IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


කටුනායක අධිවේගයේ පාපැදිකරුවකුට නඩු

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක පිවිසුමෙන් පා පැදියක් ඇතුළු කැර සීදුව පිටවීමේ පිවිසුම දක්වා එය පදවාගෙන ගිය පුද්ගලයකු පා පැදියද සමග අත්අඩංගුවට ගෙන මීගමු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෞද්ගලික ඇප මත මුදා හළ බවත් ලබන වසරේ අප්‍රේල් 21 වැනිදා ඔහුට විරුද්ධව නඩු පවරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

කටුනායක පිවිසුමේ රාජකාරි කළ පොලිස් කොස්ථාපල්වරු දෙදෙනාගේ වැඩ තහනම් කළ බව ද  මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.



අදහස් (0)

කටුනායක අධිවේගයේ පාපැදිකරුවකුට නඩු

මුණසිංහ Sunday, 15 December 2013 07:43 AM

අදහස් දාන සමහරු ඇත්තටම මෝඩයෝද කියලත් හිතෙනවා. නිකමට හරි වාහනයක් ඔය මිනිහව යන්තමින් හරි ගාවගෙන ගියා නම් මොකද වෙන්නේ? කල්පනා කරන්න මිනිසුනේ.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 15 December 2013 07:53 AM

මේ පාපැදිකරුට කාත් කව්රුත් නැතිලු ඇප දෙන්න.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 15 December 2013 08:00 AM

ළහිරු මමත් බයිසිකල් එක ගුවන්තොටුපොළ පැත්තේ සිට ඇවිත් වේගයෙන් අදිවේගය පැත්තට දාන්න වගේ ඇවිත් ටක් ගාලා වමට කැපුවා. පව් එතන හිටපු රාළහාමි ගැස්සුනා.(නදී)

:       0       0

ආරියසේන Friday, 13 December 2013 08:45 PM

අලුත් වාර්තාවක් තබන්න යන්න ඇති. මම තමා අධිවේගී මාර්ගයේ පා පැදියක් පදවාගෙන ගිය මොඩයා කියලා.(නදී)

:       0       0

ලහිරු ජයසුන්දර Saturday, 14 December 2013 12:07 PM

මේක මටත් උනා. මෙතැන අදිවේගය කියලා දැන්වීම් පුවරු දාලා නැති නිසා මමත් මෝටර් සයිකලය දැම්මා.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Friday, 13 December 2013 09:10 PM

මේකනම් නොදැනුවත්කම කියා ලියන්න අපහසුය. සිතා මතා කරන මෝඩකම්. නඩු දැම්මට පස්සසේ තේරෙයි තමන් කල ගොන්කමේ විපාකය. පොඩ්ඩක්වත් හිතනවද අපේ මිනිස්සු රටේ නීතියට ගරුකළ යුතුයි කියා. වාහන පැ.කි.මී. 100 ක වේගයෙන් ගමන් කරනවිට මෙම පාපැදිය අනතුරකට ලක් වුනා නම්? නීතිය නොදන්නවා විය හැක නමුත් අනතුරේ බරපතලකම නොදන්නවාද? අනේ මිනිසුනේ රටක නීතියක් තිබෙන්නේ අපේ යහපතට මිසක් රජයට වාසියකට නොවේ. තමුන් කරන්නේ කුමක්ද කියල වත් ටිකක් කල්පනා කරන්න. (නදී)

:       0       0

ධානා Sunday, 15 December 2013 12:27 PM

මේ පාරේ බයිසිකලෙන් ගිය කෙනත් මෝඩයෙක්. ඒක හරි කියන අය ඊට වඩා මෝඩයෝ.(නදී)

:       0       0

අමිල කටුනායක Friday, 13 December 2013 04:41 PM

නැකතටද නඩු දාන්නේ.(නදී)

:       0       0

ලාරා කෑගල්ල Friday, 13 December 2013 05:10 PM

රාලාහාමිලාටත් ඉතින් රෙඩ් බුල් එකක්වත් බොන්ඩ හොඳ පඩියක් ගෙවන්න. නැත්නම් එයාලටත් නිදිමත එන එක සාදාරණයි ? (නදී)

