IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කටුගෙයි සැක කට්ටිය රිමාන්ඞ්

කොළඹ කෞතුකාගාරයෙන් සොරකම් කළැයි කියන කෞතුක භාණ්ඩ ළඟ තබාගත්තැයි සැකපිට කැලණියේ ගෝනවල ගැහැණු දෙදෙනෙක් ද, හංවැල්ලේ කුලී රියැදුරෙක් ද, කැස්බෑව වැඩබලන මහේස්ත‍්‍රාත් කාංචන ද සිල්වා මහත්මිය විසින් ලබන තුන් වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. මේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු කප්පම් සිද්ධියක් සම්බන්ධයෙන් කොටහේන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කරනු ලැබ සිටී. ඔහුගේ බිරිය වන කැලණිය ගෝනවල කොරතොට ආරච්චිගේ නිලන්ති දේශප‍්‍රිය පෙරේරා, ඔහුගේ සහෝදර හංවැල්ලේ පැතුම්පුර හික්කඩුව ගමගේ සුජීව දේශප‍්‍රිය හා කැලණියේ ගෝනවල සේනාධීරගේ ඉස්තිකා ලසන්තිකා ඔස්ටියා පෙරේරා රිමාන්ඞ් කළ අය වෙති. නිලන්ති කොළඹ නගර සභාවේ පිරිසුදු කිරීමේ අංශයේ සේවිකාවකි. ඔස්ටියා පෙරේරා ගුවන් සමාගම් සේවිකාවකි. 16 හැවිරිදි දැරිය උසාවියට ඉදිරිපත් කෙළේ නැත. පිළියන්දල පොලිසියේ පොලිස් පරීක්ෂක ගාමිණී කීර්තිරත්න මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.



අදහස් (0)

කටුගෙයි සැක කට්ටිය රිමාන්ඞ්

රොෂාන් ඩුබායි Tuesday, 21 August 2012 09:13 PM

දැං ගැහැණුත් මේ වගේ වඩ කරන්න පටන් අරන් වගේ.. ඉදිරියට පාතාලෙ වැඩත් කරන්න ගැනී..!!(නු)

:       0       0

අහිංසා Wednesday, 22 August 2012 09:41 AM

මේ කට්ටියට හොඳ සැප පහසු කාමර දෙන්න .(ස)

:       0       0

රෝමා Wednesday, 22 August 2012 09:49 AM

මමනම් හිතන්නේ එයා දුරකතන ඇමතුමක් ගන්නවා නෙමෙයි ඒ.කොන්ඩේ අතින් හදාගන්නවා කියලයි...(ස)

:       0       0

රනා Wednesday, 22 August 2012 09:45 AM

එතකොට හොරු කොහෙද? (දී)

:       0       0

සරා Wednesday, 22 August 2012 09:47 AM

මාස පහක් ගිය එකෙන්ම පොලිසියේ නොහැකියාව පෙනෙනවා. (නි)

:       0       0

ප්‍රභාත් කුවේට් Tuesday, 21 August 2012 09:34 PM

දෙන්න පුළුවං උපරිම දඩුවම් දෙන්න.. මේ ගැහැණුද කියලා හිතෙනවා..!!(නු)

:       0       0

සත්‍යපාල Tuesday, 21 August 2012 09:34 PM

අප්පේ අකුරැස්සේ නඩුව වගේ වෙයිද දන්නෙ නැහැ.. නැත්නම් ජුලම්පිටිය අමරගේ නඩුව වගේ..!!(නු)

:       0       0

ෆයිසාර් Tuesday, 21 August 2012 09:45 PM

මේකේ හොඳ වැඩක් මේකේ මහා මොළ කාරයා කොහේද (අ)

:       0       0

කුමාර Wednesday, 22 August 2012 09:55 AM

තවම ඇප ලබා දුන්නේ නැද්ද ? හොට අනිද්දට ඇප දේවි. (ස)

