IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කොටදෙණියාවේ ඕ අයි සි මාරු කරන්නලු

සේයා  සදෙව්මි  දැරියගේ  ඝාතනය සම්බන්ධයෙන්  රිමාන්ඩ් බාරයේ  සිට නිදහස්  කෙරුණු  පාසල්  සිසුවාට  සහ එක් දරු  පියාට  පොලිසියේ  දි පහර  දි ඇත්දැයි  සෙවීමේ  පරික්ෂණ අවසන් වන තුරු  කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ඇතුළු වගකිව යුතු  නිලධාරින් තාවකාලිකව වෙනත්‍ පොලිසියට  යවන ලෙස ලංකා  ගුරු සංගමයේ  ලේකම්  ජෝසප්  ස්ටාලින්  මහතා  පොලිස්පති ගෙන් ඉල්ලයි.

කොටදෙනියාවේ පොලිසියේ  හා පොලිසිය භාර  නිලධාරින්  එම ස්ථානයේම සිටිය දි විමර්ශනයක් පැවැත්වුවහොත්  සාක්කිකරුවන්ට  බලපෑම් විය හැකි  බවත්, සාක්කි විනාශ  වි යෑමට  ඉඩ  ඇති  බවත් එබැවින්  සාධාරණ විමර්ශනයක්  කරන්නේ  නම්  ඔවුන්  වෙනත්  ස්ථානයකට තාවකාලිකව මාරු කළ යුතු බවත්  ස්ටාලින්  මහතා කියයි.

පාසල්  සිසුවා පෙරදින රෝහලෙන් පිටව ගිය අතර  එක්දරු  පියා  අද රෝහලෙන්  පිටවී  ගියේය. පහර  කෑමෙන්  පසු  ඇති  වු  බව කියන කනේ ආබාධයක්  ගැන පරික්ෂණ පැවැත්විමට  සිදුවා  ගම්පහ රෝහලේ  උගුරු කණ නාසය සායනයකට  කැඳවා ඇත.

 

 



අදහස් (0)

කොටදෙණියාවේ ඕ අයි සි මාරු කරන්නලු

එස්.කල්පගේ Tuesday, 06 October 2015 06:21 AM

විනය තදින් ක්‍රියාත්මක කරන්න (බ)

:       0       0

බමුණු Tuesday, 06 October 2015 06:38 AM

මාරු කළාම ප්‍රශ්නය විසදෙනවද? (බ)

:       0       0

රූපවතී Monday, 05 October 2015 04:37 PM

මේ සේරම රාස්සයන්ගේ යුනිෆෝර්ම් ගලවලා ගෙදර යවන්න ඕනේ ..ලොකු ලොක්කෝ පොලිසියෙන් අල්ලාගෙන ගියාම ලෝයර්ලා ලවා එදාම මහරාත්‍රියේම විනිසුරුවන්ට ඉදිරිපත්කරලා ඇප අරගෙන දීල නිදහස් කරන බඩලොකු නීතිය. සහ අසරනයෙක්ව කුදලාගෙන ගියාම හිර මැදිරියේම මැරිලා වැටෙන්න ගසන, අරක්කු බීල රෑට පොලිසියේ වැඩකරන පොලිස් කාරයන්ගේ යුනිෆෝර්ම් එක බල්ලට දමන්න ඕනේ ගලවලා..? (බ)

:       0       0

නිර්මල Monday, 05 October 2015 06:26 PM

මොනවා වෙයිද කියා අපි බලාසිටින්නෙමු (නි)

:       0       0

ලලිත් Monday, 05 October 2015 06:31 PM

එතකොට හදිසියේවත් ඒ මාරුවෙලා යන පැත්තේ ළමයින්ට ගැහුවොත්? කමක් නැද්ද? (නි)

:       0       0

ලංකාසිරි Monday, 05 October 2015 07:36 PM

බලාගෙන රූපවතී.රූපවතී ඉන්න රට වාගේ නොවෙයිනේ මේ සිරි ලංකාව. (නි)

:       0       0

ප්‍රීති Monday, 05 October 2015 09:21 PM

පොලීසි වල අය විශ්‍රාම ගියාම තමයි එයාලට තේරෙන්නෙ කලින් කරපු වැරදි. (නි)

:       0       0

නාමල් Tuesday, 06 October 2015 01:42 AM

මේක ප්‍රශ්නයට විසඳුමක්ද? (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 06 October 2015 03:19 AM

පොලිස් පුහුණුව වඩා ක්‍රමවත්ව සහ විධිමත්ව සිදුකළ යුතුය යන්න මගේ අදහසයි (නි)

:       0       0

සෙනෙරත් Tuesday, 06 October 2015 03:31 AM

වසර කිහිපයකට පෙර DIG මහත්තයෙක් කියල තිබුන පොලිසිය බල්ලට ගිහින් නෙමෙයි බල්ලෝ පොලිසියට ඇවිල්ල කියල. මේ සිද්දිය ඒ කියමන සනාථ කරනවා. ඒ වගේම හොද නිලදාරිනුත් අතලොස්සක් ඉන්නවා, පොලිසියේ වගකීම නියම ආකාරයෙන් ඉටුකරන. (ම)

:       0       0

පිටිගල Tuesday, 06 October 2015 04:10 AM

නයිට් ඩියුටි ඉන්න පොලිස් කාරයෝ රෑට කම්මැලිකම මකා ගන්න කරන්නේ කූඩුවට දාල ඉන්න එවුන්ට ගහන එක. (ම)

:       0       0

ගෞරියෙල් Monday, 05 October 2015 01:01 PM

මමත් කියන්නේ මේ ළමයාට පොලිසියෙන් සළකපු හැටි හරිම නරකයි (නි)

:       0       0

කිත්සිරි Monday, 05 October 2015 01:45 PM

මෙහෙම කළා කියලා ප්‍රශ්න විස‍ඳෙන්නේ නැහැනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්පහ සියයට 40යි
2024 සැප්තැම්බර් මස 21 24 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 40 ක් දහවල් 12 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 156 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 134 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 849 1

ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ


බීමතින් ඡන්ද පොළේ යකා නැටු අයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 307 0

හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි


රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 3279 4

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14581 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 177 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site