කොටදෙනියාව සේයා දැරියගේ ඝාතනයට නීති විරෝධීව පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගනිමින් පහර දුන් බවට ඔහු විසින්ම හඳුනා ගත් බව කියන පොලිස් නිලධාරීන්ගේ නම් සහ නිලතල දෙසතියක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිට නියෝග කළේය.
සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පොලිස් නිලධාරීන්ගේ නම් දැන් නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී ඇති බැවින් එය අධිකරණයට ඉදිරිපත් කිරීමට සති දෙකක් ලබා දෙන ලෙස නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ දමයන්ති ද සිල්වා මහත්මිය ඉල්ලා සිටියාය.
සේයා දැරියගේ සිදුවීමට කිසිදු සම්බන්ධයක් නැති තමා අත්අඩංගුවට ගෙන වරද පිළි ගන්නා ලෙස බල කරමින් පහර දීමෙන් සහ දින ගණනාවක් රඳවා තබා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීරණය කරන ලෙසත්, ඒ වෙනුවෙන් රුපියල් කෝටියක වන්දියක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් පාසල් සිසුවා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රී පවන් සහ ඊවා වනසුන්දර යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද සලකා බැලිණි.
කොටදෙනියාව පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් උදය කුමාර, මීගමුව සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, පොලිස්පති සහ නීතිපති ඇතුළු පිරිසක් මෙගි වගඋත්තරකරුවෝ වෙති.
වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් තමා පෙනී නොසිටින බව නීතිපති මීට පෙර දන්වා තිබිණි.
සිසුවා වෙනුවෙන් නීතීඥ සාලිය පීරිස් සහ නීතීඥ තිෂ්‍ය වේරගොඩ මහත්වරු නොමිලේ පෙනී සිටියහ.
පෙත්සම ජනවාරි 20 යළි කැඳවීමට නියමිතය.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කොටදෙනියාව සිසුවාට ගැසුවේ කවුද?
සත්‍යයා Friday, 09 December 2016 07:41 AM
බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)
පිටිගල මිලානෝ Thursday, 08 December 2016 12:14 PM
ලංකාවේ හොඳම පොලිසිය ලෙස විරුදාවලිය ලත් කොටදෙනියාව පොලිසිය! (නි)
පොනිල් Thursday, 08 December 2016 12:22 PM
අපි නම් ගැහුවේ නැහැ ඔන්න
ලසන්ත Friday, 09 December 2016 08:50 AM
කොටදෙනියාව හිටපු ඕඅයිසී මහත්තයා දැන් කොහෙද ඉන්නේ? (හේ)
කිර්ති Friday, 09 December 2016 09:17 AM
සිසුවා වෙනුවෙන් පෙනීසිටින මහත්වරුන්ට මගේ ප්‍රණාමය (ම)
වෙදගේ Friday, 09 December 2016 03:17 AM
සිසුවා වෙනුවෙන් පෙනීසිටින මහත්වරුන්ට මගේ ප්‍රණාමය (නි)
නිෂාඩ් ප්‍රීනා Friday, 09 December 2016 03:40 AM
පොලිසිය ඔය වගේ අහිංසක දරුවන්ව සහ පුද්ගලයින්ව ගෙනල්ලා හොඳට ගහලා මොන විදියකින් හරි නඩුව ඉවර කරලා දාන්න උවමනාවට මේ කරන වැඩේ නවතා දැමිය යුතුයි. ඔවුන්ගේ දරුවන්ට එහෙම වුණා නම් ඔවුනට තේරෙයි රඟේ. නැත්නම් කරන්ට තියෙන්නේ දේවාලයකට ගිහිල්ලා පොල්ගහන්නයි. (නි)
අමරකෝන් Friday, 09 December 2016 03:43 AM
පොලිස් සේවයේ නියුතු සමහරක් නිලධාරීන් සිතාගෙන ඉන්නේ කාකි කෝට් එක දාගත්තහම නීතිය බල්ලට දානවා කියායි. මේවට මතක හිටින දඬුවම් නියම කරන්න ඕනෑ (නි)
සහන් Friday, 09 December 2016 04:52 AM
මේ වගේ ලංකාවේ සිදුවෙන ලක්ෂ ගානක් සිදුවීම් වලින් මේ එකක් විතරයි. සියලුම දේවල් සොයා බලා දඬුවම් කළයුතුයි. (නි)
වික්‍රම Friday, 09 December 2016 05:19 AM
ළමයා වෙනුවෙන් නොමිලේ පෙනීසිටින නීතිඥ මහත්වරු දෙපළට මගේ ස්තුතිය! (නි)
විකී Friday, 09 December 2016 05:24 AM
පොලිසියේ ඉන්න මානසික ලෙඩ්ඩු ඉවත් කරන්නේ කවදාද? පොලිසියකට ශීලාචාර කෙනෙකුට යන්න බැරි තත්වයක් අද තියෙන්නේ. (නි)
විකුම් Friday, 09 December 2016 05:28 AM
නිල අැඳුම දාගත්තහම සමහරු හිතන්නේ ලෝකෙටම ලොක්කො කියලා (නි)