:       0       0

ජගත් Wednesday, 22 August 2012 10:12 AM

පොලිසිය ඔවුන්ව රැගෙන යන විට ඔවුන් හැසිරෙන ආකාරය ගැටලුවක්. (නි)

:       0       0

සුමේද Wednesday, 22 August 2012 10:10 AM

පොලීසිය අපේ ලංකාවේ.........(ස)

:       0       0

අශෝක Tuesday, 21 August 2012 10:04 PM

මම නම් හිතන්නෙ කවද හරි ඈත්ත හෙලි වේවි. මේ අපරාධය කරපු අය හිතින් විදවනවා. ඒ දඩුවම අති.(නු)

:       0       0

චන්දිම Thursday, 23 August 2012 12:56 AM

මේකේ ප්‍රධානම සැකකරු කවදාවත්ම දැනගන්න බැරිවෙයි. එක්කෝ එයා දැන් ජීවතුන් අතර නැතුව ඇති. නැත්නම් වෙන රටකට පැනලා ඇති. (නි)

:       0       0

පූජා Wednesday, 22 August 2012 10:22 AM

කේ බඩු ...(ස)

:       0       0

ප්‍රියංගි Friday, 24 August 2012 04:39 PM

කවුද මේවා කරන්න කිව්වෙ කියලා ඇහුවානම් අගේට කියයි..!!(නු)

:       0       0

සම්පත් Wednesday, 22 August 2012 10:23 AM

අපේ රටේ අයම තමයි අපේ රට විනාස කරන්නේ..(ස)

:       0       0

වසන්ත Wednesday, 22 August 2012 10:24 AM

එතකොට සිකුරිටි මල්ලිලාට මොකද වෙන්නේ? (නි)

:       0       0

අජිත් Tuesday, 21 August 2012 04:32 PM

හොඳ වැඩේ. පෙනුමෙන්නම් දළ කාරයෝ ටිකක් වගේ... (ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 21 August 2012 10:25 PM

කියන කතා සමහරක් පරස්පරයි කියලා දැනෙනවා. (නි)

:       0       0

ජගත් Tuesday, 21 August 2012 04:35 PM

කොටහේන හා පිලියන්දල පොලිසිවලට මුළු රටේම ප්‍රණාමය...!(නු)

:       0       0

රැජි Wednesday, 22 August 2012 10:32 AM

දෙයියනේ කොච්චර වටිනා වස්තුද? (දී)

:       0       0

වරුණ Tuesday, 21 August 2012 04:32 PM

ඉතාම හොදයි... ඉතාම හොදයි...!!(නු)

:       0       0

අමරසිරි Tuesday, 21 August 2012 04:37 PM

ඇත්තම හොරුනම් නිසි දඩුවම් ලබා දිය යුතුයි..!!(නු)

:       0       0

ෆ්රෑන්ක් Wednesday, 22 August 2012 10:33 AM

ඒ සැක අයනේ ........... කෝ වැරදි අය (දී)

:       0       0

ජයලත් Tuesday, 21 August 2012 04:46 PM

ඉතාම සංතෝෂයි අපේ පොලිසිය ගැන..!!(නු)

:       0       0

සේනානායක Tuesday, 21 August 2012 10:47 PM

තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනු..!!(නු)

:       0       0

ලාල් Wednesday, 22 August 2012 10:41 AM

ඉඉලගට මොකද වෙන්න? (දී)

:       0       0

රනිල් Wednesday, 22 August 2012 04:19 PM

අපේ මිනිස්සු මොන හොඳ වැඩක් කරත් සෑහීමකට පත්වෙන්නේ නෑනේ..(ස)

:       0       0

ගීත් Tuesday, 21 August 2012 04:47 PM

අනේ මේහෙමත් ගැහැණු...!!(නු)

:       0       0

කීර්ති Wednesday, 22 August 2012 10:48 AM

ඇත්තටම මෙයාලට කටුගේ තියෙන තැනවත් හරියටම කියන්න පුළුවන් අයද කියලා අපිටනම් සැකයි... (ස)

