IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කටුනායකට මිනිත්තු විස්සයි.

කොළඹ සිට කටුනායකට මිනිත්තු 20කින් ගමන් කිරීමේ අවස්ථාව ලැබෙතියි ජනාධිපති මාධ්‍ය අංශය කියයි. රුපියල් කෝටි 3913 ක චීන ශ්‍රී ලංකා ආයෝජනයකින් කිලෝමීටර් 25 ක් දිගැති කොළඹ කටුනායක මාර්ගය මංතීරු හතරකින් ඉදිකැරෙයි. 2009 දී වැඩ ඇරඹූ මේ මාර්ගයේ කැලණිය, පෑලියගොඩ, ජා ඇල, කෙරවලපිටිය හා කටුනායක මංසන්ධිවල ගුවන් පාලම් පහක් ඉදිකැරේ. මහින්ද රාජපක්ෂ ජනපති අද එහි ඉදිකිරීම් නිරීක්ෂණය කළේය.



අදහස් (0)

කටුනායකට මිනිත්තු විස්සයි.

Sahehar Dawood Thursday, 16 August 2012 07:41 PM

පුදුමයි කොළඹට වැඩක් කරපු එක..!!(නු)

:       0       0

Chathuranga Sandaruwan Thursday, 16 August 2012 07:45 PM

හම්බන්තොට විතරක් සංවර්ධනය කරනවායි කියපු අය මේකට මොනවා කියයිද දන්නෙ නැහැ...!!(නු)

:       0       0

සෑම් Friday, 17 August 2012 04:11 PM

කොහොමද ගණන් හිලවු එහෙම? (නි)

:       0       0

ගාමිණී කුවේට් Thursday, 16 August 2012 08:11 PM

කුමාරගේ කතාවට මමත් එකගයි.අපේ රටේ විපක්ෂය කවදාවත් බලයට එන්න උවමනාවක් නැතිවා සේම රජය කරගෙන සංවර්ධන වැඩවලට අකුල් හෙලමින් හැමදාම විපක්ෂයේ සිටමින් එහි ඇති වරප්‍රසාද විදිමින් සිටින කොටසක් බව පැහැදිලියි.දක්ෂිණ අධිවේගී මාර්ගයට දොස් කියපු,ගල් පෙරලපු විපක්සයෙ අය ඔය යන්නෙ දැන් ඔය ඒකෙම යන්නෙ අගේට..(නු)

:       0       0

ශාන්ත -ලන්ඩන් Thursday, 16 August 2012 08:29 PM

පිටරටක ජීවත්වෙන අපට අපේ රටේ මීට ටික කලකට පෙර තිබුණු පාරවල් ගෑනත්, අද අපේ රටේ තිබෙන පාරවල් හිතනකොට ඇත්තටම පුදුම හිතෙනවා.සමහරෙකුට මේව දිහා බලගෙන ඉන්න බැහැ. රටේ පාලනයට කවුරු ආවත් හොඳ දේ අගය කරන්න ඕනෑ. පාරවල් හරියට නෑතිව කිසිම රටක් සංවර්ධනය කරන්න බැහැ. ඒ මාර්ග හදන්න උපකාර වු හෑමට පින්. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 16 August 2012 09:29 PM

මම නම් ආසයි උඩින් යන්න.. හැදුවනම් බිමිං වැඩක් ගන්න තිබුණා..!!(නු)

:       0       0

වරුණ Thursday, 16 August 2012 03:58 PM

මේකත් නොරොච්චෝලේ වගේ වෙයිද ??.... (ස)

:       0       0

පෙඩ්රික් Thursday, 16 August 2012 04:03 PM

බොහොම අගය කල යුතු වැඩක්.. (ස)

:       0       0

ජයන්ත Friday, 17 August 2012 12:21 PM

අපේ ඉහළම සුභ පැතුම්! (නි)

:       0       0

අරුණ Friday, 17 August 2012 12:22 PM

රනිල් මහත්තයා තව අවුරුදු දෙකක්වත් හිටියා නම් මේ පාර අපට ලැබිලා ගොඩක් කල්. (නි)

:       0       0

රමිල Thursday, 16 August 2012 04:27 PM

වරුණ හැමදේම එක විදියට හිතන්න එපා..මේ 21 වෙනි සියවස. (ස)

