IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කච්චතීව් මංගල්‍යය අලුත් දේවස්ථානයක

ඓතිහාසික කච්චතිව් දූපතේ නාවික හමුදාව ශ්‍රමයෙන් ඉදිකළ වන්දානාකරුවන් 1500කට පමණ ඉඩකඩ ඇති නව ශාන්ත අන්තෝනී දේවස්ථානය යාපනය රෝමානු කතෝලික දියෝකීසිය වෙත භාර කෙරුණි.

ඉකුත් පෙබරවාරී 21 දින පැවැති කච්චතීව් මංගල්‍යය අවසානයේ ජස්ටින් ඥාණප්‍රකාශම් යාපනය දියෝකීසියෙ භාර අගරදගුරු පැවැසුහ.

201 මංගල්‍යයට පැරණි දේවස්ථානය වෙනුවට නව දේවස්ථානයක අවශ්‍යතාව පවතින බවයි.

ආචාර්ය පාතිනාදන්, ආචාර්ය පතිනාදර්, ජෝසප්තාස් ජෙබරත්නම් දියෝකීසයේ විකාර් ජනරාල්, ඩෙල්ෆ් මීසම් බාර ඒ ජේ ඇන්තනී ජෙයරන්ජන් පියතුමා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, උතුරු පළාතේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, යාපනයේ ඉන්දියානු කොන්සල් ජනාරාල් ශ්‍රි ඒ නටරාජන්,  යාපනය දිසාපති එන් වේදනායගම්, උතුරු නාවික විධානයේ ආඥාපතී රියර් අද්මිරාල් පියල් ද සිල්වා ද එහි වූහ.

ඩෙල්ෆ් දූපතේ සිට කිලෝමීටර් 10ක දුරින් වර්ග කිලෝමීටර් 1.15ක භූමි ප්‍රමාණයක පිහිටි කච්චතිව් දූව පිහිටියේය.

3 7 9 12

 



අදහස් (0)

කච්චතීව් මංගල්‍යය අලුත් දේවස්ථානයක

චින්තන Saturday, 24 December 2016 04:41 AM

බෞද්ධ රටේ පන්සල් ඩෝසර් කරනවා. අනෙත් ආගම් නඟාසිටුවන්නට කාට කාටත් ලොකු උවමනාවක් තියෙනවා. මෙහෙම ගියොත් සිංහල බෞද්ධයාට මොකද වෙන්නේ? (නි)

:       0       0

කුමාර Sunday, 25 December 2016 09:38 AM

කොළඹට වෙලා ඉදලා නොදන්න දේවල් කමෙන්ට් කරලා වැඩක් නෑ ටෙෂාන් මල්ලි. හමුදාවෙන් කරන උදව් බලාගන්න යාපනය පැත්තට ගිහිල්ලම බලන්න. ඒ උදවිය නැත්නම් ඒවායේ කෑලිත් නෑ. (බ)

:       0       0

මුදන්නායක Sunday, 25 December 2016 12:11 PM

ඇයි එතකොට මහනුවර දළදා මාලිගාව, අස්ගිරි මහ විහාරයේ ඉදිකිරිම් කටයුතු වලට ප්‍රධාන දායකත්වයක් ලබාදෙන්නේද නාවික හමුදාවනේ (බ)

:       0       0

මහින්ද උදයසිරි Sunday, 25 December 2016 12:42 PM

පලමුව අද නත්තල් දවසේ සුබ පතනවා නාවික රණවිරුවන් ඉදිකළ ඒ අගනා පල්ලිය දෙවියන්ට දුන් අයට දෙවනුව මේ සාමුහික බව බෞද්ධ ජනතාව කෙරෙහි ඇතිකොට පතුරන්නේනම් ඔවුනද අසමගියෙන් තොරව සාමුහික වෙයි වන්දනාවට මඩකලපු යන්න බැරි සිංහල බෞද්ධයන්ට විතරද ? ඔවුන් මිලෙචිඡද? යාහාපාලනය (බ)

:       0       0

සමන් Saturday, 24 December 2016 07:55 AM

පන්සල් හදන්න තමයි බැරි (නි)

:       0       0

පෙරේරා Saturday, 24 December 2016 09:52 AM

මෙතන පන්සලකුත් හැදුවොත් නරකද? (නි)

:       0       0

සෙනෙවි Friday, 23 December 2016 01:32 PM

මඩකළපුවේ පන්සල අළුත්වැඩියා කරන්නත් මේ වගේ සහයක් දුන්නොත් නරකද? (නි)

:       0       0

ප්‍රසාද් Sunday, 25 December 2016 04:26 PM

නාවික හමුදාව අප රටට කරන මෙහෙය අපි අත්දකිනවා. මොකද අපි ඉන්නේ මුහුදුබඩ වෙරළ තීරයේ නිසා. (නි)

:       0       0

එරන්ද Friday, 23 December 2016 03:20 PM

සංහිඳියාව වැඩිවෙන්නේ මෙවන් දේවලිනුයි (නි)

