IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ඕස්ටේ‍්‍රලියාවට ඉනිමක ජයක්

ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ‘වෝන්-මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ මෙල්බන්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන්  ඕස්ටේ‍්‍රලියානු පිල ඉනිමක සහ ලකුණු 201 ක විශිෂ්ට ජය ලබමින් 2-0 ක් ලෙස තරගාවලියේ ජය ද ලැබීය.   
තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (28) ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 103 කට සීමා කිරීමට  ඕස්ටේ‍්‍රලියානු පන්දුයවන්නෝ සමත් වූහ.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී කඩුලූ 7 ක් පමණක් බිඳ වැටුණු අතර ආබාධයන්ට ලක්ව සිටින ප‍්‍රසන්න ජයවර්ධන සහ චානක වෙලගෙදර දෙවැනි ඉනිමේදී පන්දුවට පහරදීමට නොපැමිණියහ. කුමාර් සංගක්කාරද තුවාල ලබා පිටියෙන් ඉවත් විය.
    දෙවැනි දිනය අවසන් වන විට කඩුලූ 8 ක් දැවී ලකුණු 440 ක් ලබා සිටි  ඕස්ටේ‍්‍රලියානු පිල ඊයේ පෙරවරුවේ ලකුණු 460 කට සීමා විය. ඒ අනුව ශ්‍රී ලංකා පිලට ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 304 ක් රැුස්කිරීමට සිදුවිය.
දිමුත් කරුණාරත්න (1), තිලකරත්න ඩිල්ෂාන් (0) සහ මහේල ජයවර්ධන (0) අසාර්ථක වීමෙන් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 3 කට කඩුලූ තුනක් බවට පත්විය. තිලාන් සමරවීර (1) මුළු ලකුණු සංඛ්‍යාව 13 දී සිවුවැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමග ශ්‍රී ලංකා පිල දැඩි අසීරුතාවකට ඇද වැටුණි.
කුමාර් සංගක්කාර (27) සහ ඇන්ජලෝ මැතිව්ස් (35) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් පැවැත්වුව ද සංගක්කාර තුවාල ලැබීමෙන් සම්බන්ධතාව බිඳ වැටුණි.
මිචෙල් ජොන්සන් යැවූ ඉනිමේ 17 වැනි  ඕවරයේ දෙවැනි පන්දුව කුමාර් සංගක්කාර සිය පා ඉන්න දෙසට හරවා යවමින් ලකුණු ලබාගත්ත ද එම පන්දුව සංගක්කාරගේ වම් අතේ වැදීමෙන් පිතිකරුවා දැඩි වේදනාවට පත්විය. ශ්‍රී ලංකා පිලේ භෞතචිකිත්සකවරයා ක‍්‍රීඩාංගණයට පැමිණ පරීක්‍ෂා කිරිමෙන් පසුව සංගක්කාර ඉනිම අතර මග නවතා ක‍්‍රීඩාගාරයට ගියේය.
පළමු ඉනිමේදී පන්දුවට පහර දෙමින් සිටියදී මිචෙල් ජොන්සන්ගේ පන්දුවක් වැදීමෙන් දකුණු අතේ මහපටැ`ගිල්ලේ ආබාධයකට ලක්ව සිටින ප‍්‍රසන්න ජයවර්ධන පන්දුවට පහරදීමට නොපැමිණීමෙන් ශ්‍රී ලංකා මැද පෙළ අඩපණ විය.
ප‍්‍රබල  ඕස්ටේ‍්‍රලියානු පන්දුයවන්නන් හමුවේ ශ්‍රී ලංකා පසු පෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට නොහැකි වීමෙන් තෙවැනි දිනය අවසන් වීමට පෙරම ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 103 කට සීමා විය.
දෙරට අතර තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ජනවාරි මස 3 වැනිදා සිඞ්නිහිදී ආරම්භ වීමට නියමිතය.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම  ඕවර 43.4 කදී සියලූ දෙනා දැවී 156
(කුමාර් සංගක්කාර 58, ප‍්‍රසන්න ජයවර්ධන 24, මිචෙල් ජොන්සන් 63/4)
 
