IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කොට්ටාව උද්ඝෝෂණය මිනිත්තු හතළිහයි

හිටපු ජනපති උපදේශක බෙංගමුවේ නාලක හිමි, පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් කොට්ටාව බෝධිය අසල අද (29) පෙරවරුවේ උද්ඝෝෂණයක් ඇරඹූහ.

අත්අඩංගුවේ පසුවන හමුදා සාමාජිකයන් නිදහස් කරන ලෙස් ඔවුහු ඉල්ලති.

මහා සංඝරත්නය බෝධිය අසල පිරිත් දේශනා කිරීමෙන් පසු උදය ගම්මන්පිල හා ජයන්ත සමරවීර මහත්වරු කථා කළහ.

ඔවුන්ගේ විරෝධය මිනිත්තු 40කින් අවසන් විය.

buddika_093237[1] buddika_093247[1]

 



අදහස් (0)

කොට්ටාව උද්ඝෝෂණය මිනිත්තු හතළිහයි

නිහාල් Tuesday, 29 December 2015 09:58 AM

හමුදාව තුල හමුදා සාමාජිකයෙක් වරදක් කරලා තියනවානම් සම්ප්‍රදාය අනුව හමුදා අධිකරණයක් තුල නඩුව ඇසිය යුතුයි.ඉන් බාහිරව නඩුව අහනවා කියන්නේ එහි සැක කටයුතු දෙයක් තියෙනවා කියන එකයි. (කෞ)

:       0       0

රත්නසිරි Tuesday, 29 December 2015 10:07 AM

රණවිරුවන් හෙළාදකින්නේ මොනවගේ අයද කියලා අපි දන්නවා (නි)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Tuesday, 29 December 2015 10:29 AM

ඔබේ බිරිඳ, ස්වාමිපුරුෂයා හෝ සොහොයුරා පැහැරගෙන ගොස් මරා දැමුවහොත් එය කළේ රණවිරුවෙක් නම් කමක් නැහැ කියා ඔබ නිකම් ඉන්නවද? (නි)

:       0       0

මහින්ද - සෞදි Tuesday, 29 December 2015 04:41 AM

රණවිරුවන් වෙනුවෙන් කරන සටනට ජයවේවා! (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 29 December 2015 05:05 AM

මේක මහජන මතයක් නොවේ, සී ගාල 50 ක් විතර ඉන්නේ, කවුරුහරි රටේ නීතිය කැඩුවානම් කාගේ අණකට හෝ එයට එයාලා උත්තර දෙන්න ඕනෑ (ම)

:       0       0

ටිරෝන් Tuesday, 29 December 2015 05:14 AM

රණවිරුවන් වෙනුවෙන් කරන සටන් වලට අපෙත් පුර්ණ සහයෝගය සරත් ෆොන්සේකා හිරේ යවනකොට මේගොල්ල කොහෙද හිටියේ දන්නේ නැහැ පිලක් නැති එක්කනාගේ පව්ලේ උදවිය විතරද මන්දා සහභාගි වෙලා තියෙන්නේ (බ)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 29 December 2015 05:16 AM

භික්ෂුන් වහන්සේලා සහ රණවිරුවන් තමයි මේ ලක් දෙරණ රැකගන්න කවදත් පෙරමුණ ගත්තේ. දැන් මේ රට බේරා ගැනීමට රටට ආදරය කරන සැමදෙන එක්විය යුතු කාලය බව සිතන්න. මෙම සත්‍යක්‌ ක්‍රියාවට අපගේ උත්තමාචාරය. (ම)

:       0       0

එළුවාපොළ Tuesday, 29 December 2015 05:27 AM

රණවිරුවන් කළ කැපවීම දැන් කාටත් මතක නැත. ඔවුන් මුදා ගත යුතුයි. උද්ඝෝෂණයට අපේ සුබ පැතුම් ! (බ)

:       0       0

චමල් Tuesday, 29 December 2015 05:29 AM

හමුදාවේ ඕන කෙනෙක්ට රණ විරුවා කියල නමක් ගෙන උන් කරන ඕන ජරා වැඩක් හොඳයි කියන රටක් මේක. හමුදාවේ ඔය කියන රණ විරුවෙක් ඔබේ පවුලේ සාමාජිකයෙක් මැරුවොත් ඔහු රණවිරුවෙක් නිසා නිකන් ඉන්නවද. මේක තමයි ගිය අවුරුදු 10 ට ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුවට දාල තියෙන්නේ. රට පාලනය කරන්නේ රජෙක් සහ ඔක්කොම හමුදාවේ ඉන්නේ රණ විරුවෝ. ඒ මදිවට අපි වගේ රට ඉන්න ය රට විරුවෝ. අපි නම් කරපු කිසි වීර ක්‍රියාවක් නැහැ. (බ)

