IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


‘කොටදෙණියාව පාසල් සිසුවා ගැන ප්‍රකාශයක් කරනු‘

කොටදෙනියාවේ දැරියගේ ඝාතනයට සැකපිට පොලිසිය තවත්  දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කළ බවත්, එසේ නම් පාසල් සිසුවාට ඊට සම්බන්ධ ද නැද්ද යන්න ගැන පොලිසිය ප්‍රකාශයක් කළ යුතු බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

මිය ගිය දැරියගේ ඝාතනයේ සැකකරුවන් සොයන මුවාවෙන් පොලිසිය නොමළ දරුවකු ද මළ දරුවකුගේ තත්ත්වයට පත් කිරීමට උත්සාහ කර තිබෙන බව ද, සිසුවා ගැන විවිධ තොරතුරු කියාපාමින් ඔහු ගැන වැරදි මතයක් සමාජයේ ඇති කිරීමට උත්සාහ කර ඇති බව ද, පොලිසියේ ක්‍රියාකලාපය හෙළා දකින බව ද ස්ටාලින් මහතා පවසයි.

මේ ගැන කළ විමසීමේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා කීවේ වෛද්‍ය වාර්තා ආ පසු ඔහු සම්බන්ධයෙන් පියවරක් ගන්නා බවයි. සිසුවා සැකපිට ගැනීමට හේතුව කුමක්දැයි ඇසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේ ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ අසභ්‍ය දර්ශන තිබූ බවයි. අසභ්‍ය දර්ශන ලැප්ටොප් පරිගණකයේ තිබීම හා කොටදෙනියාව දැරියගේ ඝාතනය අතර සම්බන්ධය කුමක්දැයි ඇසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේ සැකයක් මතු වූ විට අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලිසියට තබෙන බවයි.

 

 



අදහස් (0)

‘කොටදෙණියාව පාසල් සිසුවා ගැන ප්‍රකාශයක් කරනු‘

දන්තනාරායන Thursday, 24 September 2015 08:17 AM

තල් අත්තකට බෙලි ගෙඩියක් වැටුන විට හාවෙක් ලෝකේ පෙරළෙනවා කියල දිව්වලු. අනික් මෝඩයිනුත් ඒක පිලි අරගන දිව්වලු, අන්තිමට සිංහයෙක් තමයි මොකක්ද වුණෙ කියල තේරුම් අරගෙන අනෙක් සත්තුන්ට ඇත්ත කියල දීල තියෙන්නේ. පස්සේ අනික් සත්තු හිතුවලු අපි තරම් මෝඩයෝ කියල. නිරපරාදේ අවුරුදු 17 ක පාසල් ශිෂ්‍යයාට බනිනකොට හොමෝම එකතුවෙලා කිව්වා මූව මරලත් මදි කියල. දැන් පසු තැවෙනවා. යමක් තීරණය කරන්න ප්‍රකාශ කරන්න කලින් බුද්ධියට තැනක් දෙන්න. මෙය පාඩමක් කරගන්න. අපේ පොඩි මෝඩ වැඩක් රටක් විනාශ කරන්න පුළුවන් (අ)

:       0       0

ජයරත්න Thursday, 24 September 2015 04:01 AM

බරපතල කාරණයක් (ම)

:       0       0

නාමල් Thursday, 24 September 2015 04:08 AM

මේ සිසුවා වරදක් කරලා නෑ.. පොලීසිය ඇගබේරාගන්න මොහුව අත් අඩංගුවට අරගෙන වරද පිලිගන්න බල කරමින් පහරදීලා තියෙනවා...(ම)

