IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඕස්ට්‍රේලියාවෙන් 48 ක් පිටුවහල් කෙරෙති

 දේශපාලන රැකවරණ පතා  නීති විරොධී  ලෙස  ඕස්ටෙ‍්‍රිලියාවට  සංක‍්‍රමණය වීමට  උත්සහ දැරූ  තවත් ශ‍්‍රී ලාංකිකයෝ 48 දෙනෙකු  මෙරටට   පිටුවහල් කරනු  ලැබ  අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට මීගමුව අදිකරණය වෙත ගෙන යනු ලැබීය.

ඕස්ටෙ‍්‍රිලියානු   රජය  මැදිහත්ව අදාළ කණ්ඩායම මෙරටට ගෙන්වීම සඳහා කටයුතු කර ඇත.

මේ පිරිස අතර ද‍්‍රවිඩ ජාතිකයෝ 40 ක් සිංහල ජාතිකයෝ 06 ක් සහ මුස්ලිම් ජාතිකයෝ 02 නෙක් වූහ. මේ අතර කුඩා දරුවෝ 6 දෙනෙකුද වූහ. 
මොවුහු ත‍්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

 ඕස්ටෙ‍්‍රිලියානු රජයේ නිලධාරීන් විසින් විශේෂ ගුවන්යානයකින් මෙහි ගෙන එනු  ලැබූ මෙම පිරිස්  ආගමන  විගමන නිළධාරීන්ට බාර දුන් පසුව කරන ලද විමර්ශනයලින් අනතුරුව  කටුනායක ගුවන් තොටුපොළේ පිහිටි  අපරාධ  පරීක්ෂන දෙපාර්තමේන්තුවට බාර දීමෙන් අනතුරුව මෙසේ  අදිකරණයට ඉදිරිපත් කිරීමට  ගෙන ගියේය.


 

 

 

 

 

 



අදහස් (0)

ඕස්ට්‍රේලියාවෙන් 48 ක් පිටුවහල් කෙරෙති

samසෑම් Friday, 30 August 2013 11:19 AM

සී ජේ , ඔයා කියන විදියට ඔස්ට්‍රේලියාව ලෝකයේ දෙවන හෝ තුන්වන හොඳම තැන නොවේ . අඩුවසයෙන් පසුගිය අව්රුදු 10 කාලයක් ලෝකයේ ජීවත්වීමට ඇති හොඳම නගරය ලෙස මෙල්බර්න් තේරුණා. මෙල්බර්න් කවදාවත් දෙවෙනි තැනට ඇවිත් නෑ. මේ වසරේත් මෙල්බර්න් පළමු තැනට නම්කළේ ගිය සතියේ. (දී)

:       0       0

විමලරත්න පිළියන්දල Friday, 30 August 2013 03:59 AM

ජගත්, ඔස්ට්‍රේලියාව ලොකු රටක්ද? (නි)

:       0       0

මනුක Friday, 30 August 2013 05:04 AM

කට්ටිය උඩ බිම බලන්නේ ලංක්වේද ඉන්නේ කියල හිතාගන්න බැරිව වෙන්නැති (අ)

:       0       0

සෙනරත් Friday, 30 August 2013 05:25 AM

අනේ මන්ද කෙනෙකුට සිය රට තරම් සුර පුරක් නෑ තමය් ,මම නමුත් තව ටිකක් පස්සේ ලංකාවට ඇවිත් පදිංචි වෙනවා (අ)

:       0       0

ඩෙනම් Saturday, 31 August 2013 12:52 PM

මට නම් අර පොඩි ළමයා දිහා බලනකොට දුකත් හිතෙනවා . පව් ඇත්තටම .(අ)

