IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කොංග්‍රසයට අන්ත පරාජයක්

තවත් ආසන හතක ප්‍රථිපල නිකුත් වීමට තිබියදී ඉන්දීය මැතිවරණයේ අලුත්ම තත්ත්වය

භාරතීය ජනතා පක්ෂය ආසන 312

පාළක කොංග්‍රස් පක්ෂය ආසන 71

වෙනත්  පක්ෂ 153

ඡන්ද දායකයින් පිරිසක්



අදහස් (0)

කොංග්‍රසයට අන්ත පරාජයක්

අක්මල් ඛාන් Friday, 16 May 2014 01:34 PM

ශ්‍රී ලංකාවෙත් වෙනසක් ළඟදීම .නරේන්ද්‍ර මුඩිට සුබ පැතුම් .(දිල්)

:       0       0

ගිහාන් Friday, 16 May 2014 01:46 PM

පසුගිය දිනෙක තමිල්නාඩුවේ මැතිවරණ රැස්වීම් කීපයකදී නරේන්ද්‍ර මෝඩි විසින් ශ්‍රී ලංකාවට දබර ඇඟිල්ල දක්වමින් කියා තිබුනේ තමන් බලයට පත් වූ විට දෙමළ ප්‍රශ්නය දෙස තියුණු ලෙස බලා කටයුතු කරන බවත් ලොව පුරා පැතිරී සිටින දෙමළ ජනයා ආරක්ෂා කිරීම ඉන්දියන් රජයේ වගකීම බවත්ය. විශේෂයෙන් ධිවරයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කරන හිරිහැර ගැන තමා දැඩි අවධානයෙන් සිටින බවද කියා ඇත. මෙසේ ඔහු කිවේ තමිල්නාඩුවේ චන්ද වෙනුවෙන් යයි සිතිය හැකි වුවත් ඉන්දියාවේ මැතිවරණවලදී වූ පොරොන්දු ඉටු නොකළහොත් වැඩ වරදින බව කවුරුත් දන්නා නිසා නරේන්ද්‍ර මෝඩි විසින් ලංකාවට බලාපොරොත්තු නොවූ අහිතකර බලපෑමක් ඇති කළ හැකිය. (ස)

:       0       0

කමල් Friday, 16 May 2014 01:50 PM

මෙය ලංකාවට අවාසි සහගත තත්වයක්. කොංග්‍රසය ලංකාවට පක්ෂ පක්ෂයක්. නමුත් හින්දු දැඩි මතධාරී මෝඩි ගෙන් ලංකාවට අවාසි සහගත බලපෑමක් එල්ල වේවි. (ස)

:       0       0

නිලුමි Friday, 16 May 2014 01:53 PM

ඔය හැම කෙනාම අපිට වරදිනකල් තමයි බලන් ඉන්නේ. (ස)

:       0       0

සරත් බණ්ඩාර Friday, 16 May 2014 10:26 PM

ජනතා ආධිපත්‍යය ගැන දොඩවන අපේ අයියලාට මේක හොඳ පාඩමක්. මොකද ආධිපත්‍යය ගැන කියන අයගේ ආධිපත්‍යය සීමාව ඉක්මවා ගිහින්. (ස)

:       0       0

නිහාල් Friday, 16 May 2014 01:55 PM

දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ මේ දෙයට තමයි. අසල් වැසි රටවල් සමග එකට ඉන්න බැරිව රටක් හරියට පාලනය ගෙනියන්නේ කොහොමද? (ස)

:       0       0

දයාරත්න ඕස්ත්‍රේලියා Friday, 16 May 2014 02:07 PM

අනේ ඉන්න මහත්වරුනි ඔබාමා දිනපු වෙලේ කීයක් කිව්වද? (මුදී)

:       0       0

මහීපාල Friday, 16 May 2014 11:12 PM

මේක අපේ ජයග්‍රණයක්. මෝඩි ට ඇමෙරිකාව සහ එංගලන්තේ වීසා දුන්නේ නැති බව ලෝකෙම දන්නවා . අපේ ජනපතිට සුබ පැතුම්.(ස)