:       0       0

සිසිර Thursday, 16 August 2012 04:30 PM

පේන විදියටනම් 2012 බැරි වේවි.. (ස)

:       0       0

අරුණ Thursday, 16 August 2012 04:34 PM

වරුණ , මේක තවත් දක්ෂිණ අධිවේගී මාර්ගයක් වෙන්න කියල පතමු. (ස)

:       0       0

සෙනෙරත් Thursday, 16 August 2012 04:34 PM

ගරු ජනපතිතුමණි, ඔබට සියළු දෙවි දේවතාවන්ගේ පිහිටයි.. (ස)

:       0       0

අමිල-කටාර් Thursday, 16 August 2012 11:47 PM

ගොඩාක් හොඳ වැඩක්. කොළඹ යන්න ගියහම පාරටම කාලේ ගෙවිලා යනවා. මේකෙත් සල්ලි ගෙවලා තමා යන්න ඕනේ. එ වුණත් පාඩු නැහැ. තෙල් වියදම අඩුවෙනවනේ. (නි)

:       0       0

ශාන්ත ලන්ඩන් Thursday, 16 August 2012 04:40 PM

රටක් දියුණුවෙන්න අනිවාර්යයෙන්ම රටකට හොද මාර්ග පද්ධතියක් අවශ්‍යයි.. ලංකාව අද ඉන්න තැනට වඩා ඉහළින් ඉන්නනම් රථවාහන මෙන්ම දුම්රිය මාර්ග ඉතාම අවශ්‍ය දෙයක්.. අපේ සුභ පැතුම් මෙයට දායකවන සැමට..!!(නු)

:       0       0

ඒබ්‍රහම් Thursday, 16 August 2012 04:46 PM

වරුණ එහෙනම් මේකත් වාහන එහෙම ගිනි ගනියි..!!(නු)

:       0       0

ප්‍රසාද් Friday, 17 August 2012 12:40 AM

ඉතාම සන්තෝශයි...!!(නු)

:       0       0

වසන්ති Thursday, 16 August 2012 05:07 PM

මේක හොද වැඩක්.. අපි අගය කරමු.. ජනපතිතුමාට ගෞරවය..(නු)

:       0       0

සජී Thursday, 16 August 2012 05:10 PM

ඉක්මණට යන්න පාරවල් හැදුවත් වාහන ගිනි ගණන්නේ. (නි)

:       0       0

ගුණරත්න Thursday, 16 August 2012 05:14 PM

ලොකු දෙයක්. දැන් පැය දෙකක් යනවා. (නි)

:       0       0

සමන් Thursday, 16 August 2012 05:16 PM

ප්‍රේමදාස ජනාධිපතිතුමා ජීවතුන් අතර සිටියානම් මේ වගේ දේවල් මෙච්චරකල් යනකම් ප්‍රමාද වෙන්නේ නැහැ. (නි)

:       0       0

වරුණ Thursday, 16 August 2012 05:16 PM

මේක විසි එක්වන සියවස උනාට රමිලා ඔයාට හිතාගන්න පුළුවංද රට වර්තමානයේ තියෙන්නෙ කොයි සියවසේද කියලා..??(නු)

:       0       0

දිලුමි Thursday, 16 August 2012 05:20 PM

මේ පාර අත්‍යවශ්‍ය එකක්ද? (නි)

:       0       0

මයික් Thursday, 16 August 2012 05:26 PM

හොද වැඩක්. ලංකාවට හොද පාරවල් ඕනෑ. (නි)

:       0       0

සිල්වා Friday, 17 August 2012 01:43 PM

මේක හොද දෙයක්. වාහන වල ඉන්ධන, මිනිස්සුන්ගේ කාලය එහෙම පිටින්ම ඉතුරු වෙනවා. (නි)

:       0       0

ජානක බහරේන් Thursday, 16 August 2012 05:43 PM

සමන් .... ප්‍රේමදාස ජනාධිපති ජීවතුන් අතර හිටියනම්... ප්‍රභාකරනුත් තාම ජීවතුන් අතර....!!(නු)

:       0       0

ෂර්මිලා රහීම් Thursday, 16 August 2012 05:40 PM

ඔහොමම කොළඹ සිට අම්පාරට යන ගමනත් අඩුම ගානෙ පැය පහක්වත් උනානම් හොදයි... හරියටම පැය දහයක් දොළහක් යනවා එපා වෙනවා යන්න ගියාම...!!(නු)