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Tuesday, 21 August 2012 04:53 PM

මෙ පාරවත් වැඩෙ හරි නමි ‍ඔත්තු කරැවන්ට අපේ පුනාමය..!(නු)

:       0       0

කීත් Wednesday, 22 August 2012 10:55 AM

ඊට පස්සේ?(දී)

:       0       0

අනුර Tuesday, 21 August 2012 10:55 PM

මෙහෙමත් ගෑණු ඉන්නවනේ හැබෑටම? (නි)

:       0       0

සමන් Tuesday, 21 August 2012 04:56 PM

මෙයාලගේ පිටුපස ඉන්න කෙනා අල්ලන්නෙ නැද්ද? (නු)

:       0       0

සමන් Tuesday, 21 August 2012 04:53 PM

කෝ එතකොට කඩු 10..!!(නු)

:       0       0

ලක්මාල් Tuesday, 21 August 2012 10:58 PM

මේක නම් මහ ලොකුම ලොකු බොරුවක්ද කොහේද? (නි)

:       0       0

ජගත් Wednesday, 22 August 2012 11:08 AM

මේකෙනම් මොකක්හරි අභිරහසක් තියෙනව. ත්‍රස්තවාදීන්ගෙ අවි හොයන්ඩ යද්දිලු අහුවෙලා තියෙන්නෙ පුඳූම අහම්බයක් තමා ඒක.අනික මේකෙ මහ මොලකාරය කුඩු  ගහන මිනිහෙක්ලු??? කුඞු ගහද්දිත් පුදූම මොලයක්නෙ එන්නෙ බලාගෙන යද්දි.(ස)

:       0       0

සේනානායක Tuesday, 21 August 2012 11:02 PM

පොලිස්පතිතුමනි, මොන දේශපාලන බලපෑම් පැමිණියත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

රේණුකා Tuesday, 21 August 2012 04:55 PM

අල්ලපු පොලිස් නිලධාරීන්ට උසස්වීමක් වත් දෙන්න ඉතිං....!!(නු)

:       0       0

සතිෂ් Wednesday, 22 August 2012 04:38 PM

නියමයි.ඇප දෙන්න නම් එපා. (නි)

:       0       0

කීර්ති Wednesday, 22 August 2012 11:22 AM

වැලේ වනපු රෙද්දක් හොරා ගත්තා මේ කුඩුකාරයක් කිව්වොත් අපි පිළි ගන්නවා.. එත් අධි ආරක්ෂිත කලාපයක් තියෙන කෟතුකාගාරයට ඇතුල්වෙලා රත්තරං කඩු හොරකම් කළේ මේ කඩු කාරයෝ කිව්වොත් අපි පිළිගන්නෙ කොහොමද? (නු)

:       0       0

උදය Monday, 27 August 2012 01:41 AM

මේ තරම් කාලයක් ගියේ හොයාගන්න මේවා විනාශ කරනකල්ද?(නු)

:       0       0

මනෝ Wednesday, 22 August 2012 11:20 AM

රිමාන්ඩ් කලහම ඇති (දී)

:       0       0

නිහාල් Wednesday, 22 August 2012 04:42 PM

මේ මිනිස්සු කටුගෙයි ප්‍රදර්ශනයට තියන්න. (නි)

:       0       0

චතුරිකා කරුණානායක Tuesday, 21 August 2012 05:01 PM

අරුම පුදුම ගැහැණු...!!(නු)

:       0       0

මනෝහරන් Wednesday, 22 August 2012 11:25 AM

නන්දුනී දන්නෙ නැද්ද මේකත් රජ කාලයක් තමයි.. මතක නැද්ද සමහරු කිව්වෙ ...(නු)

:       0       0

නිශාද් ප්‍රීනා Tuesday, 21 August 2012 05:04 PM

අපරාධයක් කළානම් කවදාහරි එළිවෙනවා..!! එකෙන් ගැලවිම බොරු....!!(නු)

