IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඕමාන් තානාපති හදිසියේ ගෙන්නයි

ඕමානයේ තානාපතිවරයා වන  අශෝක ගිරිහාගම මහතාට කොළඹට වාර්ථා කරන ලෙස හදිසි කැඳවීමක් කර ඇති බව කියයි.

එරට ශ්‍රී ලාංකික ප්‍රජාව පවසන්නේ  තානාපතිවරයාගේ දූර කාලය ඉදිරියට තිබියදීත් මෙලෙස  හසිදි කැඳවිමක් කිරීම ප්‍රශ්ණ සහගත බවයි.

එමෙන්ම වසර 22 ක පමණ විදේශ සේවා පලපුරුද්දක් ඇති තානාපතිවරයා මේ අයුරින් හදිසියේ කැඳවීම නිසා ඔහුට රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙලකට යාමට ඇති අවස්ථාව ඇහිරී තිබීම  ශ්‍රී ලංකාවට මහත් අගෞරවයක් බවද එරට ශ්‍රී ලාංකිකයෝ පවසති.

ඕමාන ජාතික හාම්පුතෙකුගෙන් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට සිදු වු අතවරයක් පිළිබඳ සිද්ධියක්  එහි කම්කරු අංශයේ නිලධාරීන් විසින් යට ගසන ලදැයි   තානාපතිවරයා මැදිහත් වී ඒ පිළිබඳව පරීක්ෂණ ඇරඹිම තානාපතිවරයාගේ හදිසි මාරුවට හේතුවක් ද යන්න ඔවුහු ප්‍රශ්ණ කරති.

එම ගෘහ සේවිකාව හාම්පුතාගේ අතවරයට ලක්ව ගැබ්ගෙන  තානාපති කාර්යාලය බාරයේ ඇති ‘‘සුරක්ෂා‘‘ නිවසේ රඳවා සිටියදී ගබ්සාවක් සිදු  කර ඇති බවට ගිය රාවයක් නිසා ඒ පිළිබඳ තානාපතිවරයා ස්වාධීන පරීක්ෂණයක්  අරඹා ඇති බවද වාර්ථා වෙයි.

ඕමාන ශ්‍රී ලාංකික ප්‍රජාව පවසන්නේ තානාපතිවරයා මාරු කොට  මේ සිද්ධීන් යට ගැසීමට කම්කරු අංශයේ  ඇතැම් දූෂිත නිලධාරීන් උත්සහ කරන බවයි.

මේ සඳහා රජයේ ඇමතිවරයෙකුගේ සහායද ලැබී ඇති බව වාර්ථා වෙයි. 

මේ පිළිබඳව පිළිතුරක් ලබා ගැනීමට  විදේශ කටයුතු අමාත්‍යංශය ඇමතු විට  එහි උසස් නිලධාරියෙක් පැවසුවේමේ පිළිබඳව තමන් නොදන්නා බැවින් සොයා බලා ලබන සතියේ පිළිතුරක් ලබා දෙන බවයි.

මේ  අතර ‘‘සුරක්ෂා‘‘ නිවසේ රඳවා සිටින ගෘහසේවිකාවන් කිහිප දෙනෙකුම තම දිවි තොරකර ගැනීමට උත්සහ කර ඇති බැවින්  එම කාන්තාවන්ගේ ජීවිත අනාරක්ෂිත බවද ඔවුහු කියති.

