IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කොච්චිකඩේ පල්ලිය ළඟ යාචකයා කෝටිපතියෙක්

(*** ඉන්දිකා රාමනායක)

කොච්චිකඩේ දේවස්ථානය  ඉදිරිපිට  සිඟමන් යදිමින් සිටින අතරතුර පලතුරු අත්කරත්තයක් සොරාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යාචකයා මහරගම පමුණුව ප්‍රදේශයේ කෝටිපතියකු බව වෙරළබඩ පොලිසිය කියයි.

පමුණුව ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි මෙම සැකකරුගේ නිවසේ  වැගන් ආර් වර්ගයේ  මෝටර් රථයක් හා සුඛෝපභෝගී තවත් රථයක් ද තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකරු  පදිංචි නිවස ද සුඛෝපභෝගී දෙමහල් නිවසක් බවත් එම නිවසේ ඉහළ මහල ද මසකට රුපියල් 30,000 ක මුදලකට කුලියට දී ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.

සැකකරු පල්ලිය ඉදිරිපිට හිඟා කෑමේ යෙදී සිටිය ද ඔහු ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගතකරමින් සිටින පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.

 කොච්චිකඩේ පල්ලිය ආසන්න ජම්පටාවීදියේ නවතා තිබූ රුපියල් 20,000 ක් පමණ වටිනා පලතුරු අත් කරත්තයක් සොරා ගැනීම සම්බන්ධයෙන් එහි හිමිකරු වෙරළබඩ පොලිසියට මීට දින දෙකකට පමණ පෙර පැමිණිල්ලක් කර තිබූ අතර එම පැමිණිල්ල අනුව වෙරළබඩ පොලිසියේ කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයේ හා අවට සී සී ටී වී කැමරා පරීක්ෂා කිරීමේදී ඉහත සැකකරු මෙම අත්කරත්තය සොරාගෙන තල්ලුකරගෙන යන අයුරු නිරීක්ෂණය වී ඇති බව ද පොලිසිය පවසයි.

ඒ අනුව සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු පල්ලිය ඉදිරිපිට සිටින යාචකයෙකු බවට පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.
එම තොරතුරු අනුව සැකකරු පල්ලිය අසලට සිඟමන් යැදීම සඳහා පැමිණ සිටි අවස්ථාවේ පෙරේදා (23) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 සැකකරුගේ ප්‍රකාශ අනුව සොරාගත් අත්කරත්තයත් පොලිසිය සොයාගෙන තිබේ.

පල්ලිය ආසන්නයේ සිඟමන් යැදීමෙන් සැකකරු දිනකට රුපියල් 5000 කට අධික මුදලක් උපයන බවට තොරතුරු හෙළි කරගත් බව පොලිසිය කියයි.

සැකකරු මෙම අත්කරත්තය මඳ දුරක් තල්ලුකරගෙන ගොස් පසුව  වෙනත් පුද්ගලයකුට රුපියල් 5000 ක මුදලක් දී ඔහු ලවා පමුණුවේ නිවසට එම කරත්තය ගෙන්වාගෙන ඇති බව ද පරීක්ෂණවල දී හෙළිවූ බව පොලිසිය පවසයි.

සැකකරුගේ සොහොයුරියක් පොලිසියට පවසා ඇත්තේ මත්පැන් පානයට මුදල් නොදෙන හෙයින් මොහු මෙලෙස කටයුතු කර ඇති බවයි.

වෙරළබඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනත කුමාර මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති   ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයරත්න මහතාගේ මෙහෙයවීමෙන්,  උපපොලිස් පරීක්ෂක අමරසේකර, පොලිස් සැරයන් අමරසිරි (59447),   කොස්තාපල්වරුන් වන සරත්චන්ද්‍ර (82638), තුෂාර (90136), ප්‍රනාන්දු (11959) යන මහත්වරු පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගත්හ.



