IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඕස්ට්‍රේලියා ඇමැති බෑ කියයි

දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡාවකට පැමිණෙන ලෙස කළ ඉල්ලීමක් මෙරට සංචාරයක නිරත වී සිටි ඕස්ට්‍රේලියා ආගමන හා දේශසීමා ආරක්ෂණ අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

දින දෙකක් මෙරට රැඳී සිටි ඒ මහතා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් හමු නොවීම ගැන මෙරට ඕස්ට්‍රේලියා තානාපතිනිය වන රොබින් මර්ඩි  දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා කියයි.



අදහස් (0)

ඕස්ට්‍රේලියා ඇමැති බෑ කියයි

සඳුනි Thursday, 10 July 2014 03:43 PM

ඉතා වැදගත් තීරණයක්. (අ)

:       0       0

සිල්වා Thursday, 10 July 2014 04:27 PM

එයාල හිතාගෙන ඉන්නේ ලංකාවට එන හැම රාජ්‍ය නායකයෙක්ම පළමුව කොළඹ පැමිණ දෙවනුවට යාපනයට යන්න ඕනෑ කියලා.මේවා අපේම වැරදි (නි)

:       0       0

චමින්ද Friday, 11 July 2014 10:38 PM

පිටබැද්දර ජයා,ඒ කාලේ තිබුණු ආණ්ඩු, නායකයින් වෙනස් වෙලා. දැන් තියෙන්නේ අලුත් ආණ්ඩුවක්. ඉන්නේ අලුත් නායකයෙක්.හැම රටක්ම බලන්නේ තමන්ට වාසියක් වෙන විදියක් තමයි. ‍කෘතගුණ සැලකීමට තමයි අපේ නාවික හමුදාවට මුර යාත්‍රා දෙකක් තෑගි දුන්නේ. (නි)

:       0       0

නඩරාජා Thursday, 10 July 2014 07:30 PM

ඕස්ට්‍රේලියාව කොටි රුකඩයක් නොවේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 11 July 2014 09:20 AM

ඔස්ට්‍රේලියාවට සරණාගතයන් හිසරදයක් වෙලා තියෙන වෙලාවක ලංකාවෙන් යන කට්ටිය නවත්ත ගන්න ශ්‍රී ලංකා රජයෙන් ලබා දෙන සහයෝගයට කෘත ගුණ සැලකීමක් මිසක් අපිට ආදරේට නම් නෙවෙයි රජෝ , පහුගිය අවුරුදු තිහක අතීතය මතක තියෙන අයට නම් මේවා ඉතින් මතක් කරලා දෙන්න ඕන නැහැ . කොටින්ට පුදුම සහයෝගයක් දීපු රටක් නේද මේ ? (ස)

:       0       0

චමින්ද Thursday, 10 July 2014 08:54 PM

ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාවෙන් එන බෝට්ටු නැවැත්තුවේ කොහොමද කියලා අපි දන්නවා (නි)

:       0       0

කරුණාතිලක Thursday, 10 July 2014 10:34 PM

දෙමළ ජාතිවාදය තුලින් බඩ පුරවාගන්න හැමදාම බැරිබව තේරුම් ගන්න ටිකක් කල් යාවි වගෙයි සමහරුන්ට (නි)

:       0       0

භානු Thursday, 10 July 2014 10:34 AM

මේක හරියට පාරේදී හම්බු වෙලා තේ එකක් බොන්න ගෙට ගොඩ වෙන්න කිව්වා වගේනේ. මේ වගේ ඉහල පෙලේ නිලධාරියෙකුට තමන් එනවිට ලෑස්ති කරගෙන ආපු වැඩ කටයුතු ඉක්මවා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් හදිසි ඇරයුම් වලට ආවාට ගියාට පෙනී හිටින්න බැහැනේ. (ස)

:       0       0

හේමන්ත Thursday, 10 July 2014 10:46 AM

ලෝකෙටම හිසරදයක් වෙලා තියෙන කොටි හොල්මන් සමග මොන සාකච්චද කියල එතුමා හිතන්න ඇති .(දී)

:       0       0

මර්වින් Thursday, 10 July 2014 11:03 AM

හොද වැදගත් තීරණයක්,(දී)

:       0       0

තේසන් Friday, 11 July 2014 02:30 AM

ඔය කොටි සංදානයේ අය හිතනවා ඇති රට ඉඳල එන හැම කෙනෙක්ම ඒ ගොල්ලන්ව හම්බ වෙන්න ඕන කියල. එ්කනේ පාප් වහන්සේටත් එන්න කිව්වේ කොළඹ අග රදගුරු කාර්යාලයටවත් කියන්නේ නැතුව. (නදී)

:       0       0

නිහාල් Thursday, 10 July 2014 11:08 AM

මොනවා උනත් සත්‍ය වැටහුණු රාජ්‍ය ඇමතිවරයෙක්. (දී)