:       0       0

අනුර Wednesday, 22 August 2012 11:26 AM

මේකනම් විශ්වාස කරන්න බෑ . මේ කුලියට හිරේයන අය වෙන්න ඕන..(ස)

:       0       0

විභූෂ Tuesday, 21 August 2012 05:03 PM

ඇත්තටම මෙයාලද මේ වැඩේ කළේ...?? (නු)

:       0       0

සරත් මාධව Tuesday, 21 August 2012 11:26 PM

විශිෂ්ටයි නිලධාරීනී, ඔබගේ දස්කම් නිසා වැලලියාමට තිබූ අපේ උරුමය අද දින රැකුණි. මේ රටෙහි අපරාධයක් කළ කෙනෙකුට සදාකල් සැඟ වී සිටිය නොහැකිය යන විශ්වාසය යලි ගොඩනැගුනි. ඒ සදහා කැපවුණු ඔබට අපගේ හදපිරි කෘතඥ්තාව පුද කර සිටිමු. (නු)

:       0       0

ලකී Tuesday, 21 August 2012 11:29 PM

නඩුව අහලත් ඉවරයි වගේ ප්‍රතිචාර (දී)

:       0       0

හර්ෂ Wednesday, 22 August 2012 11:45 AM

ගොඩක් මිනිස්සු දැනටමත් රැවටිලා. මෙම සැකකරුවන් අල්ලාගැනීම ගැන කිසිම විශ්වාසයක් නැහැ. ත්‍රස්තවාදීන් අවුරුදු තුනෙන් විනාශ කරපු ආරක්ෂක අංශයට මේ වගේ දෙයක් හොයන්න ඔච්චර කාලයක් යන්නේ නැහැ . මෙතන කුමක් හෝ බලවත් කෙනෙකුගේ සම්බන්දයක් තියෙනවා. (නි)

:       0       0

සරත් Wednesday, 22 August 2012 05:00 PM

පොටෝ එකේ හැටියටනම් ලොක්කෝ ටිකකට් වගේ. කඩපු කඩුවල අලාභය මෙයාලටම ගෙවන්න කියන්න. (අ)

:       0       0

මේනකා Tuesday, 21 August 2012 05:10 PM

මේකත් වරද භාරගන්න කියල බලෙන් පවරපු චෝදනාවක්ද දන්නෙ නෑ..??(නු)

:       0       0

කෙවින් Tuesday, 21 August 2012 05:15 PM

තාම විශ්වාස නැහැ.. කෝ කඩුව.. ඒකත් ඉක්මනටම හොයාගන්න...!!(නු)

:       0       0

රෝහණ Tuesday, 21 August 2012 11:54 PM

දැන් පෙනෙයි බොරු කිවුවේ කවුද කියලා. (නි)

:       0       0

මංජුලා ජයවීර Thursday, 23 August 2012 08:23 AM

ප්‍රධාන සැකකරු තාමත් එලියෙ නේද?(නු)

:       0       0

ලලිත් කටාර් Thursday, 23 August 2012 02:54 PM

නෑ චන්දිමා.. ඔබ වැරදියි.. කිසිම සැකයක් නැහැ ප්‍රධාන සැකකුරු ලංකාවේම ඉදගෙන සැප විදිමින් මේවා දිහා හිනාවෙවී බලාගෙන ඇති.. (නු)

:       0       0

චන්දන Tuesday, 21 August 2012 05:30 PM

අනිවාර්යයෙන්ම අල්ලලා ගස් බදිනවා..!!(නු)

:       0       0

දිලිප් Tuesday, 21 August 2012 05:42 PM

ඇත්තටම මේක රගපෑමක්ද?(නු)

:       0       0

මොහොමඩ් රමීඩ් Wednesday, 22 August 2012 12:30 AM

මේ දුරකථන ඇමතුමක් ගන්නෙත් සැක කරුවෙක්ද?(නු)

