IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කටුගහහේන රෝහලෙන් දේව ක්‍රියාවක්

(බන්දු තඹවිට)

පාපැදියෙන් ගොස් ඉතිරිකරගත් ඉන්ධනවලින් තම පෞද්ගලික මෝටර් රථයෙන් හෘදරෝගියකු කළුතර මහරෝහලට රැගෙන ගොස් එම රෝගියාගේ ජීවිතය බේරාගැනීමට  කළුතර කටුගහහේන රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය පියවරගත් පුවතක් මතුගම කටුගහහේන රෝහලෙන් වාර්තා විය.

කටුගහහේන රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රංජිත් දිසානායක මහතා සිය රෝහල් කාර්යමණ්ඩලය සමග එක්වී මෙම හෘදරෝගිගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කර ඇත.

නවුත්තුඩුව ,අලුත්ගම්ගොඩ ප්‍රදේශයේ පදිංචි කේ.කේ.ප්‍රේමතිලක නම් 65 හැවිරිදි අයකු හදිසියේ අසනීප වී ඇත.

තම එකම පුතා හමුදා පුහුණුවට ගොස් ඇති නිසා නිවසේ හුදකලාව ජීවත් වූ මෙම යුවළට එම අවස්ථාවේ පිහිටවීමට කිසිවෙක් නොවූ නිසා රෝගී අයගේ බිරිඳ විසින් තම අසල්වැසින්ගේ සහායෙන්  කැබ් රථයකින් රෝගියා කටුගහහේන රෝහලට ගෙනවිත් ඇත.

එහිදී එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි වෛද්‍ය වත්සලා සමරනායක මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය වහා ක්‍රියාත්මක වී රෝගියාට අවශ්‍ය මුලික ප්‍රතිකාර ලබාදී රෝගියාගේ තත්වය අසාධ්‍ය බැවින් වහාම වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලවෙත රැගෙන යාමට ගිලන් රථයක් ලබාගැනීමට උත්සාහ කළත් ගිලන්රථ ඉන්ධන නොමැතිව ධාවනය කිරීමට නොහැකි වීම නිසා ප්‍රධාන වෛද්‍ය නිලධාරී රංජිත් දිසානායක මහතාට ඒ බව දැනුම් දී ඇත.

පසුව වෛද්‍ය රංජිත් දිසානායක මහතාද වෛද්‍ය වත්සලා සමරනායක මහත්මිය සමග රෝගියා පරීක්ෂාකර බලා රෝගියා හැකි ඉක්මණින් විශේෂ හෘදරෝග ප්‍රතිකාර සඳහා යොමුකළ යුතු බවට තීරණය කර ඇත.

ගිලන්රථයක් ලබාගැනීමට නොහැකි වීම නිසා වහාම ක්‍රියාත්මක වූ වෛද්‍ය රංජිත් දිසානායක මහතා රෝහලේ ගාල්කර තිබු තම මෝටර් රථය ගෙනවිත් හෙද නිලධාරිණි පියුමි නිසංසලා කරුණාරත්න මහත්මිය , රෝහල් කාර්යමණ්ඩලයේ පුබුදු මහතා සහ රෝගියා රෝහලට රැගෙන ආ අසේල ප්‍රමෝද් සමග ඔක්සිජන් ඇතුළු මුලික ප්‍රතිකාර අඛණ්ඩව ලබාදෙමින් රෝගියාව ඉක්මනින් කළුතර නාගොඩ මහා රෝහලට රැගෙන ගොස් බාරදී ඇත.

මේ පිළිබඳව කටුගහහේන රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රංජිත් දිසානායක මහතා මෙසේ පැවසීය.