:       0       0

ඉසුරු Friday, 13 December 2013 05:20 PM

අධිවේගයේ වාහන වලට බාධා වෙන්නත් ඇති. (නි)

:       0       0

අමිත් Friday, 13 December 2013 05:35 PM

මහජනතාවගේ නොදැනුවත්කම මෙන්ම නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව විදහා පෑ තවත් අවස්ථාවක්. (නදී)

:       0       0

චින්තක 2 Saturday, 14 December 2013 01:42 AM

මොනාලිසා , මේකට නඩු දාන්න ඕන මේ පාරේ ඇතුල්වෙන තැන් ඩිසයින් කරපු අයට. කිසිම පිවිසුමක පාලනයක් නෑ. සාමාන්‍ය පාරේ ආවම ඒ කෙලින්ම ඇතුල් වෙන්න තියෙන්නේ ඒ පාරම දිගටම යනවා වගේ. ඉතින් දැන් පැය 24 ම පොලිස් නිලධාරීන් දෙන්නෙක් පාරේ ඇතුල් වෙන තැන් වල දෙපැත්තේ හිටවල තියන්න වෙලා. ත්‍රී විල් , බයිසිකල් විතරක් නෙවි වෙන පාරවල් වල යන එන කාර් පවා කොළඹ පැත්තෙන් වැරදිලා ඇතුල් වෙනවා. ට්‍රේල් ගේට්ටු තියෙන්නේ පාරේ බාගයක් ගියාම. ඒක කමක් නෑ කියමු. නමුත් ඇතුල් වෙන් තැන් වල යම් පාලනයක් , ලකුණක් තියන්න ඕනා.(නදී)

:       0       0

සුනිල් - කටුනායක Saturday, 14 December 2013 01:49 AM

හරියට හැදුවේ නැති වුනාම වන්දි ගෙවන්නේ අහිංසක පොලිස් පොඩ්ඩෝ. මේ පාරේ ගියා නම් මේ විකාරේ බලා ගන්න පුළුවන්. ඕන කෙනෙක්ට ඇතුල් වෙන්න පුළුවන්. කිසිම බාධකයක් පැහැදිලි ඇතුල්වීම් පාලන ක්‍රමයක් හදල නෑ. (නදී)

:       0       0

සෑම් Saturday, 14 December 2013 02:22 AM

සංජීව, ලාල්, ඔබ දෙන්නම කියන දේ හරි මේක විවෘත කරන කොට කියන්න තිබුනේ ජනතා අයිතියට පත් කරනවා කියල නොවේ. මහජනතාව කියා හඳුන්වන්නේ පදිකයන්, පාපැදි යතුරුපැදි ත්‍රී වීල් හිමියන් ද ඇතුළු සියලු දෙනාටමයි කාර් හිමි පොහොසත් අය පමණක් නොවේ. මීට අවුරුදු ගණනකට පෙර රියදුරු බලපත් (පොත) අවලංගු කරපු වෙලාවේ කෙනෙක් උසාවියට ඔප්පු කලා ''රිය පැදවීමේ ප්‍රවීණතා සහතිකය"" කියන එක එක එක්කෙනාට ඕන හැටියට අවලංගු කරන්න බැරි බව. ඒ වගේ මෙතෙන්දිත් මේ මහජනතාව කියන වචනය මේකට යොදාගත් නිසා මේකේ ඕන කෙනෙකුට ඕන විදියට යාමට නීතියෙන් බාදාවක් නැහැ. (නදී)

:       0       0

මොනොලිසා Friday, 13 December 2013 05:52 PM

මෙම කටුනයාක කොළඹ අධිවේගී මාර්ගය ජනතාවට ඇරපු දවසේ සිටම මේකේ ත්‍රි වීලර් සහ මෝටර් බයිසිකල් අවසර නැතුව දමා අසුඋනා. දැන් පාපැදියක් . මිනිසුන්ගේ මොලේට මොනවා වෙලාද ? රටේ හෝ මහාමාර්ග නීති රීති නොදන්නා කමද. නැති නම් උවමනාවෙන් කරනවද ? (නදී)

:       0       0

සමිරු සංජීව Friday, 13 December 2013 05:53 PM

මොකද්ද මේකෙ වැරැද්ද? අධිවේගය දැන් ජනතා අයිතියට පත් කරලනේ. ජනතාව තම අයිතියට පත් කරපු පාර දිගේ යනවා. (ත)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Friday, 13 December 2013 06:08 PM