:       0       0

අමිල Friday, 16 May 2014 02:38 PM

ලෝකෙ ඉන්න උගත්ම අගමැතිත් ඉන්න පක්ෂය ගෙදර යවන්න ඉංදියාවේ ජනතාව තීරණය කළා.අපි හැමදාම කිව්වෙ ඉංදියාවෙ ඉන්නෙ ලංකාවෙ අයට වඩා උගත්කම අඩු පිරිසක් කියලා. ඒ කතාව වැරදියි කියලා දැන් හිතෙනවා. (ස)

:       0       0

බිනර Friday, 16 May 2014 02:40 PM

බටන්ගලගේ කථාවට මමත් එකඟයි. ගාන්ධි පවුල බලයේ සිටීම ඉන්දියාවට කෙසේ වෙතත් ලංකාවට වාසි සහගතයි. ගාන්ධිවරු පැහැදිලිවම එල් ටී ටී ඊ වීරෝධී. මොකද එල් ටී ටී ඊ ය සමග ඔවුන්ට තිබූ පෞද්ගලික ප්‍රශ්නය නිසා.නමුත් ඔවුන්ට වැනෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න සිදු වූයේ දකුණු ඉන්දියාවෙන් ආපු බලපෑමට ජයලලිතාගෙ සහය නොමැතිව ආණ්ඩු බලය රැකගැනීමට නොහැකි නිසා.නමුත් මෝඩිට එල් ටී ටී ඊ එක සමග පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. ඒ වගේම ඔහු දැඩි හින්දු මතධාරියෙක්. ඔහු ලංකාව සම්බන්දයෙන් කෙසේ ක්‍රියා කරාවිද කියන එක ගැටලුවක්. (ස)

:       0       0

කසුන් Friday, 16 May 2014 02:42 PM

මොනවා වුණත් කොංග්‍රසය හොඳයි වගේ (මුදී)

:       0       0

උඩුමලගල ගමගේ Friday, 16 May 2014 02:46 PM

බී පි - ශක්තිමත් බව පේනවනේ දකුණු - බස්නාහිර ප්‍රතිපල වලින්. දැන් ඔය ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු පවා එලියට ඇවිත් කරන ප්‍රකාශ වලින් ඔප්පු වෙන්නේ මගේ ප්‍රාර්ථනය හීනයක් නොවෙන බවයි. ඕනෑම රජයක් ජනතා මතයට යටත්. (මුදී)

:       0       0

නාරද Friday, 16 May 2014 02:53 PM

ලොව ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී රට වන ඉන්දියාවට ඇත්තේ එකම එක් විදේශ ප්‍රතිපත්තියකි . එය එක අගමැති කෙනෙක් ගෙන් තවත් කෙනෙකුට වෙනස් නොවේ.ඉන්දියාව විසින්ම අපරට තුල ඇතිකළ ඇතැම් දේ නිසා, අද ඉන්දියාවට සිදුව ඇත්තේ අප සමග යාප්පුවෙන් සිටීම පමණි.එසේ නොවන්නේ නම් ලංකාවට චීනය දෙසට වඩාත් ලංවන්නට සිදු වන්නේය .(මුදී)

:       0       0

ටිකිරි Wednesday, 21 May 2014 05:39 PM

ඉන්දියාවේ ඕනෑ කෙනෙක් බලයට ආපුදෙන්. ලංකාවේ අපි එකමුතුව ශක්තිමත් නම් අපිට බයවෙන්න දෙයක් නැහැ. (නි)