 

  



අදහස් (0)

ඕමාන් තානාපති හදිසියේ ගෙන්නයි

චින්තක Sunday, 27 July 2014 01:44 AM

රජයේ සේවකයෝ ගස් බැන්දා. කුඩු උසාවියේදී පිටි උනේ 77 පස්සේ ද?දැන් 77 ගිහින් 37 ක් වෙනවා. මොලේ ඇතුව කතා කරන්න. (නදී)

:       0       0

හරින් කොස්තා Sunday, 27 July 2014 02:26 AM

මේ දේවල් අපේ රටට අගෞරවයක් (නදී)

:       0       0

නිමල් Sunday, 27 July 2014 02:32 AM

ලංකාවේ විදේශ සේවය පාලනය කරන හැටි, පත්කරන හැටි පත්කරපු අයගේ හැටි පත් කල විදිහ ආදිය බලන්න. විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත අර කඩා පනින මන්ත්‍රී කන්ඩායම එන්නේ කවදාද? (නදී)

:       0       0

දේ සිල්වා Saturday, 26 July 2014 09:02 AM

ඕමානයේ තානාපතිවරයා ඉතාමත් නිහතමානී පුද්ගලයෙක් එතුම කරන්න ගියපු දේ හරි. හරි දේ කළාම දූෂිතයෝ අසුවෙනවා (නදී)

:       0       0

ප්‍රසාද් Sunday, 27 July 2014 03:36 AM

ලංකාදීප කරුණාකර මේ ගැන විමර්ශනය කර වාර්තාවක් පලකරන මෙන් ඉල්ලමි. (නදී)

:       0       0

ලලිත් - එස්.එල් Sunday, 27 July 2014 04:28 AM

සංගීත ප්‍රසංගයක් පවත්වන්නකෝ ඔක්කොම හරි.(නදී)

:       0       0

ට්‍රුස්ට්ලංක Saturday, 26 July 2014 09:32 AM

ඔය කියන විදිහේ දේවල් ඒ ආයතනයේ උනා නම් ඒ සිද්දියට අදාලව නීතිමය පියවර ඒ අදාල බලදාරියා ගත්තේ නැත්තේ ඇයි ? පරීක්ෂණ පවත්වලා අන්තිමට ඒවා බොරු කියල ඔප්පු වෙයි. නිලදාරීන්ව බලදාරීන් පත්කරලා එවන්නේ යටත් නිලදාරීන් ලවා අහිංසක ජනතාවට සේවය කිරීමට මිස , අහිංසක ජනතාව යොදාගෙන නිලදාරීන්ට පහර ගැසීමට නොවන බව උගත් බුද්ධිමත් ජනතාව දන්නවා. (නදී)

:       0       0

ශ්‍රීලංකා Saturday, 26 July 2014 09:38 AM

කියලා වැඩක් නැහැ. මේ තොරතුරු හෙළිකරන කෙනාට තෑගි දෙන්න ඕනි. (නදී)

:       0       0

බද්‍රා - කැන්බරා Sunday, 27 July 2014 04:43 AM

මේ තානාපතිවරයා තමයි ඕස්ට්‍රේලියාවේ කොටි තහනම් කරන්න කියා එරට රජයේ පාර්ලිමේන්තුමෙන් ඉල්ලු ඉල්ලු පළමු තානාපතිවරයා. ඒ බව එරට හැන්සාඩ් වාර්තාවේ සදහන් වී තිබෙනවා. නිර්භීත පුද්ගලයෙක් වන මෙතුමාට වු දේ පිළිබඳ අපේ කනගාටුව

:       0       0

නිමල් - ඕස්ට්‍රේලියාව Sunday, 27 July 2014 04:44 AM

ඕස්ට්‍රෙිලියාවේ කොටින්ව ඉස්සරලම අත්අඩංගුවට ගත්තෙත් මේ තානාපතිවරයා.