:       0       0

රෙසිකි Friday, 30 August 2013 05:38 AM

ජගත් හරි, කොස්වත් , බොරුවට මෝඩ කතා කියන්න එපා. අපිට මෙහෙ හොද තැනක් තියනවා පකිස්තාන් , ඉන්දියන් අයට වඩා. නමුත් දැන් දැන් ඒ ගොල්ලොත් අපිට හිනා වෙනවා. ලගදී මෙහෙ එක රේඩියෝ චැනල් එකෙකින් කිව්වා තේ, ක්‍රිකෙට් වලට වැඩ දැන් ලංකාව ප්‍රසිද්ද නීති විරෝදී සංක්‍රමිනිකයන්ට කියල. බලන්න උතුරේ ගහල තියන දැන්වීම් ඔස්ට්‍රලිය රජයෙන්. අපි වැඩ කෙරන තැන වලිනුත් හිනා වෙනෙවා. හොදෙටේ විභාග කෙරපු කොල්ලන්ටත්රැකියා ගන්න ගියාම හිනා වෙනවා. ආවේ බෝට්ටුවෙන් ද කියල අහනවා. විහිලුවට වගේ අහුවත් යටි හිතෙන උන් අපිට හිනා වෙනවනේ. ඔය ඔහේ ඉදන් වැඩේ නැතුව ද මේ වගේ ප්‍රතිචාර දන්නේ? (අ)

:       0       0

සීජේ Friday, 30 August 2013 05:47 AM

මම මේ අපේ තරුණ නංගිලා මල්ලිලට කියන්නේ. මම සාමාන්‍ය මධ්‍යම පන්තිකයෙක් O /L කරන කාළෙම ආශාවක් ඇති වුණ ඕස්ට්‍රේලියා හරි එංග්ලන්ඩ් හරි යන්ද. එදා ඉදල පාඩම් කලා කරනන් ඕනේ විභාග ආණ්ඩට අවශ්‍ය දේවල්. මට නෑදෑයෝ උන්නේ නැ අනික අහන්ඩ කෙනෙක් වුන්නෙත් නෑ. මම උත්සහ කළා වැදගට් විදියට අවා අතට ජගත් කියන එකේ මේකේ සුරපුරයක් තමා. ලෝකේ හොදම දෙවැනි තුන්වෙනි රට වෙනද මේ රටවල පාලකයෝ අරමුණක් ඇතිව වැඩ කරලා තියනවා. හැම කෙනෙටම ලස්සනට ජීවත් වෙනද පරිසරයක් නිර්මාණය කරලා තියනවා. නංගිලා මල්ලිලා පඩම් කරන්ඩ ඉගෙන ගන්න හොඳ ඉංග්‍රිසි හොදට කරන්ඩ. එන්ඩ Australia වැඩ ගත විදියට විදින්ද මේ සුන්දරත්වය නිදහස. කරුණ කරලා බෝට්ටු වල එන්ඩ එපී කිසිම වැඩක් නෑ .(අ)

:       0       0

පිටස්තර හෙළයා Friday, 30 August 2013 06:12 PM

ආරේ ගති නෑරේ...! (නි)

:       0       0

පියල් Friday, 30 August 2013 06:09 AM

පිට රටවලට ගිහිල්ල හම්බකරන්න විදින මහන්සිය මේ රටේදීත් වුණ නම් සාමාන්‍ය මිනිස්සුන්ට මේ රටේදී සැප විදින්න පුළුවන් !(අ)

:       0       0

මාටින් Friday, 30 August 2013 06:56 AM

පියල් හරි. එහෙ සුද්දන්ගේ වැසිකිළි හෝදනවට වැඩිය මෙහෙ කුඹුරු කොටන එක මට නම් සැපයි. (නි)