:       0       0

මධු Thursday, 16 August 2012 05:55 PM

වහිනකොට සි ප්ලේන් වල යන්න පුලුවන වෙයිද දන්නේ නැහැ. ඇයි ඉතිං, හැදුවේ චීන්නුනේ. (නි)

:       0       0

ෂෙරීෆ් Thursday, 16 August 2012 06:12 PM

මේක හොද වැඩක්. වේගය වැඩි වුණු තරමට ඉක්මණින් නිවන් යන්න පුලුවන්. (නි)

:       0       0

කුමාර Thursday, 16 August 2012 06:10 PM

මේකෙත් යන්න වෙන්නේ මුදල් ගෙවලද? (නි)

:       0       0

ලාල් මිල්ටන් Thursday, 16 August 2012 06:16 PM

මේක කළත් වැරදියි. කරන්න ඕනෑ විදිය කියනවකෝ බලන්න එහෙනම් බොරුවට කෑ ගහන්නේ නැතුව. (නි)

:       0       0

නදීරා Thursday, 16 August 2012 06:15 PM

ලංකාවේ හුගක් අය චීන ඉදිකිරීම් වලට බැන්නට, මම ඉන්න ඩුබායි රටෙත් හුගක් ඉදිකිරීම් කරන්නේ චීන්නුන් විසින් තමයි. (නි)

:       0       0

බණ්ඩාර-ලන්ඩන් Thursday, 16 August 2012 06:18 PM

කවුරුහරි දන්න කෙනෙක් කියන්න, මේ පාර කවදාද හදලා අවසන් කරන්නේ? (නි)

:       0       0

ලාල් Thursday, 16 August 2012 06:19 PM

මෙයාලට මොන දේ කළත් වැරදියි. (නි)

:       0       0

වීරසිංහ Thursday, 16 August 2012 06:22 PM

කීයක් කොමිස් ගත්තද? (ස)

:       0       0

රජිව් Thursday, 16 August 2012 06:29 PM

අතිගරු ජනාධිපතිතුමාට සියලු දෙවි පිහිටයි! (නි)

:       0       0

කුමාර Thursday, 16 August 2012 06:29 PM

රටක සංවර්ධනයට මාර්ග පද්ධතිය ඉතාම වැදගත් අංගයක්.මේක අපි අගය කල කරන්න ඕනෑ.සමහර රටවල කාන්තාර මැද්දේ අධිවේගී මාර්ග තියෙනවා. කවුරුත් ඒකට කියන්නේ නැහැ ''කාන්තාරේ මැද්දේ මොකටද අධිවේගී මාර්ග'' කියලා. ඒක රටේ සංවර්ධනයේ ලක්ෂණයක්. කොහොම වෙතත් රටේ සංවර්ධනය සතුටුදායකයි, එහෙත් සමහර ආයතනවල තත්ත්වය කියන්න කණගාටුයි.නාස්තිය දුෂණය අන්තයටම ගිහින්. ඇස් පනාපිට දුෂණය වංචාව වෙනවා,මේවා නැතිකරලා අවංකවම රට හදන්න කැපවෙනවා නම් අපේ රට ආසියාවේ සංවර්ධිත රටක් කරන්න බැරි නැහැ.අපේ සමහර දේශපාලන පක්ෂ දන්නේ පාරට බැහැලා කෑගහන්න විතරයි. එයාලටත් අවංක උවමනාවක් තියනවා නම්, එන්න ඇවිත් සංවර්ධනයට උර දෙන්න. කොහෙවත් රටකට ඕනෑ විදිහට, එයාල සල්ලි දුන්නට රට පාවාදෙන්න එපා. (නි)

:       0       0

අමල් Friday, 17 August 2012 09:29 AM

මේක හදන්නේ ලොක්කන්ට ඉක්මණට ගුවන් තොටුපළට යන්න වෙන්න ඇති. (නි)

:       0       0

ප්‍රවීන් මැනිලා Thursday, 16 August 2012 07:23 PM

හරිම කුහකයි අපේ සමහරු... හොද වැඩක් රක්නකොට සමහරුන්ට අඩුපාඩුවක් කියන්නේ නැතිව ඉන්නම බැහැ..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 208 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5720 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1195 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 358 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2131 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2073 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site