(ටී.කේ.ජී.කපිල)
රුපියල් ලක්ෂ හැටක් වටිනා මැණික් තොගයක්, සිය ගුද මාර්ගයේ සගවා ගෙන, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති "හරිත මාවත" (Green Channel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (31) දින උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් දෙදෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරය හා සම්බන්ධ වෘත්තීන්හි නියැලී සිටින 45 හැවිරිදි සහ 46 හැවිරිදි වියේ පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි .
මොවුන් දෙදෙන ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (31) දින උදෑසන 10.00ට පැමිණ තිබුණි .
මොවුන් කැරට් 300ක් බරැති පුෂ්පරාග සහ නිල්කුරුවින්ද වර්ග වල මැණික් ගල් 54 ක් , සිය සිරුරු වල ගුද මාර්ගයේ සගවා ගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ තිළිණි පීරිස් මහත්මියගේ උපදෙස් මත ගුවන් තොටුපොළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ රොහාන් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කරමින් සිටිති .
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කටුනායකින් මැණික් තොගයක් අල්ලයි