IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘ඕ අයි සී කුඩු නඩුවකට පටලවලා‘

අත්අඩංගුවට ගත් කුඩු කාරයන් තිදෙනකු  මුදාහරින ලෙස රජයේ දේශපාලනඥයින් බලපෑම් කළ බවත් ඒ අනුව ක්‍රියා නොකිරීම නිසා වැල්ලම්පිටිය මුලස්ථාන පොලිස් පරීක්ෂක  බණ්ඩාර මුණසිංහ කුඩු නඩුවකට පටලවා ඇති බවත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂි ප්‍රනාන්දු මහත්මිය ඉදිරියේ අද නීතීඥවරු කරුණු දැක්වුහ.

මේ අතර බණ්ඩාර මුණසිංහ හිටපු ස්ථානාධිපති ද ඔහුට ආධාර අනුබල දුන් ෆාතිමා ෆස්ලීනා හා සංඛ මධුරංග යන දෙදෙනාද  ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.



අදහස් (0)

‘ඕ අයි සී කුඩු නඩුවකට පටලවලා‘

කුලාංග Tuesday, 07 January 2014 03:22 PM

පරීක්ෂණ වලින් පස්සෙයි කියන්න වෙන්නේ මොකද්ද හරියටම වෙලා තියෙන්න (දී)

:       0       0

සත්‍යා Wednesday, 08 January 2014 07:01 AM

මේක අලුත්ම කතාවක් නොවෙයි. කුඩු නැත්නම් ගැනියෙක් දාල හරි පොලිස් නිලධාරියා ව අමාරුවේ දානවා. දේශපාලකයෝ ඔය කැත වැඩේ කරලා රටට ඔප්පු කලේ නීතිය රකින්න ඉන්න ආයතනයක් දුෂිත වෙලා කියල. ඒකට වග කියන්න ඕනේ තමන්මයි කියල හිතන්න දේශපාලකයින්ට මොළයක් නැහැ. මේකෙන් අමාරුවේ වැටුනේ නීති ගරුක පොලිස් නිලධාරියෙක් වෙන්න පුළුවන්. දේශපාලුවන්ගේ බිල්ලක් විය හැකියි. (දී)

:       0       0

ඔමාරි Tuesday, 07 January 2014 03:31 PM

කවුද ඇත්ත කියන්නේ කියලා හිතාගන්න අමාරුයි, දේශපාලකයෝ තුන්දෙනෙක් බලපෑම් කලේ දුරකතනයෙන්නම්, දුරකථන වාර්තාවලින් එය ඔප්පුකරන්න පුළුවන්.. (දී)

:       0       0

ග්‍රාම්‍යා Wednesday, 08 January 2014 07:46 AM

කාල වකවානු කොහොම උනත් පවතින රජයේ පාලකයෙකු, ඉහල නිලධාරියෙකු ඉල්ලන ඉල්ලීම නීති විරෝධී හෝ විරෝධී නොවූ උනත් ඒකට විරුද්ධ උනොත් නයාට ගහල පොල්ල වැරැද්ද ගත්ත තමයි. අද තත්වය ඉහල ඉඳල පහලටම ඕකයි. ඉදිරියට තවත් වැඩි වෙනවා මිසක් අඩු නෑ.(නදී)

:       0       0

අනුර Tuesday, 07 January 2014 03:57 PM

අනේ අම්මප දසුන් කොලුවෝ එක පාරටම එහෙම හිතන්න එපා මේකේ ඇත්ත උසාවියේදී එලි වේවි. (දී)

:       0       0

ජීවක Tuesday, 07 January 2014 04:13 PM

පුදුම වැඩේ කියන්නේ, ඒ දේසපාලුවන්ගේ නම් මතක නැති එකනෙ. (ස)

:       0       0

නිර්මන් Tuesday, 07 January 2014 04:37 PM

මේක නියම මහා බබයි හොරු හතළිහේ කතාවේ අලුත් පිටපත් මුළු රටටම විනසි (අ)

:       0       0

අකිල Tuesday, 07 January 2014 05:35 PM

මෙතුමා පොලිසියේ උනාට ගෙදරට කිසිම ආරක්ෂාවක් නැනේ. ගෙදර අල්මාරියටම කුඩු ගෙනත් දානකන් මෙතුමා දැනන් ඉදල නැනේ. (අ)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 08 January 2014 10:18 AM

මොකක් හෝ වයර් එකක් මාරුවෙලා.(නදී)

:       0       0

මොහාන් දමාම් Tuesday, 07 January 2014 05:52 PM

එතකොට අල්මාරියේ තිබුනේ පාන්පිටිද ? (අ)

:       0       0

සනත් Tuesday, 07 January 2014 06:17 PM

මෙය ඇත්තක් කියලා ඔප්පු කරන්න නම් මෙයට සම්බන්ධ දේශපාලකයො කවුද කියලා එලිදරව් කරන්න වෙනවා.එහෙම නැතුව චෝදනා වලින් ගැලවෙන්න බෑ. (අ)

