IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කකුල් ඉදිමීම රෝග රැසක ලක්ෂණයක්

වෛද්‍ය විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය - තිලක් ජයලත්

දහස් සංඛ්‍යාත රෝග තත්ත්ව නිසා නොයෙකුත් අන්දමේ රෝග ලක‍්ෂණ දක්නට ඇත. ඇතැම් රෝග ලක්ෂණ ශරීරයේ එක් අවයවයකට හෝ පද්ධතියකට සීමා නොවිය හැක. එවැනි රෝග ලක්ෂණ ඇති අය වෛද්‍යවරුන් වෙත යොමු වූ විට වෛද්‍යවරයාගේ පළමු කාර්යය වනුයේ එම රෝග ලක්ෂණය ඇතිවීමට හේතුවක්, ඒ සඳහා අකර්මණ්‍ය වී ඇති අවයවයක් හෝ පද්ධතියක් හඳුනා ගැනීමයි. මෙම කාර්යයේදී කායික රෝග විශේෂඥවරුන් සිදු කරනුයේ ඉතා වැදගත් කාර්යභාරයකි.

මෙවැනි එක් පද්ධතියකට හෝ අවයවයකට සීමා නොවී මතුවන රෝග ලක්ෂණ අතර මුල් තැනක් ගන්නා රෝග ලක්ෂණයක් වනුයේ කකුල් ඉදිමීමයි. කකුල් ඉදිමීමට බොහෝ හේතු බලපාන අතර ඉන් මුල් තැනක් ගනුයේ හෘදය ආශ්‍රිත රෝග, වකුගඩු අකර්මණ්‍ය වීම, සිරෝසිස් වැනි අක්මාව ආශ්‍රිත රෝග, තයිරොක්සින් හෝමොනයේ ඌණතාව සහ ඇතැම් ඖෂධ වර්ග භාවිතයයි.

කකුල් ඉදිමී රෝග ලක්ෂණ සමගින් රෝගියකු පැමි‚ විට වෛද්‍යවරයා විසින් කළයුතු පළමු කාර්යය වනුයේ කකුල් ඉදිමීම ප්‍රධාන වශයෙන් එක් කකුලක ද එසේ නැත්නම් සමානව කකුල් දෙකෙහිම දැකිය හැකිද යන්න පරීක්ෂා කීරිමයි. මෙයට හේතුව යම් අයකුගේ කකුල් දෙකෙහිම ඉදිමීම දැකිය හැකි නම් එයට ප්‍රධාන වශයෙන් ශරීර අභ්‍යන්තරයේ රෝග ලක්ෂණයක් තිබිය හැකිවීමයි. බොහෝ විට එක් කකුලක් පමණක් ඉදිමීම දැකිය හැකි වනුයේ එම කකුල ආශ්‍රිතව ඇතිවී තිබෙන රෝග තත්ත්වයක් හේතුවෙනි.

කකුල් ඉදිමීමට බලපාන ප්‍රධානතම අභ්‍යන්තර රෝග තත්ත්වයක් වනුයේ හෘදවස්තුව ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්ව වේ. හෘද වස්තුවේ ක්‍රියාකාරිත්වය අඩුවීම නිසා හාට් ෆේයිලියර් නැමැති රෝග තත්ත්වය නිසා මෙසේ කකුල් ඉදිමීම ඇතිවේ. මෙම රෝගින්ගේ කකුල් ඉදිමීමට අමතරව හුස්ම ගැනීමේ අපහසුතා දැකිය හැක. මුල් කාලයේදී ගමනක් එක දිගට යාමේදී හුස්ම ගැනීම අපහසු වන අතර පසු කාලයේදී කිසිම කාර්යයක නොයෙදන අවස්ථාවලදී පවා හුස්ම ගැනීම අපහසු විය හැක. හෘදය ආශ්‍රිත රෝග නිසා කකුල් ඉදිමීම සිදුවන රෝගිහු බොහෝවිට දියවැඩියාව අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් මට්ටම වැනි රෝගවලින් පීඩා විදිති.