මෙම රෝගියා ඉතාම අසාධ්‍ය තත්වයෙන් සිටියේ. ගිලන් රථයක් නොමැති වීම නිසා වටිනා මිනිස් ජීවිතයක් අවාසනාවන්ත ලෙස මරණයට පත්වීමට ඉඩ දීමට අපට හැකියාවක් නැහැ. වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලවල වගකීම ජීවිත ආරක්ෂා කිරීමයි. මම පසුගිය කාලයේ ඉන්ධන හිඟය නිසා රෝහලට පැමිණීමට සහ කෙටි ගමන් සඳහා පාපැදියක් භාවිතා කල නිසා මගේ මෝටර්රථයේ ඉන්ධන සුළු ප්‍රමාණයක් ඉතිරි වී තිබුනා. එම ඉන්ධන ප්‍රමාණය භාවිතා කර මෙම අසාධ්‍ය රෝගියාගේ ජීවිතය බේරාගැනීමට මට හැකියාව ලැබුනා .



අදහස් (7)

කටුගහහේන රෝහලෙන් දේව ක්‍රියාවක්

Chamara Friday, 15 July 2022 10:52 PM

ඒ පිරිසට පින්සිදු වේවා...! දෙව්ලොවට දොරටු විවෘත වෙන්නේ මෙහෙම දේවල් කරනකොට තමයි. අපා දොරටු විවෘත වෙන්නේ නෑ එහෙම අයට. අනෙක් මිනිසුන්ද පරාර්ථකාමී වේවා...!

:       0       0

Lakmal Friday, 15 July 2022 11:01 PM

සැබවින්ම පරාර්ථකාමී මිනිසුන්... මෙම වෛද්‍යතුමා ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයට බොහෝම ස්තූතියි.

:       0       0

BT Friday, 15 July 2022 11:03 PM

මේ මොහොතේ මේ රටට අවශ්‍ය කරන්නේ මෙවැනි පුරවැසියන් සහ වෘත්තිකයින්ය. මෙම මානුෂික මෙහෙයුමට සහභාගි වූ සියලුම මහත්ම මහත්මීන්ට මෙන්ම පාපැදියෙන්, බස්රථවලින් හෝ පයින් පවා රෝහල්වලට පැමිණ සිය කාර්යභාරය ඉටු කරන එවැනි අනෙකුත් සෞඛ්‍ය නිලධාරින්ටද මාගේ ප්‍රණාමය පුදකරමි...

:       0       0

Prabath Friday, 15 July 2022 11:49 PM

මෙන්න දොස්තරලා. අර ප්‍රවෘත්ති සාකච්ඡා තියෙන අය කවුද දන්නේ නැහැ.. ඔවුන් දන්නේ නැති දෙයක් නැහැ.. ඔවුන්ගේ රාජකාරිය හැර. ඔවුන් තමයි GR ටත් ගේම් එක දුන්නේ.. දොස්තර රංජිත් දිසානායක ඇතුළු කාර්ය මණ්ඩලයට මගේ ප්‍රණාමය...!

:       0       0

R m de s w Saturday, 16 July 2022 01:06 AM

සුපිරියි, මෙන්න නියම දෙවිවරු, අපගේ ගෞරවණීය ආචාරය...!

:       0       0

sam Saturday, 16 July 2022 07:32 AM

මේ සද්ක්‍රියාවට සහභාගි වී මේ අසරණයාගේ ජීවිතය බේරාගැනීමට උපකාරි වුණ ඔබ සියලු දෙනාගේම උතුම් ක්‍රියාව මේ රට හොරාකාපු සහ තවමත් හොරාකන සමස්ත දේශපාලකයන්ට ආදර්ශයක් වේවා... මේ කාර්යයට සහභාගි වුණු ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා...!

:       0       0

චින්තක Saturday, 16 July 2022 09:35 AM

බුදුහාමුදුරුවෝ දේශනා කලේ රෝගීන්ට උවටැන් කිරීම උන්වහන්සේට කරන උපස්ථානයක් කියලයි, එහෙම නම් මෙම පිරිසම නිවනට මාර්ගය සොයාගෙන තියෙනවා. එම සියලු දෙනාගේම සියලු ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා... ඔවුන්ට සකල සෞභාග්‍යය උදාවේවා...!!!

:       0       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 501 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 3302 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1293 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 558 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3564 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2655 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 317 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 606 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1750 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site