IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඕස්ට්‍රේලියා ගිය 18ක් පිටුවහල් කෙරෙති

ඕස්ට්‍රේලියාවේ සරණාගතභාවය පතා ගිය ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරනු ලැබ අද කටුනායකින් දිවයිනට පැමිණියහ. ඕස්ට්‍රේලියාවේ මෑතකදී සම්මතවූ නීතියකට අනුව සරණාගතයින් ලෙස යන්නවුන් නාවුරු දූපතේ කඳවුරකට යැවීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම පිරිස නාවුරු කඳවුර බලා යාම ප්‍රතික්ෂේප කළ නිසා නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබීය. ඕස්ට්‍රේලියා විශේෂ ගුවන් යානයක් මගින් මෙරටට ගෙන එනු ලැබූවන් සිංහල ජාතිකයයෝ 14ක් ද, ද්‍රවිඩ ජාතිකයෝ 03ක් ද, මුස්ලිම් ජාතිකයෙක්ද වෙති.



අදහස් (0)

ඕස්ට්‍රේලියා ගිය 18ක් පිටුවහල් කෙරෙති

පනාගොඩ Monday, 24 September 2012 07:24 PM

හම්බ කරන්න ඕනෑ නම් අමාරුවෙන් හරි එන්න ඉතාලියට. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 23 September 2012 02:45 PM

ඒ අය ඕස්ට්‍රේලියාව දැකලාවත් නැතුව ඇති. සමහරු ගාල්ලෙන්ම නතර වෙනවා. (නි)

:       0       0

රාජා Sunday, 23 September 2012 03:17 PM

ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුලු වුණා නම් එරට රජයට තියෙන්නේ, එසේ නීති විරෝධීව ඇතුළුවුණ අයට විරුද්ධව නඩු පවරන එකනේ. (නි)

:       0       0

පනාගොඩ මෙල්බන් Sunday, 23 September 2012 02:40 AM

බෝට්ටුවෙන් යන්න ගුවනින් ආපසු එන්න.. මුහුදු ගමනත් ගුවන් ගමනත් එකවර කරගන්න.. එන්න පමා නොවී ඕස්ට්‍රේලියා එන්න..!(නු)

:       0       0

සිල්වා Sunday, 23 September 2012 05:30 AM

ලංකාවෙ නම කැත කරන්නේ නැතිව ඕනෑම දිහාකට ගියාට අපිට කමක් නැහැ..!(නු)

:       0       0

සම්පත් Sunday, 23 September 2012 07:21 AM

නීති විරෝධී විදියට රට යන්න ජාවාරම් කාරයන්ට දෙන සල්ලි වලින් ලංකාවෙ හොදට ජිවත් වෙන්න පුළුවන්. අන්තිමට තිබිච්ච දේවලුත් නැති කර ගන්නවා..

:       0       0

අමිල කටුනායක Sunday, 23 September 2012 07:28 AM

ගෙදර යනවද? පොලිසි යනවද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 23 September 2012 09:17 AM

දැන් බලාගෙන යනකොට පත්තරේ ක්‍රීඩා පිටුව, කවි පිටුව, ළමා පිටුව වගේ ඕස්ට්‍රේලියා පුවත් පිටුවකුත් අරින්න වෙයි වගේ . ඒ තරම් වැඩ තියෙනවානේ.

:       0       0

ඇරිස් Sunday, 23 September 2012 10:55 PM

සරණාගතයින් ලෙස රට හැර යනවාට අපි විරුද්ධයි. නමුත් සියල්ලන්ටම රැකියාවක් ලබා දෙන එක ලංකාණ්ඩුවේ වගකීමක්. (නි)

:       0       0

බෝපගේ Sunday, 23 September 2012 01:10 PM

දැන් මෙහෙ ඇවිල්ලා මොනවා කිවුවත් වැඩක් වෙන්නෙ නැහැ (නි)

:       0       0

කරුණා Monday, 24 September 2012 03:41 AM

උඹලට පිස්සුද මේ රටට එන්න ? මෙහෙ අපේ උගත්තුන්ටත් රස්සා නැහැ. ලොකු උපාධිධාරීන්, ගණකාධිධාරීන් , දොස්තරවරු . අපේ හුගක් අය මෙහෙ කරන්නේ පිරිසිදු කිරීම් රැකියා. ආණ්ඩුවෙන් දෙන සල්ලි මාස බාගයකටත් මදි. (නි)

:       0       0

ශ්‍රීසර Monday, 24 September 2012 06:06 AM

මේ අයව පිටුවහල් කළා කියන එක වැරදියි. අඩුම ගානේ ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය වලවත් ඒ වචනේ පාවිච්චි කළේ නැහැ. නීතිවිරෝධී සංක්‍රමණිකයන් නරූ දූපතට ගෙනගියා. එහෙම කළේ මිනිසුන් මේ රටවලට එන උනන්දුව අඩු කරන්න. එතකොට ඔවුන්ගේ වීසා පිළිබඳ තීරණය ලැබෙනකන්, ඔවුනට ඉන්න සිද්ධ වෙන්නේ නරූ දිවයිනේ නීතිය අනුව. එතැනදී සංක්‍රමණිකයන්ට අවස්ථාවක් දුන්නා තීරණය කරන්න තමන්ගේ මවු රටට යනවද නැත්නම් නරූ දිවයිනට යනවද කියලා. මේ අය 18 දෙනා ලංකාවට නැවත එන්න තීරණය කළා. හැබැයි, මේ පිරිස ගත්ත මේ තීරණය නිසා ඉදිරියේදී ලංකාවෙන් එන සරණාගතයන් ගැන ඔස්ට්‍රේලියාව වඩා තදින් සිටීවි. ජීවිතයට තර්ජනයක් තියනවා කියලා බෝට්ටුවකින් ඔස්ට්‍රේලියාවට යන කෙනෙක්, නරූ දිවයිනට යෑම ප්‍රතික්ෂේප කරලා ලංකාවට යන්න තීරණය කරනවා කියන්නේ, ඇත්තටම ඔවුන්ට ජීවිතයට තර්ජනයක් නැහැ කියන එකනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 981 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2017 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1060 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 351 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1575 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1107 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site