:       0       0

උපාලි Friday, 30 August 2013 06:57 AM

ජීවිත කාලයක් පුරා හම්බකරගත් දේපල උගස් කරලා, ජීවිතයත් මරණයත් අතර සටනක් කරලා, අන්තිමට මොකවත් නැතුව එනවා. ලැබුනා නම් ලැබුනේ බෝට්ටුවෙන් ගිහින් අහස්‌ යාත්‍රාවෙන් ආපසු ඒමේ 'ට්‍රිප්' එක විතරයි. කට්ට කෛරාටික ඒජන්තයින් විසින් පෙන්වන ලද අහස්‌ මාලිගාව බිඳ වැටිලා. ඕස්ට්‍රේලියාවේදී අහුවුනත්, අපේ නාවික හමුදාවට අහුවුනත් අපරාදේ හම්බකරගත් දේත් නැතුව ආපහු එන්න වෙනවා කියන සත්‍යය මේ මිනිස්සුන්ට (යන්න කලින්) අවබෝධ කරලා දෙන්න කෙනෙක් නැද්ද? (නි)

:       0       0

ජෙරාඩ් Friday, 30 August 2013 07:01 AM

සමහරුන්ට පිටරට සුරපුරයක් වුනාට පිටරට කාලයක් හිටපු අපිට නම් අපේ රට තමා වටින්නේ. එහෙත් දේශපාලුවන්ගෙන් ලංකාව ගලවා ගන්නනම් ඕනෑ (නි)

:       0       0

ශිරෝමි පිළියන්දල Friday, 30 August 2013 01:01 PM

අනේ අපේ කට්ටියත් ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. එයාලා සුර සැපත් විදිනවා ඇති. ඒ උනාට අපිට නං එයාලව පෙන්නේ වෙන රටක ඉන්න අනාථයෝ වගේ (අ)

:       0       0

ජගත් Thursday, 29 August 2013 08:09 PM

අපි මෙහෙ ඉන්න මේ බෝට්ටුකාරයන්ට බැන්නත්, (අවංකවම අපි කැමති නැහැ මේ අය අපිට මෙහෙ තියෙන තත්වය නැති කරන නිසා). එහෙත් මේ අහිංසක දරුවෝ දැක්කම ඇත්තටම දුක හිතෙනවා, මේ සුර පුරයට ඇවිල්ලා මෙහෙ ලස්සන දැකලා නැවත යන්න වුනාම, මේ පොඩි දරුවන්ට මොනතරම් දුක හිතෙන්න ඇද්ද? (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Friday, 30 August 2013 08:12 AM

ලංකාවේ වුණත් මෙහෙම යන්න වුණේ යුද්දේ හින්දා. යුද්ධයක් නොතිබුන කාලේ කවුරුත් මේ විදිහට ජීවිතයත් මරණයත් අතර ගමනක බෝට්ටුවක නැගලා එන්න හිතුවේ නැහැ. ඒ මිනිස්සු කොහෙත්ම වැරදිකාරයෝ නෙමෙයි. බොරු කියලා මිනිස්සු රවට්ටලා බෝට්ටු වලට පටවන අය තමයි වැරදිකාරයෝ. (නි)

:       0       0

සීජී Saturday, 31 August 2013 05:30 AM

ජගත් හරියටම හරි. මටත් කියන්න තියෙන්නේ ඒක තමයි. ඕක තමන්ගේ ආකල්ප... ආකල්ප හා ක්‍රියාව අවුල් නම් දිවිය ලෝකේ ගියත් වැඩක් නැහැ (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 29 August 2013 08:19 PM

ජගත්, ඔය වැරදියි (නි)

:       0       0

කටා මාමා Friday, 30 August 2013 08:13 AM

පුරවැසිකම දෙන රටවල් වලට අලුතෙන් යන අය කලින් ඒ රටවල පුරවැසිකම් අරගෙන ඉන්න අයගෙන් උදව්වක් බලාපොරොත්තුවෙන එක මෝඩකමක්. දන්න හින්දයි කියන්නේ (නි)

:       0       0

ධම්ම Friday, 30 August 2013 01:08 PM

ජගත්, ඔබ ඔය රටට සුරපුරයක් කියන්නේ ඔබට එය අලුත් අත්දැකීමක් නිසා. නමුත් ඔබේ දරුවන් කිසිකලක ඔය වගේ කතා කියන්නේ නැහැ, මොකද ඔවුන් ඕස්ට්‍රේලියානුවෝ නිසා. (නි)