:       0       0

නුවන්සර Thursday, 24 September 2015 04:14 AM

මේ සිදුවීමේදී ඇතැම් විද්‍යුත් මාධ්‍ය වල හැසිරීම අගය කළ නොහැක.මුලින්ම ඔවුන්ගේ කැමරා යොමු වුනේ දැරියගේ පවුලේ අය දෙසයි.ඉඟි පලකලේද ඔවුන් මෙයට සම්බන්ධ විදියටයි. ජනතාවද දොස් පවරමින් සිටියේ ඔවුන්ටමයි.මෙම විද්‍යුත් මාධ්‍ය වලට අවශ්‍ය වුනේ 'ප්‍රථම පුවත' අප නාලිකාවෙන් ප්‍රචාරය කළ බව පැවසීම පමණයි....දැන් මේ පරීක්ෂණය යොමුවෙමින් පවතින්නේ වෙනත් දිසාවකට බව පෙනෙනවා.විද්‍යුත් මාධ්‍යය පොලිසියේ වැඩේ කිරීමට යාමෙන්, නිසි අයුරින් ඔවුන්ටද විමර්ශන කටයුතු වලදී නොමග යැවීම බාධා කිරීම් වලට මුහුණ දීමට ඇතැම් විට සිදු වෙන්නට පිළිවන්. (බ)

:       0       0

අජිත් Thursday, 24 September 2015 10:31 AM

සාමාන්‍ය පෙළවත් සමත් නැති පොලිසියේ රහස් පරික්සකයෝ දන්නා උපරිමය ඕක තමයි. උගත් බුද්ධිමත් අය ඉන්න ඕන රටක පැවැත්මට...(බ)

:       0       0

ගයාන් Thursday, 24 September 2015 04:16 AM

සේයා දියණියට වූ අපරාධය තරම්ම විශාල අපරාධයක් පාසල් ශිෂ්‍යාට සිදුව ඇත. ඔහුගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, ඔහුගේ මානසික හා සමාජීය ජීවිතය ආරක්ෂාකිරීමටත් ජනතාව උද්යෝගිමත්ව මැදිහත්විය යුතුය. ඔලමොට්ටල පොලිස් නිළධාරීන් සේවයයෙන් පන්නා දැමිය යුතුය. ඔහුන්ගෙන් පොද්ගලිකව හා රජය එම දරුවාට විශාල වන්දි මුදලක් ගෙවිය යුතුය. ඒ සඳහා ජනතාව බලපෑම්කළ යුතුය. ගුරුවරු, ගම්වැසියන් මෙන්ම ප්‍රජා සංවිධාන ඔහුව සවිබලගැන්වීමට මැදිහත්විය යුතුය. (බ)

:       0       0

දිනේෂ් Thursday, 24 September 2015 04:16 AM

අධ්‍යාපන ඇමතිතුමනි, මෙය ඔබගේද වගකීමකි. පාසල් සිසුවෙක්ව අත් අඩංගුවට ගැනීමේදී තිබෙන ක්‍රම සහ විධි මොනවාද? වයස 18 අඩු නම් ළමා කටයුතු ඇමතිනියට තිබෙන වගකීම් මොනවාද? ළමයාගේ අසභ්‍ය දර්ශන බැලීම වෙනම සොයන්න, අත් අඩංගුවට ගැනීම වෙනම සොයන්න. (බ)

:       0       0

දයාජ Thursday, 24 September 2015 04:22 AM

ලැප් ටොප් පරිඝනකයේ අසභ්‍ය දෑ තිබු පමණින් 17 හැවිරිදි සිසුවා සැකකාරයෙක් කළ හැකිද ? අතීතයේ වෙනත් අයෙක් මේ පරිගනකයේ අයිති වී තිබුණා නම් මේ සිසුවා සැබෑ අසරණයෙකි.මේ සිසුවාටද ජනතාවගේ අනුකම්පාව ලැබිය යුතුයි යන්න මගේ අදහසයි.(ම)

:       0       0

චාමික Friday, 25 September 2015 12:15 AM

දැන්නම් පොලිසිය ගැන අපේ කිසිම පැහැදීමක් නැහැ (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 24 September 2015 10:50 AM

