(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනෙකු රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමටට පැමිණි රාජ්‍ය බුද්ධි සේවයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි.
මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් මීගොඩ ගොඩගම හන්දිය අසල ක්ෂණික මාර්ග බාධක රාජකාරී යෙදී සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු පරික්ෂා කිරීමේදී කොකේන් මත්ද්‍රව්‍ය මිලිගෑම් 1130 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට රැගෙන ආ බවත් මිලදී ගැනීමට පුද්ගලයකු ගොඩගම හන්දියට පැමිණෙන බවට අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි
එම සැකකාර නිලධාරියා ඊයේ (12) රාජකාරියෙන් පසු නිවසට පැමිණ ඇතැයි පොලිසිය කියයි එම සැකකාර නිලධාරියා පාදුක්ක කූරුගල පදිංචිකරුවෙකි.
සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා අත්අඩංගුවට ගත් තරුණයකුගේ අත් පා බැඳ එල්ලා අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට භාජනය කොට එම පාපොච්චාරණය ප
අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්විණි.
වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්න
හොරණ බොරළුගොඩ කුරුඳු කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ගිනි ගෙන දැවෙන බව පොලිසිය කියයි.
වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහල පුද්ගලයකු මියයාමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට අත්තඅඩගුවට ගත් හිටපු පොලිස් කොස්තාපල්වරුන් සිව්ද
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම මාවත නිල නිවස පිටුපස පිහිටි යුද හමුදා භටයන් රැදී සිටි ගොඩනැගිල්ලේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කොකේන් ගන්න ආ බුද්ධි එස් අයි අත්අඩංගුවට