ඇතැම් විට දීර්ඝ කාලීනව ඇදුම වැනි පෙනහලූ ආශ්‍රිත රෝග තත්ත්ව ඇති රෝගින්ගේ ද පසු කාලයේදී හෘද වස්තුවේ ක්‍රියාකාරිත්වය අඩුවීම නිසා කකුල් ඉදිමීමේ තත්ත්වයක් දැකිය හැක. කකුල් ඉදිමීමට බලපාන තවත් අභ්‍යන්තර රෝග තත්ත්වයක් වනුයේ දීර්ඝ කාලීනව වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝග තත්ත්වයයි. මෙවැනි රෝගින්ගේ කකුල් ඉදිමීමට අමතරව බොහෝ විට මුහුණ ඉදිමීමද දැකිය හැක. දීර්ඝ කාලීනව වකුගඩු අකර්මණ්‍ය වීම හේතුවෙන් දකින අනෙකුත් රෝග ලක්ෂණ වනුයේ නිරක්තභාවය, සම කළුවීම, නියපොතු පැහැය වෙනස්වීම, සම කැසීම, කෑම රුචිය අඩුවීම, වමනය සහ ඔක්කාර ගතිය ඇතිවීමයි. ඇතැම් රෝගීන් තුළ මුත්‍රවල අධික ලෙස පෙණ තිබීමත් දැකිය හැක. දීර්ඝ කාලීනව වකුගඩු අකර්මණ්‍ය නොවී වකුගඩු වලින් අධික ලෙස ඇල්බියුමින් පිටවන නෙප්‍රොටික් සින්ඩ්‍රෝම් වැනි රෝග තත්ත්ව නිසාද කකුල් ඉදිමීමේ තත්ත්වය ඇතිවිය හැක.

අක්මාව ආශ්‍රිතව දකින ප්‍රධාන රෝග තත්ත්වයක් වන සිරෝසිස් නැමැති රෝග තත්ත්වය නිසාත් ඇතැම් රෝගින්ගේ කකුල් ඉදිමීමක් දැකිය හැක. බොහෝ සිරෝසිස් රෝගින්ගේ කකුල් ඉදිමුමට අමතරව බඩ ඉදිමීමේ තත්ත්වයද දැකිය හැක. මෙම සිරෝසිස් රෝගය නිසාද සම කළුවීමේ තත්ත්වයක් ඇතිවිය හැක. ඇතැම් රෝගින්ගේ ඇස් කහවීම, නිරක්තභාවය, සම කැසීම, කෑම අරුචි, වමනය යාම වැනි රෝග ලක්ෂණ දැකිය හැක.

සිරෝසිස් රෝගයට ප්‍රධානතම හේතුව වනුයේ මැත්පැන් භාවිතයයි. මත්පැන් භාවිතය නොකරන අයගේ සිරෝසිස් රෝගය සෑදීමට හේතු සාධක කිහිපයක් ඇත. ඒ අතර දියවැඩියා රෝගයයි. ඇතැම් ඖෂධ වර්ග හෙපටයිටිස් බී සහ සී වැනි රෝග තත්ත්ව, ශරීරයේ අධික ලෙස යකඩ සහ කොපර් ලබන තැන්පත් වීම මුල්තැනක් ගනී.

තයිරොක්සින් හෝමෝනය මඳවි නිසාද ඇතැම් අයගේ කකුල් ඉදිමීම දැකිය හැක. තයිරොක්සින් මඳවීම නිසා මුළු ශරීරයම ඉදිමීමක් දැකිය හැක. ඇතැම් අයට කට හඬේ ගොරෝසු බවක් ද නිතර නිදිමත ඇතිවීමද බඩ වේළීමක්ද අත්වල හිරිවැටීමක්ද ඇතිවිය හැක.  මෙම රෝගීන්ට තයිරෝක්සින් හෝමෝනය ලබා ගැනීමෙන් ඉහත සඳහන් රෝග ලක්ෂණවල අඩුවීමක් දැකිය හැක.

කකුල් ඉදිමීමට හේතුවන තවත් එක් සාධකයක් වනුයේ අප භාවිතා කරන ඇතැම් ඖෂධ වර්ගයි. ඒ අතර අධි රුධිර පීඩනය සඳහා භාවිතා කරන නිෆෙඩිපින් සහ ඇම්ලෝඩිපින් ඖෂධ මුල් තැනක් ගනී. එම නිසා කකුල් ඉදිමීමක් ඇති රෝගින් තම ඖෂධ පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුවේ.