ඇත්තටම මේ පාර නියම අපරාධකරු අල්ලාගෙන නම් හොදයි , අපරාධ වාර්තාකරණයේදී මාධ්‍ය සමාජතලය නිවැරදි මගකට යොමු කළ හැකි වාර්තාකරණයක යෙදේනම් කොච්චර වටිනවද (බ)

:       0       0

ගැමුණු Thursday, 24 September 2015 04:37 AM

'පීඩනය තිබු පමණින් යමක් නොකළ යුතුය..ඉවසීමෙන් කළ යුතු වන්නේ නිවැරදි දෙයමය.'මේ සිසුවාට මෙන්ම අත්අඩංගුවට ගත් අනෙක් එක් දරු පියාට සහ ඔවුන්ගේ පවුල් වල අයවලුන් ලද මානසික වේදනා අපට තේරුම් ගත හැක.(ම)

:       0       0

සජීව Thursday, 24 September 2015 04:54 AM

කෝ අර දැරිය වෙනුවෙන් පෙළපාලි ගිය අය මේ පාසැල් දරුවට ..?ලංකාවේ කුහක සමාජ ක්‍රමය වෙනස් කිරීමට දායක වීම සියලු දෙනාගේ පළමු වගකීම විය යුතුය . පොලීසියේ වැඩ ගැන නම් ඉතින් කියල වැඩක් නෑ කියමුකෝ...පොලිස් කොමිසන් ටික අහපුවහමවත් මේ දේවල් හැදේද බලමු ? (බ)

:       0       0

කසුන් Thursday, 24 September 2015 04:56 AM

මාධ්‍ය වගකියන්න ඕන මේවට (බ)

:       0       0

ප්‍රියන් Thursday, 24 September 2015 04:56 AM

එම දරුවාට සාධාරණය ඉටු විය යුතුමයි. ලැප් ටොප් පරිඝනකයේ හෝ දුරකතනයේ අසැබි දේ තිබුන බව මේකට දෙන එකම සාක්ෂිය නම් අද ලංකාවේ තරුණ කොටස් වලින් 95% ස්ත්‍රී දුෂකයන් විය යුතුයි. ඔහු අත්අඩංගුවට ගත් වෙලාවේ දුන් ප්‍රචාරය ඔහු නිවැරදි වුන වෙලාවෙත් මාධ්‍ය මගින් දිය යුතුමයි. නැතිනම් එය ඔහුගේ අනාගතයට දැඩි බලපෑමක් ති කරනවා නියතයි. (බ)

:       0       0

දිලිප් Thursday, 24 September 2015 05:08 AM

ඉහත කරුණු දැක්වීම් සියල්ලක්ම නිවැරදියි. ඒ අනුව මෙවැනි සංවේදී පරීක්ෂණ සම්බන්ධයෙන් හා එහි ප්‍රගති වාර්තා හා කරුණු දැක්වීම් වලදී සියලු මාධ්‍ය පාලනයකට යටත් කළ යුතුයි (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 24 September 2015 05:07 AM

පූර්ව නිගමනවල රැඳී සිටිමින් මාධ්‍ය පෙරකදොරුවන් සහ පොලිසිය සේයා දියණිය අලෙවි කිරීමෙන් පාසල් දරුවාට යම් අසාධාරණයක් සිදුවීනම් එය නිවැරිදි කිරීමේ වගකීම භාර ගන්නේ කවුරුන්ද? යම් අපරාධයක් සොයා බැලීමේදී සැබෑ අපරාධකරුවන් සොයා ගන්නා තෙක් මාධ්‍ය ප්‍රවේශමෙන් කටයුතු කළයුතු බවට මේ හොඳ නිදසුනක්. (බ)

