(රේඛා තරංගනී ෆොන්සේකා)
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ඉංජිනේරු අංශය වසා දැමීමටත්, සේවා සැපයුම් අංශය වෙනම කාර්යාලයක් විවෘත කර ජනතා සේවය සැලසීමට පියවර ගත් බවත් කෝට්ටේ නගරාධිපති අයි.ඒ. වී ප්‍රේමලාල් මහතා අද (28) පැවසීය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙකු (එ.ජා.ප) සහ ඉංජිනේරු අංශ නිලධාරියෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමඟ මේ පියවර ගත් බව ඒ මහතා පැවසීය.
නාගරික මන්ත්‍රීවරු දෙදෙනා ඔබේසේකරපුර පදිංචිකරුවන් වන අතර එම කලාපය රෝගීන් විශාල වශයෙන් පසුගිය කාලයේ වාර්තා විය. නුගේගොඩ මහජන සෞඛ්‍ය වෛද්‍ය අංශය විසින් රතු කලාපයක් ලෙස එය නම් කර තිබූ බවද සෞඛ්‍ය අංශ කියාසිටී.
එක් මන්ත්‍රීවරයෙකු කොළඹ ජාතික රෝහලේ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේ දී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හෙළි වී ඇත. ඔහුගේ ආශ්‍රිතයකු ලෙස සිටි මන්ත්‍රීවරුන් 10දෙනෙකුගේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් තවත් මන්ත්‍රීවරයෙකු ආසාධිත තත්වයට පත් වී ඇති බව අනාවරණය වූ බව සෞඛ්‍ය අංශ කීය.මන්ත්‍රීවරු දෙදෙනකු ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයන් ලෙස හඳුනා ගැනුණු 50දෙනකුට පමණ පී.සී.ආර් පරීක්ෂණ සිදුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.
මන්ත්‍රීවරුගේ පවුල් ආශ්‍රිතයන් ද ස්වයං නිරෝධානයට ලක්කළ බව සඳහන් කරන සෞඛ්‍ය අංශ සදුදා වන විට කෝට්ටේ මහා නගර සභාවේ මන්ත්‍රීවරු ඇතුළු නිලධාරීන් සියලු දෙනාටම පී.සී.ආර් පරීක්ෂණ කිරීමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසිය.
රෝගීන් මෙසේ වාර්තාවීමත් සමග පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද සඳහන් කළ ඒ මහතා සදුදා වන විට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ 200ක් පමණ මන්ත්‍රීවරු ඇතුළු නිලධාරීන්ට සිදුකිරීමට සැලසුම් කර ඇති බවද පැවසීය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාලන අංශයේ සේවා සැපයුම් ලබා ගැනීමට අත්‍යවශ්‍ය වූ කාරණයකට පමණක් පැමිණෙන්නේ නම් එය වඩා වැදගත් වන බව ද පුරපතිවරයා වැඩිදුරටත් පැවසීය.ඉදිරියේදී එම කාර්යාලය විසබීජහරණය කර ඉංජිනේරු අංශය නැවත සේවා සැපයීම සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝට්ටේ මහනගර සභාවේ ඉංජිනේරු අංශය වහයි
ලලිත් පුෂ්පකුමාර Friday, 29 January 2021 12:58 AM
කෝවිඩ් දෙවැනි රැල්ල සමාජයේ ව්‍යාප්ත වෙන්න ගත්ත කාලේ ඉඳලා නගර සභාවෙන් ඉල්ලීමක් කරනවා. නගර සභාවේ සේවකයන් pcr කරන්න කියලා මේ වෙනකම් පියවර අරගෙන නෑ...