එහෙම කල දෙගොල්ලොටම නිතිය ක්‍රියාත්මක කළ එක හොඳයි. මේ අය නිසා වෙන්න තිබුන විනාසය නොවුන එකත් හොඳයි. මෙය නොදන්නා කමට කළ වැඩක් විය නොහැක. උපරිම දඬුවන් දෙමු.(නදී)

:       0       0

බණ්ඩා Friday, 13 December 2013 06:11 PM

මම දැනගෙන හිටියේ නැහැනේ සීදුවෙත් පිවිසුමක් තියෙනවා කියලා.(නදී)

:       0       0

ප්‍රභා Friday, 13 December 2013 06:18 PM

අපේ මිනිස්සු මෙච්චරම නුගත්ද? (නදී)

:       0       0

සත්‍යයා Saturday, 14 December 2013 05:40 AM

අධිවේගී මාර්ගයේ පාපැදියෙන් යාම කාටත් අනතුරු දායක බව ඇත්ත, නමුත් රටේ මුදල් බිලියන වලින් වියදම් කර එක් සුවිශේෂ පන්තියක් මහා මාර්ග වලටයි, රටේ සියලුම සම්පත් වලට පුර්ණ අයිතිය පවරා ගෙන ඉන්නකොට දුප්පත් මිනිහෙක් ඔය වගේ වැඩක් නොකර ඉඳියිද? (අ)

:       0       0

නිහාල් Friday, 13 December 2013 06:23 PM

නුගත්කමට වඩා මහන්තත්වයයි තියෙන්නෙ ප්‍රභා. (නදී)

:       0       0

ජෙරාඩ් Friday, 13 December 2013 06:27 PM

සංජීව, ඇයි ඔහොම මෝඩ කතා කියන්නේ.(නදී)

:       0       0

බමුණු Saturday, 14 December 2013 06:21 AM

"සංජීව, ඇයි ඔහොම මෝඩ කතා කියන්නේ." මෝඩ අය මෝඩ කතා නොකිය වෙන මොනවා කියන්නද? ඇයි අනේ.(නදී)

:       0       0

නලින් Saturday, 14 December 2013 07:08 AM

මෙන්න රටේ නීතිය ක්‍රියාත්මක වන්න පටන් අරන්. (නදී)

:       0       0

ලාල් Friday, 13 December 2013 06:44 PM

අර මුල් දවස් තුනේ දී මේ පිටුවේ දාල තිබ්බනේ "නුඹට පුතේ හෙටක් ඇතේ" කියලා . අනේ සමාව දෙන්න ඔය අසරණය හිතන්න ඇති ජනතා අයිතියට පත්කළා කියන්නේ එයාටත් අයිතියි කියලා.(නදී)

:       0       0

විජේ Friday, 13 December 2013 06:49 PM

අනේ මන්දා! මට නම් හිතෙන්නේ මේවා මිනිසුන් රටේ ප්‍රසිද්ධ වෙන්න කරනවාද කියලා (නි)

:       0       0

ලියනගේ Friday, 13 December 2013 06:51 PM

පුදුම වැඩේ කියන්නේ එතන හිටපු නිලදාරින්ගෙන් අවසර ලැබුන හැටි. එහෙම නැතුව ඒ ගොල්ලන්ට හොරෙන් වෙන තැනකින් ඇතුළු උනාද? කොහොම උනත් මට දුක රාජකාරියේ හිටපු පොලිස් නිලදාරීන් දෙන්න ගැන. (නදී)

:       0       0

නිලන්ති Saturday, 14 December 2013 10:35 PM

මේ සැරේ අපි එයාපෝට් ආවේත් මේ පාරෙන් හරිම හොද වැඩක්. මේ අපේ රටද කියල ආඩම්බරයකුත් දැනුණා (දිල්)

:       0       0

පාලි Friday, 13 December 2013 07:29 PM

මේකට වැරදීකාරයෝ තමයි පොලිස් නිලදාරීන් දෙන්නා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 120 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 295 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 299 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 610 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 525 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි
2024 සැප්තැම්බර් මස 20 372 0

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 120 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site