:       0       0

දකුණේ සිල්වා Saturday, 17 May 2014 01:03 AM

කට්ටියම වල්මත් වෙලා වගෙයි..සිහින සැබෑ වේවා කියල පතනවා..එත් මේක ඉන්දියාව නෙමෙයි ශ්‍රී ලංකාව..කොන්ග්‍රස් එක වගේ අනුන්ගෙන් යැපෙන ආණ්ඩුවක් නෙමෙයි තියෙන්නේ, හොඳ ශක්තිමත් රජයක්..හීනෙ සැබෑ වෙන්න කලින් මහත්තය ඇහැරේවිද කියන එකයි ප්‍රශ්නේ..මොකද ඔය හීනෙ සැබෑ වෙන්න තව සැහෙන කාලයක් යාවි. ......හැමෝටම කොටි ගැන අමතවෙලා නේද ඉන්නේ (ස)

:       0       0

සුමනසේන Friday, 16 May 2014 03:18 PM

අලුත් පිබිදීමක් ඇතිවෙනවා නම් අපිත් කැමතියි (නි)

:       0       0

තබීතා Friday, 16 May 2014 03:20 PM

චීනයට තව ළං වෙන්න දෙයක් නැහැ. ළං වෙලා නිසා වෙලා තියෙන හරිය පේනවනේ. (නි)

:       0       0

අල්විස් Friday, 16 May 2014 03:27 PM

නරේන්ද්‍ර මහතාගේ ජයග්‍රහණය අප රටට කිසිම විදිහකින් අහිතකර බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒ වගේම ඉන්දියාවේ තනිපක්ෂයකට මේසා බලයක් ලැබීම කොන්ග්‍රස් පක්ෂයේ අච්චාරු ප්‍රතිපත්තිය නිසා වූ බව පැහැදිළිය. අපේ රට වෙනුවෙන් වැනි වැනි ගත් තීරණ.. කරන ලද ප්‍රකාශ, ජයලලිතාගේ සිත දිනාගෙන තමිල්නාඩු චන්ද ගැන පමණක් බලාගෙන ප්‍රතිපත්ති වෙනස් කිරීම වැනි දේ නිසා කොන්ග්‍රස් පක්ෂය ආසන 44 කට බැස්සා. ප්‍රාන්ත රාජ්‍යයක් වන තමිල් නාඩුවේ ජයලලිතා මෙනෙවිය ආසන 39 කින් ආසන 35 ක්ම ජයගත්තා. කොන්ග්‍රසය ප්‍රාන්ත රජ්‍යයකගේ තත්වයක ප්‍රතිපලයකුයි පෙන්වුවේ. නව අගමැතිවරයා අපේ රට වෙනුවෙන් මන්මෝහන් සින් පෙන්වූ දෙබිඩි පිළිවෙතට වඩා මානව හිතවාදීව බලන බව එතුමාගේ දේශපාලන ජීවිතය ගැන බලද්දී පැහැදිළිය. (දී)

:       0       0

අරුණ Friday, 16 May 2014 03:45 PM

ජයවේවා! (නි)

:       0       0

බිහාර Friday, 16 May 2014 03:48 PM

ගමගේ මහත්තයාට දේශපාලනය තව ටිකක් ඉගෙනගන්න වේවි වගේ.හරි හරි අපි ඉන්දියාවේ විදියට ලංකාවේ වෙනකම් බලාගෙන ඉඳිමු. (නි)

:       0       0

මංජුල Friday, 16 May 2014 03:57 PM

ලංකාවට අවශ්‍ය වන්නේ සිංහල බෞද්ධයන් ආරක්ෂා කරන රජයක්. (ස)

:       0       0

මනෝජ්-සාජා Friday, 16 May 2014 04:00 PM

නාරද ,ඔබ හරි . (ස)

:       0       0

සිරිබිරිස් Saturday, 17 May 2014 09:38 AM

වෙන පක්ෂ වලට සක්ක ගහල බලය ලබා ගන්න දේශපාලකයින්ට මෝඩි හොඳ පාඩමක් උගන්වල තිබෙනවා. ඉන්දියාවේ පවුල් බලය ඉවරයි. (ස)

