IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කොකා පෙන්නිල්ල

2016-09-27-ent-60මතට තිත සංකල්පෙ තදින්ම ක්‍රියාත්මක කරන්න රටේ ලොකු මහත්තයා එහෙම හැබෑවටම කැපවෙලා වැඩකරනවා.
ඒත් ආණ්ඩුවෙ ඉන්න වැදගත් පට්ටම් දරන "පොඩි මහත්තුරැ" තවමත් යන්නෙ පරණ පාරෙමලු.

ඉතින් මේත් ඒ වගේ පරණ පාරෙ යන දේසපාලුතුමෙක් කළ වැඩක්. මේක ඇහෙන්නෙ "රේගුව"පැත්තෙන්. පසුගියදාක මේ රටේ ඉන්න උතුරන්න සල්ලි බාගෙ තියෙන තමන්ගෙ කොම්පැණිය ජයටම වර්ධනය කරපු මහත්තයෙක්ගෙ සමාගමකට එතනෝල් තොගයක් ආවලු... මේවයින් නිත්‍යනුකූල මත්පැන් වගේම "බොකුදිරාස්" හදනවනේ...

කොහොම හරි වරායෙ ගුදමට ආපු මේ බලපත්තර නැති එතනෝල් තොගේ කස්ටම් එකට මාට්ටු වුණා කියමුකො... ඉතින් එතන කස්ටිය මේක හොඳට බලල ගණන් මිනුම් හැදුවම මේ බඩුතොගේ රැපියල් කෝටි පනහක් කිට්ටුව වටිනවලු...

මේක මාර ජාවාරමක් නිසා කස්ටම් කස්ටිය බඩු අල්ලලා දඩ නියම කරන්න ගියාලු... දඩේ ගැහුවනම් මේක ගෙන්නපු උන්නැහේට කෝටි ගණනක් නියම වෙන්නලු තිබුණෙ... ඒත් ඉතින් අන්තිමට කස්ටම් කස්ටියට වඩා ධනවතා වාසනාවන්ත වුණා. උන්නැහේ "හිරැ"පායන උදෑසනින්ම ගිහිල්ලා තමන් මේ වළෙන් ගොඩගන්න කියල කොළඹ පැත්තෙ එක්තරා දේසපාලන ලොක්කෙකුට කිව්ව. ඒක කළොත් මෙහෙම කරන්නම් කියලත් ලොකු පොරොන්දුවක් දුන්නලු...

ඔන්න ඊට පස්සෙයි "මතට තිත" හරියටම ක්‍රියාත්මක වුණේ. අද "හිරැ" බහින්න කලින් පොඩි ගණනක දඩයක් ගහලා බඩු නිදහස් කළ යුතුය කියලා නියෝගයක් ආවා. 

ඒ අනුව එදාම ධනවතා ගොඩ ගියේ කස්ටම් කස්ටියට කොකා පෙන්නගෙනලු. 

 

DESHAYA

 



අදහස් (0)

කොකා පෙන්නිල්ල

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 104 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 241 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 46 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 341 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 927 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 960 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25752 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site