IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කටුගේ ගිනි ආරක්ෂාව වැඩ බැරි ටාසන් කෙනෙකුට දීලා

(සුජිත් හේවාජුලිගේ )

කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලය වෙනුවෙන් ගිනි ආරක්ෂණ පද්ධතියක් පිහිටුවීම වැඩ බැරි කොන්ත්‍රාත්කරුවකුට පැවරීම හේතුවෙන් රුපියල් කෝටි නවයක පමණ පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මෙම පාඩුව සිදුවී ඇත්තේ  කොන්ත්‍රාත්කරුවකුට පවරා තිබූ එම  ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව දුර්වල කාර්ය සාධනය හේතුවෙන් අවලංගු කර වෙනත් කොන්ත්‍රාත්කරුවකුට පැවරීම නිසා බවද  එහි දැක්වේ.

ගිනි නිවන ආරක්ෂණ පද්ධතිය ඉදිකිරීම සඳහා කෝටි දහයක පමණ පිරිවැය ඇස්තමේන්තුවක් මත 2022 මාර්තු 31 දිනට වැඩ අවසන් කිරීම මත 2021 ජනවාරි 1 දින පිරිනැමූ කොන්ත්‍රාත්තුවට  කෝටි හතරකට වැඩි මුදලක් ගෙවා තිබියදී කොන්ත්‍රාත්කරුගේ දුර්වල කාර්ය සාධනය මත එම කොන්ත්‍රාත්තුව අවලංගු කර ඇති බවත් ඉතිරි වැඩ කොටස් නිම කිරීම සඳහා පසුගිය වසරේ දෙසැම්බර් 18 දින වෙනත් කොන්ත්‍රාත්කරුවකුට  කෝටි 18 කට වැඩි පිරිවැය ඇස්තමේන්තුවකට මේ වසරේ වැඩ අවසන් කිරීම මත පවරා තිබූ බවත්  ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අනුව එම කාර්ය කොන්ත්‍රාත් දෙකක් මත නිම කිරීමට සිදුවීමෙන් කෝටි නවයකට ආසන්න වැඩිපුර වියදමක් දරා ඇතැයි  විගණන විමර්ශනවලදී හෙළිවී ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාර හා කෞතුක භාණ්ඩ සම්බන්ධයෙන් රටට ගැලපෙන ආකාරයට අදාළ වන ප්‍රමිති හා මාර්ගෝපදේශ සකස් කිරීමට කටයුතු කර නොතිබූ බවද විගණන වාර්තාවේ දැක්වේ.

ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ජෛව විද්‍යා මැදිරියට යාබදව පවතින දෙවැනි මහලේ වම් පස කොටස මුළුමනින්ම වසා දමා 2012 වසරේ සිට මේ දක්වා මහජන ප්‍රදර්ශනයෙන් ඉවත් කර තිබූ අතර අවශ්‍ය අලූත් වැඩියා සිදුකර මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට හෝ ඵලදායි වෙනත් කාර්යකට මෙම කොටස භාවිතා කිරීමට භාවිත කර නොතිබූ බව  විගණන නිලධාරීහු පෙන්වා දෙති.

මෙම තොරතුරු සඳහන් වන්නේ  ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ  2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (3)

කටුගේ ගිනි ආරක්ෂාව වැඩ බැරි ටාසන් කෙනෙකුට දීලා

Saman Saturday, 15 June 2024 12:24 PM

මහජන මුදල් අවභාවිතා කරනවාට සාප වේවා

:       1       7

ජයනාත් Saturday, 15 June 2024 12:57 PM

පහුගිය කාලෙ දාපු විගණන වාර්තා ⁣සියල්ල වංචා දූෂණය ඉහ වහා ගියපු බවට ⁣හොඳ තහවුරුවක්. ඒත් ඒ එකකින් වත් වැරැදි කාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරල තියෙනව ද

:       5       23

kotiya Sunday, 16 June 2024 03:42 AM

ජනනාත් හරියටම හරි. අලුත් නීතියක් අවශ්‍යයි විගනණ දෙපාර්ථමේන්තුවෙන් හෙලිවන දූෂණ, වංචා, අක්‍රමිකතා කෙලින්ම නීතිපති වරයාට යොමුවී මාසයක් ඇතුලත සුදුසු අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සහ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා මුළුකාලය තුලම ඊට සම්භන්ධ වී ඇති නිළධාරීන්ට සහා ඔවුන්ගේ ළගම ඥාතීන්ට කිසිදු මුදල් ගනුදෙනුවක් බැංකු මගින් සිදු කල නොහැකි ලෙස අසාදු ලේඛන ගත කිරීම, රටින් පිට විය නොහැකි ලෙස විදෙස් ගමන් තහනම් කිරිම වැනි නීතිමය ක්‍රියාමාර්ග අනිවාර්යෙන් ක්‍රියාත්මක වන ලෙස.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 470 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 487 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 149 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1460 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1107 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 436 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site