ශරීර අභ්‍යන්තරයේ ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ආශ්‍රිතව ඇතිවන යම් වර්ධන තත්ත්ව කකුල් වලින් රුධිරය රැගෙන එන මහා ශිරා වලට ඇති කරන තෙරපීම් තත්ත්ව හේතුවෙන්ද  ඇතැම් අයගේ කකුල් ඉදිමීමක් දැකිය හැක. ගර්භණී කාලය තුළ කකුල් ඉදිමීමට එක් හේතුවක් වන්නේද ගර්භාෂය මහා ශිරාවලට ඇතිකරන තෙරපීම් තත්ත්වයයි.

කකුල්වල ඇති වසා නාළවල ඇතිවන රෝග තත්ත්වයක් නිසාද කෙනකුගේ කකුල් ඉදිමීමේ තත්ත්වයක් දැකිය හැක. මෙය ප්‍රධාන වශයෙන් එක් කකුලක ඉදිමීමට හේතුවිය හැකි වූවත් කලාතුරකින් කකුල් දෙකෙහිම ඉදිමුම් තත්ත්වයක් ඇති කළ හැක.  ප්‍රධාන වශයෙන් එක් කකුලක ඉදිමීමක් ඇතිවී ඇතිනම් ප්‍රධාන හේතු සාධකයක් වනුයේ සෙලියුලයිටිස් නමැති බැක්ටීරියා ආසාදන තත්ත්වයයි. ඊට අමතරව කකුලෙහි ඇති ප්‍රධාන ශිරාවල ලේ කැටි ගැසීමේ තත්ත්වය නිසාද එක් කකුලක ඉදිමුමක් දැකිය හැක. මේ තත්ත්වය ඩීප් වෙයින් ත්‍රොම්බොසිස් ලෙස හඳුන්වනු ලබයි. සමහර ලේ නහරවල ගැට ඇති රෝගීන්ගේද කකුල්වල ඉදිමුම් තත්ත්වයක් ඇතිවිය හැක.

ඉහතින් සඳහන් නොයෙකුත් රෝග තත්ත්ව නිසා කකුල් ඉදිමීම ඇතිවිය හැකිවූවත් සමහර රෝගින් කිසිම පරීක්ෂණ වලින් සොයාගත නොහැකි තත්ත්වයක් නිසාද කකුල් ඉදිමීම දැකිය හැක. මෙම තත්ත්වය ඉඩියොපතික් ඉසීමා ලෙස හඳුන්වනු ලබයි.

 



අදහස් (7)

කකුල් ඉදිමීම රෝග රැසක ලක්ෂණයක්

මිනිපෙ Monday, 22 February 2016 08:25 PM

එතකොට ඔලුව ඉදිමීමට? (බ)

:       8       6

කමනි ලිවේරා Saturday, 10 April 2021 07:36 AM

මගේ අාච්චිගේ තමයි කකුළ ඉදිමිලා තියෙන්නේ.. මගේ අාච්චිගේ කකුල කැසීම හා රිදෙනවාලු...

:       4       2

ඩඛ්.නිහාල් පුනාන්දු Friday, 11 June 2021 08:41 PM

සුසුම්නාව තුවාල වූ අය රෝදපුටුවේ ගතකිරීමේදි නිතර පාදපහල තිබෙන නිසා කකුල් ඉදිමීම සිදුවේ...

:       1       2

වජිරා Friday, 22 October 2021 09:07 PM

මහත්තයාගෙ දකුණු කකුල ඉදිමිලා... දණහිසෙන් පහළට කිසිම හේතුවක් නැහැ..

:       11       4

Maduwanthi Friday, 06 January 2023 12:41 PM

මාගෙත් කකුල් ඉදිමිලා. ටෙස්ට් ගොඩක් කලා. කිසිම ළෙඩක් නැහැ කියනව. එහෙත් කකුල් ඉදිමිලා . ඔය ඩොක්ටර් හම්බවෙන්න විස්තර කියන්න .

:       5       2

Nethmi wandana Wednesday, 21 February 2024 01:54 PM

මගේ දණහිස් ඉදිමිලා. සමහරක් වෙලාවට දණහිස් කට්ට එබෙනවා. ඒ මොකද්ද හේතුව?

:       0       0

ඉල්මා හෙට්ටිආරච්චි Sunday, 09 June 2024 07:12 PM

මගේ වළලු කර වටේ හා විළුඹ යට රිදෙනවා ඇයි ඒ...? ප්‍රතිකාර කරන්නේ කොහොමද? හමුවන දොස්තර කවුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 498 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 234 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3232 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1153 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 598 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1993 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24906 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 735 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site