:       0       0

ප්‍රවීන් Wednesday, 22 August 2012 06:00 PM

මට නම් හිතෙන්නේ මෙතන වෙන මොකක් හරි ලොකු දෙයක් තියෙනවා. (අ)

:       0       0

Niroshana Had Wednesday, 22 August 2012 01:29 AM

කෝ එතකොට බඩු, ඒවත් මේවගේ එළිකරන්න................(නු)

:       0       0

සුසී Tuesday, 21 August 2012 06:02 PM

ගනු කඩුව එනු සටනට..........(දී)

:       0       0

සරා Tuesday, 21 August 2012 05:59 PM

රේමාන්ඩ් කරලා මදි (දී)

:       0       0

මනෝහරන් Wednesday, 22 August 2012 01:46 AM

දැනට නම් අග්‍රගණ්‍ය චිත්‍රපටයක් වගෙයි. පහුවෙනකොට කොහොම වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

රුවනි Tuesday, 21 August 2012 06:04 PM

වටිනාම දේ කඩු. කෝ ඒවා ලැබුණද? (නි)

:       0       0

කස්තුරිරත්න Wednesday, 22 August 2012 01:47 AM

ආචාර්ය සුජිත් නිශාන්ත මහතාණෙනි, මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද? (නි)

:       0       0

පුංචා Tuesday, 21 August 2012 06:04 PM

තවම මේක හරියටම පැහැදිලි නැහැ (දී)

:       0       0

නන්දනී සුභසිංහ Wednesday, 22 August 2012 01:54 AM

මේ කතාව ඇත්තනම් මෙයාලට දෙන්න ඕන රජකාලෙ දඩුවම්.. ඇයි රජකාලේ දේවල්නෙ හොරකම් කළේ..!!(නු)

:       0       0

නන්දි Tuesday, 21 August 2012 06:11 PM

දැන් පොලිසිය ගැන බය නැතිව කතා කරන්න පුළුවන් වගේ (දී)

:       0       0

ලක්ෂාන් Wednesday, 22 August 2012 02:20 AM

මේක ප්‍රෝඩාවක්..!!(නු)

:       0       0

නලින් Tuesday, 21 August 2012 06:18 PM

කොටහේන හා පිළියන්දල පොලිසිවලට ස්තූතියි! (නි)

:       0       0

උපාලි Tuesday, 21 August 2012 06:23 PM

මේක රගපෑමක්. ඇත්තමයි!!! (නි)

:       0       0

උදයංග Thursday, 23 August 2012 10:13 AM

නිදහසක් දෙන්න එපා ඔය වගේ අයට.. (ස)

:       0       0

පබ Tuesday, 21 August 2012 06:22 PM

කලින් නඩු තියෙනවද මෙයාලට ? (දී)

:       0       0

අර්ජුන Wednesday, 22 August 2012 03:25 AM

මේ අපිව රවට්ටන්න කරන වැඩක්නෙ..!!(නු)

:       0       0

අමල් Tuesday, 21 August 2012 06:36 PM

දේශපාලන බලපෑමක් ඇති (දී)

:       0       0

වසන්තා Tuesday, 21 August 2012 06:37 PM

අර කහ ඇදුම අඩන ඉන්න නෝනා කව්ද?(දී)

:       0       0

දසුන් Tuesday, 21 August 2012 06:41 PM

උපරිම දඩුවම් දෙන්න (දී)

:       0       0

නිලා Tuesday, 21 August 2012 06:50 PM

සැ ක විතරද? (දී)

:       0       0

මනුක Wednesday, 22 August 2012 04:28 AM

මෙයාලා ඇත්තටම වැරදිකාරයන් වුණොත් මෙයාලගෙත් ෆොටෝ ගහලා කටුගෙයි තියන්න ඕනෑ. (නි)

:       0       0

ගයා Tuesday, 21 August 2012 06:52 PM

මේ නෝනාටත් අමතක වෙලාද දන්නේ නැහැ. (නි)

:       0       0

සිල්වා Wednesday, 22 August 2012 04:48 AM

මේ සැරේනම් බේරෙනවා බොරු. (නි)

