(දයාරත්න ඇඹෝගම)
කාටුකුලියන්කුලම ප්‍රදේශයේ නිවසකදි දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් දුරදිග ගොස් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා අද (02) දින රොහල් ගත කළ බව පරසන්ගස්වැව පොලිසිය කියයි.
මෙම ගැටුමෙන් මිය ගොස් ඇත්තේ තානයම්කුලම,අනුරාධපුර යන ලිපිනයේ පදිංචිව සිටි එච්.එම.ලොක්කා හෙවත් හේරත් මුදියන්සේලාගේ සුමේධ හේරත් නැමති (37) හැවිරිදි අයෙකි.
පුද්ගලික ආරාවුලක් මුල්කර ගනිමින් ඇතිවු බහින් බස් විමක් මුල්කර ගනිමින් ප්‍රදේශයේ පුද්ගලයන් දෙපාර්ශයක් විසින් පොලු මුගුරු හා තියුණු ආයුධයක් භාවිතා කරමින් පහර දිම හේතුවෙන් මෙම 37 හැවිරිදි පුද්ගලයා මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
මාන්කඩවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ත් 37 අතර වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකුද මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරැවන් දෙනෙකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් අතඅඩංගුවට ගැනිම සදහා පොලිසිය විසින් විමර්ශණ කටයුතු ආරම්භ කොට තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.අන්වර්දීන් මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කාටුකුලියන්කුලම දෙපිරිසක් ගැටී අයෙක් මරුට