IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඕස්ට්‍රේලියා ගිය අනවසර සංක්‍රමණිකයන් 20ක් ආපසු ලංකාවට එවති

( තිළිණි ද සිල්වා)

බෝට්ටු මඟින් නීතිවිරෝධී ලෙස  ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණයවී සිටි ශ්‍රී ලාංකිකයින් 20කට ආසන්න පිරිසක් අද(26) යළි ශ්‍රී ලංකාව බලා පිටත් කර යැවීමට එරට ආගමන විගමන බලධාරීන් පියවර ගෙන ඇතැයි ‘‘ ද  ඕස්ටේ‍්‍රලියන් ’’ පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කළේය.

මෙලෙස එරටන් පිටමං කරනු ලැබුවේ  ඕස්ටේ‍්‍රයාවේ ක‍්‍රිස්මස් දූපතේ රඳවා සිටි ලාංකිකයින් පිරිසකි.

ඕස්ටේ‍්‍රලියා ආගමන විගමන දොපාර්තමේන්තුව විසින් විශේෂයෙන්ම වෙන් කරවා ගත් ගුවන් යානයකින් මෙම පිරිස දැඩි ආරක්ෂා රැකවල් මධ්‍යයේ මෙරටට එවා ඇතැයි  ඕස්ටේ‍්‍රලියන් පුවත්පත් වෙබ් අඩවි වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

මෙම ලාංකික සරණාගතයින් මීට මාසයකට පෙර බෝට්ටු මඟින් නීතිවිරෝධී ආකාරයෙන්  ඕස්ටේ‍්‍රලියාව පළා ආ පිරිසකි.දෙරට අතර මුහුදු සීමා නාවික මුර සංචාර ක‍්‍රියාත්මක වීම වීම නිසා  ඕස්ටේ‍්‍රලියාවට බෝට්ටු මාර්ගයෙන් සංක‍්‍රමණය වූවන්ගේ අඩුවීමක් පසුගිය දෙවසර තුළ දක්නට ලැබුණි.

එරටට බෝට්ටු මාර්ගයෙන් පැමිණෙන කිසිවකුටවත්  ඕස්ටේ‍්‍රලියා පුරවැසිභාවය හෝ සරණාගතභාවය හිමි නොවන ඔවුන් ක‍්‍රිස්මස් , නාවුරු හෝ මානුස් දූපත් හි රඳවා තැබීමට මීට පෙර  ඕස්ටේ‍්‍රලියා බලධාරීන් පියවර ගෙන තිබිණි. අවසන් වරට එලෙස නීතිවිරෝධී ලෙසින් බෝට්ටු මාර්ගයෙන් සංක‍්‍රමණිකයින් පැමිණියේ ඉකුක් මාර්තු මාසයේදී බව  ඕස්ටේ‍්‍රලියන් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

2008 වසරේ සිට 2013 දක්වා කාලය තුළ මෙලෙස නීතිවිරෝධී ලෙස බෝට්ටු මඟින් 6000 කට වැඩි විවිධ රටවලින් පැමිණි නීතිවිරෝධී සංක‍්‍රමණිකයින් පිරිසක් ක‍්‍රිස්මස් දූපත් හි රැඳවුම් භාරයේ රැඳී  සිටි අතර මේවන විට එම සංඛ්‍යාව 1000 කට අඩු වී ඇත.



අදහස් (0)

ඕස්ට්‍රේලියා ගිය අනවසර සංක්‍රමණිකයන් 20ක් ආපසු ලංකාවට එවති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 562 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1108 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 442 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1494 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 5055 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2314 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 717 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2014 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site