:       0       0

හේමාල් Monday, 28 July 2014 03:04 AM

සත්‍යපාල , ගෘහසේවිකාවන් විතරක් නෙවෙයි මේ තනාපති කාර්යමණ්ඩලයේ හතර වරිගයේ කෙනෙකු නෙවෙයි නම් කාටවත් ලේසියෙන් තානාපති කාර්යාල වලින් වැඩක් කර ගැනීම බොරු. මේක ඔය රටේ විතරක් නෙවෙයි. ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ නෝනලා ඈනුම් අරින සද්දේ ඉන්දුනිසියාවටත් ඇහෙනවාද කොහෙද . (නදී)

:       0       0

වසන්ත Sunday, 27 July 2014 05:04 AM

මේ තානාතිපතිතුමා ඉතාමත් අවංක හොඳ කෙනෙක්. ජනාධිපතිතුමා මෙයට මැදිහත් වී මෙම මාරු කිරීම නතර කල යුතුය (නදී)

:       0       0

සෞදි නුවන් Saturday, 26 July 2014 09:43 AM

ඒ කියන්නේ සුරක්ෂාවේ ආරක්ෂාවට දෙවියන්ගේම පිහිටද ? (නදී)

:       0       0

ජොහාන් Sunday, 27 July 2014 05:08 AM

හැම දුශිතයෙක්ම කියන්නේ තිබෙන නීති රාමුව තුල ඔප්පු කරන්න කියල ඔප්පු කලත් නොකලත් දුෂණය දුෂණයක්මයි (නදී)

:       0       0

සුජානි පෙරේරා Monday, 28 July 2014 03:11 AM

සරත්, මමත් ඉන්නේ කැන්බරා. මෙයා කරපු දෙයක් නැහැ. (නදී)

:       0       0

හේමාල් Sunday, 27 July 2014 05:37 AM

ඔතන තානාපතිතුමා එක්ක සහයෝගෙන් අනික් සේවකයො ඉස්සර හිටියා. අලුතින් ආපු කෙනෙක් තමයි ඕක පිටිපස්සෙ ඉන්නේ. එයාගෙ ගෝලයො දැන් රජ වෙලා ඉන්නේ. රියදුරා ඉන්නෙ දැන් කොන්සල්ට උඩින්. තවත් අය දූෂන කර කර සේවය වසර ගානක් දිගු කර ගෙන ඉන්නේ. (නදී)

:       0       0

අබුඩාබි සුමුදු Sunday, 27 July 2014 05:44 AM

ගිරිහාගම මහත්තයා තදින් හිටියේ නැති කම නිසා තමයි ඕක සිද්ධ උනේ. කලින් හිටපු සුරක්ෂා නිවෙස් පාලිකාවට ඔතන නිලධාරියෙක් අයුතු යෝජනා කරද්දිත් එතුමා නිහඩව හිටියා. ඔය හොරු ටික කනෙන් ඇදලා එලියට දාන්නේ නැතුව පරීක්ෂණ තිය තිය හිටියේ මොකද. දැන් ඔබතුමා අසරනයි. එදා අසාධාරණය වෙනුවෙන් පෙනී හිටියෙ නැති නිසා අද ඔබ තුමා අසාධාරණයට ලක්වෙලා. (නදී)

:       0       0

සම්පත් Sunday, 27 July 2014 05:47 AM

මේ කියන විදියට මෙතුමා දක්ෂ සහ අවංක කෙනෙක් එතුමාව හොද රටකට යවන්න (නදී)

:       0       0

ජානකී Sunday, 27 July 2014 05:47 AM

ඊලගට ගෙදර යන්න වෙන්නේ කොන්සල් වරයාට. ඒක සහතිකයි. එතකොට ඒ පුටුවට එන්න ඉන්නේ රට හෙරක්. ඒක තමයි සැලැස්ම. ඊට පස්සෙ ඕමාන් වල ලාංකිකයන්ට අබ සරණයි.

