IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඕස්ට්‍රේලියාව ගොළු වෙලා

ඕස්ට්‍රේලියාවේ රැකවරණ පතා බෝට්ටුවකින් ගිය ශ්‍රී ලාංකිකයින් 153 දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාවට බාර දුන් බවට  ක්‍රිස්මස් දූපතේ  පැතිර යන  වාර්තා ගැන ප්‍රතිචාර දැක්වීම ඔස්ට්‍රේලියා රජය ප්‍රතික්ෂේප කරයි.

ඕස්ට්‍රේලියා නාවික හමුදාවෙන් පසුගිය සෙනසුරාදා  අත්අඩංගුවට ගත් බව කියන  මෙම පිරිස සමඟ දුරකතන සබඳතා ඇනහිට ඇත.

බෝට්ටුවේ තිබු දුරකතනය ඕස්ට්‍රේලියා රජය රාජසන්තක කිරීම ඊට හේතුව බව කියති.

සරණගාතයින් පනස් දෙනකු  රැගත් තවත් බෝට්ටුවක් ඕස්ට්‍රේලියා මුහුදු තීරයට පැමිණ ඇතැයි කියතත් ඕස්ට්‍රේලියාව එය තහවුරු නොකරයි. අන්තර්ජාතික නීතී රීතී අනුව ඕස්ට්‍රේලියා රජය සරණාගතයිනට නොසලකන බව පෙනේ යැයි මානව හිමිකම් නීතීඥයෝ කියති.

 

 



අදහස් (0)

ඕස්ට්‍රේලියාව ගොළු වෙලා

කමණි Wednesday, 02 July 2014 05:23 PM

යන්න එපා කියලා අවවාද කරද්දී මොකටද යන්නේ? (නි)

:       0       0

නිලංක Thursday, 03 July 2014 02:48 AM

අපේ රටේ වැරදි කිය කිය එහෙ යන අය මැරෙන එකමයි හොඳ. (නදී)

:       0       0

ඇන්ටන් Wednesday, 02 July 2014 05:32 PM

ඔන්න ඒකටත් එක්ක ඉතාලිය... (නි)

:       0       0

දයාන් Thursday, 03 July 2014 01:29 PM

ඉසුරන්දි,දැනටමත් ලංකාවට දේශපාලන රැකවරණ පතා පකිස්ථානයෙන් පැමිණ සිටිනවා. ඒ රටේ ක්‍රිස්තියානි,හින්දු සහ අමිදී මුස්ලිම් වරුන්ද වෙනවා. ඔවුන් පවුල් එක්දහස් ගානක් මීගමුවේ සහ හලාවත වෙසෙනවා. (නදී)

:       0       0

හර්ෂණ Wednesday, 02 July 2014 05:50 PM

මිනිසුන්ට කියන දේ තේරෙන්නෙ නැති හැටි? යන්න එපා කියලා කොච්චර කියනවද? (නි)

:       0       0

මැණික් Thursday, 03 July 2014 06:18 AM

මිනිසුනේ, යන්න එපා කියද්දීත් යන්න තරමට ලංකාව එපාවෙලාද? (නි)

:       0       0

සුසන්ත Thursday, 03 July 2014 02:17 PM

එරංග ඔබ අවංකව කතා කරපු එකට මගෙන් මල් මිටක්. සමහරුන්ට සංවර්ධිත රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකික අය ගැන තියෙන්නේ පුදුම තරහක්. ඒක කෙලින් කියන්නේ නැහැ. කියන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන පිටරටට ආවඩනවා කියලා. ඔය කියන කට්ටිය එම රටවල්, සෑම කෙනෙකුටම ස්ථිර පදිංචිය සදහා වීසා දෙනවයි කිව්වොත්,බත් මුලකුත් බැදගෙන ඇවිල්ලා, තානාපති කාර්යාලයේ, පෝලිමේ මුලටම ඉන්නෙත් ඒ ගොල්ලොම තමයි. එරංග, ඔබ වගේ අවංකයෙකුගේ පැතුම එලෙසම ඉටුවේවා කියලා මම අවංකවම ප්‍රර්ථනා කරනවා ...! (නදී)

:       0       0

ලක්ෂිත Thursday, 03 July 2014 07:54 AM

මෙහෙ මිනිසුන්ට මේක හරිම වදයක් වෙලා තියෙන්නේ. (නි)

:       0       0

හර්ෂ Thursday, 03 July 2014 08:48 AM

නීත්‍යානුකුල විසා එක්ක ලංකාවෙන් ආපු කෙනෙකුට මෙහෙ රැකියාවක් ගන්න වුනත් මේ දේවල් බලපානවා. මෙහෙ ඉපදුන අයටත් දැන් රැකියා අර්බුධයක් පවතින කාලයක් මේක. එහෙම එකේ බදු ගෙවමින් අනුන්ගේ බරත් අදින්න වුනාම මෙහෙ ඕස්ට්‍රේලියානුවන්ට මේ කාරනාව ගැන අප්‍රසන්නතාවක් ඇතිවෙන එක පුදුමයක් නෙවෙයි. (නදී)

:       0       0

ඉර්ෆාන් Thursday, 03 July 2014 08:53 AM

අපරාදේ ගියේ. පව් ඉතින් එයාලට මොන දුකක්ද කව්ද දන්නේ ? (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 03 July 2014 09:08 AM

