IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඕස්ට්‍රේලියා නව අගමැති සමුළුවට එයි

ඕස්ට්‍රේලියාවේ නව අගමැති පදවියට පත් ටෝනි ඇබට් ලබන නොවැම්බරයේ ශ්‍රී ලංකවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගී වන බව මහින්ද රාජපක්ෂ ජනපති සමග දුරකතනයෙන් පැවසූ බව ඕස්ට්‍රේලියා මාධ්‍ය කියයි.

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින මේ සමුළුවට සහභාගී නොවන්නීය. ඇගේ පුත් ඔටුන්න හිමි චාල්ස් කුමර එම සමුළුවට එන්නේය.

රැජිනගේ සහභාගීත්වයක් නොමැතිව පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවක් පැවැත්වෙන්නේ වසර 40කට පසුවය.

ඕස්ට්‍රේලියා නියෝජිත පිරිසක් පසුගිය ජූනියේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඕස්ට්‍රේලියා නායකයාගේ ගමනේ මූලික කටයුතු සංවිධානය කළේය.

 

 



අදහස් (0)

ඕස්ට්‍රේලියා නව අගමැති සමුළුවට එයි

රත්නායක ආරච්චිගේ Thursday, 12 September 2013 09:53 AM

මොකද්ද ඔය පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව කියන්නේ,???අවුරුදු සියගානක් තිස්සේ දුප්පත් රටවල් සුරාකෑම සැමරීම නේද,හරිනම් අපි අපේ මානව හිමිකම් උල්ලංගනය කිරීම් ගැන එංගලන්තයට විරුද්දව නඩු දාන්න ඕන, (දී)

:       0       0

අමිල කටුනායක Wednesday, 11 September 2013 08:39 PM

සුභ පතන කෙනෙකුට කොහොමද ඉතින් බැහැ කියන්නේ? (නි)

:       0       0

ටිරල් Wednesday, 11 September 2013 02:41 PM

බොහොම හොදයී . වැදගත් නායකයෙක් සහ වැදගත් තීරණයක් (අ)

:       0       0

නන්ද Wednesday, 11 September 2013 02:48 PM

මෙයාගෙන් පස්සේ නිකන් ඕස්ට්‍රේලියා යන්න බලන් හිටපු යට තමා පාඩු (අ)

:       0       0

ධම්ම Wednesday, 11 September 2013 02:52 PM

අපි කැමතියි ඔටුන්න හිමි ජෝර්ජ් කුමාරයාත් එක්කන් එනවා නම්. (ස)

:       0       0

දුම්මලසුරිය Thursday, 12 September 2013 10:39 AM

මමත් ඔබේ අදහස අනුමත කරනවා...........රත්නායක ආරච්චිගේ මහතාණනි... (දී)

:       0       0

රානා Wednesday, 11 September 2013 03:22 PM

ඇති වෙලා වගේ ගණන් උස්සලා.(නදී)

:       0       0

අනුර - නාවලපිටිය Wednesday, 11 September 2013 03:31 PM

අගමැති වෙලා දවස් හතරයි‍. ඔබතුමා ගත් තීරණය අගේ කරමි. (ස)

:       0       0

වරුණ Wednesday, 11 September 2013 03:37 PM

අර අපේ හදහන් බලන මහත්තයව හම්බවෙලා හදහනත් බලාගෙන යාවි මොනවා හරි අවුලක් තියේද කියල ,සමුළුවට ආපු ගමන්.(නදී)

:       0       0

සදුනි Wednesday, 11 September 2013 03:38 PM

ස්තුතියි...! ලක්වැසි අපි ඔබතුමා සාදරයෙන් පිළිගනිමු...!!! (ස)

:       0       0

රණා Wednesday, 11 September 2013 03:49 PM

අපි ඉහලින් සමරන්න හදන සමුළුව. අපිව සූරාකාපු එංගලන්තය. මෙහෙට එනවිට අපෙන් අරන්ගිය සියලු දේවල් පොඩි බදාගෙන එනවනම් තමා හොද. (අ)