:       0       0

අසිෆ් Friday, 16 May 2014 06:02 PM

ඔයා හරි සෆ්රාස්.නරේන්ද්‍ර මෝඩි සුළු ජාතින් හොඳින් හඳුනන නිසානේ ගුජරාට් ප්‍රාන්තයේ මහා ඇමති ලෙස, එවකට එහි ඇති වූ මුස්ලිම්, හින්දු ගැටුම් නතර කිරීමට උත්සාහ නොගත්තේ. (නි)

:       0       0

සහන් Friday, 16 May 2014 06:11 PM

කවදාවත් ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය ලංකාව සම්බන්ධයෙන් ආපසු නම් හැරෙන එකක් නැහැ. (නි)

:       0       0

උඩුමලගල ගමගේ Friday, 16 May 2014 11:58 AM

ලංකාවෙත් මේ දෙයම වෙනවා තව නොබෝ දිනකින්ම. (ස)

:       0       0

ඉන්දික Friday, 16 May 2014 12:09 PM

දැන් වත් ජයලලිතාට ඕන විදියට නටන්නේ නැති ආණ්ඩුවක් හැදුනොත් හොඳයි. (නදී)

:       0       0

චන්දික Friday, 16 May 2014 12:15 PM

අපගේ උණුසුම් සුබ පැතුම්. දකුණු ඉන්දියානු දේශ පාලකයන්ට නැටවිය නොහැකි ශක්තිමත් රජයක් ඉන්දියාවේ තිබීම අපට සතුටක්.(නදී)

:       0       0

තබුක් සිල්වා Friday, 16 May 2014 12:16 PM

මෙම උපාය මාර්ගය අපට හොද ආදර්ශයක්.(නදී)

:       0       0

ලුම්බිණි Friday, 16 May 2014 12:17 PM

මම හිතනවා ඉන්දියාවේ අලුත් ආණ්ඩුව ලංකාවට වාසියකට වඩා අවාසියකට හේතු වෙන්න ඉඩ තිබෙනවා කියලා. (නදී)

:       0       0

මාධවී Wednesday, 21 May 2014 04:24 AM

ගාන්ධි පවුලේ මොන හොඳක්ද ? කොටි සංවිදානය බිහි කලෙත් ඔය කට්ටියමනේ.අපේ ජේ ආර් උන්නැහේ ගාන්ධි හාමිනේට සවුත්තු විහුලු කලා උතුරේ කොල්ලෝ ගෙන්නාගෙන රහසේ ෆුහුණු කලානේ.අන්තිමට එයාලත් හොඳ පරිප්පුවක් කාල අපිටත් බෙදුව. ජයලලිතා මුළු ඉන්දියාවම නැටෙව්ව නිසා වෙන්න ඇති මෝඩි එයාව පැත්තකට දැම්මේ.බලමු අලුත් ආණ්ඩුව මොකද කරන්නේ කියා. (ස)

:       0       0

දයාන් Friday, 16 May 2014 12:18 PM

'රජුන් තනන්නන්' නොමැතිව නරේන්ද්‍ර මෝඩිට රජයක් පිහිටවීමට හැකි වීම අපට ලොකු අස්වැසිල්ලක්. (ස)

:       0       0

තිලක් Friday, 16 May 2014 12:19 PM

අපිටත් වෙනසක් ඕනේ.(නදී)

:       0       0

තේජාන් Friday, 16 May 2014 12:23 PM

ලුම්බිණි, ඉන්දියාවේ පක්ෂ දේශපාලනේ මොන උනත් ඒ හැමෝගෙම තමන් භාරත මාතාවගේ දරුවෝ කියන එක හිතේ තියනවා. ඒ නිසා කවදාවත් තමන්ගේ රටට අවාසිවෙන දෙයක් කරන්නේ නැහැ . හැබැයි අපේ උදවිය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. (නදී)

