(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඖෂධ ලියාපදිංචියට ජාතික ඖෂධ නියාමන අධිකාරියට භාරදී තිබූ ලිපිගොනු 2100 ක් එහි ගොඩ ගැසී තිබී සොයාගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
රජය බලයට පත්වීමෙන් පසු එම ලිපිගොනු නවසීයක් දක්වා අඩු කරගත් බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය විධිමත් කරන බව පැවසූ අමාත්‍යවරයා ඖෂධ ලියාපදිංචි කිරීම වේගවත් කරන බවද සඳහන් කළේය.
නිසි පරික්ෂාව ඇතුව ඖෂධ ලියාපදිංචිය වේගවත් කරන බවද අමාත්‍යවරයා කීය.
ලියාපදිංචි නොකරන ලද සමාගම් කළ වංචා ගණනාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවත්
ඒ ගැන පරීක්ෂණ කරගෙන යන බවත් ඔහු සඳහන් කළේය.
ඊට පසු ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.
ඉදිරි වසර දෙක තුන ඇතුළත ප්‍රමිතියෙන් උසස් ඖෂධ පරික්ෂා කිරීමේ විද්‍යාගාරයක් ඉදිකිරීමට ක්‍රමවේදයක් සකස් කරගෙන යන බව පැවසූ නලින්ද ජයතිස්ස මහතා මේ සඳහා රජයේ මුදල් යොදවීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මෙවර අපොස උසස් පෙළ විභාගයේ දි වාර්තාවක් තබමින් එකම පවුලේ නිවුන් සොහොයුරන් සහ ඔවුන් අක්කා ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත්ව සිටිති.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඖෂධ ලියාපදිංචියට දුන් ලිපිගොනු 2100ක් ගොඩ ගැහිලා