:       0       0

කමල් Tuesday, 07 January 2014 06:30 PM

බොහෝ දුරට මේ කතාව ඇත්ත වෙන්න පුළුවන්.පොලිස් නිල නිවසක මේ වගේ දෙයක් කරන්න තරම් පහත් තත්වෙට මේ නිලධාරියා වැටේ කියල හිතන්න අමාරු .කොහොමටත් එහෙම උනා නම් නම් ගම එලි කරන්න.මහා ජනතාව මෙය දැන ගත යුතුමයි.(අ)

:       0       0

නයන Tuesday, 07 January 2014 07:11 PM

මේ කතාව ඇත්ත වෙන්න පුළුවන්.නිතරම ඔය වගේ දේවල් යහපත් නිලධාරීන්ට සිද්ධ වෙනවා (දිල්)

:       0       0

පද්මිණි Tuesday, 07 January 2014 07:17 PM

මම නම් ඕක එදාමයි හිතුවේ. (දිල්)

:       0       0

හෙළයා Tuesday, 07 January 2014 07:35 PM

පව් ,අහිංසක පොලිස් නිලධාරිය​,එයා කුඩු අල්මාරියෙ දමා උන්න මිසක් විකුණුවේ නෑනේ (දිල්)

:       0       0

චින්තක Tuesday, 07 January 2014 07:40 PM

අහිංසකයන් ගේ සාක්කු වලට කුඩු පැකට් දමා ඔවුන්ව වසර ගණන් හිරේ දාන පොලිස් මහත්තුරු ද ඉන්නවා (දිල්)

:       0       0

ලක්විදු Tuesday, 14 January 2014 02:32 PM

දේශපාලකයෙක් බලපෑම් කලානම් මෙයා එවෙලේම පොලිස්පතිතුමාට පැමිනිලිකලේ නැත්තේ මොකද? (දී)

:       0       0

නන්ද Tuesday, 07 January 2014 08:17 PM

අපි දන්නේ නැහැ කවුද හරි කවුද වැරදි කියල. රට ජාතිය ගැන ආදරයක් තියන අයට දැන් කරන්න දෙයක් තියෙනවා. අපේ රටට ජාතියට වින කරන කුඩු ගෙන්වන හා ඊට අනුබල දෙන කිසි එකෙකුට යහපතක් වෙන්න එපා, උන්ට සාප වේවා කියල උදේ හවස කීප වරක් කියන එක.108 වරක් කිවුවහම ඕන එකක් ජපා වෙනවා. ලක්ෂ වාර ගණනක් කියන කොට ඔය ජඩ වැඩ කරන එවුන්ට නිකම්ම සාප වෙලා තම වරිගයම විනාස වේවි. (අ)

:       0       0

රමසි Tuesday, 14 January 2014 02:32 PM

පිස්සු කතා කියන්න එපා. ලංකාවේ එහෙම කැත වැඩ කරන දේශපාලකයෝ නැහැ. (දී)

:       0       0

නැනි Thursday, 09 January 2014 11:37 AM

අපරාධ කාරයෙක් පොලොසියෙන් මැරුවොත් ඒක ආයුද කේස් එකක්. පොලෝසියේ කෙනෙක් ඇල්ලුවොත් ඒක දේසපාලන බලපෑමක් . දේසපාලකයෙක් අහුවුනොත් ඒක ජාත්‍යන්තර මඩ ගැහිල්ලක්. මඩ ගැහිල්ල බැලුවොත් ඒක මාද්‍ය ප්‍රචාරයක්. මාද්‍ය ප්‍රචාරය හෙව්වොත් ඒක මහජන මතයක්. මහජන මතේ ............... ඒ කියන්නේ අපිමනේ බොලේ...!!!! (දී)

:       0       0

ගයත්‍රීකා Thursday, 09 January 2014 12:07 PM

කවදාවත් නතර කල නොහැකි පිළිලයක් තමයි ඔය දේශපාලන පලිගනිල්ල (දී)

:       0       0

ශාලිකා Wednesday, 08 January 2014 09:25 PM

මම මේ නිලදාරියව හොදටම දන්නවා අරක්කු ටිකක් සිගරට් එකක්වත් බොන්නේ නැති යහපත් නිලදාරියෙක්. මේ මහත්මයා කවදාවත් ඔයවගේ ජරා වැඩක් කරන්නේ නැ. අනික ඔය තිබුනේ මොනවද කියල රස පරීක්ෂක වාර්තාව ආවට පස්සේ හැමෝටම දැනගන්න ලැබේවී. එතකල් බොරුවට චෝදනා කරන්න එපා.(නදී)

:       0       0

තිලක් Tuesday, 07 January 2014 11:07 PM

දේශපාලන පලි ගැනීම් නම් කරන්න එපා (දී)

:       0       0

ටිකිරි බංඩා Tuesday, 07 January 2014 11:09 PM

මට නම් එදාම තේරුනා කරන්නේ බොරුවක් කියලා. නීතිය අකුරට ක්‍රියාත්මක කළ රේගුවේ ලොක්කට කල දේ අපි දැක්කනේ.(නදී)