:       0       0

මාලි Thursday, 24 September 2015 05:09 AM

ගමේ චාටර් වෙන්නේ නැතුව හොද වැදගත් විදිහට ඉන්න එකේ තියෙන වටිනා කම දැන් තමා තේරෙන්නේ. නිකන් අතන මෙතන රස්තියාදු වෙන් නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ගෙදෙට්ට වෙලා හිටිය නං ඉවරනේ. අවුරුදු 17 නං පාඩම් කරන්නත් ඇතිනේ ගොඩක්. මල්ලි දැන් වත් ගමේ රස්තියාදු වෙන්නේ නැතුව මහන්සි වෙලා පාඩන් කරලා කැම්පස් යන්න. තමන්ගේ ආත්ම ගරුත්වය ගොඩ නගා ගන්න. (බ)

:       0       0

හිරාන් Thursday, 24 September 2015 05:14 AM

ලංකාවේ පොලිසිය පරීක්ෂණ කරනකොට තොරතුරු ඔක්කොම එලියට දානවා. එ්ක හරිද? පරීක්ෂණ ඉවරවෙනකල් කටයි පස්ස පැත්තයි වහගෙන වැඩේ කරගන යන්න එපයි. මාධ්‍ය සංදර්ශන. මේකට ඉක්මනට වාරණයක් අවශ්‍යයි. කිසිම සැකකරුවෙකු පිළිබඳව කිසිම තොරතුරක් අන්තිම දක්වා ප්‍රචාරය නොකරන්න (බ)

:       0       0

එරන් Thursday, 24 September 2015 05:20 AM

මීට දින කිහිපයකට පෙර පියාට දරුණු ලෙස චෝදනා කළා, අම්මටත් කිව්වා මේ දරුවා තාත්තගේ නෙවේ කියල, මාධ්‍යයි බොර දියේ මාළු බාන ගමේ ඉන්න ශුද්දවන්තයෝ ටිිකයි එකතු වෙලා දෙමව්පියන්ට දරුවාගේ වලට පස් ටික දාන්න බැරිවෙන්න වැඩේ කළා, දැන් අවුරුදු 17 ළමයෙකු අල්ලාගෙන ඔහු ගැන, ඔහුගේ හැසිරීම ගැන, කොම්පුයුටරේ තිබුණු නිල් චිත්‍රපට ගැන, රාත්‍රී දුරාචාරය ගැන බ්ලු එකක් ඇහැට දැක නැති හවස හය වෙද්දී ගෙදර ඇවිත් දොර වහගන්න තමන්ගේ දරුවන්ට සෝවාන් වෙන්න මග පෙන්නවන අපේ ජනතාව හා බුදු වෙන්න පෙරුම් පුරන ප්‍රවෘත්තිකාරයෝ ටිකයි සාකච්ඡා පවත්වනවා. මේ ළමයාගේ අම්ම ගැන කථා කළේ ලංකාවේ ඉන්න කාලකන්නිම අම්ම විදියට. මේ රටේ තරම් කුහක මිනිස්සු මේ ලෝකේ කොහෙවත් නැහැ. කරන්න තියෙන ජඩ වැඩ ඔක්කොම කරලා සමාජය ඉස්සරහ පොර ටෝක් දෙන්න පට්ට හැකියාවක් තියෙන්නේ. හැදියාව රෙද්ද පල්ලෙන් බේරෙනවා (බ)

:       0       0

රනා Thursday, 24 September 2015 05:36 AM

මේයට නඩු කියන්න තමුන් වරදක් කර නැතිනම් තමුන්ගේ මානව අයිතිවාසිකමක් (ම)

