IMG-LOGO

2025 පෙබරවාරි මස 22 වන සෙනසුරාදා


කජ්ජාට මාංචු දුන්නැයි PC අත්අඩංගුවට

(පද්මසිරි ගාර්දියවසම්)

මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනයේ ඝාතනයට ලක්වූ විදානගමගේ අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා නමැත්තාට අත් විලංගු යුගලයක් ලබා දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .

අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල පොලිසියට අනුයුක්තව තංගල්ල කොට්ඨාස රථවාහන අංශයේ සේවය කරන වීරකැටිය කැප්පෙටියාවේ පදිංචි 35 හැවිරිදි පොලිස් කොස්තාපල් වරයෙකි.

වෙඩි තබා ඝාතනය කල පුද්ගලයා වසර 20 ක පමණ කාලයක සිට තම මිතුරෙකු බවත් ඔහුගේ ඉල්ලීම පිට පොලිස් නිළඇදුම් කොටස් අලෙවි කරන රථයෙන් එකක් රුපියල් 4800 ක මුදලකට අත් විලංගු දෙකක් මිළදී ගෙන ලබාදුන් බවට සැකකාර පොලිස් කොස්තාපල්වරයා ප්‍රකාශයක් ලබාදුන් බව පොලිසිය පවසයි .

එම අත් විලංගු යුගල දෙක ඉකුත් 18 දා  රැගෙන යන ලෙස තමා මියගිය අයට පැවසූ බවත් තමා නිවසේ නොසිටියදී ඔහු එය රැගෙන ගොස් ඇති බවට සැකකරු වැඩිදුරටත් පවසා තිබේ .

සැකකරු වැඩිදුර විමර්ශන සදහා මිද්දෙණිය පොලිසියට බාරදී තිබේ .

තංගල්ල කොට්ඨාස භාර ජෙය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න මහතාගේ උපදෙස් පරිදි මිද්දෙණිය පොලිසිය සැකකරු ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .



අදහස් (2)

කජ්ජාට මාංචු දුන්නැයි PC අත්අඩංගුවට

ගුණරත්න Friday, 21 February 2025 05:24 PM

ආරක්ෂාව බාර ඇමැතියා කිව්වේ මොකක්ද? වෙඩි තියපු අය ඇල්ලුවා වගේ, මෙහෙමත් බොරුකාරයින්...!

:       4       24

පිටිගල මිලානෝ Friday, 21 February 2025 07:37 PM

අහෝ… ඩී වී චානක තරුණයාටත් කවදා හරි බඩුම තමයි.. නිවන පෙන්නයි.

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

24 වැනි දායින් පසු පළාත් කීපයකට වැසි
2025 පෙබරවාරි මස 22 458 0

පෙබරවාරි මස 24 වැන දින සිට ඉදිරි දින කීපයේදී උතුරු, උතුරු මැද,නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි තත්වය වැඩි වීමක් බලා පොරො


කොටහේනේ වෙඩික්කරුවන් පොලිස් වෙඩි පහරින් මරුට
2025 පෙබරවාරි මස 22 2908 0

කොටහේනේ ඡංගම දුරකතන අලෙවි හලක් තුළදී වෙඩි තබා අයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කාක දූපතේදී පොලිසියට වෙඩි තබද්ද


තරුණ සේවා සභාවේ කෝටි 18ක් ඡන්ද වැඩට අරන්
2025 පෙබරවාරි මස 21 1348 0

ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වි


වෙඩි තැබීමකින් කොටහේනේ අයෙක් මරුට, වෙඩික්කරුත් අල්ලයි
2025 පෙබරවාරි මස 21 3263 0

කොටහේන කොටහේන ජංගම දුරකථන අලෙවි උපාංග වෙළඳසලක සිටි පුද්ගලයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය කියයි.


ලෝක බැංකු ආසියානු නියෝජිතයෝ අග්‍රාමාත්‍ය ලේකම් හමුවෙති
2025 පෙබරවාරි මස 21 217 0

ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ සෞභාග්‍යය පිළිබඳ කලාපීය අධ්‍යක්ෂ වර්ගිස් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාඅග්‍රාමාත්‍ය කාර්යාලයේද


’’වැලිවිට සුද්දාගේ’’ දේපල මුදා හරින්නැයි නියෝග
2025 පෙබරවාරි මස 21 1989 0

වර්ෂ 2024 දී යුක්තිය මෙහෙයුම මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් අත් අඩංගුවට ගත් සුදත් කිත්සිරි කුමාර හෙවත් ’’වැලිවිට සුද්දා’’ නැමැත්තාට අයත් බස්


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 113 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 390 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 168 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site