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම
එඞ් කවන් - ඇ. මහේල ප. ප‍්‍රසාද්     36
ඬේවිඞ් වෝනර් - ඇ. ප‍්‍රසාද් ප. මැතිව්ස්    62
පිලිප් හියුස් - දුවද්දී දැවී ගියා     10
ෂේන් වොට්සන් - ඇ. සමරවීර ප. ප‍්‍රසාද්     83
මයිකල් ක්ලාක් - ඇ. මහේල ප. එරංග     106
මයික් හසී - ඇ. හේරත් ප. ඩිල්ෂාන්     34
මැතිව් වේඞ් - ඇ. එරංග ප. ප‍්‍රසාද්     1
මිචෙල් ජොන්සන් - නොදැවී     92
පීටර් සිඞ්ල් - ඇ. මහේල ප. එරංග     13
නේතන් ලයන් - ඇ. චන්දිමාල් ප. මැතිව්ස්     1
ජැක්සන් බර්ඞ් - ප. එරංග     0
අතිරේක     22
එකතුව  ඕවර 134.4 කදී සියලූ දෙනා දැවී     460
කඩුලූ වැටීම:
1- 95(වෝනර්), 2-117(හියුස්), 3-117(කවන්), 4-311(ක්ලාක්), 5-313(වොට්සන්), 6-315(වේඞ්), 7-376(හසී), 8-434(සිඞ්ල්), 9-451(ලයන්), 10-460(බර්ඞ්)
පන්දු යැවීම:
වෙලගෙදර: 14.4.6.38.0, එරංග: 27.2.109.3, ප‍්‍රසාද්: 26.2.106.3, මැතිව්ස්: 16.3.60.2, හේරත්: 39.7.95.0, ඩිල්ෂාන්: 12.1.38.1
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම
දිමුත් කරුණාරත්න - දුවද්දී දැවී ගියා     1
තිලකරත්න ඩිල්ෂාන් - ඇ. කවන් ප. ජොන්සන්     0
කුමාර් සංගක්කාර - තුවාල ලබා පිටියෙන් ඉවත් වුණා     27
මහේල ජයවර්ධන - ප. බර්ඞ්    0
තිලාන් සමරවීර - ක.මු.කළා ප. බර්ඞ්     1
ඇන්ජලෝ මැතිව්ස් - ප. ජොන්සන්     35
ධම්මික ප‍්‍රසාද් - ඇ. හියුස් ප. ලයන්     17
රංගන හේරත් - නොදැවී     11
ශාමින්ද එරංග - ඇ. කවන් ප. සිඞ්ල්     0
ප‍්‍රසන්න ජයවර්ධන - පන්දුවට පහරදීමට පැමිණියේ නැත    
චානක වෙලගෙදර - පන්දුවට පහරදීමට පැමිණියේ නැත    
අතිරේක     11
එකතුව  ඕවර 24.2 කදී සියලූ දෙනා දැවී     103
කඩුලූ වැටීම:
1-1(දිමුත්), 2-1(ඩිල්ෂාන්), 3-3(මහේල), 4-13(සමරවීර), 4-62(සංගක්කාර පිටියෙන් ඉවත් වුණා), 5-74(මැතිව්ස්), 6-102(ප‍්‍රසාද්), 7-103(එරංග)
පන්දු යැවීම:
ජොන්සන්: 8.0.16.2, බර්ඞ්: 9.1.29.2, සිඞ්ල්: 5.2.0.32.1, ලයන්: 2.0.16.1
තරගයේ වීරයා: මිචෙල් ජොන්සන්



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාවට ඉනිමක ජයක්

මැක්සි Friday, 28 December 2012 01:28 PM

හිරෑ ඔබ සමඟ මම එකඟයි ...... (ස)

:       0       0

හේරත් Friday, 28 December 2012 01:57 PM

දිනුවම මල් ...පැරදුනහම මුල්.. (ස)

:       0       0

කාන්ස් Friday, 28 December 2012 11:47 PM

අපොන්සුගේ කතාව ඇත්ත. ලංකාව ටෙස්ට් වල අවසානයේ ඉන්නේ. (නි)

:       0       0

දිනේෂ් Friday, 28 December 2012 02:50 PM

හිතා මතාම පැරදුනු තරඟයක් වගේ. හරිම දුකයි (ස)

:       0       0

ලලිත් Saturday, 29 December 2012 12:25 AM

මෙයාලා හරියට විනෝද චාරිකාවක් ගිහින් වගේනේ (ස)

:       0       0

අපොන්සු Friday, 28 December 2012 03:30 PM

ටෙස්ට් ක්‍රිකෙට් ක්‍රීඩා කිරීමට ලංකාවේ තියෙන අදක්ෂතාවය මැනවින් විදහා දක්වපු තරඟයක්.(ස)

:       0       0

ගමගේ Friday, 28 December 2012 03:31 PM

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විශාල ලෙස පිරිහිලා ......(ස)

:       0       0

නෙල්සන් Saturday, 29 December 2012 01:32 AM

අර්ජුන කියපු දේ ඇත්ත කියලා දැන් තමයි තේරෙන්නේ. (නි)

:       0       0

රංජිත් Friday, 28 December 2012 03:45 PM

මේ සේරටම නිවාඩු දිලා අලුතින්ම ක්‍රීඩ‍කයෝ තෝරන්න.(ස)

:       0       0

යොහාන් Friday, 28 December 2012 03:56 PM

හේරත්, පරදින ක්‍රමය අනුවත් මල් දෙන්න පුලුවන් තමයි. (නි)