:       0       0

සමන් කුමාර Friday, 30 August 2013 08:17 AM

ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වන්නන්ට, ඕස්ට්‍රේලියාවේ කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඔවුන් තම මවු රට විශාල අපකීර්තියකට පත්කරන අතර තමන්ගේ මුළු ජීවිත කාලයම ඒ කළ වරදට පසුතැවෙන්න සිදුවෙනවා. නීත්‍යානුකුලව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්න ක්‍රම ගොඩක් තිබෙනවා. නීත්‍යානුකුලව සංක්‍රමණය වන්නන්ට, ඕස්ට්‍රේලියානු රජයෙන් බොහෝ ප්‍රතිලාභ ලබාදෙනවා.එසේනම් කළයුත්තේ ඕස්ට්‍රේලියාවට නීත්‍යානුකුලව සංක්‍රමණය වීමයි. (නි)

:       0       0

අමාර Friday, 30 August 2013 08:18 AM

මොනවා වුණත් ටුවර් එකක් නේද? (නි)

:       0       0

නසාර් Thursday, 29 August 2013 08:30 PM

මෙයාලා කොහේ ගියත් මොනවා කළත් කමක් නැහැ.මෙයාලා එහෙ ගිහින් විසා ගන්න කියන බොරු කතා නිසා තමා ලංකාවේ නම කැත වෙන්නේ (නි)

:       0       0

රුක්මල් Thursday, 29 August 2013 08:37 PM

ආසියාවේ ආශ්චර්යය! අනේද කියන්නේ .... (නි)

:       0       0

රකිත් Friday, 30 August 2013 08:42 AM

අයියෝ රෙසිකි, හිනාවෙන ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඇහුවේ නැත්ද ඔයගොල්ලෝ කොහොමද මේ රටට ආවේ කියලා. නිකන් නෙවෙයි, බලෙන් ඇවිල්ලා, ආදී වාසීන්ගේ ජිවිත විනාශ කරලනේ රට අල්ල ගත්තේ. ඇයි කටේ පිට්ටුද?(නදී)

:       0       0

ජගත් Friday, 30 August 2013 07:58 PM

ප්‍රසන්න, ඕස්ට්‍රේලියාවේ ඉන්නේ කොහෙද කියලා මම දන්නේ නැහැ. සමහරවිට "ඇබෝ" ගමක වෙන්න ඇති. නැත්නම් මෙහෙ සුන්දරත්වය විදින්න අවුරුදු 18ක් ගතවෙන්නේ නැහැ. (නි)

:       0       0

ශිරෝමි පිලියන්දල Thursday, 29 August 2013 09:12 PM

මෙහෙත් සුර පුරයක් තමයි ජගත්. ඔයාලට වටිනාකමක් නැති වුණාට (අ)

:       0       0

Rana Friday, 30 August 2013 08:59 AM

ජෙරාඩ් ඔබ හරි. මමත් බොහෝ රටවල සිටපු කෙනෙක්.ඔබ වැනි උගත් මුස්ලිම් සහෝදරවරු මෙහෙම කියන කොට අපිට අපේ රට ගෙන හරි ආඩරම්බරයි . (දී)

:       0       0

කොස්වත් Thursday, 29 August 2013 09:48 PM

ජගත්, ඔයාල කොහමද ගීයේ ? ලංකාවේ නම කලද නැතම් උලලද ? (අ)

:       0       0

කින් බෙනට් Friday, 30 August 2013 09:21 AM

මේකේ කොමෙන්ට් දමන අය කෙසේ කොහොම කිවුවත් ඒ අයටත් අවස්තාවක් ආවොත් හොඳ විදේශ රටකට යන්න ඒ අය යන්නේ පැදුරටත් නොකියා කියන එක විශ්වාසයි ..මේ ඔක්කොම බයිලා ගහන්නේ අවස්තාව එනකම් විතරයි ...(දී)

