(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිය සේවකයන් සඳහා විධිමත් අනුමැතියකින් තොරව ප්‍රසාද දීමනා( බෝනස් ) සහ දිරිදීමනා ලබාදීමෙන් රුපියල් කෝටි දාහතරක පමණ පාඩුවක් ඉකුත් 2020 වර්ෂයේදී සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව සේවකයකු වෙනුවෙන් වාර්ෂිකව රුපියල් 13,500 ක පමණ ප්‍රසාද දීමනා ගෙවිය හැකි වුවද සංස්ථාව එම මුදලට අමතරව මාසික වැටුප මෙන්ම රුපියල් 10,000 ක සභාපති ප්‍රසාද දීමනාවක්ද ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ අනුව සේවකයන් සඳහා චක්‍රලේඛ අනුමත සීමාව ඉක්මවා සහ විධිමත් අනුමැතියකින් තොරව 2020 වර්ෂයේදී ප්‍රසාද දීමනා ලෙස එක්කෝටි හැට පන් ලක්ෂයක මුදලක් වැඩිපුර ගෙවා තිබූ බව පවසන විගණන කාර්යාලය සේවකයන් සඳහා 2011 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා නිෂ්පාදන දිරිදීමනා ලෙස රුපියල් දොළොස් කෝටියකට වැඩි මුදලක් වැඩියෙන් ගෙවා තිබූ බවද සඳහන් කරයි.
විගණන වාර්තාවේ දැක්වෙන අන්දමට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සේවකයන් සඳහා දිරිදීමනා ලෙස 2020 වර්ෂයේදී පමණක් වැඩිපුර ගෙවා ඇති මුදල රුපියල් දෙකෝටියකට ආසන්නය.
තවද පැමිණීමේ දිරිදීමනා ලෙස මසකට එක් සේවකයකුට රුපියල් දෙදහසක් පමණක් ගෙවීමට අනුමැතිය ලැබී තිබුණද එය රුපියල් 3500 ක් දක්වා වැඩි කර ගෙවා තිබූ බව විගණන අංශ පවසයි.
මේ අතර නිලධාරියකුට ගෙවිය හැකි උපරිම ආපදා ණය මුදල රුපියල් දෙලක්ෂ පනස් දහසකට සීමා කළ යුතුව තිබුණද 2020 වර්ෂයේ දී නිලධාරීන් එකසිය එක් දෙනෙකුට එම සීමාව ඉක්මවා රුපියල් එක්කෝටි විසිහතර ලක්ෂයකට වැඩි මුදලක් ගෙවා තිබූ බව විගණන වාර්තාවේ දැක්වේ.
තවද වැඩ බැලීමේ කාලය මාස 3 ක උපරිමයකට යටත් විය යුතු වුවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වට්ටෝරු හා පර්යේෂණ) තනතුර සඳහා අඛණ්ඩව වර්ෂ තුනකට අධික කාලයක් වැඩ බැලීමේ පදනම මත නිලධාරියකු බඳවා ගෙන තිබූ බව විගණන කාර්යාලය පවසයි.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඖෂධ නිෂ්පාදන සංස්ථාව හිතුමතේ බෝනස් ගෙවලා
Bamunuarachchi Tuesday, 18 October 2022 07:10 AM
සංස්ථා සබපතිලා හිතාගෙන ඉන්නේ සංස්ථා බුදලෙන් ලැබුන ඒවා කියලා. බෝනස් බෙදාගන්නවා අපිට බදු ගහනවා. මේක බ්‍රහ්මකෙළියක්නේ. බෝනස් ගෙවන්න තරම් ලාභ තිබෙනවානම් බෙහෙත් මිල අඩුකරන්න.
Lakmal Tuesday, 18 October 2022 07:06 PM
ආයතන විකිණීම සඳහා රජයේ ලාභ ලබන ආයතන පිළිබඳව අසත්‍ය ප්‍රචාර සිදු කර මහජනතාව මුළා කිරීමට පල කරන ලද්දකි.