:       0       0

බටන්ගල Friday, 16 May 2014 12:25 PM

මේකට ලියපු සමහර අයගේ දේශපාලන දැනුම ගැන කණගාටු හිතෙනවා. දැන් තමා මෝඩි ගෙන් ලංකාවට බලපෑම් එන්න පටන් ගන්නේ. කොටි තහනම දීර්ඝ කරපු එකත් නවත්තන්න ඉඩ තියෙනවා. ගාන්ධි පවුලේ වටිනාකම දැන් තේරේවි. (ස)

:       0       0

සෆ්ෆ්රාස් Friday, 16 May 2014 12:32 PM

සුළු ජාතිකයින් හොඳින් අඳුනන නරේන්ද්‍ර මෝඩිට සුභ පතමි.(නදී)

:       0       0

සුරාජ් Friday, 16 May 2014 12:34 PM

තේජාන් දොඩවන්න එපා.(නදී)

:       0       0

සමන් Friday, 16 May 2014 12:40 PM

ලංකාවේ වෙනසක් කොහොම කරන්නද? ඔක්කොම ගොළුවෝ , බීරො ,වගේ ඉන්නකොට. මොනතරම් විනාසයක් රටේ උනත් එක් කෙනෙක් වත් කතා කරනවද ? ඉන්දියාවේ මොනතරම් නූගත් අය හිටියත් ඔවුන් කොච්චර හොඳට රටේ වෙන දේවල් දිහා ඇස් ඇරල බලාගෙන ඉඳල තියෙනවද. මේවා අපිටත් හොඳ පාඩම්. (ස)

:       0       0

රංජිත් සිල්වා Friday, 16 May 2014 12:47 PM

කොටි හිතවාදී රජයක් ඉන්දියාවේ ඇති වීම අපට කොන්ද කෙලින් තියාගෙන වැඩ කලයුතු කාලයක් බව දැන ගත යුතුවේ. ජයලලිතා බලවත් වෙන ලකුණු. නමුත් අපි බිය විය යුතු නැහැ. අපේ මොළය හොඳ නිසා. (ස)

:       0       0

ජයනාත් Friday, 16 May 2014 12:47 PM

තේජාන් හරි.මට පෙන්නේ සමහරුන්ට දැනුම තිබුනට බුද්ධිය නෑ.මොනවා කරන්නද හැමෝම එක වගේ නෙවෙයිනේ. සමාවෙන්න්න. (ස)

:       0       0

ප්‍රදීප් Friday, 16 May 2014 12:47 PM

ඉන්දියාවේ මොන පක්ෂය දිනුවත් එරට විදේශ ප්‍රතිපත්ති වෙනස් වේවි කියල හිතන්න බෑ. (ස)

:       0       0

තේජා Friday, 16 May 2014 12:51 PM

බටන්ගල කියනදේ ගැනත් හිතන්න වෙනවා. මෝඩි කියන්නේ ලංකාවට හිතවත් කෙනෙක් නොවෙයි. (ස)

:       0       0

බිනර Friday, 16 May 2014 12:58 PM

වැරැද්ද තියෙන්නේ මිනිස්සුන්ගේ නෙවෙයි විපක්ෂයේ. (ස)

:       0       0

තිලක් Friday, 16 May 2014 01:00 PM

ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (ස)

:       0       0

මිනිපෙ Friday, 16 May 2014 08:55 PM

ලංකාවට කිසිම වෙනසක් වෙන්නේ නෑ.ඕන නම් කටින් චන්ඩි පාට් දමාවි.අපේ වැඩ ටික අපි හරියට කරගෙන යමු. (ස)

:       0       0

ජානක Friday, 16 May 2014 01:08 PM

අපගේ උණුසුම් සුබ පැතුම්!!! දකුණු ඉන්දියානු දේශපාලකයන්ට නැටවිය නොහැකි ශක්තිමත් රජයක් ඉන්දියාවේ තිබීම අපට සතුටක්. (ස)