:       0       0

පුෂ්ප Thursday, 24 September 2015 11:30 AM

කාමය රාගය තුළ කිසිම වරදක් නැත. එය ඉතාම ස්වභාවික වන අතර නිරෝගී කෙනෙක් තුළ අත්‍යවශ්‍යයෙන් ඇති ගුණාංගයකි. මිනිසුන් තුළ පමණක් නොව වෙනත් සතුන් අතරද මෙය එසේම වෙයි. වැරැද්ද මෙය අනෙකුකේ අයහපත සඳහා යෙදෙන විටය. මෙවැනි දේ දමනය කර ගැනීම උසස් මිනිස් ගතියකි. දමනය කර ගැනීමට දරුවන් සහ තරුණයන් යොමුකිරීමට හැකිවන්නේද උසස් සමාජයකටය. අපි හොඳ පිරිසිදු යැයි බෝඩ් ගසාගෙන මේවා විසඳීමට යාම අනුවණකමකි. ඊට වඩා තැන්පත් ගැඹුරු වැදගත් මානසිකත්වයක් මේ කාරණයේදී අත්‍යවශ්‍යය. (නි)

:       0       0

සොපි Thursday, 24 September 2015 06:02 AM

මේ සිසුවාට අසාධාරණයක් සිදුවී ඇත්නම් එය පොලිසිය විසින්ම නිවැරදි කළ යුතුයි .(ම)

:       0       0

නුවන් Thursday, 24 September 2015 06:14 AM

මාලි විශ්ව විද්‍යාලේ ගිහින් නම් වැඩක් නෑ (බ)

:       0       0

ප්‍රියන්ත Thursday, 24 September 2015 06:14 AM

මෙම සිදුවීමේදී මාධ්‍ය සහ පොලිසිය වගකීමකින් තොරව කල ක්‍රියා කල ආකාරය හෙළ දකිමි. බොහෝ විට අද පවතින මාධ්‍ය තරගකාරීත්වය හමුවේ සමහර මාධ්‍ය ඕනෑම දෙයක් උලුප්පා දැක්වීමට පෙළඹෙති. මුලින්ම දුවගේ පියාගේ ඉතිහාසය රටට කියා පා ඔහු සමාජයට මුහුණ දීමට නොහැකි තත්වයක් ඇති කරා. දෙවනුව පාසල් සිසුවාගේ පරිගණකය ගැන ලොවට කියා ඔහුව වැරදි කරුවකු කරා. ඔය පරිගණකය පරික්ෂා කළ පොලිසියේ මහත්වරුන්ගේ පුද්ගලික ජීවිතය හෝ පරිගණක පරික්ෂා කළොත් ඔයිට වඩා අසැබ් දේ ඕනා තරම් ඇති. (බ)

:       0       0

කරුණාරත්න Thursday, 24 September 2015 01:28 PM

මේ සිසුවාට සිදුවූ දේ ගැන ඇත්තෙන්ම මට ඇත්තේ කණගාටුවක් (නි)

:       0       0

ඇන්ටන් ප්‍රනාන්දු Thursday, 24 September 2015 06:36 AM

දැන් බොරුවට මාධ්‍යයට බැන්නාට මෙයාල කලින් මෙහෙම කිව්වේ නැහැනේ (බ)

:       0       0

රංජිත් Thursday, 24 September 2015 06:37 AM

ඔහුගේ මානසිකත්වය කෙසේද අපි සැවොම දනී .මෙය නැවත ප්‍රකෘති තත්වයට ගෙන ඒමට එක පියවරක් හැටියට ඔහුගේ පාසල් සිසු සිසුවියන් ඔහුගේ නිවසට ගොස් ඔවුන් ඔහු සමග ටික වෙලාවක් සිටියොත් නේද හොද. එයින් ඔවුන් ඔහු සමග ඉන්නවා යන හැගීම ඔහුට ඇතිකළ යුතුයි. පුළුවන් කෙනෙක් සිටිනම් ඔහුගේ පාසල් දරුවන් දැනුවත් කරන්න. (බ)

:       0       0

ධම්මික Thursday, 24 September 2015 06:57 AM

ලංකාවේ පොලීසිය දැන් ක්‍රියාත්ම කරන්නේ කවුරු දෙන නියෝගද කියල හිතාගන්න බෑ. මේ මහත්තුරු තේරුම් ගන්න ඕන මේක නිකන්ම උදේ ගිහින් හවස එන රස්සාවක් නොවන බව.(අ)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 24 September 2015 06:56 AM