:       0       0

අනුර Saturday, 24 December 2016 01:55 PM

හිරාන් හරි. හාමුදුරුවන් හිරේ දමනවා. එක පක්ෂයක බහුතරය අන්‍යආගමික. අනෙක දෙකට බෙදිලා මරාගන්නවා. බෞද්ධ ජනතාව අතරමංවෙලා (නි)

:       0       0

අනුර Saturday, 24 December 2016 01:56 PM

මෙතන විහාරයකුත් තිබුනා නේද? නාවික හමුදාවට එ්ක හදන්න බැරිද? (නි)

:       0       0

බමුණුසේන Monday, 26 December 2016 01:15 AM

කුමාර, නමුත් හමුදාව ඔය කරන දේවල් දමිළ මිනිස්සු අගය කරනවද? (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 24 December 2016 05:26 PM

සෙබළුන්ගේ දහදිය මහන්සිය. මේ සියල්ලම මෙහෙම සංහිඳියාවක් වෙනුවෙන් දෙනකොට කාටවත් අමාරුවක් නැහැ. දුප්පත් පන්සල් වලට ආධාර කරන්න, ඩෝසර් කරන පුරාවස්තු ගැන කතා කරන්න ඉන්නේ ටික දෙනයි. මේ විනාශ වෙන්නේ අපේ උරුමයයි. (නි)

:       0       0

මුණසිංහ Monday, 26 December 2016 03:10 AM

උතුරු නැගනහිර බෞද්ධ සිද්ධස්ථාන රැකගත්තේ නේවි එක. ඔවුන්ට අපගේ ප්‍රණාමය. පසුගිය රජය ඊට හොඳ අනුග්‍රහයක් දුන්නා. එහෙම කරද්දී තමා දැන් ආණ්ඩුවේ ඉන්න සමහර අවස්ථාවාදීන් කිවුවේ හමුදාව ඉන්නේ ඔය වැඩ කන්නද කියලා.මතකද? (නි)

:       0       0

අභිමාණි Monday, 26 December 2016 03:12 AM

බමුණුසේන, දමිළ මිනිස්සු අගය කරන්න ඕනෑ කියලා හදන්න අවශ්‍යතාවයක් නැහැ. හිත හොදින් කළොත් ඇති (නි)

:       0       0

ටෙෂාන් Sunday, 25 December 2016 01:51 AM

හිරාන්, අනිත් ආගම්වල කට්ටිය සතියකට එකපාරක් හරි ඒගොල්ලන්ගේ ආගමේ කටයුතු වල යෙදෙනවා. ඕගොල්ලෝ මොකද කරන්නේ? අඩුගානේ මාසෙකට එක පාරක් හරි එන පෝයට පන්සලකට යනවද? මුලින්ම ඒවා හදාගන්න. (නි)

:       0       0

ටිකිරි Sunday, 25 December 2016 02:42 AM

කොටි ත්‍රස්තවාදීන් කඩාබිඳ දමා තිබු මඩු පල්ලියත් අපේ යුධ හමුදාව මානුෂික මෙහෙයුම පවතිද්දීම අලුත්වැඩියා කරලා දුන්නා හැබැයි කිසිම හොඳක් නම් කිව්වේ නැහැ (නි)

:       0       0

සත්‍යයා Friday, 23 December 2016 11:46 PM

මේවා කළයුතු වැඩ. (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 24 December 2016 01:26 AM

1975 ඔතන තිබුනේ එක පොඩි ශාලාවක්, කුඩා අල්තාරයක්, එක කුඩා පොල් ගසක් සහ ළිඳක්. ළිඳේ කපුටෙක් වැටී සිටියා මට මතකයි. නමුත් වතුර බොන්න බැහැ. අපි දින 3 පමණ සිටියා. බීමට වතුර ගෙනවිත් දුන්නේ නාවික හමුදාවෙන්. එක විශේෂත්වයක් තිබුනා රෑට මුහුදු වතුරට බැස්සම වතුරට යටවුණ කකුල් කොටස පුරාම කණාමැදිරියන් වහලා ඉන්නවා වගේ එළිය බුබුළු තිබුනා. අපි 6ක් පමණ සිටියා. සියලු දෙනාම මෙය දැක්කා. නමුත් ඒ කාලේ දැන් වගේ ෆොටෝ ගන්න පහසුකම් තිබුනේ නැහැ. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 25 December 2016 05:56 AM

ඔය ඉන්නේ නාවික හමුදාපතිතුමා දැන් පින්තූරේ වැදගත් විදිහට වැදගත් වැඩක. (නි)

:       0       0

දිනෙෂ් Sunday, 25 December 2016 06:37 AM

දැක්කනේ නාවික හමුදාධිපතිගේ තේජස! (නි)

:       0       0

ශාන සෞදි Sunday, 25 December 2016 06:57 AM

අපේ රටේ හමුදා හා රජයෙන් අලුත්වැඩියා කරන්නේ නැද්ද විනාශවුණ බෞද්ධ විහාර විහාර? මේකද අපේ රටේ පවතින ක්‍රමය? (නි)

