IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ඕස්ටේ‍්‍රලියාව (299/4) ප‍්‍රබල තත්ත්වයක

ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී ඊයේ (14) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට  ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 299 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක පසුවිය. පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට නායක මයිකල් ක්ලාක් (නොදැවී 70) සහ මයික් හසී (නොදැවී 37) පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 101 ක නොබිදුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ. ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. චානක වෙලගෙදර ක‍්‍රියාත්මක වෙමින්  ඕස්ටේ‍්‍රලියානු ආරම්භක සම්බන්ධතාව ලකුණු 18 කට සීමා කරමින් එඞ් කවන් (04) පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. ඬේවිඞ් වෝනර් පන්දු 89 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 57 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියේය. ෂේන් වොට්සන් (30) සහ පිලිප් හියුස් (86) එකතුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 86 ක සම්බන්ධතාවක් පවත්වමින් ඉනිම ශක්තිමත් කිරීමට සමත් වූහ. හිටපු නායක රිකි පොන්ටිං ඉවත්වීමෙන් පසුව අංක 3 ස්ථානයට කැදවූ පිලිප් හියුස් අනගි ඉනිමක් දියත් කරමින් පන්දු 166 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 86 ක් ලබා සිටියදී සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. ශ්‍රී ලංකා පිලේ එකම සාර්ථක පන්දු යවන්නා වූ චානක වෙලගෙදර ලකුණු 99 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරු ලෙස වසර කීපයක් කටයුතු කළ තරංග පරණවිතානට මෙහිදී කණ්ඩායමේ ස්ථානය අහිමිවූ අතර යොවුන් පිතිකරු දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරු ස්ථානයට කැදවා තිබුණි. අද (15 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි. ලකුණු පුවරුව ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම ඬේවිඞ් වෝනර් - දුවද්දී දැවී ගියා     57 එඞ් කවන් - ඇ. එරංග ප. වෙලගෙදර     4 පිලිප් හියුස් - ප. වෙලගෙදර     86 ෂේන් වොට්සන් - ඇ. මහේල ප. වෙලගෙදර     30 මයිකල් ක්ලාක් - නොදැවී     70 මයික් හසී - නොදැවී     37 අතිරේක     15 එකතුව  ඕවර 90 කදී කඩුලූ 4 ක් දැවී     299 පන්දුවට පහරදීමට සිටින පිතිකරුවෝ: මැතිව් වේඞ්, පීටර් සිඞ්ලි, මිචෙල් ස්ටාක්, බෙන් හිල්ෆනස්, නේතන් ලියොන් කඩුලූ වැටීම: 1-18(කවන්), 2-97(වෝනර්), 3-183(වොට්සන්), 4-198(හියුස්) පන්දු යැවීම: කුලසේකර: 22.2.51.0, වෙලගෙදර: 20.1.99.3, එරංග: 16.3.52.0, මැතිව්ස්: 11.2.35.0, ඩිල්ෂාන්: 4.0.11.0, හේරත්: 17.3.47.0 ශ්‍රී ලංකා කණ්ඩායම: දිමුත් කරුණාරත්න, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, ඇන්ජලෝ මැතිව්ස්, ප‍්‍රසන්න ජයවර්ධන, නුවන් කුලසේකර, රංගන හේරත්, ශාමින්ද එරංග, චානක වෙලගෙදර



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව (299/4) ප‍්‍රබල තත්ත්වයක

සජි Friday, 14 December 2012 02:07 PM

ඔස්ට්‍රලියවනම් අහන්න එපා (දී)

:       0       0

දාස Friday, 14 December 2012 09:50 PM

ක්‍රිකට් බලලත් ඉවරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 372 0

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 312 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 601 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1202 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 538 0

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


ඉන්දියාවේ හිත රිද්දන්නේ නැහැ
2024 ඔක්තෝබර් මස 07 969 0

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site