පොලිසිය මේ ප්‍රකාශය ගැන ඔහු ලජ්ජා විය යුතුයි. ලැප් ටොප් එකක අසභ්‍ය පින්තුර තිබීම මිනිමරුමකට සැකකරුවෙකු විය හැකිනම් එම ප්‍රදේශයේ භාගයකට වැඩි පාසල් ළමුන් සහ වැඩිහිට්යන් දැනට සිිටිය යුත්තේ රිමාන්ඩ් බන්ධනාගාරයේය. එම දරුවා නිවැරදිනම් පොලිස් දෙපර්ටමේන්තුව එම සිසුවාගෙන්, දෙමවුපියන්ගෙන් සහ සමස්ත පාසල් සිසුල්ගෙන් සමාව අැයදිය යුතුයි. (අ)

:       0       0

රවි Thursday, 24 September 2015 06:57 AM

මේකට මානව හිමිකම් කොමිසමට ගිහිල්ල හයිබ්‍රිඩ් උසාවියට දාලා සිසුවාට ලක්ෂ 500 ක් වන්දි මුදලක් ලබාදෙන්න. සිසුවාට සිදුවූ අපහාසයට (අ)

:       0       0

තිස්ස Thursday, 24 September 2015 07:12 AM

ළමයින්ට අාදරේට ලැප් ටොප් සමග ඉ/නෙට් දීම වඳුරට දැලි පිහිදීම හා සමානයි ඉ/නෙට් දෙනවනම් ,මාපිය අධීක්ෂණය යටතේ පමණක් දිය යුතුයි .මන්ද ඉ/නෙට් අද හුඟක් පාවිච්චි වන්නේ කාම රාගය වඩවන්න. (බ)

:       0       0

ලාල් Thursday, 24 September 2015 07:12 AM

පොලිසියට කළුපැල්ලමක් මේ සිදුවීම. අපරාධ සම්බන්ධයෙන් පොලිසිය මීට වඩා සැලකිලිමත් නොවිමෙන් සිදුවන අසාධාරණකම් මතුවට සිදුනොවිය යුතුයි. (බ)

:       0       0

ලාල් සුරින් Thursday, 24 September 2015 07:27 AM

ලංකාවේ පොලිසියේ ඉන්න සමහරු පොලිසියට තියා කම්කරු තනතුරකටවත් සුදුසුද කියල මේ කරපු දෙයින් පැහැදිලි වෙනවා. දරුවා ඔබ කෙසේ හෝ මේ පොලිස් නිලදරින්ට විරුද්දව නිතිය ඉදිරියට යන්න. මානව හිමිකම් කොමිසමටද පමිණිලි කරන්න . (අ)

:       0       0

නාමල් Thursday, 24 September 2015 07:27 AM

උගුර ලේ රහ වෙනකම් බොරුවට පාරවල් වල කෑ ගහපු අය කෝ ගොයියෝ.මෙයත් ඉස්කෝලේ යන වයසේ දරුවෙක්නේ. කෑ ගහන්ඩ කවුරුත් නැද්දෝ මේ ළමය බේරගන්ඩ. මේ ළමයට තම පන තියෙනවා.(අ)

:       0       0

නිමල් Thursday, 24 September 2015 07:43 AM

අපේ රටේ පොලිසිය පිස්සු කෙළපු තව අවස්ථාවක්. අත්ඩංගුවට අරගෙන වැරදිද නැද්ද කියලා හරියට ම නොසොයා ප්‍රසිද්ධ කරන්න තරම් පොලිසිය අනුවනකම් කරපු අවස්ථා බොහෝමයි. නීතියට හෙන ගැහුවම නීති පොතේ පිට කවරය හොයලා වැඩක් තියෙනවාද ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1191 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2132 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 940 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9198 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3356 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site