.
(සුජිත් හේවාජුලිගේ )
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2015 වර්ෂයේදී දිගින් දිගටම දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවී ඇතැයි එම ආයතනය ගැන කරුණු සෙවීමට පත්කළ පංච පුද්ගල කමිටුව හෙළිදරව් කර ඇති බවත් එම දූෂණ වංචා කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
අධිකාරීයේ කටයුතු සාර්ථක කර ගැනීමට නම් එහි ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදු කළ යුතු බවටද එම කමිටුව යෝජනා කර ඇතැයි පැවැසූ රාජ්‍ය ඇමැතිවරයා මේ අරමුණ ඉටු කර ගැනීම සඳහා එම අධිකාරී පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
ඖෂධ නියාමන අධිකාරියේ 2015 වසරේ ජුනි මස පළමු වැනිදා සිට එම වසරේ මාර්තු මස 17 වන දින දක්වාවූ කාලසීමාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයාබැලීම සඳහා මේ පංච පුද්ගල කමිටුව පත්කරනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසිනි.
විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය සභාපතිත්වය දැරූ එම පංච පුද්ගල කමිටුවේ අවසන් වාර්තාව වීරවර්ධන මහත්මිය විසින් රාජ්‍ය ඇමැතිවරයාට පසුගියදා බාර දුන්නාය.
එම කමිටු වාර්තාව තමා තවදුරටත් අධ්‍යයනය කරගෙන යන බවද ජයසුමන මහතා පැවැසීය.
ඖෂධ නියාමන අධිකාරිය පිළිබඳ පංච පුද්ගල කමිටුවේ වාර්තාව පිළිබඳව කරුණු දක්වමින් මහාචාර්ය චන්න ජයසුමන මහතා එසේ සඳහන් කළේය.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඖෂධ අධිකාරියේ දූෂණ වාර්තාවෙන් එළියට
Raveendra Thursday, 14 October 2021 12:04 PM
ඔය වාර්තාව මහජනතාවගේ දැනගනුමට මාද්‍ය මගින් පලකරොත් නරකද.... රටේ පුරවැසියන්ට මේවා දැනගැනීම අකැපද ...?
duminda Thursday, 14 October 2021 12:19 PM
පුලුවන්නම් නඩු දාලා අයකරගන්න.
කිරි පුතා Thursday, 14 October 2021 12:25 PM
හැම ආයතනයකම බූතයන් වගේ හොරු බින්න බැහැලා ඉන්නෙ. ආයතන සුද්ධ පවිත්‍ර කරලා ගන්න වෙයි.
fairoos Thursday, 14 October 2021 01:30 PM
ආණ්ඩු මරුවෙනකොට හැමදාම කලේ මේක තමයි .මෙයාලගේ විලි වහගන්න අනුන්ගේ කුණු හොයනවා
Senarath Thursday, 14 October 2021 01:46 PM
ඖෂධ වෙළඳාම කියන්නේ විශාල මාෆියාවක් .ඒවාට හිටපු සමහර සෞඛ්‍ය ඇමතිලත් සම්බන්දයි .නැතිනම් කොහොමද නැව් මිල දී ගත්තේ ?ඒ වගේම වෙළඳ ප්‍රවර්ධකයෝ එක එක ඒවා දීලා අල්ලාගෙන තමුන්ගේ ආයතනයේ නෙහෙත් ටික ලෙඩ්ඩුන්ට නියම කරනවා .ඒ වගේම ෆාමසි වලින් ,ලැබ් වලිනුත් කොමිස් ගන්න දොස්තරලත් ඉන්නවා
RaveendraThursday, 14 October 2021 02:43 PM
ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. මෙම ක්ෂේශ්ත්‍රයේ වැඩිපුරම සිටින්නේ හතරට ගැන ගන්න බැරි නියම ගල් ආදන්ය.
පැරකුම් Thursday, 14 October 2021 02:09 PM
පුලුවන් කෙනෙක් ඉන්නවනම් පෙන්නන්න මේ රටේ දූෂන වංචා නැති රාජ්‍ය ආයතනයක්. කෝ දැං අර දුෂන වංචා නැති කරන්න ආපු ලොක්‌කා ? අලුත් ව්‍යවස්ථාවක් හදන්නෙ ඒකට වෙන්නැති. එතකල් බලා ඉමු…!
Kule Thursday, 14 October 2021 02:19 PM
සුවපති ඕවට ගාවලා තිබුනොත් කිඹුලන්ට කන්න දමාවි
Raju Thursday, 14 October 2021 02:32 PM
මේ මිනිහාට පිස්සු.
Hafeel Thursday, 14 October 2021 02:46 PM
හරියට හරි. දෙගොල්ලම මේගොල්ලන්ගේ සහ ඒගොල්ලන්ගේ දුෂණ වංචා හැලිකරනවා. බලනකොට ඔක්කොම එකයි. පහුගිය ආණ්ඩුවේ ඇමතිකම් දරපු අය, වැරදි කල මේ ආණ්ඩුවේත් ඉන්නවා. පාස්කු ප්‍රහාරය එල්ල වෙනතුරු අහක බලාගන හිටිය මෛත්‍රීත් දැන් මේ ආණ්ඩුවේ. ඉතින් මේවා විහිළු. කිසිම දේශපාලකයන්ට දුෂණ වංචාවලට දඬුවම් දීල නැහැ .
Hafeel Thursday, 14 October 2021 02:49 PM
අර ජනාධිපති කොමිසම නිර්දේශ කළා නේද අපරාධ නඩු සේරම අයින් කරගන්නයි කියල. එහෙම මේ කොමිසම නිර්දේශ කලේ නැද්ද?
Shanthan Thursday, 14 October 2021 04:10 PM
අපි එහි අන්තර්ගතය ගැන සැක කරමු. මහජනතාවගේ හෝ පාර්ශවකරුවන්ගේ අදහස් ලැබී නැත. මෙය රජයේ තවත් ඇස් සෝදා ගැනීමකි
Siri Weeraprya Friday, 15 October 2021 06:02 AM
කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු ඩිංග ඩිංග තිබෙනවා
Perera Friday, 15 October 2021 10:11 AM
පුළුවන්නම් රාජිතට නඩු දාන්න බලන්න.
Sagarika Alvis Friday, 15 October 2021 10:23 AM
වැරැදි කාරයින්ට වැරැදි කරලා හංගලා ඉන්න බෑ. කොයිවෙලේ හරි මට්ටු වෙනවා... දැන් ඉතින් කිඹුල් පැටවුන්ට දුවන්න වෙන්නේ...