IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


කටුනායක එන්නත ගන්න ආ පිරිසට බඹරු විදිති

(ටී.කේ.ජී.කපිල )

කටුනායක, ඇවරිවත්ත, සුමිත්‍රාරාම විහාරථානයේ පැවති කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මධ්‍යස්ථානයට අද ( 18)  දහවල්  බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ .

ඒ වනවිට එන්නත් ලබා ගැනීම සදහා පෝලිම් 02ක, ප්‍රදේශවාසීන් 4,000ක් පමණ රැදී සිට ඇත. විහාරස්ථානයේ පවතින හිටි පිළිම වහන්සේගේ ආරක්ෂාව සදහා තනා ඇති , ආවරණ මන්දිරය තුළ  මෙම බඹර වද දෙක බැද  තිබූ බව  පැමිණ සිටි  පිරිස් කියති.

ඒ අසළ කුණු ගොඩවල් දෙකක් ගිනි තබා තිබූ අතර , එයින්  පිටවන දුමාරය මෙන්ම  එන්නත් ලබා ගැනීමට පැමිණි , ප්‍රදේශවාසීන්ගේ කටහඩ ද , මෙම බඹර වද ඇවිස්සීමට හේතු වන්නට ඇති බව , එන්නත් ලබා ගැනීමට පැමිණි පිරිස පැවසූහ . මෙම බඹර ප්‍රහාරය එල්ල වනවාත් සමගම , එන්නත් ලබා ගැනීමට පෝලිම් තුළ රැදී සිටි පිරිස සහ එන්නත් ලබා දෙමින් සිටි නිලධාරීන්  පිරිස ද , තම ආරක්ෂාව පතා හිස් ලූ ලූ අත දිව ගොස් තිබුණි .

පසුව කටුනායක පොලීසියේ නිලධාරීන් , එම ස්ථානයට පැමිණ , තත්වය පාලනය කිරීමෙන් පසුව , යළිත් දහවල් 12.00 ට පමණ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබුණි . මෙහිදී බඹර ප්‍රහාරයට ලක් වූ කීප දෙනෙකු , වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර තිබේ .



අදහස් (2)

කටුනායක එන්නත ගන්න ආ පිරිසට බඹරු විදිති

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 18 August 2021 05:05 PM

මේ බඹර කූඩු හදන්න පටන්ගන්නා විටම මේවා ඉවත් කරන්නට හැකියාව තිබුණා. බුදුසසුන බබලවන්න පිළිම වහන්සේ අභියස බඹරුන්ට වාසස්ථාන සාදන්න ඉඩදීම ඇත්තෙන්ම අනුවණකමක්... ඒ අනුවණකමේ ප්‍රතිඵලය අද අත්විඳීමට සිදුවුණා. මේ සතුන් මරන්නේ නැතිව පන්නා දමන ප්‍රායෝගික උපක්‍රම තියෙනවා. මගේ මිතුරෙකුගේ තේ වත්තේ, ලොකු බඹරයක් තිබුණා. කම්කරුවන් වැඩට එන්නත් බිය වුණා. ඔහු දන්නා වෙනත් කම්කරුවෙකු ඔහුට කියා තිබුණේ බඹරය යටින් කණ්ණාඩියක් තබන ලෙසයි. වැඩේ ඒ ලෙසම කෙරුණා. කල් නොගොස්ම බඹරුන් කූඩුව අතැර ගොස් තිබුණා. හේතුව කුමක්ද යන්න දන්නේ නැහැ. එම සතුන්ගේ කූඩුවට සැර අධික ආලෝකයක් වැටුනොත්,ඒ අය ඒ කූඩුවේ රැඳෙන්නේ නැහැ. මෙය පරීක්ෂා කරන්න සිතූ මා අනතුරුදායී තැනක ගසක තිබූ විශාල බඹරයකට දින 7 ක් පමණ මා සැර, අධික ආලෝකයක් සහිත විදුලි පන්දම් එළියක් ඇල්ලුවා. පුදුමේ කියන්නේ ටික කලකින් ඉතිරි වුණේ බඹරුන් නැති හිස්වදය පමණයි. මෙය අත්හදා බලන්න...

:       0       5

Sri Lanka Thursday, 19 August 2021 04:46 AM

කොරෝනා පාලනයට අකුල් හෙලීම යටතේ නඩුදාන්න බැරිද? පරණ කොරෝනා පනත වෙනස් කරන්න වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 277 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 97 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 160 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 187 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 791 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 370 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 65 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1393 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site