:       0       0

බී පි Friday, 16 May 2014 01:09 PM

ගමගේ මහත්තයාගේ සිහිනය සැබෑ වේවා කියල පතනවා..එත් මේක ඉන්දියාව නෙමෙයි ශ්‍රී ලංකාව..කොන්ග්‍රස් එක වගේ අනුන්ගෙන් යැපෙන ආණ්ඩුවක් නෙමෙයි තියෙන්නේ, හොඳ ශක්තිමත් රජයක්..හීනෙ සැබෑ වෙන්න කලින් මහත්තය ඇහැරේවිද කියන එකයි ප්‍රශ්නේ..මොකද ඔය හීනෙ සැබෑ වෙන්න තව සැහෙන කාලයක් යාවි. (ස)

:       0       0

හේමන්ත Friday, 16 May 2014 01:12 PM

මෙම ප්‍රතිපලය ශ්‍රී ලංකාවට වාසිදායක වන්නේ න‍රේන්ද්‍ර මෝදි ගේ විදේශ ප්‍රතිපත්තිය මතයි. ජයලලිතා මමතා බැනර්ජි වැනි අයගේ උදවු නොමැතිව රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන ගනන ඕනෑවටත් වඩා මෝදි දිනා ඇත.ඇති එකම වාසිය නම් දෙමළ ජාතිවාදීන්ට මධ්‍යම ආණ්ඩුවට බලපෑමක් කළ නොහැකි වීමය. නව රජයේ සංයුතිය කුමක් දැයි බලා සිටිමු. (ස)

:       0       0

සුනිල් Friday, 16 May 2014 01:12 PM

රජුන් සිංහාසන වලට ඔසවනවා වගේම එ්වායින් බිමටත් හෙලන බවට හොඳ උදාහරණයක් මේ. ටික කලකට රට පාලනය කරන්න ජනතාව දෙන වරම සදාකල් පවතින වරමක් නොවේ. (ස)

:       0       0

සුමිත් Friday, 16 May 2014 01:15 PM

අපේ ආසන්න රාජ්‍යයේ නායකයා කවුද යන්න නිවැරදිව තේරුම් ගෙන අපේ වාසියට ඔහුව උපක්‍රමශීලීව යොදා ගැනීම තමයි අපේ නායකයාගේ හැකියාව. (ස)

:       0       0

කාන්තිලතා Friday, 16 May 2014 01:17 PM

ජයලලිතාගේ පක්ෂයට විශාල ජයක්. සුබ පැතුම් . (දී)

:       0       0

බිනර කෞෂල්‍ය Friday, 16 May 2014 01:19 PM

බටන්ගලගේ කථාවට මමත් එකගයි. ගාන්ධි පවූල බලයේ සිටීම ඉන්දියකෙසේ වෙතත් ලංකාවට වාසි සහගතයි. ගාන්ධිවරු පැහැදිලිවම එල්ටීටීඊ වීරෝධියි. මොකද එල්ටීටීඊය සමග ඔවූන්ට තිබු පෞද්ගලික ප්‍රශ්නය නිසා. නමුත් ඔවූන්ට වැනෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න සිදු වූයේ දකුණු ඉන්දියාවෙන් ආපු බලපෑමට. ජයලලිතාගෙ සහය නොමැතිව ආණ්ඩු බලය රැකගැනීමට නොහැකි නිසා. නමුත් මෝඩිට එල්ටීටීඊ එක සමග පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. ඒවගේම ඔහු දැඩි හින්දු මතධාරියෙක් ඔහු ලංකාව සම්බන්ධයෙන් කෙසේ ක්‍රියාකරාවිද කියන එක ගැටලුවක්. (මුදී)

:       0       0

සුරාජ් Friday, 16 May 2014 01:19 PM

ශ්‍රී ලංකාවටත් අවශ්‍යවන්නේ ජාතිවාදයෙන් තොර රජයක්. (මුදී)

:       0       0

නිරාජ් Friday, 16 May 2014 01:24 PM

ශක්තිමත් රජයක් ඉන්දියාවේ බිහිවීමට යාම ආසියානු කලාපයටම වාසි දායක වේවි..!!!(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3871 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2820 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3595 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3277 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 735 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1419 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36130 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24136 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site