:       0       0

ප්‍රසන්ගිකා Sunday, 27 July 2014 05:51 AM

ඔතන සුරක්ෂා නිවෙස් පාලිකාවටත් ගෙදර යන්න වෙලා කියලා කතාවක් යනවා. එයාගෙ කට වහලා තියෙන්නේ. ලංකාවට ගියාම එයාත් කට අරීවි. (නදී)

:       0       0

සදමාලි Sunday, 27 July 2014 05:55 AM

ඕමාන් එම්බසියෙ සමහර නිලධාරින් ගේ නෝනා මහත්තුරු උත්සවයකටවත් සහබාගි වෙනේ නැහැ. තමුන්ගෙ මහත්තුරු එක්ක ජෝගි නටන කාලෙ දික් කර ගත්තු නිලධාරිනියක් නිසා.(නදී)

:       0       0

නලින් යහම්පත් Saturday, 26 July 2014 10:11 AM

1977 පසු ඇතිවු සියලු රජයන් තමන්ගේ පවුලේ අයත් යහළුවන් තානාපති නිලදාරීන් කිරීමත් විශේෂයෙන් මැද පෙරදිග රටවල සේවක සේවිකාවනට සිදුවන අතවර ගැන සොයා නොබැලීමත් , එම රටවල හාම්පුතුන්ගේ මුදලට යට වීමත් සිදුවන දෙයකි. එහෙත් ඉඳ හිට හෝ රාජකාරිය අකුරට ඉටු කරන එම රටවල ලාංකික සේවක සේවිකාවන්ට වන ගැටලු වලට විසදුම් කතා කරන තානාපතිවරුන්ට සේවය වෙඩි කලක් නොකිරීමට කටයුතු කිරීමත් , නිතරම සිදුවන්නා වූ දෙයකි. මෙයද එසේම සිදුවූ දෙයකි (නදී)

:       0       0

පතිරණ Saturday, 26 July 2014 10:15 AM

අපේ තානාපති කාර්යාලවල ඉන්න බොහොමයක් නිලදාරීන් ඉතාමත් දුෂිතයි. රට ඉන්න අපි තමයි ඒ ගැන දන්නේ. මම ගිය අවුරුද්දෙ අසරණ වෙලා ඉන්න ගැහැනු කෙනෙකුට ලංකාවට එන්න ටිකෙට් එකක් අරන් දෙන්න අපේ තානාපති කාර්යාලයට ගියාම එක නිලදාරියෙක් මට නරක විදිහට කතාකලා. පසුව එතන හිටපු වෙනත් නිලදාරියෙක් මට උදව් කරා. එම නිලදාරියාගෙන් මට දැනගන්න ලැබුනා එතැන ඉන්න සමහර නිලදාරීන් විවිද දේවල් වලට අසරණ වෙච්ච කාන්තාවෝ පාවිච්චි කරනවා කියලා. ඒ මදිවාට අසරණ වෙලා යන කාන්තාවන්ට ටෙලිපෝන් එකක්වත් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ (නදී)

:       0       0

සමරසිංහ Saturday, 26 July 2014 10:19 AM

විදේශීය තානාපති සේවයේ, සමහර රටවල සේවය කරනවා තරුණ ළමයි. එම රටවල විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න ගමන්, තානාපති කාර්යාලයේ රක්ෂාව කරනවා. ඔන්න ඔහොමයි අපේ තානාපති සේවය සමහර රටවල ක්‍රියාත්මක වෙන්නේ.(නදී)

:       0       0

කණිෂ්කා Monday, 28 July 2014 03:53 AM

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සමහරු රබර් මුද්‍රාවකින් මුද්දරයක කාර්යය කරන්න පුළුවන් කියල දන්නේ නැහැ. මේවාට පත් කරලා තියෙන්නේ මොන සුදුසුකම් වලින් ද මන්දා (නදී)

:       0       0

සුජානි පෙරේරා Sunday, 27 July 2014 08:13 AM

බද්‍රා ගැන අපි හොඳට දන්නවා. ඔය‍ෙ කුලියට කඩේ යන බවත් අපි දන්නවා. නිමල් මම දන්නේ නැති නිසා අහන්නේ ගිරිහාගම වැඩ කලේ පොලිසියේද? අනික මෙයා උප තානාපති. (නදී)

