරි මස 30 515 1

ආනයනික බහාලුම් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ඇතිවූ විශාල තදබදයට පිළියමක් ලෙස පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පරීක්‍ෂණ ඒකකයක් පිහිටුවා අ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 60 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 678 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 708 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site