:       0       0

නාරද Wednesday, 11 September 2013 04:13 PM

කොටින්ට හොද කාලයක් නෙමෙයි වගේ. නෝර්වේත් පරාදයි.(නදී)

:       0       0

ලංකා සාගර Wednesday, 11 September 2013 04:28 PM

මේයා නරක මිනිහෙක් නෙවෙයි. හරි දක්ෂ නීතිඥ මහත්තයෙක්. ලංකාවට ගොඩාක් ආදරෙයි මේයා. ජනපති තුමනි, කියන්න මෙයාට නේනයි දුලවයි එක්ක එන්න කියලා.(නදී)

:       0       0

දුරන්ග් Wednesday, 11 September 2013 04:37 PM

ටෝනි ඇබට් නව අගමැති, ඔස්ට්‍රේලියාවට පැමිණෙන නීති විරෝධී සංක්‍රමිකයන් පිළිබඳව දැඩි මතයක පිහිටා ක්‍රියා කරන අයෙකු බවට ප්‍රචලිතය. දැනටමත් ඔහු ( "ඔපරේෂන් සවරින්ග් බෝඩර්ස් ") ස්වයිරී දේශ සීමා මෙහෙයුම නමින් වැඩසටහනකටද අත ගැසීමට නියමිතය. මේ නිසා ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික අංශවලට ඇතිවී තිබෙන හිසරදය ද යම් තරමකට හෝ සමනය විය හැකිය. රැජින ගේ වයස දැන් අවු. 87 මාස 05 කට ආසන්නය. ඇයගේ වයස අනුව සැත.10800 (කි.මි.17400) ක දුරක් පැය 21 මි.30 (යාමට/ඊමට) පමණ වන ගුවන් කාලයක් ගත කරමින් ගමන් කිරීම ලෙහෙසි පහසු ක්‍රියාවක් නොවන්නට පිළිවන.(නදී)

:       0       0

සමන් රොහාන් රණසිංහ Thursday, 12 September 2013 04:41 AM

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනට ලංකාවාසි ජනතාවගෙන් කිසිම හිරිහැරයක් කරදරයක් නොවී නැත්නම් ඇයි ඇය මේ සමුළුවට සහභාගි නොවන්නේ? (නි)

:       0       0

සිරි Wednesday, 11 September 2013 05:09 PM

යොමා ඔබෙ නෙත් කුළුනිනේ... වඩිනු මැන ඇබොටානනේ... (නි)

:       0       0

ද සිල්වා Wednesday, 11 September 2013 05:10 PM

මේ ගොල්ලන්ගේ පක්ෂ පාට කුමක් උනත් විදේශ ප්‍රතිපති වල විශාල වෙනසක් බලාපොරොතු විය නොහැක , ඔස්ට්‍රේලියාව විදේශ ප්‍රති පති වලදී බොහෝවිට අනුගමනය කරන්නේ ඇමෙරිකාව සහ එංගලන්තයි , සරණාගත ප්‍රශ්නයේදී මොහු තදින් හිටීවි තමන්ගේ රටට සරණාගතයන් ගෙන් ආර්ථික පාඩු සිධුවන නිසා , නමුත් ජිනිව වලදී ඇමෙරිකාව සමග ඡන්දය දෙවි , (අ)

:       0       0

සත්‍යා Thursday, 12 September 2013 04:54 AM

තව ඉස්සරහට හොද සුදානමින් ඉන්න හොඳේ (නි)

:       0       0

සාගර Thursday, 12 September 2013 06:19 AM

ඔබතුමා මෙහි පැමිණ ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ පවත්වන හැටිත්, බලයේ රැදි ඉන්න පුළුවන් ක්‍රමත් ඉගෙනගෙන යන්න. (නි)

:       0       0

අශාන් Thursday, 12 September 2013 08:36 AM

මෙතුමා එන්නේ ලංකාවේ සරණාගතයන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියන නිසා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 831 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 54 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1035 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 204 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 5018 10

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1619 3

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31113 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23744 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 431 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site