:       0       0

සරත් - කැන්බරා Sunday, 27 July 2014 09:03 AM

මෙි තානාපතිතුමා තමයි ඔීස්ට්‍රේලියාවෙි ටී.ආර්.ඕ සංවිධානය මුදල් ඵකතු කිරිමට විරැද්ධව පුවත් පත් නිවෙදන නිකුත් කරමින් මරණ තර්ජන පවා ඉවත දමා රජය වෙනුවෙන් විශාල කාර්යයක් ඉටුකලේ. ඵදා ඵතුමා දුර දර්ශි ලෙස කටයුතු කල නිසා තමයි අද වනවිටත් බෙදුමිවාදි ප්‍රශ්නයේදි ඔිස්ට්‍රේලියාව ශ්‍රි ලංකාවට සහයෝගය දක්වන්නෙ. (නදී)

:       0       0

සමන් Sunday, 27 July 2014 09:16 AM

ට්‍රස්ටි ලංකා මම මෙි දන්නේ නැති නිසයි අහන්නෙ විදේශ අමාත්‍යන්සයේ ලේකමි වැඩ කරන්නෙ කලින් නම නෙකියපු අැමතිතුමාටද? අනේ උත්තරයක් දෙන්න සුදෝ. (නදී)

:       0       0

අතුල පෙරේරා Saturday, 26 July 2014 11:07 AM

සිල්වා දන්නා දෙයක් නැහැ. (නදී)

:       0       0

ජයසිංහ Saturday, 26 July 2014 11:33 AM

මේ ගිරිහාගම මහත්තයා ඉතා හොඳ කෙනෙක්, පවු අප්පා (නදී)

:       0       0

චාමික Saturday, 26 July 2014 11:41 AM

ට්‍රස්ට් ලංකා, ඔයත් ඕමාන සුරක්ෂා නිවසේ කාන්තාවන්ව විදේශිකයන්ට පාවාදෙන කම්කරු නිලදාරියෙක්වත් ද ? වෙන කිසිම කෙනෙක් ඔය දේට හොදයි කියන්නේ නැහැ දුෂිතයෙක් ඇරෙන්න.(නදී)

:       0       0

සුරේෂ් දොම්පේ Saturday, 26 July 2014 12:02 PM

තානාපති කාර්යාල කොහෙත් එකයි. මම මැලේසියාවෙ ඉන්නෙ ඉතින් මම දන්නව මෙහෙ හැටි. ඔක්කොම පල් හොරු (නදී)

:       0       0

සත්‍යපාල කටාර් Sunday, 27 July 2014 11:06 AM

තානාපතිල ගැන තානාපති කාර්යාල පිළිබඳව නොදැන ප්‍රතිචාර දාන්න එපා. තානාපතිලා වෙලා යන්නේ පවතින රජයට කත් අදින දේශපාලනයට උඩ ගෙඩි දෙන අය තමා. අපිට මොනා හරි සේවයක් කරගන්ඩ ඔය තානාපති කාර්යාලවලට ගියාම එ්කේ ඉන්න අයගේ රෙස්පෙක්ට් බලන්ඩ ඕනා. දුප්පත් කමටනේ රට එන්නේ නේද? අහිංසක හවුස් මේඩ්ලා හෝ හවුස් ඩ්‍රයිවර්ල ගියොත් එම්බසියේ වැඩකරන අයගේ සැර පෙන්නනවා. එම්බසියේ අය හරියට නිකන් සේවය කරනවා වගේ. හැම දේකටම සල්ලිත් ගන්නවා. පුළුවන්තරම් ගෘහ සේවිකාවන්ව එක එක තැන්වලට විකුනනවා. තානාපති කාර්යාල ගැන ලියනවා නම් පොතක් ලියන්න පුලුවන් (නදී)

:       0       0

ආන්නද Saturday, 26 July 2014 12:26 PM

නලින් යහම්පත් ඔබ හරියටම හරි. 1977 ට පස්සේ තමා හැම ප්‍රශ්නයක්ම. (නදී)