අදහස් (10)

කොච්චිකඩේ පල්ලිය ළඟ යාචකයා කෝටිපතියෙක්

සාරසී Tuesday, 25 August 2020 05:56 AM

ඒ කියන්නේ ඒ සිගමන් ගන්නේ, ඔහුගේ සොහොයුරිය නේ... දවසේ ආදායම දන්නා නිසා ඔක්කොම ඉල්ලගන්නවා ඇති. යාචකන්ට මුදල් දී ඔවුන් තවදුරටත් එයටම පොලඹවන මිනිස්සු හිතා බලන්න.

:       0       91

NPP Tuesday, 25 August 2020 06:10 AM

මොහු ජාතික ජනබලවේගයේ ඇත්ත මිනිසෙක්මයි.

:       95       51

චමින්ද ජයනාත් ජයසූරිය Tuesday, 25 August 2020 06:26 AM

මෙතන ඊට වඩා ලොකු රහසක් තියෙන්නත් පුළුවන්... සමහර විට විදෙස් බුද්ධි අංශයක නියෝජිතයෙක්ද...? එහෙමත් නැතිනම් මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙක්ද...? සොයාබැලිම නිලධාරින් සතු වගකිමකි...

:       1       32

bongo Tuesday, 25 August 2020 06:49 AM

හොරකමෙන්, බොරුවෙන්, වංචාවෙන්... රජයේ බදු නීතිවලට පිටුපාමින් මනුස්සයින්ව රවටමින් හම්බකරගත්ත මේ ධනස්කන්ධය රාජසන්තක කළ යුතුයි.

:       10       27

උපුල් Tuesday, 25 August 2020 07:51 AM

දවසකට රුපියල් 5000ක් හම්බකරන මේ මිනිහට හිඟමන් දීලා අවුරුද්දකට කී දෙනෙක් ස්වර්ගයට යනවා ඇද්ද?

:       0       24

sharm warn Tuesday, 25 August 2020 08:44 AM

මහ මග යදින බොහෝමයක් දෙනා එක්කෝ මුදලාලි කෙනෙකුගේ ගෝලයෝ, එහෙමත් නැතිනම් මේ වගේ ස්වාධීනව ඉල්ලගෙන ජීවත්වෙන කෝටිපතියන්. මේ ගැන හරියට විමර්ෂණයක් කරනවා නම් මේ අසාධාරණ කරදරය නැතිකරන්න පුළුවන්..

:       0       2

dhamneth Tuesday, 25 August 2020 08:51 AM

මොහු දේවස්ථානය අසල සිට සිඟා නොකා ඇතුළට ගොස් යාඥා කරමින් සිටියා නම් කවදාවත් කෝටිපතියකු වෙන්න බැහැ.

:       1       15

thilak Tuesday, 25 August 2020 11:19 AM

රටේ ඉන්න හුඟක් යාචකයින්ගේ තත්වය ඕක තමයි. බලාගෙන ගියාම හොඳින් අැඳ පැළඳගෙන පාරේ යන මිනිසුන්, හිඟමන් යදින යාචකයාට වඩා දුප්පත්....

:       0       15

Nimal Wednesday, 26 August 2020 05:49 PM

පල්ලිය ළඟහිටපු යාචකයා විතරක් නොවේ කෝටිපති වෙන්නේ...!!! 

:       0       0

kumara Saturday, 29 August 2020 03:30 PM

පාස්කු ප්‍රහාරය මට සිහිවෙනවා. මුස්ලිම් අන්තවාදීන්ගේ මේ ප්‍රහාරය හෙළාදැක්කට කවුරුත් කිව්වේ නැහැ... දෙවියන්ට පෙනුණේ නැද්ද කියලා... මට හිතෙන්නේ ත්‍රස්ත මුස්ලිම් අන්තවාදීන් දෙවියන්ට වඩා ප්‍රබලයි කියලා. ඔබලාගේ අදහස මොකක්ද මේ ගැන..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 81 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 293 0

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 188 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 371 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1420 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 3145 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1922 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site