:       0       0

කින් බෙනට් Friday, 30 August 2013 09:26 AM

ලංකාව කියන්නේ ඉතාම ලස්සන රටක් ..මේ මිනිස්සු යන්නේ ඒ ලස්සන රටට අකමැති හින්දා නෙමෙයි .. මේ මිනිස්සුන්ට ඒ රටේ ලස්සන දකින්න , ලස්සන විඳින්න අවස්තාවක් පාදලා නොදෙන හින්ද ..ඇමරිකාවට පුළුවන් නම් රතු ඉන්දියන් ජනතාව සමග , කළු ජාතිකයන් සමග , වෙනත් රටවලින් පැමිණ ඉන්න ජනතාව සමග එකට ජිවත් වෙන්න ඇයි අපිට බැරි එකම රටේ ඉපදුන වෙනත් ජාතින් සමග සහයෝගෙන් ඉන්න ... අපේ රටේ කිසිදා දෙමල හෝ මුස්ලිම් උගතෙකුට ජනපතිකම ලබාගන්න පුලුවන්ද ? බෑ...(දී)

:       0       0

කින් බෙනට් Friday, 30 August 2013 09:30 AM

පියල් නිකන් නොදන්නා දේවල් නොකියා ඉන්නවද ? පිට රටවල් ගිහින් තමන් හොඳට මහන්සිවෙලා සල්ලි හොයනවා වගේ ලංකාවේ කරන එක සිහිනයක් ...ලංකාවේ මොන ආයතනේද හොඳට තම රාජකාරිය කරන මිනිහට තැන තියෙන්නේ ? ලංකාවේ තැන තියෙන්නේ අනුන්ගේ කේලම් හොයා හොයා ඉහලට කියන මිනිහට විතරයි .. (දී)

:       0       0

නිමල් Thursday, 29 August 2013 10:07 PM

මේ මිනිස්සුන්ව අමාරුවේ දමපු අය‍ට පමණක් නෙමෙයි ,ජාවාරම්කාරයන්ට යහතින් ඉන්න සළස්සන අයටත් ශාප වේවා. (නි)

:       0       0

මනෝජ් Tuesday, 03 September 2013 06:19 AM

මල්ලිලා, ඔයාලා ඔක්කොමලා තමුන්ගෙ හිතෙන් අහලා බලන්න. අපේ රටේ නෙමෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ රටෙහි මිනුස්සුන්ගෙ.අපේ රට ජීවත් වෙන්න තියෙන හොදම රටවල් වලින් එකක්,මිනිස්සු ඒක විනාශ කළේ නැත්නම්, කුහකකම් නැත්නම්.නිකන් ඉඳලා රට විනාශ කරලා සල්ලි හොයන්න හදන්නේ නැත්නම්,කම්මැලි නැත්නම්.මොකද අපි රට ආවහම ඔය ජරාවැඩ නවත්තලා මෙහෙ විදිහට හැඩගැහෙනවා.මෙහෙ මිනිහා සහ මිනිස් අවශ්‍යතා තමා මුලින්ම සළකන්නෙ (ප්‍රධාන තැන).භෞතික දේවල් නෙමෙයි. ලංකාවත් එහෙම වෙනස් වුන දවසට මටත් පුලුවන් මගෙ අන්තිම හුස්ම හෙලන්න මගෙ රටට යන්න.ලංකාව මගෙ රට ,මගෙ අම්මා ,තාත්තා,සියා,මුත්තා,කිරිකිත්තා,නත්තා,පනත්තා ඉපදිච්ච රට.මොන ප‍්‍රශ්න ආවත් මම කොන්ද කෙලින් තියාගෙන කියන්නෙ ඒ මගෙ රට (නි)

:       0       0

චතුර Thursday, 29 August 2013 10:32 PM

ජගත් ඔයාට දුකයි නම් ගෙදර ගෙනැල්ලා තියාගන්න, මෙයාලා මෙහෙ ඇවිල්ලා ලංකාවේ නම විකුණගෙන කනවා. (නි)