:       0       0

සරත් Saturday, 26 July 2014 01:20 PM

ට්‍රස්ටිලංකා නැටිට පාගා ගෙනද කතා කරන්නේ? ඵහෙම නැත්නම් මේ දුෂිතයින්ගේ කොටස්කාරයෙක්ද? ජනතාව නොමග යවන්න ඵපා. ඔයා දන්නනද මෙි ගැන පොලිස් පරික්ෂනයක් කරගෙන යනචා ඒක දිගටම ගියොත් දුෂිතයින් හිරේ. අනිත් කාරණය තමයි තානාපතිවරයකු අාපසු යාමෙිදි දෙරට අතර සිදුවිය යුතු රාජ්‍යතාන්ත්‍රික කටයුතු බල්ලාට දමමින් දින පහක් තුලදි තානාපතිතුමා අාපසු කැදවිම ආස්චර්යේ පෙරනිමිතිද? . (නදී)

:       0       0

ජගත් ලියනගේ Saturday, 26 July 2014 02:06 PM

නීති ගරුක අයට දැන් රක්ෂාව හරියට කර ගෙන යන්න අමාරු කාලයක් මේ තියෙන්නේ. (නදී)

:       0       0

නීල් වල්ගම්පාය Saturday, 26 July 2014 02:25 PM

තානාපති සේවයේ හොඳ අයත් ඉන්නවා. එ්ත් දූෂිතයෝත් ඉන්නවා. ඒක රටේ කරුමය. (නදී)

:       0       0

මාලි Saturday, 26 July 2014 02:27 PM

ඔය සුරක්ෂා නිවසේ සිටි වස බිවු ගෘහ සේවිකාවක් ලංකාවට ඇවිත් තියෙනවා. ඇය කියා තිබෙනවා කම්කරු අංශයේ ඉහළ නිලධාරීන් ගහනවා කියා. එතකොට තව දිවි නසාගන්න උත්සහ කළ කීප දෙනෙක් ඕක ඇතුලේ ඉන්නවා. තානාපති මාරු කළාම උන්ට රජ මගුල්නේ.(නදී)

:       0       0

සුරම්යා Saturday, 26 July 2014 02:31 PM

තානාපතිවරයා විතරක් මාරු කරලා හරියන්නේ නැහැ එහෙනම් ඔතන ඉන්න දුෂිත නිලධාරීන් ටිකත් මාරු කරලා දාන්න කියා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඔය අසාධාරණයට ලක් වුන කාන්තාවට සාදාරණය ඉෂ්ඨ කරන්නේ කොහොමද ඇයව ඔවුන් බාරයේ තියාගෙන. ඇයගේ පරික්ෂනය ඉවරවෙන කම් තානාපතිව ඔතන තියලා ඇයව ඔහුගේ බාරයට පත් කරන්න (නදී)

:       0       0

චන්ද්‍රා Saturday, 26 July 2014 02:32 PM

මින් පෙනෙන්නේ තානාපති වරයට වඩා වැඩි බලයක් දුෂිතයන්ට ඇති බවය. අපට ඇති ප්‍රශ්නය එම දුසිතයන්ගේ බලය ජනාධිපති බල තල වලට වඩා අඩුද ? වැඩිද? අසරණ කාන්තාවන් වෙනුවෙන් මෙම ප්‍රස්න ඉක්ක්මනින්ම විසදේවා!. (නදී)

:       0       0

ආනන්ද Sunday, 27 July 2014 02:24 PM

කොන්ද කෙලින් තිබෙන නිලධාරීන්ට හරි අමාරු තත්වයක් දැන් ඇතිවෙලා තියෙන්නේ. නීතිය ගැන දුකයි. රටක් රැකෙන්න නීති හරියට ක්‍රියාත්මක වියයුතුයි. (නි)

:       0       0

දේ සිල්වා Saturday, 26 July 2014 03:02 PM

අතුල මම ඕමානයේ වැඩකරන්නේ. මේ ගැන ඔයා දන්නැති උනාට මම දන්නවා (නදී)

