IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කොටදෙණියා පොලිසියෙන් කෝටියක් වන්දි ඉල්ලයි

කොටදෙනියාව සේයා සදෙව්මි දැරිය පැහැරගෙන දූෂණය කර මරා දැමීමේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති තමා අත්අඩංගුවට ගෙන, වරද පිළිගන්නා ලෙසට බල කරමින් අමානුෂික ලෙස පහර දෙමින් දින ගණනාවක් පොලීසියේ රඳවා ගෙන සිටීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීරණය කර ඒ වෙනුවෙන් රුපියල් කෝටියක වන්දි මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා ගම්පහ බඩල්ගම ප‍්‍රදේශයේ පදිංචි එක්දරු පියා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කළේය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ප‍්‍රියසාත් ඩෙප් සහ උපාලි අබේරත්න යන මහත්වරුන් ගෙන් යුතු ත‍්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර එහිදී විනිසුරු මඩුල්ල විසින්  මෙම පෙත්සම් විභාගයට අවසර දෙන ලදී.

ඒ අනුව ලබන මැයි 26 වැනිදා මෙම පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරන ලදී.

ගම්පහ බඩල්ගම ප‍්‍රදේශයේ පදිංචි කැලූම් අත්තනායක නැමති තිස් එක් හැවිරිදි එක්දරු පියා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති සුජිත් උදය කුමාර, මීගමුව සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරළ,  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක, එහි අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල,පොලිස්පති සහ නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.

තමන් අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදී මරණීය තර්ජන එල්ල කල කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, මීගමුව සහකාර පොලිස් අධිකාරී අතුකෝරාළ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක අයට එරෙහි ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියම කරන්නැයි ද මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබිණි.

කොටදෙණියාවේ මීට පෙර අත්අඩංගුවට ගත් තරුණයකු කුඩු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මීට පෙර පොලිසියට විරුද්ධව නඩුවක් පවරා ඇත.



අදහස් (0)

කොටදෙණියා පොලිසියෙන් කෝටියක් වන්දි ඉල්ලයි

නීලා Saturday, 12 March 2016 09:39 AM

ගෙවන්න සල්ලි නැහැ කියලා නම් හරියන්නේ නැහැ. කොහොමහරි ගෙවන්න කියන්න. (නි)

:       0       0

වර්ණන් Friday, 11 March 2016 05:22 PM

මෙවැනි නඩු ගැන අතීතයේත් අසන්න ලැබුනත්, ඒවා මඟින් වන්දි ලබාගත් අය සිටීද? (නි)

:       0       0

මුදලිගේ Saturday, 12 March 2016 11:09 AM

පොලිසියත් සමඟ හැපෙන්න යාම නම් මම අනුමත කරන්නේ නැහැ. නමුත් සිවිල් පුද්ගලයින් වශයෙන් අපි නිර්භීත වියයුතුයි (නි)

:       0       0

චමල්කා Saturday, 12 March 2016 11:37 AM

පොලිසිය වුණත් කරන්න දෙයක් නැහැ, නීතිය කාටත් පොදුයි. (නි)

:       0       0

රෝහිනී Saturday, 12 March 2016 11:29 AM

කොහොමහරි මොහු ආරක්‍ෂිත ස්ථානයක නොසිටියොත් මොහුටත් මත්ද්‍රව්‍ය නඩුවකට පැටළෙන්න ඉඩකඩ වැඩිවෙන්න පුළුවන් (නි)

:       0       0

කොස්තා Friday, 11 March 2016 07:56 PM

මේකට සම්බන්ධ වුණ අය ඒවා බලාගනීවි. අපි කලබලනොවී ඉඳිමු (නි)

:       0       0

සුපුන් Friday, 11 March 2016 08:19 PM

වෙන රටක නම් උසාවිය මැදිහත්වෙලයි පුද්ගලික දේපල බලෙන් විකුණලා හරි වරදකරු සන්තක මුදල විත්තිකරුට ගෙවන්නේ. ලංකාවේ අපි කොච්චර අවාසනාවන්තයෝද කිවුවොත් තිබෙන කප්පරක් බර මදිවාට ඒවා ගෙවන්නෙත් අපි. (නි)

:       0       0

ජයසිරි Friday, 11 March 2016 09:07 PM

සත්‍යය දැනගැනීමට ඇති එකම මඟ මෙලෙස සැකකරුවන්ට ශාරීරිකව හිංසා පීඩා කිරීම නොවන බව පොලිසියද දැනගත යුතුය (නි)

:       0       0

මල්ලවාරච්චි Friday, 11 March 2016 09:15 PM

නොසැළකිලිමත්බාවය නිසා සිදුවුවක් නම් පෞද්ගලික ධනයෙන් ගෙවීමට නියම කළයුතුයි. (නි)

:       0       0

ශානක Friday, 11 March 2016 10:04 PM

ගෙවන්න වෙනවා නම් නෙමෙයි. ඒක ගෙවන්න ඕනෑ. අපි නොදන්නවායැ ශ්‍රී ලංකා පොලිසිය ගැන? (නි)

:       0       0

ලලිත් Saturday, 12 March 2016 12:30 AM

නුඹට සිදුවූ දේ ගැන කණගාටුයි. නමුත් දැන් ඕකෙන් වෙන්නේ ඔතනින් යන එන වාරයක් ගානේ දඩ කොළ වලට ගෙවන්නයි. ඔය ඉල්ලන ගාන ගෙවන්නත් සල්ලි හොයාගන්නේත් අපෙන්ම තමයි. (නි)

:       0       0

සම්පත් Saturday, 12 March 2016 07:35 PM

වැරැද්ද ඔප්පුවුණොත් තම දේපල විකුණලා හරි ගෙවන්න කියන්න. අනෙක් නිලධාරීන්ටත් පාඩමක් වෙයි (නි)

:       0       0

සුපුන් Saturday, 12 March 2016 03:02 AM

කෝටියක් නෙමෙයි, දෙකක් ඉල්ලන්න. එතකොට කෝටියක්වත් ලැබෙයි. ගෙවන්න සල්ලි නැහැ කිවුවොත් කොහොමහරි ගෙවන්න කියන්න, අපේ සාක්කුවට බහින්නේ නැතුව. (නි)

:       0       0

ක්‍රිශාන්ත Saturday, 12 March 2016 04:27 AM

පොලීසිය වැරදි වුණත් නැතත් ශත 5 ක්වත් ලැබෙන්නේ නැහැ. අසාධාරණයට ලක්වූ පුද්ගලයා තමන් විසින් පාඩුව විඳගත යුතුයි. එහෙමයි ලංකාවේ වෙන්නේ (නි)

:       0       0

නාමල් Sunday, 13 March 2016 04:14 AM

ඔබේ ධෛර්යයට අපේ ප්‍රණාමය! මොනවා වුණත් ප්‍රවේශමෙන්! (නි)

:       0       0

රොකී Friday, 11 March 2016 02:02 PM

ගෙවන්න සිද්ධ වුනොත් ඒ මුදල අදාළ පොලිස් ලොක්කන්ගෙන් අයකර දෙනවා මිස රජයෙන් නම් ගෙවන්න එපා. (ර)

:       0       0

කින් බෙනට් Sunday, 13 March 2016 07:15 AM

අධිකරණයයි පොලිසියයි කියන්නේ මාමායි බෑණයි වගේ. අපි බලමුකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 113 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 314 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 152 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4051 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 535 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2128 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25000 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site