:       0       0

ටිකිරි බංඩා Tuesday, 07 January 2014 11:17 PM

නන්ද, මම නම් උදේ හවස කුඩු ගෙන්වන්නන්ට සහ හත්මුතු පරම්පරාවටත් කුඩු ගෙන්වන්න අනුබල දෙන අයට සහ ඒ අයගේ හත්මුතු පරම්පරාවටත් හෙනම ගහපන් කියලා තමයි උදේ හවස දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ. (නදී)

:       0       0

ටිකිරි බංඩා Tuesday, 07 January 2014 11:19 PM

කුඩු කිලෝ 140 ක් අල්ලපු සිසිර කුමාර මහත්තයට කළ දේ අපි දැක්කනේ. මරලා විතරක් නෙමෙයි කුඩු ගෙන්වන කට්ටිය එකතු වෙලා පාටියකුත් දැම්මා.(නදී)

:       0       0

ටිකිරි බංඩා Tuesday, 07 January 2014 11:20 PM

මිනිමරුවෙක් වෙලා ප්‍රභාකරන්ට අවරුදු 35 කදීවත් මේ තරම් විනාශයක් කරන්න ලැබුනේ නැහැ.හරිම දුකයි රටට වෙන විනාසය ගැන.(නදී)

:       0       0

කෞශිකා Tuesday, 07 January 2014 11:53 PM

මේ නිලධාරියා කියන කතාවේ අත්තක් තියෙන්න පුලුවන (දී)

:       0       0

චමිලා Tuesday, 07 January 2014 01:34 PM

දැක්කනේ දැන් රටේ තත්වේ , දැන් වත් මිනිස්සුන්ගේ මොලේ පදුනනම් හරි (දී)

:       0       0

මොහොමඩ් Tuesday, 07 January 2014 01:48 PM

අපි හිතුවා ඕ අයි සී මහත්තයා අහිංසක මනුස්සයෙක් කියල.පව් අනේ නිකන් නිරපරාදේ අත්අඩංගුවට ගත්තා.ඔය කියන කතාව අපි විශ්වාස කළානේ (දිල්)

:       0       0

සේන Tuesday, 07 January 2014 01:50 PM

කව්ද මේ දේශපාලනඥයෝ (දිල්)

:       0       0

චානක. Tuesday, 07 January 2014 01:54 PM

මේ වගේ සිදුවීම් ලංකාවේ හැර වෙන කිසිම රටක සිදු නොවේ.... (දී)

:       0       0

ප්‍රේමදාස Tuesday, 07 January 2014 01:55 PM

දේශපාලනය නිතිය හා සම්භන්ධ කරන්න එපා කියන්නේ ඔන්න ඕක තමයි (දී)

:       0       0

ජානක Tuesday, 07 January 2014 01:55 PM

මේවා අල්ලන්න ඕන මිනිස්සුම මේවා කරන කොට කොහොමද මේවා නැති කරන්නේ (දී)

:       0       0

දසුන් Tuesday, 07 January 2014 01:58 PM

මට හිතුනා මේක ගොතපු කතාවක් කියලා (දී)

:       0       0

දහමි Tuesday, 07 January 2014 02:08 PM

කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියල හිත ගන්න බැහැ (දී))

:       0       0

ලහිරු Tuesday, 07 January 2014 02:17 PM

දේශපාලන බලපෑම් නිසා නිතිය ඉෂ්ට කරන්න බැරි විමකට හොද උදාහරණයක් (දී)

:       0       0

කෝකිල Tuesday, 07 January 2014 02:17 PM

ඉතින් කොහොමද නිතිය ක්‍රියාත්මක කරන්නේ (දී)

:       0       0

නිශාන්ත Tuesday, 07 January 2014 02:46 PM

නීතීඥවරුන්ට අනුව නම් ඉතින් මේ රටේ හොරු,මංකොල්ලකාරයො,මිනීමරුවො කවුරුවත් නැත.(දිල්)

:       0       0

කරුණාරත්න දිසානායක Tuesday, 07 January 2014 02:49 PM

අල්මාරියේ තිබුන කුඩු , මුදල් කාගේද (දී)

:       0       0

දම්මිකා Tuesday, 07 January 2014 02:51 PM

ඇත්තටම ඒ කොන්තරයක් පිරිමහිල්ලාක් නම් ඉතා භයානාකයි, මොකද රටේ සිවිල් බලයක් තියෙන මිනිහෙක්ටත් ඔහොම වෙනවනම් සාමාන්‍ය ජනයා ගැන කවර කතාද (දී)

:       0       0

චානක Thursday, 09 January 2014 05:53 AM

මේවායින් අපිට දෙන්නේ නරක ආදර්ශ (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 07 January 2014 02:58 PM

අනේ මගේ පුංචි ලංකාවට වෙච්ච දෙයක් (දී)

:       0       0

රන්ජිත් පෙරේරා Tuesday, 07 January 2014 03:16 PM

මම හිතන්නෙ මේ ගෙවීගෙන යන්නෙ ලංකාවේ අවසානය වගේ (ස‍)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 2316 4

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1893 1

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1457 2

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1476 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 2108 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 865 1

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14575 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 171 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site