:       0       0

ජනක Sunday, 25 December 2016 07:10 AM

නාවික හමුදාව කරන නිහඬ මෙහෙය බොහෝ දෙනෙකු නොදනිති (නි)

:       0       0

නුවන්ත Sunday, 25 December 2016 07:46 AM

මෙවන් කාර්යයන් කරන අපේ හමුදාව අපිට මහත් අභිමානයක් (නි)

:       0       0

සත්සරණී Sunday, 25 December 2016 07:49 AM

ආඩම්බරයෙන් කියන්න පුලුවන් මේ මිනිසුන් මැද ඉන්න පතාක යෝධයා මේ සිංහල රටේ නාවික හමුදාපති කියලා. දීර්ඝායුෂ සෙන්පතිතුමනි! ජය ශ්‍රී!

:       0       0

නුවන්ත Monday, 26 December 2016 04:28 AM

අපි කවුරුත් එකම රටක එකම වැසියන් වෙමු (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Saturday, 24 December 2016 03:25 AM

නාවික හමුදාව අසරණ ජනතාවගේ දුකට පිහිටවන ඔවුන්ගේ සිතට දැනෙන, ඉතා ඉහළින් අගය කළයුතු සුබසාධන වැඩ බොහොමයක් නිහඬව කරනවා. එය ප්‍රශංසනීයයි. (නි)

:       0       0

හිරාන් Saturday, 24 December 2016 03:34 AM

දැන් හොඳටම පැහැදිලියි රට යන්නේ වෙනමම පැත්තකට. සිංහල බෞද්ධයාට අබ සරණයි. පාර්ලිමේන්තුවේ බහුතරයකට රටට, තමන්ගේ ජාතියට, සම්බුද්ධ ශාසනයට මොනවා වුණත් කමක් නැහැ තමන්ගේ මල්ල පිරෙනවානම්. හැබැයි අනෙක් ජාතින්, ආගම් නියෝජනය කරන කට්ටිය තමන්ගේ වැඩ ටික ලස්සනට කරනවා (නි)

:       0       0

බමුණුසිංහ Saturday, 24 December 2016 03:46 AM

සෙනෙවි, ඔබ හරියට හරි. මඩකළපුවේ පන්සල අළුත්වැඩියා කිරීම ගැනත් හිතනවා නම් හොඳයි. (නි)

:       0       0

හිරුනිකා Sunday, 25 December 2016 09:08 AM

කච්චතිව් පල්ලිය වගේම රටේ සෑම ආගමික ස්ථානයක් ස‍ඳහාම නාවික හමුදාව උදව් කරනවා අපි දැකලා තියෙනවා. (නි)

:       0       0

ජගත් Sunday, 25 December 2016 09:16 AM

ඇයි ඒ විතරක්ද? උතුරු පළාතේ නාගදීප විහාරයේ ඉදිකිරිම් කටයුතු මෙන්ම දඹකොල පටුන සංඝමිත්තා විහාරයේ ඉදිකිරිම් කටයුතු සහ එය පවත්වාගෙන යන්නේද නාවික හමුදාව විසින්මයි. නාගදීප විහාරයේ ලොකු හාමුදුරුවන් ඒ ගැන අපිටත් කිහිප වතාවකදි කියලා තියෙනවා. (නි)

:       0       0

මොරවක Saturday, 24 December 2016 04:12 AM

මෙවන් දේවල් වැඩි වැඩියෙන් සිදුවිය යුතුයි (නි)

:       0       0

මුදියන්සේ Sunday, 25 December 2016 09:23 AM

ඇයි නාවික හමුදාවනේ තව වැඩ ගොඩක් කරන්නේ (බ)

:       0       0

පීරිස් Saturday, 24 December 2016 04:14 AM

සුබ පැතුම් අපෙන්! (නි)

:       0       0

චමින්ද Monday, 26 December 2016 05:15 AM

බුද්ධාගම ගැන කෑගහන වැඩි දෙනෙක් තමන්ගෙ පන්සලේ හාමුදුරුවො කවුද කියලවත් දන්නවද දන්නෙ නැහැ (නි)

:       0       0

උපාලි Saturday, 24 December 2016 04:20 AM

සංහිඳියාව වැඩිවෙන එක ගැන අපිට හදවතින්ම සතුටුයි (නි)

:       0       0

හිරුනිකා Sunday, 25 December 2016 09:32 AM

ඒක නම් ඉතා අගය කළ යුතු වැඩක්, මේවා තමයි වෙන්න ඕන ආයේ යුද්ධයක් ඇති නොවෙන්න නම් පන්සල් විතරක් හදලා බැහැ ආගම් බේදයකින් තොරව සෑම ආගමකටම උදව් කරන්න ඕන. (බ)

:       0       0

මොහොමඩ් Sunday, 25 December 2016 09:34 AM

ඒක හොද වැඩක්, යාපනය මුස්ලිම් පල්ලියත් හදන්න උදව් කරන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 212 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 492 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 344 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1020 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 101 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 210 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site