අන්තිමේදී සරණාගතයන් කිය කියා අනෙක් රටවලින් එන්න ගයිද දන්නේ නැහැ ලංකාවටත්. (නදී)

:       0       0

චැනි Wednesday, 02 July 2014 07:46 PM

ඒ උදවිය කට කැඩෙනකන් එන්න එපා කියද්දී යනවා. ගිහින් අනේ අපිට සලකන්නේ නැහැ කියනවා. ඔන්න දැන් ඕස්ට්‍රේලියාවේ ආබාධිත අයගෙත් දීමනා අඩු කරලා ඒ අයට වැඩ කරන්න කියලාලු. අපේ උදවිය නිකන් හැමදේම ලැබේවි කියලා තවම යනවා. (දී)

:       0       0

ජයතුංග Thursday, 03 July 2014 03:12 PM

සංජීව, එංගලන්ත සුද්දා යටතේ අපි අද වෙනකම් හිටියනම් ඔස්ට්‍රේලියාවට සරණාගතයෝ එනවා වගේ තමයි එහෙනම් ලංකාවටත් කට්ටිය එන්නේ.බලන්න ඔස්ට්‍රේලියාව,නවසීලන්තය ,කැනඩාව ඔක්කොම සුද්දා යටත් කරගත් රටවල් නේද...? ඒ රටවල් දියුණුවේ හිනි පෙත්තටම නැගලා නේද..? සමහරු මේක දැක්කම මට හොදටම දෙහි කපයි.ඒකට කමක් නැහැ.එත් මේක තමයි තිත්ත ඇත්ත.(දී)

:       0       0

සංජීව Thursday, 03 July 2014 09:48 AM

ලංකාවේ රැකියා ප්‍රශ්නය තමා මේකට මුල. හරි විදියට රට යන්න තිබුනානම් මේවා මහේම වෙන්නෑ. (ස)

:       0       0

සමන් Thursday, 03 July 2014 04:06 PM

මිනිස්සු මොකද මේ ඔස්ට්‍රේලියාවටම යන්නේ (දී)

:       0       0

එරංග Thursday, 03 July 2014 10:46 AM

මේකේ ලංකාව එපාවෙලා ද යන්නේ කියලා ප්‍රතිචාර දාලා තියන අය බබාලා මගේ හිතේ. හම්බකරන හැම දෙයටම මොනවා වෙනවද දන්නේ නෑ. ගෙදර ඉන්නේ බයෙන් කොයි වෙලේ මොකා හරි පැනල තියෙන දෙයත් අරන් , ගැහැණු පරානේටත් මොකක් හරි කරල පණියි කියලා. දරුවෙකුට ඉල්ලන දෙයක් අරන් දෙන්න වත්කමක් නෑ. නීතියක් නෑ. මට නම් යන්න සෙට් උනොත් මම යනවා. (නදී)

:       0       0

බී.සී.ඩී.කේ ප්‍රනාන්දු Thursday, 03 July 2014 10:51 AM

ලංකාවේ ආර්ථික ප්‍රශ්න නිසා තමා මිනිසුන් රට යන්නේ (නදී)

:       0       0

සදුනි Wednesday, 02 July 2014 03:15 PM

ඔස්ට්‍රේලියාවට ප්‍රායෝගික අවබෝධයක් තියනවා සරණාගතයන් යයි කියාගන්නා සංක්‍රමණිකයන් ගැන. (දී)

:       0       0

කමනී Thursday, 03 July 2014 11:15 AM

නිලංක කියන කතාව හරි. අපේ රටේ අගය නොදන්නා අය සරණාගතයෝ වෙලා පිට රටවලට යනවට හොද වැඩේ. (නදී)

:       0       0

චමින්ද Wednesday, 02 July 2014 03:24 PM

ඔය තරම් ඉක්මනට අපේ නාවික හමුදාවට මේ කට්ටිය බාර දුන්නා කියලා නම් හිතන්න අමාරුයි.ඒකට හේතුව ඔස්ට්‍රේලියාව සහ ලංකාව අතර තියෙන දුර ප්‍රමාණය.මම නම් හිතන්නේ ඩිසල්ලුයි ,කෑම බීමයි දීලා බෝට්ටුව හැරෙව්වා ආපහු ලංකාව පැත්තට.ඔස්ට්‍රේලියාව පහු ගිය කාලයේ ඉන්දුනීසියාවෙන් එන බෝට්ටු ඔක්කොම ආපහු හරවලා ඇරියා.මාස ගානකට පස්සේ ඔස්ට්‍රේලියාවට ආපු පලවෙනි බෝට්ටුව තමයි මේක. (දී)

:       0       0

ජනක Thursday, 03 July 2014 12:11 PM

එරංග එනවා නම් මාස 6කටවත් ඔබව නවත්වාගෙන ඉඳුම් හිටුම් දෙන්න කවුරුහරි සූදානම් කරගෙන එන්න. මේ දවස් වල රැකියා තත්ත්වය නම් හොඳ මදි. දීමනාත් කප්පාදු වෙනවා. නීතියට අනුව ආවා නම් පසුව කල්ගත වූ විට හරි හොඳ කලක් යාවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 266 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2006 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 228 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 908 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1011 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1232 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37580 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24768 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site