:       0       0

සීවලී Tuesday, 29 December 2015 05:24 AM

කිසිම වැඩකට නැති වැඩක්..ඒවා බලාගන්න තමා යුද්ධාධිකරණ තියෙන්නේ. ලකුණු ගන්න කරන බොරු වැඩ. වැරද්දක් කරලා නැති නම් නිදහස් වේවි. ඔහොම කළොත් කිසිම දවසක නීතියක් කරන්න ලැබෙන්නේ නැහැ. (බ)

:       0       0

ජනක Tuesday, 29 December 2015 05:33 AM

කුමාර් (ගල්ෆ්):අර සිවුපාවගේ ලකුණේ අය ගහනකොටනම් දුවන්න තැන් නොතිබුන අය දැන් කියන ඒවා දැක්කම අනේ කියල හිතෙනවා (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 29 December 2015 05:28 AM

චමල්. ඔබගේ අදහස ලංකාවේ සමහරක්ට තේරුම් ගන්න බරපතල වැඩියි. (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 29 December 2015 05:30 AM

ඒ කියන්නේ හමුදාවේ රණවිරුවන්ට පුළුවන්ද ඕනෑම වැරදි වැඩක් කරන්න? (නි)

:       0       0

රුවන් Tuesday, 29 December 2015 05:38 AM

රණවිරුවෝ මතක් වෙන්නේ දේශපාලන හේතු මත විතරද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 29 December 2015 05:38 AM

එදා ජෙනරල් බෙලෙක් පිඟානේ බත් කද්දී මේ අය කොහෙද දන්නේ නැහැ හිටියේ? (නි)

:       0       0

කසුන් Tuesday, 29 December 2015 05:42 AM

චමල් හරියට හරි. පසුගිය රජයේ අය හදන්නේ මොනවාහරි කියලා රජයට බනින්න. (නි)

:       0       0

සරත් Tuesday, 29 December 2015 05:48 AM

චමත් ,ඔය බේරන්න කියන්නේ ඔයාලගේ අපේ ජීවිත එයාලගේ ජීවිත පරදුවට තබල රට රැක ගත්තු අය. හොයල බලන්න ,මරණ දඬුවම නියමවුණු සෙබලාගේ රටට කරපු සේවය සහ දැනටමත් ඔහුගේ ඔලු කට්ට ඇතුලේ තියෙන බෝම්බ කැබලි ගැන විස්තර. (බ)

:       0       0

මනෝජ් Tuesday, 29 December 2015 06:09 AM

රණවිරුවෝ ඇපයට ගත් කාලය දැන්වත් නවත්වන්න. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බලකායේ සිටි පළියට ඔක්කොම රණවිරුවෝ නොවන බව කවුරු කවුරුත් දැනගත්තොත් හොඳයි. (නි)

:       0       0

මනෝජ් Tuesday, 29 December 2015 06:17 AM

සරත්, ඔයාට චමල් කිව්ව එක තේරුම් ගන්න අමාරුයි නේද? ඒ හැටි. මොනවා කරන්නද? ඔයාලා වගේ ලංකාවේ මිනිස්සු ගැන තමා කියලා තියෙන්නේ. (නි)

:       0       0

ධනුක Tuesday, 29 December 2015 06:17 AM

හමුදාවේ ඕනෑ කෙනෙක් කරන ඕනෑ වැඩක් හොඳයි කියන රටක්ද මේක? හමුදාවේ ඔය කියන රණවිරුවෙක් ඔබේ පවුලේ සාමාජිකයෙක් මැරුවොත් ඔහු රණවිරුවෙක් නිසා නිකන් ඉන්නවද? ඒ මදිවාට අපි වගේ රට ඉන්න අය රටවිරුවෝ. හැබැයි අපි නම් කරපු කිසි වීර ක්‍රියාවක් නැහැ. (නි)

:       0       0

සමන් Tuesday, 29 December 2015 06:23 AM

එදා ජෙනරල් බෙලෙක් පිඟානේ බත් කද්දී මේ අය කොහෙද දන්නේ නැහැ හිටියේ (බ)

:       0       0

චන්ද්‍ර පැරිස් Tuesday, 29 December 2015 06:25 AM

රණවිරුවන් වෙනුවෙන් කරන සටන් වලට අපෙත් පුර්ණ සහයෝගය දෙනවා. නමුත් සරත් ෆොන්සේකා හිරේ යවනකොට මේගොල්ලෝ කොහෙද දන්නේ නැහැ හිටියේ? (නි)

