IMG-LOGO

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා


කොච්චියේ නිදාගෙන යන්න දැන් පුළුවන්

(මහින්ද නිස්සංක)

රාත‍්‍රී තැපැල් දුම්රිය නිදන මැදිරි වෙන්කිරීම යළි ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොළඹ කොටුව - බදුල්ල හා කොටුව - මඩකලපුව, ත‍්‍රිකුණාමලය යන රාත‍්‍රී තැපැල් දුම්රියවල නිදන මැදිරි වෙන්කිරීම සඳහා මගීන්ට පහසුකම් සළසා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.

රාත‍්‍රී තැපැල් දුම්රිය නිදන මැදිරිවල ඇඳ ඇතුරිලි සුද්ධ පවිත‍්‍ර කිරීම මුදල් ගෙවා බන්ධනාගාර දෙපාර්තමේන්තු මගින් සිදුකර ගන්නා බව පවසන දෙපාර්තමේන්තුව ‘කොරෝනා’ තත්ත්වය නිසා පසුගිය කාලය තුළ නිදන මැදිරිවල ඇඳ ඇතිරිලි සුද්ධ පවිත‍්‍ර කිරීම ප‍්‍රමාද වීම හේතුවෙන් රාත‍්‍රී තැපැල් දුම්රිය නිදන මැදිරි වෙන්කිරීම තාවකාලිකව නතර කර තිබූ බව ද කියා සිටියි.

දැනට කොළඹ කොටුව, මරදාන ඇතුළු ප‍්‍රධාන දුම්රිය ස්ථානවලින් නිදන මැදිරි වෙන්කිරීම සිදුකරගත හැකි බව ද දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටියි.



අදහස් (7)

කොච්චියේ නිදාගෙන යන්න දැන් පුළුවන්

විපරමා Friday, 12 March 2021 02:18 PM

නිදාගෙන යන්න තිබුණොත් විතරක් ඇද්ද? දුම්රියේ අනික් අවශ්‍යතා, වැසිකිළි පහසුව, පිරිසිදුකම ගැනත් වැඩි අවදානයක් තිබිය යුතුයි.

:       5       39

kapila Friday, 12 March 2021 05:10 PM

දැන් වහලේ තෙමෙන්නේ නැද්ද?

:       0       0

Kumar (Gulf) Friday, 12 March 2021 07:55 PM

ඉස්සර වගේ මකුණො වැහිවැහැලා මේ ආසනවල

:       0       0

Perera Friday, 12 March 2021 08:20 PM

මිනිසුන්ට යන්න පුලුවන් ඕනිම කොච්චියක නිදාගෙන යන්න පුලුවන්

:       0       0

leel gunawardena Friday, 12 March 2021 08:43 PM

මේක හරියන්නේ නැහැ

:       0       0

සිරිබිරි Saturday, 13 March 2021 05:19 AM

නිදාගන්න විතරයිද පුලුවන්?

:       1       2

banda Saturday, 13 March 2021 10:19 AM

නිදාගෙන යනකොට පැය 02ක්, 03ක් පරක්කුවෙලා ගියාට කමක් නැහැ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට පිටු පෑ බස් රථයේ බලපත්‍රය අහෝසියි
2025 ජනවාරි මස 07 4 0

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවේදී මොරටුව ප්‍රදේශයේ බස් රථයක් මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථෙය් ධාවන


ලංකාව වියට්නාමය අතර රේගු ගිවිසුමක්
2025 ජනවාරි මස 07 40 0

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාව හා අන්‍යෝන්‍ය සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ත්‍රිකුණාමලය දිසාපති පත් කරයි
2025 ජනවාරි මස 07 325 0

ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් /දිසාපති පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මුදල් කාරක සභාව අලුත් වෙයි
2025 ජනවාරි මස 07 267 0

මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කර ඇත.


දිගටම සහය දෙන බව ජපානය කියයි
2025 ජනවාරි මස 07 207 0

ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා ෂෝහෙයි (HARA Shohei) මහතා පැවසීය.


’’කතෘ සංසද’’ සම්මාන උළෙල අද සවස
2025 ජනවාරි මස 07 46 0

ශ්‍රී ලංකා කතෘ සංසදය හා ශ්‍රි ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ 25වෑනි සංවත්සරය ගල්කිස්ස මහා හෝටලයේ එම්පයර් බෝල


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 464 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 236 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 225 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site