:       0       0

ගැමුණු Thursday, 10 July 2014 11:11 AM

යථාර්තය අවබෝධ කර ගත් එකම රට ඔස්ට්‍රේලියාවයි.ඉතින් එයාල රැවටෙන එකක් නැහැ. (දී)

:       0       0

පියල් Thursday, 10 July 2014 11:12 AM

ජයවේවා ඔබතුමාට (දී)

:       0       0

රෝහිත Thursday, 10 July 2014 11:31 AM

මෙහෙම හරි සත්‍ය වැටහුණු සුදු මහතුරු ලෝකේ ඉන්න එක ලොකු දෙයක්. හැබැයි මෙයලවත් නැති කරගන්නේ නැතිව ඉන්නෙක අපේ දේශපාලන මහතුරුන්ගේ කාර්යක් .(දී)

:       0       0

චමින්ද Thursday, 10 July 2014 11:36 AM

මෙයත් තදයි. මෙයාගේ ලොක්කත් [අගමැති ටෝනි ඇබට් ] තදයි. කිසි කෙනෙකුට දෙකට නැවෙන්නේ නැහැ. (ස)

:       0       0

ටිරෝන් Thursday, 10 July 2014 11:53 AM

පව්. හරිම දුකයි (නි)

:       0       0

රජින්ද Thursday, 10 July 2014 12:19 PM

එයාලට දැන් හරිම දුක ඇති (නි)

:       0       0

රන්ජිත් Thursday, 10 July 2014 12:21 PM

ඔබතුමාට අපි හිසනවා ආචාර කරනවා (නි)

:       0       0

ශාන සෞදි Thursday, 10 July 2014 12:21 PM

ත්‍රස්ත්වාදීන්ට උඩගෙඩි නොදෙන, හරි දේ හරි විදිහට පිළිගන්න, උගත් වැදගත් මහත්මයෙක්. ඔබතුමාට අපේ ආචාරය!! (නි)

:       0       0

කුමාරන Thursday, 10 July 2014 12:29 PM

කැනඩාවේ කට්ටිය එක්ක නටනවා වගේ මේ බුද්ධිමතුන් එක්ක නටන්න ලෙහෙසි නැති බව මතක තියාගන්න එක හොඳයි (නි)

:       0       0

සම්පත් Thursday, 10 July 2014 01:14 PM

මෙතුමා දන්නවා ඇත්ත මොකක්ද කියලා. හොඳ වැඩේ තමයි වුණේ (නි)

:       0       0

හේවගේ Thursday, 10 July 2014 01:26 PM

ඔබතුමා බුද්ධිමත් නිලධාරියෙක් (නි)

:       0       0

ටියුඩර් Thursday, 10 July 2014 01:26 PM

ඕස්ට්‍රේලියා ඇමතිට ජය වේවා! (නි)

:       0       0

සෙනෙවි Friday, 11 July 2014 05:29 AM

ඕස්ට්‍රේලියාවෙ ජාතික කොඩියෙන් බ්‍රිතාන්‍ය සංකේතය ඉවත් කිරීමට පවා එරටට දැන් බලවත් උවමනාවක් ඇතිවී තිබේ. දැන් ඕස්ට්‍රේලියාව නිවැරදි මාර්ගයක ස්වාධීනව ගමන් කරන බව පේන්න තියෙනවා (නදී)

:       0       0

සඳුන් පෙරේරා Friday, 11 July 2014 06:06 AM

බුදුහාමුදුරුවෝ කියල තියෙනවනේ රාජ්‍ය පාලනයට "ඍජුබව සහ නම්‍යශීලීබව" අවශ්‍යයි කියල. ටෝනි ඇබට් ට ඍජුබව හොඳට තියෙනවා. එහි ප්‍රතිපල තමයි මේ. ඔස්ට්‍රලියාවට මේ බෝට්ටු වලින් යන අයගෙන් මහා කරදරයක් තියෙන්නේ. ලංකාවටත් ඕන බෝට්ටු වලින් යන එක නතර කරන්නනේ. ඒ නිසා හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගිලා තියෙනවා. (නදී)

:       0       0

ඇසළ Thursday, 10 July 2014 02:54 PM

මෑතකදී ඩයස්පෝරාව ඉන්න රටක ඇමතිවරයෙක් ගත්ත වටිනා තීරණයක්. ලංකාවේ තියෙන්නේ එක ආණ්ඩුවයි. මේ අය හිතාගෙන ඉන්නේ උතුරු පළාතෙත් තියෙන්නෙත් ආණ්ඩුවක් කියලා. වරද අපේ මිසක් කාගෙවත් නොවේ. ඒ කාලේ නියපොත්තෙන් කඩන්න තිබුන දේ දැන් පොරවෙන් ගහලත් කඩන්න අමාරුයි. (නදී)

:       0       0

ස්කොට් Thursday, 10 July 2014 03:04 PM

මට එයාලව තිත්ත වෙලා ඉන්නේ. මට මොන කතාද එයාල එක්ක. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 340 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2042 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1556 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 673 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 570 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 678 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site