:       0       0

දර්ශන Friday, 30 August 2013 09:55 AM

නිත්‍යානුකුලව යන්න බැරිද (දී)

:       0       0

රත්නායක ආරච්චිගේ Friday, 30 August 2013 10:01 AM

ලෝකේ කොහේ ගියත්, ලංකාව වගේ වටිනා රටක් නැහැ,ලංකාවේ භූමිය ගහකොළ,ඇලදොළ ,ගංගා,ලස්සන වෙරල තිරය,මේවා ඔක්කොම සුන්දරයි,නිදහසෙන් පස්සේ කිසිම ආණ්ඩුවක් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන්නේ නැහැ,ඒ නිසයි මිනිස්සු නීතිවිරෝදී මාර්ගවලින් පිටරට පනින්නේ, (දී)

:       0       0

සහන් Friday, 30 August 2013 10:15 AM

ඕස්ට්‍රෙලියාව සුරපුරයක් කියන එක ඇත්ත. මෙහෙ ලංකාවේ වගෙ පගාවට, මර්ධනයට, බොරු සොබනේට, තැනක් නැහැ. ඒත් කලු හම ඇති අපි වගේ අයට දෙවනි පන්තියේ සැලකිම තමයි තියෙන්නේ. ඒ කියලා මේ අය අපට ගහන්න එන්නෙ නැහැ එත් වැඩිය ගනන් ගන්නේ නැහැ. ඒ අය ඒ අයගෙ පාඩුවේ අපි අපේ පාඩුවේ. මම නං හරි කමතියි මෙහෙට. මෙහෙ සංස්කෘතිය හරියට වෙනස්. කිසිම කෙනෙක් ඉදිරියේ දෙකට නැමෙන්න ඔනේ නැහැ. හැමෝටම, අගමැති අතුලුව, නම කියල කතා කරන්නෙ. සර්-බර් ගාන්නෙ නැති තරම්. මට මතකයි මම බැංකුවේ ඉන්නකොට එකෙ හිටිය ලොකු අයගේ ලොකුකම. දැන් මතක් වෙනකොට හිනත් යනවා. කොල කෑල්ලට උගත් උනත් ලංකවේ සමහරක් නූගත් . ලංකවේ සමාජය වෙනස් වෙන්න ඔනෙ දියුනු වෙන්න නම්. මෙහෙ ලංකවේ වගේ කපටි හොර දෙසපාලුවෝ නැහැ මිනිස්සුන්ව ගසා කන. හැමොම හොඳින් කතා කරනවා, නිතියට ගරු කරන සමාජයක් තමයි මෙහෙ තියෙන්නෙ. ලොකේ හොඳම රටවල්වලින් එකක් තම්යි ඔස්ට්‍රෙලියාව. හරි විදිහට ආවොත් නියමයි. හොරට ආවොත් ආපහු හරවලා එවනවා නැත්තම් පැපුව නිව් ගිනියාවට යවනවා. (දී)

:       0       0

මොහමඩ් Thursday, 29 August 2013 11:34 PM

පිල්ලෙට කිවුවා නම් හොදයි (නි)

:       0       0

ප්‍රසන්න Friday, 30 August 2013 03:35 PM

ජගත් අපිත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. හැබැයි ඔය සුරපුරේ නම් තවම දැකලා නැහැ. අපි මෙහෙ දැනට අවුරුදු 18 ජීවත් වෙනවා. අපිත් ආසයි ඔයකියන ඒ සුරපුරය බලන්න (නි)

:       0       0

සමන් Thursday, 29 August 2013 11:47 PM

හොද අධ්‍යාපනයක් ලැබුවොත් හොද රැකියාවක් හොයාගන්න එක මොන රටක වුනත් අමාරු නැහැ (නි)

:       0       0

තිලක් Thursday, 29 August 2013 11:49 PM

ලංකාව තරම් ලස්සන රටක් වෙන නැහැ. ඒක ගැන මම හොඳට දන්නේ මම ඇමෙරිකාවේ ඉන්න නිසා . (නි)

