IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කොග්ගල කොරළියා කුරු වේ

කොග්ගල කලපුවේ පරිසරය වෙනස්වීමෙන් එහි බහුලව සිටින මල් කොරළියා පුංචි වී ඇතැයි රුහුණ විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය තිලක් ගමගේ මහතා පවසයි.

 කොග්ගල කලපුවේ ස්වභාවික වැලි වැටිය ඉවත්කිරීම නිසා  මුහුදු ජලය කලපුවට එක්වීම මීට හේතුව බව ද මහාචාර්ය වරයා කියයි.

කලපුවේ ලවණ මට්ටම අතීතයේ ඒකක 15-24 ත් අතර අගයක් ගත් බවත් දැන් එය ඒකක 35ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පවසන මහාචාර්ය ගමගේ මහතා කියනුයේලුණු ගතියේ බලපෑමෙන් මල් කොරළි කුරු වී ඇති බවයි.

සාමාන්‍යෙයන් වැඩුණු මල් කොරළියකු සෙන්ටිමීටර 24ක් දක්වා වර්ධනය වුව ද කොග්ගල කලපුවේ මුහුද ආසන්නයේ සිටින මල් කොරළි කුරු ස්වභාවයක් ගන්නා බව ද හෙතෙම පෙන්වා දෙයි. එසේ වුව ද කලපුව අභ්‍යන්තරයේ වඩාත් ගොඩබිම දෙසට ඇති ලවණතාවෙන් අඩු ප්‍රදේශවල සිටින කොරළි සාමාන්‍ය ලෙස වර්ධනය වන බව ද මහාචාර්යවරයා කියයි. ශ්‍රී ලංකාවට ආවේණික නොවන දේශීය මත්ස්‍යයකු වන මල් කොරළියා සත්ත්ව විද්‍යාත්මකව එට්ට්‍රෝප්ලස් සුරනෙන්සිස් ලෙස හදුන්වයි. ශ්‍රී ලාංකික විද්‍යාඥ රොහාන් පෙතියගොඩ මහතා පසුගිය කාලයේ කරන ලද පර්යේෂණයකින් පසු මේ මත්ස්‍ය විශේෂය සෙඩුයුට්‍රොප්ලස් සුරනෙන්සිස් යනුවෙන් හඳුන්වයි.

0001 0002 - Copy



අදහස් (0)

කොග්ගල කොරළියා කුරු වේ

කමල් Monday, 18 August 2014 06:38 PM

දැන් මිනිස්සුත් ටිකෙන් ටික වඳවෙමින් ගල්යුගයට තමයි යන්නේ ! (නි)

:       0       0

හැරිසන් Monday, 18 August 2014 11:02 PM

කොරළියා පුංචි වෙලා කියන එකෙන් වැඩියෙන්ම පහර වදින්නේ කාටද? (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 18 August 2014 11:06 PM

බොහෝවිට බයිට් පිඟානෙන් අවසන් ගමන් යන කොරළියා දිග වුණත් ‍කොට වුණත් ඒ ගැන බොහෝ අයට ගාණක් නොවේ (නි)

:       0       0

සත්‍යයා Tuesday, 19 August 2014 01:01 AM

පරිසරය රැකගැනීමේ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ මොනම දේශපාලන පක්ෂයකටවත් නැහැ. බොරු දේශපාලන න්‍යායන් ඉදිරියට දමාගෙන සමාජ හා ආර්ථික ක්‍රියාවලියේදී සැමටම සාධාරණය ඉටු කරනවා කියා වහසි බස් දෙඩවුවත් මිනිසුන් වූ අපව රකින පරිසරය ගහකොළ හා සතා සිව්පාවා රැකදෙන්න මේ කාටවත් ඕනෑකමක් නැහැ. (නි)

:       0       0

තබීතා Monday, 18 August 2014 11:07 AM

ඇයි මේ වැලි වැටිය ඉවත් කරලා තියෙන්නේ ? සංවර්ධන කටයුත්කටද? (නි)

:       0       0

සුමනසිරි Monday, 18 August 2014 11:10 AM

මේක මල් කොරළියාට කරන ලොකු අසධාරණයක් (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 19 August 2014 04:50 AM

කුරුවීම,වදවීම දැන් ජීවීන්ගේ දැන් පොදු ලක්ෂණයක් වෙලා,කරන්න දෙයක් නැහැ ඔහොම යාං . (දී)

:       0       1

හේමන්ත Monday, 18 August 2014 11:42 AM

පුංචි වුණත් ලොකු වුණත් කොරලියාට වන යහපතක් නැත. මොකද ඌ මරාගෙන කන නිසා. කොරලියා තව කොච්චර කාලයක් ඉඳිද දන්නේ නැහැ. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 18 August 2014 12:13 PM

ඔහොම යද්දී කොරළි නෙමෙයි මිනිසුන්ටත් ඉන්න හිටින්න තැනක් නැතිවෙයි. (නි)

:       0       0

සෙනෙවි Monday, 18 August 2014 03:27 PM

පහුගිය කාලයේ ජල සම්පත් විකිණීමේ පනත සම්මත වුණා නම් මල් කොරළියා විතරක් නෙවෙයි මිනිසුන්ටත් මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 94 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 295 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 147 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4020 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 535 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2121 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site