:       0       0

රොහාන් දයාදර Tuesday, 29 December 2015 06:26 AM

මේක මහජන මතයක් නොවෙන වගයි පෙනෙන්නේ. සූ ගාලා 50 ක් විතර ඉන්නේ. කවුරුහරි රටේ නීතිය කැඩුවා නම් එය කාගේ අණක් වුවත් එයට ඔවුන් උත්තර දෙන්න ඕනෑ (නි)

:       0       0

සම්පත් Tuesday, 29 December 2015 06:30 AM

ඔබේ සටනට අපිත් ඔබ සමඟ ඉන්නවා (නි)

:       0       0

නිරාන් Tuesday, 29 December 2015 06:35 AM

රණවිරුවෝ නෙමෙයි කවුරු වුණත් රටේ නීතියට පිටින් වැඩකර තිබෙනවා නම් නීතිය ඔවුන් කෙරෙහි ක්‍රියාත්මක වියයුතුයි (නි)

:       0       0

දිල්ෂාන් Tuesday, 29 December 2015 01:00 PM

රණ විරුවන් හෙලා දකින කොටියන්ට රැවටෙන්න එපා. මුන් ඩොලර් වලට තමුන්ගේ අම්මවත් විකුණන එවුන්. ලෝකේ කොහෙවත් යුද්ධයකට ගිය හමුදාවක් ඔය විදියට එක එකාට ඕන විදියට හිරේ යවන්නේ නැහැ. හමුදාව වැරදි කලා නම් ඒක හමුදා පොලිසිය බලා ගනීවි. (කෞ)

:       0       0

ඇසළ Tuesday, 29 December 2015 07:02 AM

තිලක් ඩුබායි සමහරුන්ට මතක නැහැ නමුත් අපිට මතකයි ජෙනරාල් කලේ කාපු පිගාන අනිත් පැත්ත හරවල පැහැරුව එකයි. එ්ක කළේ නැත්නම් අද ජෙනරාල් රජකේ පෙනුණා නේද ජනතාව ප්‍රතික්ෂේප කළ හැටි දෙපාරක්ම. (බ)

:       0       0

දහම් Tuesday, 29 December 2015 07:14 AM

ලංකාවේ ඉන්න සමහර අය කල ගුණ නොදන්නා, තමන් ගැන විතරක් හිතන අමනයෝ. හරි නම් ඒ වීරයන් වෙනුවෙන් පෙළ ගැහෙන්න ඕනේ. එත් එහෙම වෙන්නේ නැත්තේ එදා තිබුණු බිය දැන් නැති නිසා. ඒ තත්වය ඇති කරලා දුන්නු රණ විරුවන්ට ගැන වගක් නැහැ. (ර)

:       0       0

මහින්ද සෞදි Tuesday, 29 December 2015 07:26 AM

චමල්, අපි රටවිරුවෝද කියන්න මම දන්නේ නැහැ , හැමරටකම සිටින ශ්‍රී ලාංකිකයෝ නිසා තමයි ,අති විශාල මුදල් කන්දරාවක් රජයට ගලා එන්නේ, මේ ගැන දන්නා අය තමයි ඔය දැම්මේ. (ර)

:       0       0

සමන් Tuesday, 29 December 2015 07:42 AM

යුනිෆොර්ම් ඈදින හැම දෙනාම රන විරුවො නොවන බව් ඈත්ත , ඒත් මේ අත් අඩංගුවට අරන් ඉන්න මේ අය යුද්ධේ කාලෙ කොටි කටෙ දෑන් බක පන්ඩිත කොමෙන්ට් දාන අයගෙ ජිවිත රකින්න, තමන්ගෙ ජිවිතෙ කෑප කරපු අය. (ර)

:       0       0

ලංකාතිලක් Tuesday, 29 December 2015 07:40 AM

සත්‍ය වශයෙන්ම මිනිහෙක් මැරුවානම් මේ අය වැරදිකාරයෝය​. (ර)

:       0       0

විරාජ් ඒකනායක Tuesday, 29 December 2015 07:43 AM

එක්නැළිගොඩ ගේ පවුලේ අයට යුක්තිය ඉටුවෙන්න අවශ්‍ය නැද්ද (කෞ)

:       0       0

උපාලි Tuesday, 29 December 2015 07:59 AM

චමල්, තිලක් ඩුබායි හරියටම හරි (බ)

:       0       0

සමන්ති Tuesday, 29 December 2015 02:33 PM

මේගොල්ලන්ව නඩු විසඳන්න දාමුද? චෝදනා බොරුනම් එයාලට උසාවියට ගිහිල්ලා ඔවුන් වෙනුවෙන් නොමිලේ පෙනීසිටින්න කියමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 333 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2364 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2003 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1486 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8311 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2449 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34491 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24003 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 486 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site