:       0       0

ටිරෝන් Saturday, 26 July 2014 03:08 PM

1977 ගැන ඇයි කතා. අැයි 1994 පස්සේ ඕවා නිවැරදි කරන්ඩ තමා අපි හරි මිනිස්සු පත් කලේ. ඒ ගොල්ලෝ දැන් මොකද කරල තියෙන්නේ. ජේ ආර් ගේ ව්‍යවස්තාව දැන්වත් ගලවමු. නැත්නම් ජේ.ආර් ට, ප්‍රේමදාසට බැන, බැන හොඳට වැරදි වැඩ කරනවා.(නදී)

:       0       0

නිමල් කුවෛට් Saturday, 26 July 2014 04:46 PM

මේ පිටි පසේ ඉන්නේ ඇමති කෙනෙක්. ඡන්දය නිසා ජනාධිපතිට උනත් මොකුත් කරන්න බැරිවෙන්න ඇති. (නදී)

:       0       0

සත්‍යයා Saturday, 26 July 2014 05:05 PM

අපේ තානාපති සේවාව කියන්නේ වර්තමාන ආණ්ඩුවේ හෙන්චයියන්ට සුඛෝපභෝගී රැකියා සපයන ජොබ් සෙන්ටර් එකක්. ඉහළම තැන ට පවුලේ කෙනෙක් ඊට පහළ තනතුරුවලට සුරඹුවන්. දඹුලු ගියහම තලගොයිත් මරාගෙන එන්න පුළුවන් විධියට තමයි ක්‍රම සහ විධි ලැස්ති කරලා තියෙන්නේ. ජනතාවගේ මුදල් මකර කටවල. (නදී)

:       0       0

ධම්ම Saturday, 26 July 2014 05:36 AM

කොයි කවුරු මොනවා කිව්වත් මැදපෙරදිග යන ගෘහ සේවිකාවන් අන්ත අසරණයි. කවුරු කවුරුත් කරන්නේ ඔවුන්ගේ කර පිටින් තම තමන්ගේ ජාම බේරා ගැනීමයි. (නදී)

:       0       0

ලංකා Monday, 28 July 2014 09:45 AM

චාමික, ඔයා දන්නේ කොහොමද ඔය දේවල් ඇත්ත කියලා හෝ බොරු කියලා. (නි)

:       0       0

සේන Saturday, 26 July 2014 05:53 AM

හොඳ නිලදාරීන්ට විදෙස් සේවයේ කිසිම තැනක් නැතිලු. දේශපාලන පත්වීම් නිසා නුසුදුසු පුද්ගලයෝ පත්වෙනවා. විදේශ සේවයේ වසර ගානක් සේවය කරන නිලධාරීන් සිටියදී ඇයි දේශපාලන පත්වීම දෙන්නේ? (නදී)

:       0       0

සිසිර Saturday, 26 July 2014 05:58 AM

කොහොමත් ලංකාවේ බොහෝ තානාපති කාර්යාල වල තත්වය ගැන කතා කරලා වැඩක් නැහැ (නදී)

:       0       0

චාමික Saturday, 26 July 2014 06:02 AM

අාශ්චර්යනේ ඉතින්! (නදී)

:       0       0

කමල් Saturday, 26 July 2014 07:31 PM

දැන් ඉතින් යාලුවෙක් යවමු තානාපති කරලා, සුදුසුකම් නැත්නම් ගොඩක් හොදයි (නදී)

:       0       0

නුවන් Saturday, 26 July 2014 06:08 AM

ඇමතිවරයාගේ නම කියන්න ඕනේ නැහැ අපි හැමෝම දන්නවා එයා කව්ද කියලා (නදී)

:       0       0

ලුම්බිණි Saturday, 26 July 2014 06:11 AM

නිවසේ නම නම් 'සුරක්ෂා'. අනේ අපොයි මෙහෙමත් ආරක්ෂාවක් (නදී)

