ශ්රී ලංකාවේදී පැහැරගත් බව කියන ඕස්ට්‍රේලියා පුරවැසියකු වන ප්‍රේමකුමාර් ගුණරත්නම්ගේ (42) ඉරණම ගැන ‘වහා පැහැදිලි කිරීමක් කරන ලෙස ඕස්ට්‍රේලියා රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි. ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රැස්වීමක් පැවැත්වීමට තිබියදී ඔහු කිරිබත්ගොඩදී ගිය සිකුරාදා අතුරුදන්වී යැයි ඔහුගේ පවුලේ සාමාජිකයෝද, පක්ෂ ක්‍රියාකාරීහුද කියති. ගුණරත්නම් ද, නව පක්ෂයේ කාන්තා අංශ නායිකා දිමුතු ආටිගලද ආරක්ෂක බලධරයන් විසින් පැහැරගන්නා ලදැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි. ගුණරත්නම් පැහැරගන්නට ඇතැයි කියන තොරතුරු ලැබී ඇතැයි ඕස්ට්‍රේලියා විදේශ කාර්යාලයය පවසයි. මේ තත්ත්වය වහා පැහැදිලි කරන්නැයි අප ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියා‘ යැයි ඕස්ට්‍රේලියා විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාවක ප්‍රංශ පුවත් සේයට කීවාය. දෙමළ ජාතිකයකු වන තම සැමියා කොටි සංවිධානය හා ඇයි හොඳයි කමක් නොතිබූ බව ගුණරත්නම්ගේ බිරිය චම්පා සෝමරත්න පැවසුවාය. ‘ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ උදේ රැයින්. සන්නද්ධ වූ 25 දෙනකු පමණ ඔහුගේ ගෙට ඇතුළු වී තිබෙනවා. විදුලි පහන් නිවා දොර ජෙනෙල් වසා ගන්නැයි ඔවුන් අසල්වැසියනට තර්ජනය කැර ඇතැයි ඇය ඕස්ටේලියාවේ ඒ.බී.සී ගුවන් විදුලියට කීවාය. ‘ශ්‍රී ලංකාවේ නීති විරෝධී පැහැර ගැනීම් හා මානව හිමිකම් කඩ කිම් පවතින තත්ත්වයක තම සැමියා නව පක්ෂය පිහිටුවන බවද ඇය කියා ඇත. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ කියා ඇත්තේ ‘රජය පුද්ගලයන් පැහැර නොගන්නා බවයි. ඒහෙම නමක් ඇති පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නැතැයිද ඔහු කීවේය. ඕස්ට්‍රේලියා ගමන් බලපතක් ඇති ගුණරත්නම් නම් පුද්ගලයකු මෑතකදී අත්අඩංගුවට ගෙන නැතැයි කියන මහා කොමසාරිස් ඔහු හොරෙන් ශ්‍රී ලංකාවට ඇතුඵ වන්නට ඇත්දැයි ප්‍රශ්න කරයි. පවුලේ සාමාජිකයන්ගෙන් ලැබුණු තොරතුරු විශ්වාසදැයි සොයන බව මහ කොමසාරිස් කියයි. හොංකොං නුවර ආසියා මානව කොමිසම කනස්සල්ල පළ කරමින් පැවසුවේ ගුණරත්නම්ගේ පක්ෂයේ කටයුතු ගැන රජය හා ආරක්ෂක අමාත්‍යංශය සැලකිලිමත් වූ බව රහසක් නොවන බවයි.
මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු
උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක
කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස
තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඕස්ට්‍රේලියාව වහා පැහැදිළි කිරිමක් ඉල්ලයි
සීඑම්ඩී Monday, 09 April 2012 04:24 PM
ඇයි ඕස්ට්‍රේලියා පුරවැසියො ලංකාවේ දේශපාලනේ කරන්නේ?
අසේල Monday, 09 April 2012 04:52 PM
දේශපාලනේ රස්සාවක්ද?.