:       0       0

අසිත් Tuesday, 21 August 2012 06:57 PM

බඩුත් එක්කම හොරු අහුවුණු නිසා තීණ්දුව දෙන්න ලෙහෙසියි නේද? (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 21 August 2012 07:00 PM

කුලී රියදුරා මොනවා කරන්නද? (නි)

:       0       0

රිස්වාන් - සවුදි Tuesday, 21 August 2012 07:04 PM

ටෙලි නාටකයක් වගේ රසවත්. (නි)

:       0       0

අනුර Tuesday, 21 August 2012 07:05 PM

මාර ගැහැණු කෙනෙ‍ක්නේ. ලැජ්ජා නැද්ද මන්දා? දැන් කොහොමද ආයි පාරේ බැහැලා යන්නේ? (නි)

:       0       0

රුවන් Tuesday, 21 August 2012 07:02 PM

පොලිසියට ප්‍රණාමය! (නි)

:       0       0

සනිජ Wednesday, 22 August 2012 07:08 AM

ඉතිරි අය (දී)

:       0       0

වරුණ Wednesday, 22 August 2012 01:47 PM

මීට කලිනුත් කටුගෙයි හොරා කියලා අහිංසක මනුස්සයෙක් අල්ලා ගෙන කූඩු කළා නේද? ඒ මනුස්සයාට වුණු අසාධාරණයට දැන් කවුද වන්දි ගෙවන්නේ? (නි)

:       0       0

රිෂාන් Wednesday, 22 August 2012 01:52 PM

හොරකමින් ජීවත් වෙන කණ්ඩායමක්ද කොහෙද?(නු)

:       0       0

අමිල කටුනායක Wednesday, 22 August 2012 07:54 AM

කෝල් එක කටුගෙටද ??(ස)

:       0       0

ආශා Wednesday, 22 August 2012 07:56 AM

මේ ගෑනු කෙනත් එක්කෙනෙක්ද?

:       0       0

කුසුම් Tuesday, 21 August 2012 07:19 PM

ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැකෙන දේවල්වල තියෙන ඓතිහාසික වටිනාකම ගැන මුලින් කියලා දෙන්න වෙයි. මේ කෞතුක වස්තු කඩා බිද දාලා නම් ඒවා නැවත ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි බවත් සෑදූ ශිල්පීන්ට පණ දිය නොහැකි බවත් ඔවුන්ට කියා දෙන්න. මේවායේ ඇත්තේ මුදල් වටිනාකමක් නෙමේ. මේ ලැබී ඇති භාණ්ඩ ප්‍රවේශම් කරන්න වැඩ පිළිවෙළක් තිබෙනවාද? (නි)

:       0       0

ජයා Wednesday, 22 August 2012 08:05 AM

මේක ගොතාපු බොරුවක්‌ (ස)

:       0       0

නවීන් Wednesday, 22 August 2012 02:06 PM

අද සමහර ශ්‍රී ලාංකිකයන් සතුටුවෙන දවසක්..මොවුන් ඇල්ලූ දක්ෂ පොලිස් නිලධාරීන්ට මගේ ප්‍රණාමය.(ස)

:       0       0

මද්දු Tuesday, 21 August 2012 07:31 PM

මේ පින්තුර ටික දාපු එක මරු (දී)

:       0       0

සරත් Wednesday, 22 August 2012 08:21 AM

එතකොට අර පින්තූරයක් ඇඳල පත්තරවල දැම්මේ වෙන කටුගෙයක් කඩපු හොරෙක්ද ??(ස)

:       0       0

සුනිල් Wednesday, 22 August 2012 02:10 PM

ඕක තමයි කියන්නේ කාටවත් නීති විරෝධී වැඩ කරලා ඒවගෙන් බේරෙන්න බෑ කියලා...දැන් ඉතින් හිරේට වෙලා විදවන එකයි ඇත්තේ.....(ස)