:       0       0

රොහාන් Saturday, 26 July 2014 07:49 PM

මම දන්නා විදියට මේවා බොරු චෝදනා. නොදන්නා දේ කීයා අසරණ මේ කාන්තාවන්ට නිග්‍රහ කරන්න එපා. (නදී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Saturday, 26 July 2014 08:51 PM

කාට කියන්නද? මේවා (නදී)

:       0       0

සමරේ(ගාල්ල) Saturday, 26 July 2014 09:17 PM

1998 සිට මෙි දක්වා ශ්‍රී ලංකාවෙි තානාපති සේව‍ය ගැන මටත් ගොඩක් අත්දැකීම් තියෙනවා. මෙි වෙනුවෙන් වාර්ෂිකව වියදම් කරන විශාල මුදල් ප්‍රමානයට අනුව මගේ මව් බිමට මෙි තානාපති සේවයෙන් ලැබිල තියෙන ප්‍රතිලාභයන් ඉතාමත් අල්පයි. මම දන්න එක් තානාපතිවරයෙක්, ලංකාවෙ මිනිසුන්ගේ ප්‍රධාන ආහාරය බත් කියල දැනගෙන හිටියේ නැහැ. මම කිව්වහම අපිනම් ලංකාවෙදි තුන්වෙිලටම කන්නෙ බත් කිව්වහම ඇත්තද?...... ඇත්තද ?.... පුදුම වෙලා මගෙන් ඇහුවා. (නදී)

:       0       0

ප්‍රියා Saturday, 26 July 2014 09:33 PM

අනේ කවදද මේ ගැහැණු විකුණලා විදේශ විනිමය හොයන එක නතර කරන්නේ. ලජ්ජා නැති රටක් ගැහැණු විකුනලානේ විදේශ විනිමේ හොයන්නේ. ගැහැණු නොවිකෙනෙන වෙන මගක් නැද්ද අනේ. පිරිමිනේ ගැහැණු රට යවන්න එපා. පාරේ හිගා කාපල්ලා තමුන්ගේ ගෑනි රට්ටුන්ට විකුණන වෙලාවේ (නදී)

:       0       0

වජිර Saturday, 26 July 2014 07:14 AM

ඇත්ත කතාව (නදී)

:       0       0

ප්‍රියකුමාර Sunday, 27 July 2014 12:15 AM

තානාපතිවරු යම් තරමකට අවංකව කටයුතු කිරීමට උත්සහ කරන මුත් අනික් නිලදාරීන් නම් ලෝක හොරු. හැකි සෑම විටම කතාව නම් හොදට කරනවා වල්පල්. හැම වෙලේම ඉන්නේ තරහ ගිහින් වගේ. අපි වැදගත් විදිහට කතාකරත් අපේ මුනට කඩා පයිනවා වලස්සු වගේ ලංකාව කවදා හැදෙයිද මන්දා (නදී)

:       0       0

ප්‍රසාද් Saturday, 26 July 2014 08:36 AM

හොඳ කෙනාට තැනක් නැහැ. රට විරුවෝ කියලා ලොක්කෝ බයිලා ගැහුවත් විදින දුක දන්නේ රට ඉන්න අය විතරයි. ඇයි ලංකිකත්වය පිට දේශක්කාරයන්ගේ මුදලට යටකරන්නේ. (නදී)

:       0       0

සුජානි පෙරේරා Sunday, 27 July 2014 01:10 AM

ඩී සිල්වා, ඔයා ඕමානයේ වෙන්න ඇති ඒ වුනාට මම ඊට ඉස්ස්සර ඕස්ට්‍රේලියාවේ ඉන්න කොට හොඳට දන්නවා. මෙහෙන් යන්න වුනේ ඇයි කියලා. ඔයා දන්නේ නැහැනේ දන්නා දේ කියන්න. බොරු එපා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 885 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4011 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1441 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 691 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2440 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37796 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site