:       0       0

ජනක Friday, 28 December 2012 04:01 PM

හොදින් ක්‍රිකට් පරිපාලනය දන්නා අයෙක් හට එම අභියෝගය භාරදිය යුතුයි. (නි)

:       0       0

සමන් Saturday, 29 December 2012 05:02 AM

1995 ගහපු කණ්ඩායම ගියා නම් අඩුම ගණනේ දවස් පහක්වත් සෙල්ලම් කරනවා. (නි)

:       0       0

උපුල් Friday, 28 December 2012 04:43 PM

මම හිතන්නේ 96 (අර්ජුනගේ) කණ්ඩායම යැවුවා නම් මීට වැඩ හොදයි. (නි)

:       0       0

සුබ්‍රමනියම් Friday, 28 December 2012 10:32 AM

අර දෙන්නට තුවාල නිසා පැරදුනාය කියයි (ස)

:       0       0

හිරු Friday, 28 December 2012 10:36 AM

ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් පණ අදින මට්ටමට ඇවිත් තියෙන්නේ. තියෙන ටෙස්ට් මැච් ටිකත් කැන්සල් කරලා කරන මේ විකාර වැඩ හින්දා දවස් දෙකහමා‍රක් යන්න කලින් මැච් එක ඉවරයි. හුගක් අයට ඕනෑ සල්ලි විතරයි. කාට උවමනා විදියටද පරිපාලණය වෙන්නේ . ඕවර 20 මැච්ම ගැහුවහම හරි. අර්ජුන කියපු දේවල් ඇස් පනාපිටම ඔප්පු වෙලා තියෙනවා. පාලක මණ්ඩලයට මේවට දෙන්න උත්තර තියෙනවද? අලුත් ක්‍රීඩාංගන හදන්න බිලියන ගණන් සල්ලි වියදම් කරාට වැඩක් නෑ .බංගලාදේශෙටත් ටෙස්ට් මැච් පරදියි මෙහෙම ගියොත්. (ස)

:       0       0

බෝධිපාල Friday, 28 December 2012 06:00 PM

හිතලා පැරදු‍ණේ නැහැනේ. කවුරුවත් ඉවත් වෙන්න අවශ්‍ය නැහැ. (නි)

:       0       0

ශිරාස් Friday, 28 December 2012 11:16 AM

කරුණාකර බඩු ටික සුදානම් කරගෙන දැන් පරිස්සමින් එන්න (ස)

:       0       0

සිරිනිමල් Friday, 28 December 2012 11:36 AM

කවුද මේවට වගකියන්න ඕනි (ස)

:       0       0

සමන් Friday, 28 December 2012 07:13 PM

දකුණු අප්‍රිකාව ඇවිත් බිමට දාලා ගිය ඕස්ට්‍රේලියාව අපේ අය මුදුනෙන් තියලා ආවා. අපේ අය ඒ වගේ දේට කොහොමත් දක්ෂයිනේ (ස)

:       0       0

තත්සරණි Sunday, 30 December 2012 02:48 PM

ඔයාලා මතක තියගන්න 2011 ලෝක කුසලානෙන් පසු අපි අපේ වීරයන් එක්කම හිටිය නිසා තමා ඔයාලා උඩපැනගෙන විස්සයි විස්ස ගගා ටී20 ලෝක කුසලානෙ බැලුවේ.අපි එයාලත් එක්ක දැනුත් ඉන්නම ඕන නැත්තම් ඔයාලා ඔය අපහස කරන්නේ අපේ කොල්ලන්ට නෙමෙයි. ලක්මෑණීට (ස)

:       0       0

ශානිකා Friday, 28 December 2012 12:15 PM

කියන්න කණගාටුයි මැච් එක පැරදුනේ උවමනාවෙන්මයි. මෙයාලා ලංකාවේ අපිට මැච් එපා කරනවා (ස)

:       0       0

අනුර Friday, 28 December 2012 08:32 PM

ජය වේවා ඕස්ට්‍රේලියා කණ්ඩායමට. (නි)

:       0       0

ඉසුරු Friday, 28 December 2012 12:44 PM

චන්දිමාල්, භානුකලාව ටෙස්ට් වලට දැම්මොත් හොදයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

නිමාලි Friday, 28 December 2012 12:53 PM

අනේ අප්පේ! අපේ ක්‍රිකට්... (නි)

:       0       0

සිල්වා Friday, 28 December 2012 01:03 PM

මේ ගොල්ලෝ IPL ගහන්නනම් යනවා ,ඉදිරි තරඟයට තරුණ කණ්ඩායමක් ඉදිරිපත් කරන්න (ස)

:       0       0

ඉන්දික Friday, 28 December 2012 01:02 PM

ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය මේකයි. ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ගැන මීටවැඩිය සැළකිළිමත් වියයුතුයි. (නි)

:       0       0

සනා Friday, 28 December 2012 09:06 PM

ඔබ හරි අර්ජුන. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 16 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 49 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 85 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 631 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 539 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 735 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site