:       0       0

මර්වින් Tuesday, 21 August 2012 07:33 PM

කැලණියේ සෙට් එකක් නේ (දී)

:       0       0

රංජිත් Wednesday, 22 August 2012 08:27 AM

මෙගා ටෙලිනාටයක් !!!!!!!!!!(ස)

:       0       0

ගුණරත්න Wednesday, 22 August 2012 08:40 AM

මේක ආණ්ඩුවේ ගිණුමට දාලා කතාකරපු අය දැන් මොකද කියන්නේ ????(ස)

:       0       0

සෙනෙවිරත්න Wednesday, 22 August 2012 09:34 PM

හොඳයි, අපි හිතමුකො කවුරු හරි මේගොල්ලන්ව කුලියට අරන් බෙල්ල දෙන්න ඉදිරිපත් කළාය කියලා.... එහෙනම් ඇයි ප්‍රධාන සැකකරු ඒ එක්කම ඉදිරිපත් උනේ නැත්තෙ??? ටීවී එකේ කිව්වනෙ ඌ ඉන්නෙ තාම කට්ටි පැන පැන කියලා. ඒ මිනිහත් බාර වෙලා "අපි තමයි හොරු" කියල කිව්වනං කරදරයක් නැතුව මෙළහකටත් වැඩේ සමාප්තයි නේද? මං දන්නෑ මේක මට විතරක් පෙනිච්ච දෙයක් ද කියලා, කොහොම උනත් මට කියන්න තියෙන්නෙ කවුරු හරි කට කතාවක් කියූ පමණින්ම ඒක පිළිගන්න එපා කියන එක. (අ)

:       0       0

සුනිල් Tuesday, 21 August 2012 07:39 PM

දෙවැනි ඡායාරූපයේ මැද සිටින්නේ අර ඉස්සර ප්‍රසිද්ධ කරපු සිතුවමේ හිටපු කෙනාද? (නි)

:       0       0

තුමාර Wednesday, 22 August 2012 08:57 AM

මේවා බොරු.(ස)

:       0       0

සිල්වා Wednesday, 22 August 2012 02:35 PM

මේ සැකකාරිය කැළණිය පැත්තේ දැකලා තියෙනවා වගේ මතකයි..!!(නු)

:       0       0

දීප්ත Wednesday, 22 August 2012 09:03 AM

සැක විතරද? හොරු නැද්ද? (දී)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 22 August 2012 02:46 PM

සාධාරණ සාක්ෂි නොමැතිව මෙහෙම කියන්නේ කොහොමද? (නි)

:       0       0

පවන් Wednesday, 22 August 2012 09:15 AM

මේ වැරදිකරුවන්ද? සැකකරුවන්ද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 22 August 2012 02:52 PM

පොලීසියට වෙලා තියෙන්නේ "කොටියා ආවෝ.." කියපු ගොපලු කොලුවාට වුණු වැඩේ. නිකම් බොරු ජනප්‍රියත්වය පතා ' ඔන්න ඇල්ලුවා.. මෙන්න ඇල්ලුවා..' කියා කියා මිනිස්සු ඉදිරියේ සංදර්ශන පෙන්වන්න ගිහින් දැන් ඇත්තටම ඇල්ලුවත් වැඩි දෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. (නි)

:       0       0

බෙන්තර Wednesday, 22 August 2012 09:28 AM

හොරු නැද්ද? (දී)

:       0       0

සියඹලාපිටිය Wednesday, 22 August 2012 09:26 AM

අම්මෝ ඇති යන්තම්...!!!! (ස)

:       0       0

මංජුලා Tuesday, 21 August 2012 09:01 PM

මංහිතන්නේ මේක බොරුවක් (අ)

:       0       0

ලංකා Wednesday, 22 August 2012 09:36 AM

දැන් කීපාරක් කටුගෙයි හොරු ඇල්ලුවද . මේවා ඔක්කොම ගොතන කතා...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1773 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1329 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 374 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 508 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 228 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 149 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40017 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site