:       0       0

චින්තක Friday, 30 August 2013 03:43 PM

රටක් සුරපුරයක් වෙන්නේ භෞතික දේවල් වලින් නෙමෙයි.ඉන්න මිනිස්සුන්ගේ ආකල්ප අනුව.ජගත් කිව්වා වගේම ඇත්ත.මගේ ඇස් දෙකටත් කඳුලක් ඉනුවා ඒ නොදරුවෝ ටික දැක්කම.මාත් ඉන්නේ ඕස්ට්‍රේලියාවෙ තමය්.එහෙත් මම ආවේ එන්න ඕනෑ නියම ආකාරයට නීතියට අනුව.මෙහෙ මොන සැප සම්පත් තිබුණත් මට අදටත් මගේ උපන් බිමයි හොඳම සුරපුරය.ඒත් හොඳට හිතලා බලන්න ඒක විනාශ කරන්නේ කවුද. (නි)

:       0       0

රත්න Thursday, 29 August 2013 11:54 PM

මෙහේ ඉන්න අයට ලංකාව සුරපුරයක් නොවෙයි. (නි)

:       0       0

ප්‍රියා Friday, 30 August 2013 12:35 AM

ලංකාවේ උගත් මෝඩයෝ හිතාගෙන ඉන්නේ පිටරට කියන්නේ සුරපුරයක් කියලා (නි)

:       0       0

දම් Friday, 30 August 2013 04:03 PM

අපි නම් හිතින් හැමදාම ලංකාවේ. මිනිසුන් නුසුදුස්සන් පාර්ලිමේන්තුවට නොයැව්වා නම් අද අපිත් ලංකාවේ සතුටින් ජීවත් වෙනවා.දැනට කිසිම කරදරයක් නැතුව හරි හම්බකරගෙන දරුවන්ට උගන්වාගෙන ඉන්න තියෙන රට එංගලන්තය. (නි)

:       0       0

නුවන් රත්නායක Friday, 30 August 2013 11:00 AM

ඕස්ට්‍රේලියා හැර වෙන කිසිම රටකට ගිහින් නැති ජගත් වගේ අයට ඕස්ට්‍රේලියාව සුරපුරයක් වගේ පෙනුන එක ගැන පුදුම වෙන්නේ නැහැ. අනේ ඒ ආවෙත් ඔයාට නරකාදියක් වගේ පෙනෙන අපේ රටේ දුප්පත් මිනිස්සු හම්බකළ දේවලින් ලැබුණු නිදහස් අධ්‍යාපනේට පින් සිදුවෙන්න. එහෙම නොවුනානම් ඔයාටත් සුරපුර බලන්න වෙන්නේ බෝට්ටුවකින් ඇවිත් තමයි. (නදී)

:       0       0

දසුනි Friday, 30 August 2013 01:08 AM

ලංකාව සුරපුරයක් වෙන්න අපි රටවල් වල දුක් විදලා සල්ලි යවන්න ඕනෑ. විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් තමා ලංකාවේ ප්‍රධාන අදායම් මාර්ගය කියලා සමහරු දන්නේ නැති එක ගැන කණගාටුයි.. (නි)

:       0       0

කුමාරි Friday, 30 August 2013 01:19 AM

අද මේ පුවත දුටුවත් හෙටත් පුවත්පතෙ පළවෙයි මේ ව‍ගේම තව කොටසක් ඇල්ලුවා කියලා (නි)

:       0       0

සෙන්තිල් Friday, 30 August 2013 01:34 AM

ලංකාවෙ නම් සුරපුරය ඉතින් මන්ත්‍රීලට,ඇමතිලට සහ ඔවුන්ගේ ළමයින්ට පමණි. ඕස්ට්‍රේලියා ආණ්ඩුවත් අනේ ඉතින් මේ අසරණ මිනිස්සුන්ව පිටුවහල් කරපු එකනම් මහා අපරාධයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 235 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 371 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2495 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2099 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1554 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8473 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34531 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24006 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site