IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කොටකෙතනට යළිත් මරණ බියක්

කහවත්ත, කොටකෙතන නිවසක් අසළ ආයුධයක් රැගෙන සැඟවී සිටි පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි කියති.

මවක් හා දියණියක් පමණක් ජීවත්වන නිවසක් අසළ එසේ සැඟවී සිටි පුද්ගලයා නිවෙසේ ඇති ජනේලයෙන් දැක ඇති එම නිවෙසේ දියණිය (29) කෑගසද්දී ඔහු පළා ගොස් ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

කොට කලිසමක් පමණක් හැඳ උඩුකය නිරුවත්ව සිටි එම පුද්ගලයා නිවස අසලට පැමිණ ඇත්තේ කොටකෙතන ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් එම නිවසට පැමිණ පොත අත්සන් කිරීමෙන් පසුව බවට පොලිසිය සැක කරයි.

එම සිදුවීමත් සමග යළිත් කොටකෙතන වැසියන් භීතියට පත්ව ඇති අතර මීට පෙර එම ප්‍රදේශයේ කාන්තා ඝාතන 17 ක් සිදුවී ඇත.

Kotaketana_20151018 Kotaketana_20151018--2 Kotaketana_20151018--3



අදහස් (0)

කොටකෙතනට යළිත් මරණ බියක්

පිටිගල මිලානෝ Sunday, 18 October 2015 11:41 PM

ප්‍රනාන්දු, කොටදෙනියාවේ ඕ.අයි.සී ට නොදෙවෙනි කෙනෙක් තමයි එහෙ හිටියේ. (අ).

:       0       0

සත්‍යයා Monday, 19 October 2015 12:58 AM

නියම විදියට පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන්ව වෙනත් ස්ථානවලට මාරුකිරීම හෝ පළිගැනීම් වලට ලක්කිරීම නිසා නිකන් හිටි මිනිස්සුත් කාන්තා හිංසනයට ආකර්ෂණීකව ඇදී ඇවිත් තිබෙන බව පෙනෙනවා. වැරදි කළ දේශපාලුවන් වගේම ඒ පව්කාර මිනිසුන්ට කඩේ ගිය අයත් දිගටම හිටියොත් දිනක මුළු ලංකාවම කොටකෙතනක් වීම වැළැක්වීමට බැහැ. (නි)

:       0       0

අනුර Sunday, 18 October 2015 11:01 AM

ඔය ගමේ පිරිමි නැති ගෙවල් වැඩිවගේ කියල හිතෙනවා (බ)

:       0       0

තේනුවර Monday, 19 October 2015 02:16 AM

දරාගන්න බැරි ජීවන බර නිසා බහුතරයක් ඉන්නේ අසහනයෙන්. තමුන් හිතන පතන මුලික අවශ්‍යතා ඉටුකරගන්න දැඩි සටනක් දෙන්න වෙන විට ,කෑම වෙලා ගන්න, බත් පතට ලොකු සටනක් දෙන්න වෙනකොට දැඩි අසහනයකට පත් වෙනවා. මේ අසහනය බීමත්කමින් , රණ්ඩු කිරීමෙන් , පහර දීමෙන්, නොයෙක් අපරාද කිරීමෙන් පිට කර ගැනීමට උත්සහ කරනවා. ගරු ජනපතිතිමනි ඔබත් අප වගේ දුප්පත් ජනතාව අතරින් බිහි වුනු කෙනෙක්. ජීවන වියදම අඩු කිරීමට , බඩු මිල ඉක්මනින් අඩු කිරීමට ඔබට ශක්තිය දහිරිය ලැබේවා !!! (අ)

:       0       0

යසස් Monday, 19 October 2015 03:07 AM

මගෙ හිතටත් බයක් ආවා (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 19 October 2015 04:16 AM

කේතුමතී රාජධානියක් පැතීම සිහිනයක්. මානව සංහතියේ ව්‍යාප්තිය එකිනෙකා මරාගැනීමේ යුද්ධමය ගමනක්. කොටකෙතන හරහා ගලායන්නේ ලේවල රසය සොයන එම පවිටු රකුසන්ගේ උපායශීලි ක්‍රමයක්. නියම පිරිමින්ටත් වසරේ දවස් 365 ම නිදිවර්ජිතව සිටිය නොහැකිය.තනි විකෘති මානසික රෝගයකින් පෙලෙන මිනිසකු හෝ කණ්ඩායමක් මේ පිටුපස සිටිය හැකිය. (බ)

:       0       0

අශෝකා රළපනාව Sunday, 18 October 2015 02:19 PM

පිරිමි නැති ගෙවල් නෙමෙයි නියම පිරිමි එකෙක්වත් නැතුව ඇති එකයි ඔය.(අ)

:       0       0

ජයතිලක Sunday, 18 October 2015 02:25 PM

අශෝක සමග එකඟයි (බ)

:       0       0

මොහොමඩ් Monday, 19 October 2015 05:10 AM

අශෝක ඔබ හරි. (ත)

:       0       0

ප්‍රනාන්දු Sunday, 18 October 2015 02:33 PM

කොටදෙණියාවේ ඕඅයිසී මහත්තය යැව්වොත් නරකද කොටකෙතනට (බ)

:       0       0

පද්මිණී Monday, 19 October 2015 05:13 AM

කාන්තා ඝාතන 17 සිදු වෙලත් අපරාධ කරුවෙකු සොයා ගැනීමට නොහැකි වීම ගැන පොලිසිය ලජ්ජා විය යුතු නොවේද? (ත)

:       0       0

චතු Sunday, 18 October 2015 02:45 PM

පුදුම ගමක් . අශෝක හරි. (අ) .

:       0       0

තුෂාරී Sunday, 18 October 2015 03:13 PM

අශෝක, ඔබට තුති පුර්වකව මල් මිටක් පුදමි. (බ)

:       0       0

බද්‍රානි Sunday, 18 October 2015 04:51 PM

මේ ප්‍රශ්නයට විසඳුමක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

මේනක Sunday, 18 October 2015 05:10 PM

පොලිස් බල්ලා දාලා හොයන්න පුළුවන් නේද? (නි)

:       0       0

කරුණාරත්න Sunday, 18 October 2015 07:03 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

චන්දි Sunday, 18 October 2015 07:09 PM

අසෝක සමඟ මාත් එකඟයි (නි)

:       0       0

සිසිර Monday, 19 October 2015 07:45 AM

පාලකයින් මේ ගැන මොනවද කරන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළිය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 99 0

නුවරඑළිය දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 8946 කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5087 කි. සජ


මාතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 250 0

මාතර දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 19712කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5088 කි. සජිත් ප


කොළඹ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 592 0

කොළම දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 20864කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5645 කි. සජිත් ප


මාතලේ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 354 0

මාතලේ දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 12186කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4243කි.


වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 529 0

වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්ද සජිත් ප්‍රේමදාස මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 4899කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4257කි.


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 499 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 215 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 116 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site