IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 4 ට 75 යි

ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර ‘අළු බඳුන’ ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ නොටිංහැම් නුවර ටෙ‍්‍රන්ට්බි‍්‍රජ් කී‍්‍රඩාංගණයේදී අද (10 වැනිදා) ආරම්භ වූ පළමු තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට  ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 75 ක් ලබා සිටියේය.

පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත ඉනිම ලකුණු 215 කට සීමා කිරීමට  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත් වූහ.

ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන කී‍්‍රඩක පීටර් සිඞ්ල් ලකුණු 50 කට කඩුලූ 5 ක් දවා ගනිමින් එංගලන්ත පිල අඩපණ කිරීමට සමත් විය.

එංගලන්ත කණඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර පළමු කඩුල්ල ලකුණු 27 ක් ව තිබියදී බිඳ වැටුණි. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක් එක් කිරීමට ජෝ රූට් සහ ජොනතන් ට්‍රොට් සමත් වූහ.

තවමත් 19 හැවිරිදි වමත් දග පන්දු යවන්නකු වන ඇෂ්ටන් ආගර්ට ටෙස්ට් හිස්වැස්ම පිරිනමමින්  ඕස්ටේ‍්‍රලියානු පිල මෙම තරගයේදී සිය ප‍්‍රතිවාදී එංගලන්ත පිල පුදුමයට පත්කළේය. ඇෂ්ටන් ආගර් ශී‍්‍ර ලාංකික සම්භවයක් ඇති කී‍්‍රඩකයෙකි. ඔහුගේ මුත්තණුවන් වන නාලා හේවාවිස්ස මහනුවර ධර්මරාජ විදුහල වෙනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩා කර තිබේ. ආගර්ගේ මිත්තණිය ශීලා හේවාවිස්ස කලක් ශී‍්‍ර ලංකා තේ මණ්ඩලයේ සේවය කර තිබේ.

මෙම තරගය විනිශ්චය කිරීම සඳහා ශී‍්‍ර ලංකා පිලේ හිටපු ටෙස්ට් කී‍්‍රඩකයකු මෙන්ම මේ වන විට ලෝකයේ පළමු පෙළේ විනිසුරුවරයකු වන කුමාර් ධර්මසේන මහතා කැඳවනු ලැබ ඇත. පාකිස්තානු ජාතිකයකු වන අලීම් දාර් මහතා ධර්මසේන මහතාගේ සහායක විනිසුරවරයා වන අතර තරග තීරකවරයා ලෙස තවත් ශී‍්‍ර ලාංකිකයකු වන රන්ජන් මඩුගල්ලේ මහතා කටයුතු කරයි.

 

ලකුණු පුවරුව සැකෙවින්:

එංගලන්ත පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 215 (ඇලිස්ටෙයාර් කුක් 13, ජෝ රූට් 30, ජොනතන් ට්‍රොට් 48, කෙවින් පීටර්සන් 14, ඉයන් බෙල් 25, ජොනී බෙයාර්ස්ටෝ 37, ස්ටුවට් බ්‍රෝඞ් 24, පීටර් සිඞ්ල් 50/5, ජේම්ස් පෙටින්සන් 69/3, මිචෙල් ස්ටාක් 54/2)

ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම කඩුලූ 4 ට 75 (ෂේන් වොට්සන් 13, ක‍්‍රිස් රොජර්ස් 16, ස්ටීවන් ස්මිත් නොදැවී 38, ජේම්ස් ඇන්ඩසන් 25/2, ස්ටීව් ෆින් 37/2)

 



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 4 ට 75 යි

ධනංජය Wednesday, 10 July 2013 05:19 PM

අශ්ටෝන් අගර් ලාංකික සම්බවයක් තියෙන කෙනෙක් නේද? (දී)

:       0       0

ගිහාන් Wednesday, 10 July 2013 05:23 PM

ඔවුන් දෙපලට අමතරව, නවක ක්‍රීඩක ආගර්ට ද ශ්‍රී ලාංකීය සම්භවයක් තිබෙනවා. (දී)

:       0       0

ෂෙරිෆ් Thursday, 11 July 2013 02:30 AM

කන්ද උඩරට කලූ හෙළයන්ට හරි ආස ඇති නේද ඇෂ්ටන් ආගර් වෙනුවෙන් ඕස්ටේ‍්‍රලියා සුද්දොත් නෑකම් කියන්න...(අ)

:       0       0

‍මනෝජි Wednesday, 10 July 2013 05:36 PM

ඔබ හරි. ඔහුට ශ්‍රී ලාංකීය සම්භවයක් තිබෙනු බව පැවසීමද සතුටුදායකයි (දී)

:       0       0

ජයන්ත Thursday, 11 July 2013 11:55 AM

ෂෙරිෆ් ඔබ වැනි උගත් කෙනෙකුගේ අදහස් ගැන පුදුමයි , අපි කලයුත්තේ හරිදේ අගේකිරීමත් වරදිදේ විවේචනය කිරීම මිස එකිනෙකාකට බැනගැනීම නොවේ. ඔස්ට්‍රලියානුවන් උස්මාන් ඛවජ සංචිතයට නම් කරලා තිබුන. නමුත් ඔහුව මේ තරඟයට තෝරගන නැහැ. ඔහු තරඟයට තොරගත්තාණන් ඔහුටත් අපි සුබ පතනවා. අපි කව්රුත් ජාතිය ආගම හෝ වෙනත් පුද්ගලික කරුණු ගැන අදහස් පළකිරීමෙන් වලකින්න ඕනේ කියල මම හිතන්නේ. (දී)

:       0       0

ජයන්ත Wednesday, 10 July 2013 06:55 PM

අශ්ටන් අගර්ගේ සීයා නල හේවාවිස්ස මහතා මීට වසර දෙකකට පෙර ඔස්ට්‍රේලියවෙදී අබවාප්‍රර්ථවිය. හේවාවිස්ස මහතා මහනුවර ධර්මරාජ විදුහල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කර ඇත. අශ්ටන්ගේ මව හේවාවිස්ස මහතාගේ දියණියකි. අපි මුළු හදින්ම ඔහුට සුබ පතමු. (අ)

:       0       0

සුජිව Wednesday, 10 July 2013 04:46 PM

මඩුගල්ල,කුමාර දර්මසෙන ,ඔබ දේපල ශ්‍රී ලංකා මාතාවට මහත් ආඩම්බරයකි. ඔබ දෙපලට ජය ! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 355 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2093 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1589 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 684 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 587 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 691 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site